අනිත්‍ය සඤ්ඤාව අග්‍රම කුසලයද
සියලුම දානයන්ට (සම්මා සම්බුදුජාණන් වහන්සේට පූජා කරන දානයටත් වඩා ) වඩා අනිත්‍ය සඤ්ඤාව කුසලයක් වේද?

පින්වත් asliyanage,
පහත දක්වා ඇති සූත්‍ර දෙක කියවා බලන්න.
1. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ මහා වර්ගයේ මග්ග සංයුක්තයේ අප්‌පමාද වර්ගයේ තථාගත සූත්‍රය [ තථාගත සූත්‍රය - http://thripitaka.org/view/sp/sp11p1/126 ]
"මහණෙනි, පා නැත්තා වූ ද දෙපා ඇත්තා වූ ද සිවුපා ඇත්තා වූ ද බොහෝ පා ඇත්තා වූ ද රූ ඇත්තා වූ ද රූ නැත්තා වූ ද සඤ්ඤා ඇත්තා වූ ද සඤ්ඤා නැත්තා වූ ද නේවසඤ්ඤිනාසඤ්ඤි වූ ද යම්තාක් සත්ත්වයෝ වෙද්ද තථාගත වූ අර්හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේ ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබෙත්. මහණෙනි, එසෙයින් ම යම් කිසි කුසල්දහම්හු වෙත් නම් ඒ සියල්ලෝ අප්‍රමාදය මුල් කොට ඇතියහ. අප්‍රමාදය සමග පවත්නාහ. අප්‍රමාදය ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. ..."
2. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ නවක නිපාතයේ සීහනාද වර්ගයේ වෙලාම සූත්‍රය [ වෙලාම සූත්‍රය - http://thripitaka.org/view/sp/sp16/456 ]
"...
ගැහැවිය, වේලාම බමුණු මහාදාන නම් යම් දනක් දිනි නම් යමෙකුත් දිට්ඨිසම්පන්නයකු වළඳවා නම්, යමෙකුත් සියක් දිට්ඨිසම්පන්නයන් වළඳවා නම්, යමෙකුත් එක් සකෘදාගාමියකු වළඳවා නම්, යමෙකුත් සියක් සකෘදාගාමීන් වළඳවා නම්, යමෙකුත් එක් අනාගාමියකු වළඳවා නම්, යමෙකුත් සියක් අනාගාමීන් වළඳවා නම්, යමෙකුත් එක් රහතකු වළඳවා නම්, යමෙකුත් සියක් රහතුන් වළඳවා නම්, යමෙකුත් එක් පසේ බුදු කෙනෙකුන් වළඳවා නම්, යමෙකුත් සියක් පසේබුදුකෙනෙකුන් වළඳවා නම්, යමෙකුත් තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වළඳවා නම්, යමෙකුත් බුදුපාමොක් බික්සඟුන් වළඳවා නම්, යමෙකුත් සිවුදිග්හි සඟුන් උදෙසා වෙහෙරක් කරවා නම්, යමෙකුත් පහන් සිතැතියේ බුදුන් දහම් සඟුන් සරණ යේ නම්, යමෙකුත් පහන් සිතැතියේ පණිවායෙන් දුරුවීම ය … මඳ පමා දෙකට කරුණු රහමෙරින් දුරුවීමය යන සිකපද සමාදන් වේ නම්, යමෙකුත් යටත් පිරිසෙයින් ගඳ සුඹුනා පමණ කලකුත් මෙත් සිත් වඩා නම් යමෙකුත් අසුරුසන් ගසන පමණ කලකුත් අනිත්‍ය සංඥා වඩා නම් මේ එයට මහත්ඵලතර යි."
Skylark
ඒ කියන්නේ අනිත්‍ය සංඥා වඩන එක උසස්ම කුසලයද??
පින්වත් thalia,
පෙර දක්වන ලද තථාගත සූත්‍රයට අනුව උසස්ම කුසලය ලෙස සලකන්න වෙන්නේ අප්‍රමාදය.
තථාගත සූත්‍රය සහ වෙලාම සූත්‍රය යන සූත්‍ර දෙකම විමසුවොත් අනිත්‍ය සංඥා වැඩිම අප්‍රමාදය මුල් කොට ඇත, අප්‍රමාදය සමග පවතියී ලෙස සහ එවිටත් අප්‍රමාදය අග්‍ර වේ යැයි පවසන්න පුළුවන්.
වෙලාම සූත්‍රයේ ඇති කරුණු අනුව පහත ඇති දෑ කියන්න පුළුවන්:
යමෙකු සිවුදිග්හි සඟුන් උදෙසා වෙහෙරක් කරවා නම් එය බුදුපාමොක් බික්සඟුන් වැළඳවීමටත් වඩා මහත්ඵලතර වේ.
