විස්‌මයජනක දේශීය ඖෂධීය ශාක

GayanFX2015

Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    විස්‌මයජනක දේශීය ඖෂධීය ශාක

    අපට වැළඳෙන සෙම්ප්‍රතිශ්‍යාව, කැස්‌ස, උණ වැනි රෝගවල දී අප පුරුද්දක්‌ වශයෙන් නිවසේ දී ම දේශීය ඖෂධ වර්ගවලින් කසාය වර්ග තම්බා පානය කිරීම සිදු කරනවා. එවැනි කසාය වර්ගවලින් අතුරු ආබාධයක්‌ නැති ව ම අපේ අසනීප හොඳ වන බව අත්දැකීමෙන් ම අපි දන්නවා. ඇත්තට ම මේ දේශීය බෙහෙත් වර්ගවල තියන ලෙඩ හොඳ කිරීමේ හැකියාව කුමක්‌ ද? ඒ හැකියාව වෙනත් ලෙඩ රෝග පාලනය කිරීමට යොදාගැනීමට නොහැකි ද? මේ ප්‍රශ්නය පැනනගින්නේ දේශීය ඖෂධවල වටිනාකම යම්තාක්‌ හෝ වැටහුණු පුද්ගලයන් හට. ශ්‍රී ලංකාවේ ඉතා වටිනා සම්පතක්‌ වන මේ දේශීය බෙහෙත් වර්ගවල ලෙඩ සුව කිරීමේ ගුණ ගැන අධ්‍යයනය කිරීමට මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පෝෂණ ජෛව රසායනය (Nutritional biochemistry) පිළිබඳ පර්යේෂණ ඒකකයේ ආචාර්ය රුවිනි ලියනගේ, පර්යේෂණ සහකාර චතුනි ජයතිලක සහ රිස්‌ලියා විස්‌වනාදන් ප්‍රමුඛ පර්යේෂණ කණ්‌ඩායම දේශීය වෛද්‍ය විද්‍යාවේ දී නිතර භාවිත වන ඖෂධ වර්ග 10ක කෘත්‍යාත්මක ගුණ (Functional properties) අධ්‍යයනය ආරම්භ කළා මීට අයත් වුණේ බෙලි මල්, ඉරමුසු, රණවරා, වල් කොත්තමල්ලි, නෙල්ලි, රසකිඳ, පොල්පළා, බැබිල, බෙලි ගැට සහ වෙනිවැල්.

    7.jpg

    a-7.jpg


    ශාකවල කෘත්‍යාත්මක ගුණ අතරින් ශරීරයේ ලෙඩ රෝග පාලනයට ඉතා වැදගත් ගුණයක්‌ වන එම ශාකවල දක්‌නට ලැබන ප්‍රතිඔක්‌සිකාරක ගුණ ලැබෙන්නේ එම ශාකවල නිපදවන ද්වීතීයික පරිවෘත්තීය සංඝටක (Secondary metabolites)වලින්. ඒ අතරින් ෆීනෝලික (Phenolic) සහ ෆ්ලෙවනොයිඩ් (Flavonoid) රසායනික සංඝටක ප්‍රධානයි. අපේ ශරිරය තුළ විවිධ අහිතකර හේතු නිසා (වැරදි ජීවන රටා, නරක ආහාර පුරුදු සහ මානසික ආතතිය) නිපදවන සහ ශරීරයට බාහිරින් ඇතුළු වන මුක්‌ත ඛණ්‌ඩක (Free radicals) නිසා ඔක්‌සිකරණ ආතතියක්‌ (Oxidative stress) ශරීරයේ ඇති වනවා. ඔක්‌සිකරණ ආතතිය නිසා ශරීරයේ ඉන්ද්‍රියන්වල, පටකවල ඩී එන්. ඒ., ප්‍රොaටීන් සහ ලිපිඩවලට හානි වනවා. සෙම්ප්‍රතිශ්‍යාව, කැස්‌ස, උණ වැනි සාමාන්‍ය රෝගවල දී වගේ ම දියවැඩියාව, හෘද රෝග, පිළිකා වැනි දරුණු රෝගවලටත් මූලික හේතුවක්‌ වන්නේ මේ ඔක්‌සිකරණ ආතතිය මගින් සෛලවලට සිදු වන හානිය. අප ගන්නා දේශීය ඖෂධ වර්ගවල පොදුවේ ප්‍රතිඔක්‌සිකාරක ගුණ බහුලයි. මේ ප්‍රතිඔක්‌සිකාරක ගුණවලට ශරීරයේ ඇති වී තිබෙන ඔක්‌සිකරණ ආතතිය මර්දනය කර ශරීරය නැවත යථා තත්ත්වයට පත් කිරීමේ හැකියාව තිබෙනවා. පර්යේෂණ කණ්‌ඩායම පළමුව සිදු කළේ තෝරාගත් දේශීය ඖෂධ වර්ගවල ප්‍රතිඔක්‌සිකාරක හැකියාව අධ්‍යයනය කිරීම.

