ලිංගාශ්‍රිත ප්‍රදේශයේ ඇතිවන රෝගී තත්ත්ව&

sudeshp4

Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    ලිංගාශ්‍රිත ප්‍රදේශයේ ඇතිවන රෝගී තත්ත්ව&

    [FONT=&quot]ලිංගාශ්‍රිත ප්‍රදේශයේ ඇතිවන රෝගී තත්ත්වයන්[/FONT]


    [FONT=&quot]මෙම රෝගය විවාහක[/FONT], [FONT=&quot]අවිවාහක මෙන්ම වයස් භේදයකින් තොරව ඕනෑම අයෙකුට හැදෙන්න පූළුවන්.[/FONT]
    [FONT=&quot]අප[/FONT] [FONT=&quot]ශරරයේ ඕනෑම පද්ධතියක පැවතිය යූතු බැක්ටීරියා වර්ග තිබෙනවා.[/FONT] [FONT=&quot]ලිංගේන්ද්‍රියන් ආශ්‍රිත ප්‍රදේශවලත් සාමාන්‍ය සෞඛ්‍ය සඳහා එවැනි[/FONT] [FONT=&quot]බැක්ටීරියා වර්ග පවතිනවා. කාන්තාවන්ගේ ශරරයේ පවතින ලැක්ටො බැසිලස් කියන[/FONT] [FONT=&quot]බැක්ටීරියාව එවැනි වූ බැක්ටීරියා වර්ගයක්. නමූත් මෙම රෝගයේදී ශරීරයේ පැවතිය[/FONT] [FONT=&quot]යූතු ලැක්ටො බැසිලස් බැක්ටීරියාව අඩූ වී එම අඩූව පිරවීම සඳහා වෙනත්[/FONT] [FONT=&quot]බැක්ටීරියා වර්ග ඇතුළු වීම නිසා මෙම රෝගය හට ගන්නවා.[/FONT]

    [FONT=&quot]ශරරයේ එසේ ඇතිවන අසමතුලිතතාවය නිසා[/FONT] [FONT=&quot]හට ගන්නා බැක්ටීරියල් වැජිනෝසිස් රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ කිහිපයක්ම[/FONT] [FONT=&quot]තිබෙනවා. ඒ නිසාම රෝගය වඩාත් පහසූවෙන් හඳුූනා ගන්නට පූළුවන්කම ලැබෙනවා.[/FONT] [FONT=&quot]ලිංගේන්ද්‍රිය තුළින් ශ්‍රාවයක් පිටවීම සහ එම ශ්‍රාවයේ ඇති අධික දුර්ගන්ධය[/FONT] ([FONT=&quot]පිළීගඳ සහිත ශ්‍රාවයකි)[/FONT]
    [FONT=&quot]මෙම රෝගයේදී පැහැදිලිව දෑකිය හැකිය. එසේම ලිංගාශ්‍රිත ප්‍රදේශයේ කැසීම් ද ඇති විය හැකියි.[/FONT]

    [FONT=&quot]මෙම රෝග ලක්ෂණ අනූව සිදු කරන[/FONT] [FONT=&quot]පරක්ෂණවලින් අනතුරුව අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පූළුවන්. සතියක් තරම් වූ[/FONT] [FONT=&quot]කෙටි කාලයක ප්‍රතිකාර ක්‍රමයක් තමයි මෙහිදී ලබා දෙන්නේ. ඒ නිසා ඉතාම[/FONT] [FONT=&quot]ඉක්මනින් මෙම රෝගී තත්ත්වය සූව කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම විශේෂ[/FONT] [FONT=&quot]කාරණාවක් තිබෙනවා. අනෙක් රෝග මෙන් මෙම රෝගය තවත් කෙනෙකුට බෝවෙන්නේ නැහැ. ඒ[/FONT] [FONT=&quot]නිසා ඉතාම පහසූවෙන් රෝගය සූව කර ගැනීමට පූළුවන් වෙනවා.[/FONT]

    [FONT=&quot]මෙවැනි රෝග සඳහා අවශ්‍ය ප්‍රතිකාර[/FONT], [FONT=&quot]පරක්ෂණ මෙන්ම උපදෙස් රජයේ රෝහල්වල සායනවලින් ලබා ගන්නට පූළුවන්. ඒ වගේම[/FONT] [FONT=&quot]රෝගී තත්ත්වයට අනූව අදාල ප්‍රතිකාර ලබා ගැනීමෙන් රෝගය ඉක්මනින් සූව කර[/FONT] [FONT=&quot]ගැනීමටද හැකියාව ලැබෙනවා. මේ නිසා මෙවැනි රෝගී ලක්ෂණ පවතින කිසිම කෙනෙක්[/FONT] [FONT=&quot]අනවශ්‍ය ලෙස බිය වීමට අවශ්‍ය නැහැ. ප්‍රතිකාර ලබා ගැනීමට සායනවලට සහභාගි[/FONT] [FONT=&quot]වී තමන්ගේ රෝගය සූව කර ගැනීමේ හැකියාව ඔවූන්ට තිබෙනවා.[/FONT]

    [FONT=&quot]බැක්ටීරියල් වැජිනෝසිස් ලෙස හඳුන්වන රෝගී[/FONT] [FONT=&quot]තත්ත්වයද එවැනි වූ රෝගයක්. ඒ කියන්නේ ලිංගාශ්‍රිත නොවන රෝගයක්. මේ නිසා[/FONT] [FONT=&quot]අනවශ්‍ය ලෙස කලබල නොවී අවශ්‍ය ලෙස ප්‍රතිකාර ලබා ගැනීමෙන් රෝගය සූව කර[/FONT] [FONT=&quot]ගැනීමට හැකියාව තිබෙනවා.[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]වෛද්‍ය[/FONT]
    [FONT=&quot]ශාන්ත හෙටිටිආරච්චි[/FONT]
    ([FONT=&quot]ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන)[/FONT]
    [FONT=&quot] [/FONT]