~ පොත් ප්‍රදර්ශනයට යන ඔබට ~

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ~ පොත් ප්‍රදර්ශනයට යන ඔබට ~

    ~ පොත් ප්‍රදර්ශනයට යන ඔබට ~

    oyaEVCB.jpg


    ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් කියන්නේ ලංකාවේ මිනිස්සු පොත් කියවන්නෙ නැහැ කියලා. එතකොට කොළඹ පොත් ප්‍රදර්ශනේට එන්නේ ඇමරිකාවෙන්ද හලෝ? නෑ, ඒ එන්නේ මැගී නූඩ්ල්ස් කන්න එන අය. එහෙම කිව්වට ඉතින් ලංකාවේ අපි හිතනවට වැඩි පිරිසක් පොත් කියවනවා. හැබැයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එන සෑහෙන පිරිසක් එන්නේ අර කානිවල් එකකට යනවා වගේ ආතල් එකක් ගන්න මිසක්, පොත් ප්‍රදර්ශනයෙන් උපරිම ප්‍රයෝජනය ගන්නේ කොහොමද කියලා දැනගෙන නෙවෙයි. ඒ නිසා මෙන්න පොත් කියවන නොකියවන හැම කෙනෙක්ටම අනිවා වැදගත් වෙන උපදෙස් කීපයක් මෙන්න!

    1. කවදටද පොත් ප්‍රදර්ශනේට සෙට් වෙන්නේ?



    556a063.gif



    සාමාන්‍යයෙන් ඔය පොත් පත් වලට සම්බන්ධ ගෘප් එකකින් අඳුනගත්තට, ඇත්තට දැකලා නැති යාලුවන්ව එහෙම මුණගැහෙන්න පොත් ප්‍රදර්ශනේ වගේ තවත් තැනක් නැහැ කියලා තමයි කියන්නේ. ඕන කොල්ලෙක් කැමතියිනේ පොත් කියවන සූටි නංගියෙක්ගේ අතින් අල්ලගෙන පොත් ගැන ටෝකක් දාගෙන පොත් ප්‍රදර්ශනේ ඇවිදින්න. හැබැයි අපි දෙන අවවාදේ තමයි පොත් ප්‍රදර්ශනේට එන්න කලින් තමන්ගේ අරමුණ මොකක්ද කියලා හරියට පැහැදිලි කරගන්න කියන එක. පැහැදිලි මදිද? ඒ කියන්නේ සූටි නංගිව මුණගැහෙන්න නැතිනම් යාලුවෝ සෙට් එක මුණගැහෙන්න දාගන්න දවසේ හිතේ හැටියට පොත් ගන්න ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම ඔබ පොතක් පතක් කියවලා බලලා පොත් ගන්න කැමති කෙනෙක් නම් ජෝඩු දාලා යන එක ඇණයක් වෙලා තමයි නවතින්නේ. (හරි ඉතින් අත්දැකීමෙන් තමයි අපිත් කියන්නේ)
    ඒ නිසා එක්කෝ හොඳම දේ තමයි මුණගැහෙන අය මුණගැහිලා, සූටි නංගියා නැත්නම් පොත් කියවන සුදු අයියා එක්කත් චැට් එකක් දාලා, පොත් ගන්න තනියම යන්න. පැය තුනකින් කැටපත් පවුර ගාවදි හම්බුවෙමු කියලා එකඟතාවයකට එන්න. ඒ විදියෙන් වැඩ දෙක තුනම කෙරෙනවා. එහෙමත් නැත්නම් දවස් දෙකක් පොත් ප්‍රදර්ශනේට ආවත් පාඩු නෑ!

    2. පොත් ප්‍රදර්ශනේට සතියම ගියත් මදි අනේ!