    මෙහි දී පර්යේෂණ කණ්‌ඩායම විශ්ලේෂණ සඳහා දේශීය ඖෂධ වර්ගවල නිස්‌සාරණ (Extracts) පිළියෙල කළේ සාම්ප්‍රදායිකව ඖෂධීය පානයන් පිළියෙල කරන ආකාරයට ම වියළි ඖෂධ වර්ග ජලය සමග උණු කිරීමෙන්. පසුව ක්‍රම 3කට එම ඖෂධ වර්ගවල ප්‍රතිඔක්‌සිකාරක හැකියාව විශ්ලේෂණය කරනු ලැබුවා. පරීක්‌ෂණවල ප්‍රතිඵලවලට අනුව පිළිවෙළින් නෙල්ලි, රණවරා, බෙලි මල්, බෙලි ගැට සහ වල් කොත්තමල්ලි ඉහළ ප්‍රතිඔක්‌සිකාරක හැකියාවකින් යුක්‌ත වුණා. මේ පරීක්‌ෂණයේ සුවිශේෂී ප්‍රතිඵලයක්‌ වුණේ නෙල්ලිවල තියෙන ප්‍රතිඔක්‌සිකාරක හැකියාව. නෙල්ලිවල තිබෙන ප්‍රතිඔක්‌සිකාරක හැකියාව පර්යේෂණයට ලක්‌ කළ අනෙකුත් ඖෂධ වර්ගවල ප්‍රතිඔක්‌සිකාරක හැකියාවට වඩා ඉතා ඉහළ අගයක්‌ ගනු ලැබුවා.

    මින් නො නැවතුණු පර්යේෂණ කණ්‌ඩායම් ඉහත සඳහන් ඖෂධ වර්ගවල ඇල්ෆා ඇමයිලේස්‌ නිෂේධාත්මක (α−amylase inhibitory activity) ගුණය ද අධ්‍යයනය කළා. ඇල්ෆා ඇමයිලේස්‌ කියන්නේ අප ගන්නා ආහාරවල තිබෙන පිෂ්ටය මෝල්ටෝස්‌, මෝල්ටොට්‍රයොස්‌ වැනි ඩයිසැකරයිඩවලට බිඳහෙළන එන්සයිමයක්‌. දෙවැනි වර්ගයේ දියවැඩියාවෙන් පෙළෙන රෝගීන්ට මේ එන්සයිමයේ ක්‍රියාකාරීත්වය අඩපණ කිරීම මගින් රුධිරයේ ග්ලූකෝස්‌ මට්‌ටම පාලනය කරගැනීම පහසු වනවා. ඇල්ෆා ඇමයිලේස්‌ නිෂේධාත්මක ගුණය තිබෙන ඖෂධ වර්ගවලට පුළුවන් රුධිරයේ ග්ලූකෝස්‌ මට්‌ටම යාමනය කිරීම සඳහා උපකාරී වීමට. විශ්ලේෂණයෙන් ලැබුණ ප්‍රතිඵල අනුව නෙල්ලි සහ රණවරාවල ඇල්ෆා ඇමයිලේස්‌ නිෂේධාත්මක ගුණය ඉහළ අගයක්‌ ගෙන තිබුණා.