යමෙකු පහන් සිතැතියේ බුදුන් දහම් සඟුන් සරණ යයි නම් එය බුදුපාමොක් බික්සඟුන් වැළඳවීමටත් වඩා මහත්ඵලතර වේ.
යමෙකු පහන් සිතැතියේ පංච සිකපද සමාදන් වේ නම් එය බුදුපාමොක් බික්සඟුන් වැළඳවීමටත් වඩා මහත්ඵලතර වේ.
යමෙකු යටත් පිරිසෙයින් ගඳ සුඹුනා පමණ කලකුත් මෙත් සිත් වඩා නම් එය බුදුපාමොක් බික්සඟුන් වැළඳවීමටත් වඩා මහත්ඵලතර වේ.
යමෙකු අසුරුසන් ගසන පමණ කලකුත් අනිත්‍ය සංඥා වඩා නම් එය බුදුපාමොක් බික්සඟුන් වැළඳවීමටත් වඩා මහත්ඵලතර වේ.
ඉහත ආකාරයට ඒ ඒ දක්වා ඇති කාරණා වෙලාම සූත්‍රයට අනුව ගලපන්න පුළුවන්. ඉහත ආකාරයේ අර්ථ දැක භික්ෂූන් වහන්සේලාට දානේ දීමත් පැත්තකින් තියා, අන් කුසලයන්හිත් නොයෙදී අනිත්‍ය සංඥා වැඩීම පමණක් කල යුතු යැයි ගිහි පිරිස් හිතනවානම් ඒක ධර්මයට ගැලපෙන අදහසක් නොවෙයි. ගිහි පිරිස් එහෙම කලොත් සම්බුද්ධ සාසනයත් නැතිවෙලා යනවා.
තමන්ගේත් අන් අයගේත් අභිවෘද්ධිය පිණිස ගිහියන් විසින් භික්ෂූන් වහන්සේලාට දානය දීම, වෙහෙර කිරීම ආදිය කිරීම දෙපසටම වැඩදායකයි. ගිහියන් විසින් තමනුත් බුදුන්, දහම්, සඟුන් සරණ යෑම දෙපසටම වැඩදායකයි. ගිහියන් විසින් තමනුත් සීලය වැඩීම දෙපසටම වැඩදායකයි. ගිහියන් විසින් තමනුත් මෙත් සිත් වැඩීම දෙපසටම වැඩදායකයි. ගිහියන් විසින් තමනුත් අනිත්‍ය සංඥා වැඩීම දෙපසටම වැඩදායකයි.
ගිහියන් විසිනුත් සංඝයා විසිනුත් තම තමන්ගේ අභිවෘද්ධියට ක්‍රියා කරන ගමන් අනෙක් පාර්ශවයට සිදුවිය යුතු කටයුතු ඉටු කලොත් එය දෙපාර්ශවයටම වැඩ දායකයි, දෙපාර්ශවයේම අභිවෘද්ධිය පිණිස හේතු වෙනවා. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝ නිකායේ පාථික වර්ගයේ සිගාලක සූත්‍රයේ [ සිගාලක සූත්‍රය - http://thripitaka.org/view/sp/sp3/304 ] මෙසේ සඳහන්:
"16. ගැහැවි පුත, කරුණු පසෙකින් කුලපුතු විසින් උපරිම දිශාසංඛ්‍යාත මහණ බමුණෝ උවටන් කළ යුතු හ: මෛත්‍රී සහගත කායකර්මයෙන්, මෛත්‍රී සහගත වාක්කර්මයෙන්, මෛත්‍රී සහගත මනඃකර්මයෙන්, නො වැසූ දොර ඇති බැවින්, ආහාරපාන සැපයීමෙන් යන පසිනි. ගැහැවිපුත, මේ පස් කරුණින් කුලපුතු විසින් උඩ දිසාව යැ යි කියන ලද මහණ බමුණෝ උපස්ථිත වූවාහු, කරුණු සයෙකින් කුලපුතුට අනුග්‍රහ කෙරෙත්: පවින් වළකාලත්, පිණෙහි යොදාලත්, කලන සිතින් අනුග්‍රහ කෙරෙත්, නො ඇසූ විරූ දහම් අස්වත්, අසා ඇති දහම් (සැක දුරැලැවීමෙන්) පිරිසිදු කරවත්, සුගතියට මඟ කියත්. ගැහැවිපුත, මේ කරුණු සයින් කුලපුතු විසින් උපරිම දිශාසංඛ්‍යාත මහණ බමුණෝ උවටන් කරන ලද්දාහු, මේ කරුණු සයින් කුපුතුට අනුග්‍රහ කෙරෙත්. මෙසේ ඔහු විසින් මේ උඩ දෙස නිරපද්‍රැත කොට, ප්‍රතිභය රහිත කොට, හවුරන ලද්දේ වෙයි."