    KAJkzXK.jpg



    මෙන්න මේකත් නිතර අහන්න ලැබෙන කතාවක්. ඔව්, පොත් ප්‍රදර්ශනේට ගිහින් හිතේ හැටියට පොත් ‍තෝරගන්න දවසක් මදි තමයි. හැබැයි සතියේ දවසක සාපේක්ෂව අඩු සෙනඟක් ඉන්නේ. උදේ පාන්දරින්ම කුකුලත් අතේ අරන් යන්න පුලුවන් නම් පාර්කින්ග් එහෙම ලොකු අවුලක් වෙන්නේත් නැහැ. එහෙම නැතුව ගන්න ඕන පොත් මෙන්න මේ ටික තමයි කියලා හිතේ තියෙනවනම් හවසක ගිහින් රෑ වෙනකල් හිටියත් අවුලක් නෑ.


    3. මාගලක් දිග පොත් ලැයිස්තුවක්!



    WHHxZMV.jpg



    බොහෝමයක් දෙනෙක් මේ වෙනකොටත් පොත් ප්‍රදර්ශනෙන් ගන්න ඕන පොත් මොනවද කියලා ලැයිස්තුවක් හදලා ඉවරයි. ඒක බොහොම හොඳ වැඩක්. තමන්ට ගන්න ඕන මොන පොත්ද කියලා දැනගෙන යනවා කියන්නේ පොකැට් එකටත් පොඩ්ඩක් සනීපයි කියන එක. මේ පොත් ලැයිස්තුව හදන්න සාමාන්‍යයෙන් පොත් පත් ගැන හොඳ අවබෝධයක් තියෙන එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ උපදෙස් වටිනවා. මොකද ගොඩක් දෙනෙක් ‍රැල්ලට හොඳයි කියන පොත් වලට වඩා පොත් පත් කියවන කෙනෙක් රෙකමන්ඩ් කරන පොත් ලැයිස්තුවට එකතු කරගන්න පුලුවන් නම් ‘අයියෝ සල්ලි’ වීම වළක්වාගන්න පුලුවන්.


    4. සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරලා…

    gfoNxMN.jpg



    මෙන්න මේකත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනේට යන්න ඇඟිලි ගැන ගැන ඉන්න බොහෝමයක් දෙනෙක් දැන් කරන වටින වැඩක්. ඒ කියන්නේ අවුරුද්ද පුරාම මාසෙකට යම් කිසි මුදලක් මේ වෙනුවෙන් වෙන් කරලා තියන එක. එතකොට සැප්තැම්බර් මාසෙ විතරක් හන්ටර් වෙන්න සිද්ධ වෙන්නේ නැහැ.
    හැබැයි රජෝ එකක්. ඔබ පොත් කාවෙක් නම්, පොකැට් එකේ දෙතුන් දාහක් තියාගෙන ගියත්, විසි තිස්දාහක් තියාගෙන ගියත් කුඩු වෙන එක කුඩුවෙනවාම තමයි. ඒ නිසා ඔබටම දැඩි සීමාවක් පණවා ගන්න වියදම් කරන්න හැකියාවක් තියෙන මුදල ගැන. ක්‍රෙඩිට් කාඩ් ගැන වුනත් කියන්න තියෙන්නේ ඒ ආනිශංසයම තමයි.


    5. පොත් ටික උස්සගෙන යන්න පෝටර් කෙනෙක් ගන්න වෙයිද?

    lVKNMyI.jpg



    පොත් ප්‍රකාශකයෙක් දෙන්නෙක් අර ඝනකම ලොකු මල්ලක පොත් දාලා දුන්නත් තවමත් සීයෙට අනූවක් ස්ටෝල් වලින් ලැබෙන්නේ ෂොපින්ග් බෑග් එකක්, ඒ කියන්නේ සිලි මල්ලක් තමයි. දැන් හිතන්න. පොත් රාක්කයක් ගාවට ගිහින් පොතක් අතට අරන් පෙරළලා බලන්නෙ නැතුව කොහොමද හරියට පොතක් ගන්නේ? ‍ පොත් තෝරන එක නිදහසේ කරන්න ඕන වැඩක්. සිලි බෑග් විස්සක් තිහක් අත් දෙක වටේ එල්ලගෙන ඕක කරන්න පුලුවන් වැඩක්ද? අනිත් එක පොත් වැඩි වෙනකොට සිලි සිලි බෑග් එකට ඇඟිලි කැපෙන්න පටන් ගන්නවා. ඔය බෑග් එකක් දෙකක් මිස් වෙන්නත් ඉඩ වැඩියි. ඒ නිසා යනකොට ගෙදරින් බෑග් එකක් අරගෙන යන එක කෝකටත් හොඳයි. පොත් ගොඩක් ගන්න අදහසක් තියෙනවා නම් ටිකක් ලොකු බෑග් එකක් අරන් යන්න. ඒක ඔබට පහසුවෙන් එල්ලගෙන යන්න පුලුවන් එකක් වීම අනිවාර්යයි. බැක්පැක් එකක් ඔබට අරන් යන්න පහසු වුනත් ස්ටෝල් එකක් ඇතුළේ ඉන්න අයට නම් ඒක වදයක් වෙන්න ඉඩ තියෙනවා. ඔය ස්ටෝල් එකක් ඇතුලේ අලි නාවන්න තරම් ඉඩ නැහැනේ.


    6. කවුද වැඩියෙන්ම ඩිස්කවුන්ට් දෙන්නේ?

    D3GvBqa.gif



    අන්න ප්‍රශ්නේ. අපි පොත් ප්‍රදර්ශනේට යන්නේ අඩුවට පොතක් දෙකක් ගන්නනේ. එතකොට මුලින්ම කරන්න ඕන දේ තමයි තමන්ට ඕන පොත් වල ප්‍රකාශකයෝ කවුද කියලා දැනගන්න එක. මොකද යම් පොතකට වෙනත් තැන්වල 20% දෙනකොට, එම පොතේ ප්‍රකාශකයෝ ඒ පොතට 30%, 40% පවා දෙන්න පුලුවන්. අන්න ඒ නිසා තමයි මුලින් කිව්ව විදියේ පෙර සූදානමක් අවශ්‍ය කරන්නේ. ඔබ අහම්බෙන් අතට ගන්න පොතක් වුනත් මිලදී ගන්න කලින් පොඩ්ඩක් බලන්න ප්‍රකාශන සමාගම මොකක්ද, ඔබ ඉන්නේ ඒ කට්ටියගේ ස්ටෝල් එකේද කියලා.
    එතකොට සමහර වෙලාවලට සමාජ ජාලා පොත් සමූහයන් තුළ ඉන්න සාමාජිකයින්ටත් සමහර ප්‍රකාශකයෝ හොඳ ඩිස්කවුන්ට් දෙනවා. ඒ වගේ දේවල් ගැනත් සැලකිලිමත් වෙන එක හොඳයි.
    තව එකක්. ඔතන පොඩ්ඩක් ඔබව අන්දන වැඩපිළිවෙලවල් තියෙනවා. ඒ කියන්නේ පොතේ සැබෑ මිලට උඩින් වැඩි මිල ස්ටිකරයක් ගහලා ඩිස්කවුන්ට් දෙන පොත් ප්‍රකාශක අයියලා එහෙම එහෙන් මෙහෙන් ඉන්න පුලුවන්. ඒ වගේ ගැට වලට අහු නොවෙන්න නම් ඔබ ‘සැප්තැම්බර්’ පොත් කියවන්නෙක් වෙලා බැහැ. සාමාන්‍යයෙන් පොත් වල මිල ගණන් වෙනස් වෙන විදිය ගැන අවබෝධයක් තියෙනවා නම් ඔබටත් පොත් ප්‍රදර්ශනයේ උපරිම ඵල නෙලාගන්න පුලුවන්.