Skylark
මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි අනිච්ච, දුක්ඛ, අනත්ත යන වචන වල අර්ථයන් වැරදවීම
මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි අනිච්ච, දුක්ඛ, අනත්ත යන වචන වල අර්ථයන් වැරදවීම:
http://www.trekmentor.com/si/content/book/665
මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි ගැන මුල් පිටුව:
http://www.trekmentor.com/si/content/sanga/539
Skylark
මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි අනිච්ච, දුක්ඛ, අනත්ත යන වචන වල අර්ථයන් වැරදවීම
මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි අනිච්ච, දුක්ඛ, අනත්ත යන වචන වල අර්ථයන් වැරදවීම:
http://www.trekmentor.com/si/content/book/665
මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි ගැන මුල් පිටුව:
http://www.trekmentor.com/si/content/sanga/539
Skylark
සියලුම දානයන්ට (සම්මා සම්බුදුජාණන් වහන්සේට පූජා කරන දානයටත් වඩා ) වඩා අනිත්‍ය සඤ්ඤාව කුසලයක් වේද?
දහම ඇත්තේ නිවන් දැකීම පිණිසය.පදපරම වීමට නොවේ....
![]()

kusalayk nemii neda. eka samma dittiya. anithya awaabodayen kusal wadanna puluwan
පින්වත් thalia,
පෙර දක්වන ලද තථාගත සූත්‍රයට අනුව උසස්ම කුසලය ලෙස සලකන්න වෙන්නේ අප්‍රමාදය.
තථාගත සූත්‍රය සහ වෙලාම සූත්‍රය යන සූත්‍ර දෙකම විමසුවොත් අනිත්‍ය සංඥා වැඩිම අප්‍රමාදය මුල් කොට ඇත, අප්‍රමාදය සමග පවතියී ලෙස සහ එවිටත් අප්‍රමාදය අග්‍ර වේ යැයි පවසන්න පුළුවන්.
Skylark
නාරද මහ තෙරුන් ලියා ඇති මේ කතිකාවත් ඉමහත් පිටුවහලක් "අප්‍රමාදය" කවරක්ද, එය කුශලයක් වන්නේ කෙසේද කියා තේරුම් ගන්නට. ඔබට බොහෝ පිං!අප්පමාද අග්ගක්ඛාන සූත්‍රය
’’මහණෙනි, පා නැති හෝ, දෙපා ඇත්තාවූ හෝ, බොහෝ පා ඇත්තාවූ හෝ, රූප ඇත්තාවූ හෝ, රූප නැත්තාවූ හෝ, සංඥා ඇත්තාවූ හෝ, සංඥා නැත්තාවූ හෝ, සංඥාව ඇත්තේමත්, සංඥාව නැත්තේත් නොවූ යම්තාක් සත්ත්‍වයෝ වෙත්ද, තථාගත අර්හත් සම්‍යක් සම්බුද්‍ධයන් වහන්සේ ඔවුන්ට අග්‍රයයි කියනු ලැබේ.
’’මහණෙනි, එසේම මේ ලෝකයෙහි යම්කිසි කුශල ධර්ම කෙනෙක් වෙත්ද, ඒ සියල්ලෝ අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි රැස් වන්නාහ. ඒ ධර්‍මයන්ට අප්‍රමාදය ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ.
’’මහණෙනි, යම් සේ ඇවිදින ප්‍රාණීන්ගේ යම්කිසි පාද සමූහක් වේද, ඒ සියල්ල ඇත් පියෙහි අඩංගුවීමට යයිද, මහත් බැවින් ඇත් පිය ඔවුන්ට ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේද, මහණෙනි, එසේම යම් ඒ කුශල ධර්ම කෙනෙක් වේද, ඒ සියල්ලෝ අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි රැස් වන්නාහ. ඒ ධර්‍මයන්ට අප්‍රමාදය ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ.
’’මහණෙනි, යම් සේ කුළු ගෙයක යම්තාක් පරාල වෙත්ද, ඒ සියල්ල කූටයට නැමුනාහු, කූටයට නැඹුරුවූවාහු, කූටයෙහි රැස් වන්නාහු, කූටය ඔවුන්ට ශ්‍රේෂ්ඨයයි යේද, මහණෙනි, එසේම යම්කිසි කුසල ධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ සියල්ලෝ අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි රැස් වන්නාහ. ඒ ධර්‍මයන්ට අප්‍රමාදය ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ.