    7. ලොකු ලොකු නම් හොයාගෙන නොයන්න

    vYDY03X.jpg



    සාමාන්‍යයෙන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන පරිශ්‍රය ඇතුළේ වැඩිම තදබදය තියෙන්නේ ගුණසේන, සරසවි, ගොඩගේ වගේ ලොකු පොත් ප්‍රකාශන ආයතන මගින් කරන කුටි වල. ගොඩක් දෙනෙක් වෙනත් ප්‍රකාශන ආයතනවලින් ගහපු පොත් ගන්නත් මේ ලොකු වෙළෙඳ නාම තියෙන කුටි ඇතුළට ගිහින් හිරවෙවී ඉන්නවා. බොහොමයක් වෙලාවට මේ තැන්වලට වඩා වැඩි ඩිස්කවුන්ට් එකක් ලබාදෙන්න පුලුවන් සාපේක්ෂව පොඩි ප්‍රකාශන ආයතනයකින්. තරඟකාරීත්වය පවත්වා ගන්න වුවමනා නිසා. ඒ නිසා හැමවෙලාවේම අවශ්‍යම නැතිනම් ලොකු ස්ටෝල් වල හිර වෙන්න එපා.
    තවත් කරුණක්. මේ ලොකු වෙළෙඳ නාම බොහෝමයක් වෙලාවට සැප්තැම්බර් මාසය පුරාම ඔවුන්ගේ පොත් වලට වට්ටම් ලබාදෙනවා. ඒ ගැන පොඩ්ඩක් දැනුවත් වෙන්න. පොත් ප්‍රදර්ශනේ ස්ටෝල් එකක් ඇතුළේ තෙරපි තෙරපි පොත් ‍තෝරනවට වඩා නිදහසේ පොත් සාප්පුවකින් පොත් ගන්න පුලුවන්, එකම ඩිස්කවුන්ට් එකත් ලැබෙන්න පුලුවන්.


    8. බජට් එකට කියවන්න: පරණ පොත්!

    HvbxN4g.gif



    මේකත් ලංකාවේ ගොඩක් පොත් ප්‍රදර්ශන ලෝලීන්ට මිස් වෙන දෙයක්. ඉංග්‍රීසියෙන් කියවන්න උනන්දුව තියෙන කෙනෙක් නම් අනිවා ඔලුව දාන්න ඕන ස්ටෝල් කීපයක් තියෙනවා. වර්ණසූරිය, සරත් වගේ ස්ටෝල් වගේම සරසවි බාගේන් එකත් යන්න වටින තැන්. බාගේන් පොත් වලට වෙනමම තියෙන කොටසේ මුලින්ම රවුමක් ගහන්න. මේක හරියට මැණික් ගරනවා වගේ තමයි. ඔබ නොහිතන පොඩි ස්ටෝල් එකකින් මුතු මැණික් වගේ වටිනා පොත් පුංචි මුදලකට ගන්න ලැබෙනවා. හැබැයි කරදාසිය ලිපේ දාලා ගිහින් බාගේන් කොටසේ පොත් හොයන්න බෑ. ඒකට වෙලාව තියෙන්න ඕන.


    9. සිතියම බලාගෙන තමයි යන්න ඕන

    KVpxT49.jpg



    අර ඇතුලුවීමේ ගේට්‍ටුව ගාවින් දෙන තඩි සිතියමක් තියෙනවනේ. ඕක අපේ වැඩි දෙනෙක් පාවිච්චි කරන්නේ දාඩිය පිහිදගන්න. ඊට පස්සේ ඉතින් අර ස්ටෝල් එක කොහෙද මේ ස්ටෝල් එක කොහෙද කියලා හොය හොය වටේ කැරකෙන්න ඕන. හැම වෙලාවකම සිතියම අතේ තියාගන්නවා කියන්නේ කාලය විශාල වශයෙන් ඉතිරි වෙනවා කියන එක. ඒ වගේම තමයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වෙනුවෙන් නිර්මාණය කරලා තියෙන ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක. ඒකෙන් ස්ටෝල් තියෙන තැන් හොයාගන්න විතරක් නෙවෙයි, පොත් හොයාගන්නත් පුලුවන්!


    10. ඒ ඒ බඩු ඒ ඒ තැන්වලින් ගන්න

    hH3spLJ.gif



    සාමාන්‍යයෙන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇතුළේ යම් යම් විශේෂීකරණයන් දකින්න පුලුවන්. උදාහරණයක් විදියට ඔය පෑන් පැන්සල් ලිපි ද්‍රව්‍ය අඩුවට ගන්න පුලුවන් තැන් තියෙනවා J, K, L වගේ ශාලාවල. පරණ පොත් අඩුවට ගන්න පුලුවන් බාර්ගේන් පොත් තියෙන ශාලාවේ. පුරාවිද්‍යා මාසික සාර සඟරා සහ ප්‍රකාශන ගන්න පුලුවන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ස්ටෝල් එකෙන්. පරණ GO මැගසින් එහෙම ගන්න පුළුවන් විජය පුවත්පත් සමාගමේ ස්ටෝල් එකෙන්.


    11. ඉරට හැතැප්මයි!

    mAbaAK3.jpg



    සැප්තැම්බර් මාසේ මැද කියන්නේ ඉර ඔළුව උඩ කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඒ නිසා වතුර බෝතලයක්, අවු කණ්ණාඩි කුට්ටමක්, දාඩිය පිහිදන්න ලේන්සුවක් එහෙම අරන් යන්න. ඕවා ඉතින් ඇන ඇන කියන්න ඕන දේවල් නෙවෙයි. කොමන් සෙන්ස්, කොමන් සෙන්ස්!


    12. අන්තිමට ආපු දේ කරගෙන යන්න!

    MVHx81O.jpg



    මැගී කන්න බලාගෙන කොළඹ පොත් ප්‍රදර්ශනේට එන මහත්තුරුන්ට එහෙම කියන්න තියෙන්නේ මැගී විතරක් නෙවෙයි, තව ඕනෑ තරම් කෑම ජාති තියෙන ස්ටෝල්ස් පොත් ප්‍රදර්ශන භූමිය ඇතුලේ විසිරිලා තියෙනවා. ඒ හින්දා පොත් අරගෙන ආපු වැඩේ කරගෙන යන්නත් අමතක කරන්න එපා. හොට් ඩෝග් ඕන නම් ඒ පැත්තේ, මයියොක්කා ඕන නම් මේ පැත්තේ, තව ගල්කිස්ස හෝටලෙන් හදන රස කොත්තුව. එක පාරක් හරි ට්‍රයි කරන්නම වටිනවා!


    13. ඔබව හාවෝ කරන්න එන නරින්ගෙන් ප්‍රවේසම් වන්න!

    mM66zor.jpg



    ලංකාවේ ඕනම තැනක වගේ මෙතනත් මගඩි නැ‍ටුම් තියෙනවා. උදාහරණයක් විදියට ආසාවෙන් පොත් අතපත ගගා ඉඳලා පොත් ගන්න සල්ලි මදිවුනාවගේ රඟපාලා ඔබෙන් දත ගලවන්න ට්‍රයි කරන අයියලා මෙතන ඉන්නවා. එතකොට පොත් වල සිහියෙන් ගත්ත පොත් ටික පෙරළා බලන උනන්දුවෙන් ‍ටුක් ‍ටුක් වලට අත දානකොට මීටර් තිබුණත් වැඩ නැහැ කියලා ඩබල් හයර් එක ඉල්ලන ත්‍රීවිල් අයියලත් ඔය හරියේ ගැවසෙනවා. එතකොට පික්පොකට් කාරයෝ එහෙමත් නැහැයි කියන්න බැහැ. ඒ නිසා පොත් වල සිහියෙන් ඔළුව හැප්පුණු කුකුල්ලු වගේ පොත් ප්‍රදර්ශනේ වටේ යන්නෙ නැතුව පොඩ්ඩක් සිහි කල්පනාවත් ටියුන් කරලා තියාගන්න


    -Aniwalk
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    නියම tips ටිකක්:)