’’මහණෙනි, යම් සේ යම්කිසි මුල් සුවඳක් ඇද්ද, මේ කලුවැල් ඔවුන් අතුරින් ශ්‍රෙෂ්ඨයයි කියනු ලැබේ. මහණෙනි, එසේම යම්කිසි කුශලයක් ඇද්ද, අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි රැස් වන්නාහ. ඒ ධර්‍මයන්ට අප්‍රමාදය ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ.
’’මහණෙනි, යම් සේ යම්කිසි හර සුවඳක් ඇත්තේද, රත් සඳුන් ඔවුන් අතුරින් ශ්‍රෙෂ්ඨයයි, ඔවුන්ට ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ. මහණෙනි, එසේම යම්කිසි කුශල ධර්මයක් වේද, අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි රැස් වන්නාහ. ඒ ධර්‍මයන්ට අප්‍රමාදය ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ.
’’මහණෙනි, යම්කිසි මල් සුවඳක් වේද, පිච්ච මල් ඔවුන්ට ශ්‍රෙෂ්ඨයයි කියනු ලැබේ. මහණෙනි, එසේම යම් කිසි කුශල ධර්මයක් වේද, අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි රැස් වන්නාහ. ඒ ධර්‍මයන්ට අප්‍රමාදය ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ.
’’මහණෙනි, යම්කිසි කුඩා රජ කෙනෙක් වේද, ඒ සියල්ලෝ සක්විති රජහු අනුව යන්නාහු වෙත්ද, ඔවුන්ට සක්විති රජතෙම ශ්‍රෙෂ්ඨයයි කියනු ලැබේ. මහණෙනි, එසේම යම්කිසි කුශල ධර්මයක් වේද, අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි රැස් වන්නාහ. ඒ ධර්‍මයන්ට අප්‍රමාදය ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ.
’’මහණෙනි, යම්තාක් තාරකාවන්ගේ ආලෝකයක් ඇද්ද, ඒ සියල්ල සඳ එලියෙන් සොළොස් කලාවෙන් සොළොස් කලාවකටවත් නොවටීද, සඳ එලිය ඔවුන්ට ශ්‍රෙෂ්ඨයයි කියනු ලැබේ. මහණෙනි, එසේම යම්කිසි කුශල ධර්මයක් වේද, අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි රැස් වන්නාහ. ඒ ධර්‍මයන්ට අප්‍රමාදය ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ.
’’මහණෙනි, යම්සේ සරත් කාලයෙහි වසින ලද අහසෙහි පහවූ වලාකුළු ඇති කල්හි සූර්‍ය්‍යයා අහසෙහි වියල වන්නේ අහසෙහිවූ අන්‍ධකාරය නසා දීප්තිමත් වේ. තමාද බැබලේද, මහණෙනි, එසේම යම්කිසි කුශල ධර්මයක් වේද, අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි රැස් වන්නාහ. ඒ ධර්‍මයන්ට අප්‍රමාදය ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ.
’’මහණෙනි, යම්සේ ගඞ්ගා, යමුනා, අචිරවතී, සරභූ, මහී, යන මහා ගඞ්ගාවෝ වෙත්ද, ඒ සියල්ලෝ මුහුදට වදනාහුද, මුහුදට නැඹුරුවූවාහුද, මුහුදට පහත්වූවාහු, මුහුදට නැමුනාහු, මහා සමුද්‍රය ඔවුන්ට ශ්‍රෙෂ්ඨයයි කියනු ලැබේ. මහණෙනි, එසේම යම්කිසි කුශල ධර්ම කෙනෙක් වෙත්ද, අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි රැස් වන්නාහ. ඒ ධර්‍මයන්ට අප්‍රමාදය ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ.’’
◀ ▶
ජිංතක ජිල්ලබකිට;20613385 said:ස්කයිලාක් ඔබට බොහෝ පිං, මේ කරුන නිවැරදිව ගෙනැ හැර දැක්වූවාට. අප්‍රමාදය මයි උතුම්ම කුසලය. මමත් මෙච්චර කල් සිතා සිටියේ වෙලාම සූත්‍රය අනුව යමින් අනිච්ච සංඥාව වැඩීමයි උතුම්ම කුසලය කියා.
අප්පමාද අග්ගක්ඛාන සූත්‍රය

නාරද මහ තෙරුන් ලියා ඇති මේ කතිකාවත් ඉමහත් පිටුවහලක් "අප්‍රමාදය" කවරක්ද, එය කුශලයක් වන්නේ කෙසේද කියා තේරුම් ගන්නට. ඔබට බොහෝ පිං!
http://home.nethere.net/dsparks/Narada/02-Appamada%20Vagga.htm