    මාත් අනිවා map එක බලාගෙන තමයි දුවන්නේ ඕක ඇතුලේ :yes:

    stall එකේ නම දැක්කම සාමාන්‍යයෙන් idea එකක් ගන්න පුලුවන් මොන වගේ පොත්ද තියෙන්නේ කියලා. අනික හැම stall එකක් ඇතුලටම යන්න ඕන නැහැ. එලියේ ඉදගෙන පොත්වල කවර කියවන්න පුලුවන් නේ.. ඇතුලේ සෙනග අඩුනම් තමයි හැබැයි එහෙම කරන්න පුලුවන්

    පැනපු ගමන් මුලින්ම දැකපු stall එකෙන් පොත් ගන්න එපා. :no:
    තව කඩේක බැලුවොත් ඊට වඩා අඩුවට තියෙන්න පුලුවන් :rolleyes:

    වෙලදපොලේ රවුමක් යන්න.. මිලගණන් සසදන්න.. බඩාගෙන් වහල්ලු ගන්න


    ආහ්..

    වහල්ලු නෙවේ.. පොත් ගන්න :P

    අනික තරමක වතුර බෝතලයක් බෑග් එකේ දාගෙන ගියොත් ඔය කෝක් එකක් බීලා නිවාගන්න හදන තිබහ ලාබෙටම අඩුකරගත හැකි :)


     
    Last edited:
    • Like
    Reactions: DJU9

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    නියම tips ටිකක්:)

    මාත් අනිවා map එක බලාගෙන තමයි දුවන්නේ ඕක ඇතුලේ :yes:

    stall එකේ නම දැක්කම සාමාන්‍යයෙන් idea එකක් ගන්න පුලුවන් මොන වගේ පොත්ද තියෙන්නේ කියලා. අනික හැම stall එකක් ඇතුලටම යන්න ඕන නැහැ. එලියේ ඉදගෙන පොත්වල කවර කියවන්න පුලුවන් නේ.. ඇතුලේ සෙනග අඩුනම් තමයි හැබැයි එහෙම කරන්න පුලුවන්

    පැනපු ගමන් මුලින්ම දැකපු stall එකෙන් පොත් ගන්න එපා. :no:
    තව කඩේක බැලුවොත් ඊට වඩා අඩුවට තියෙන්න පුලුවන් :rolleyes:

    වෙලදපොලේ රවුමක් යන්න.. මිලගණන් සදසදන්න.. බඩාගෙන් වහල්ලු ගන්න


    ආහ්..

    වහල්ලු නෙවේ.. පොත් ගන්න :P

    අනික තරමක වතුර බෝතලයක් බෑග් එකේ දාගෙන ගියොත් ඔය කෝක් එකක් බීලා නිවාගන්න හදන තිබහ ලාබෙටම අඩුකරගත හැකි :)




    අනිවා මචන් .. යනවා නම් සතියේ දවසක යන එක තමයි හොඳම... (පොත් වලට කැමති කෙනෙක් නම් වැඩ වලට පොඩි නිවාඩුවක් දීලා දවසක් මේ වෙනුවෙන් කැප කරාට පාඩුවක් වෙන්නේ නැහැ) හවස 6 පස්සේ යනවා නම් තවත් හොඳයි.. 2006 ඉදන් එක දිගට යන නිසා කියන්නේ ;)

    පුළුවන් නම් ගෙදරින් කෑම එකක්.. ලොකු වතුර බෝතලයක් අරන් යන්න පුළුවන් නම් බොරුවට මැගී වලටයි කෝක් වලටයි යන සල්ලි වලින් තව පොත් කීපයක් ගන්නත් පුළුවන්..:D
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    පොත් ප්‍රදර්ශනය බලන්න යන ඕනි කෙනක් මේකා කියවල ගියොත් එක බොහොම ප්‍රයෝජනවත් වෙයි/. ගුඩ් පොස්ට් මචන් තැන්කු
     
    • Like
    Reactions: DJU9