    මේ පරීක්‌ෂණවලින්, පුරාතනයේ සිට පාරම්පරික වෙදකමේ දී භාවිත කරන ඖෂධ වර්ගවල තිබෙන රසායනික සංඝටක සහ ඒවායේ ක්‍රියාකාරීත්වය විද්‍යාත්මක ක්‍රම මගින් දේශීයව හඳුනාගැනීමට හැකි වී තිබෙනවා. විශේෂයෙන් ම නෙල්ලිවල තිබෙන ඉතා ඉහළ ප්‍රති ඔක්‌සිකාරක ගුණය සහ ඇල්ෆා ඇමයිලේස්‌ නිෂේධාත්මක ගුණය හඳුනාගැනීම වටිනා නිධානයක්‌ හමු වීමක්‌ හා සමානයි. ලෝකයේ අනෙකුත් රටවල වගේ ම ශ්‍රී ලංකාව තුළත් දියවැඩියාව, අධි රුධිර පීඩනය, පිළිකා සහ හෘද රෝග වැනි බෝ නො වන රෝග වේගයෙන් පැතිරෙනවා. ඒවාට හේතු වන ඔක්‌සිකරණ ආතතිය මැඩලන්නට වගේ ම රුධිරයේ සීනි මට්‌ටම යාමනය කිරීමටත් මේ නෙල්ලි වැදගත් විය හැකි බව පෙනී යනවා. මේ වැනි වටිනා ඖෂධීය වටිනාකමක්‌ තිබෙන දේශීය ඖෂධ වර්ග වර්තමානයේ දී අප ප්‍රයෝජනයට ගන්නේ ඉතා අඩුවෙන්. එක්‌ දවසකට එක නෙල්ලි ගෙඩියක්‌ කෑවොත් එයින් මුළු දවසට ම සරිලන ප්‍රතිඔක්‌සිකාරක හැකියාව ශරීරයට ලැබනවා. නෙල්ලි වගේ ම රණවරා. බෙලි මල්, බෙලි ගැට සහ වල් කොත්තමල්ලිත් ප්‍රතිඔක්‌සිකාරක හැකියාවෙන් සහ ඇල්ෆා ඇමයිලේස්‌ නිෂේධාත්මක ගුණයෙන් අනූනයි. රණවරා, බෙලි මල්, බෙලි ගැට සහ වල් කොත්තමල්ලි වැනි ඖෂධවලින් සාදන පානයන් අතීතයේ මිනිසුන් සුලබව පානය කළා. ඒ අතීතයේ සිට ම අත්දැකීමෙන් ඒවායේ ගුණ ඔවුන් දැන සිටි නිසා. වර්තමානයේ පර්යේෂණ තුළින් නැවත විද්‍යාත්මක ක්‍රමයට එම ගුණ මතු කිරීමේ අභිප්‍රාය වන්නේ ජනතාවට මේ වටිනා දේශීය ඖෂධවලින් නිසි ප්‍රයෝජන ලබාගෙන නිරෝගීමත් ජීවිත ගත කිරීමට ඉන් පිටිවහලක්‌ ලබා දීමයි.

    මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පෝෂණ ජෛව රසායනය පිළිබඳ පර්යේෂණ ඒකකයේ අංශ ප්‍රධාන, ආචාර්ය රුවිනි ලියනගේ මහත්මිය සමග සාකච්ඡා කර සැකසූ ලිපියකි.

    ප්‍රදීප් පියතිලක
    සන්නිවේදන සහ මාධ්‍ය නිලධාරී,
    විද්‍යා අධ්‍යාපන සහ ව්‍යාප්ත අංශය,
    ජාතික මූලික අධ්‍යයන ආයතනය, මහනුවර
    http://www.vidusara.com/2016/02/10/feature1.html
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    SINHALA BEHETH

    I have suffered a terrible headache some 30 years ago. I went to see "neelammahara weda haamuduruwo" and he gave me some KASAAYA , KALKA , etc etc. It (headache ) not gone down for another full day with medicine, so I decides to go and see our family doc (Dr Gamini Wijesekara) . He said this is migraine and gave me medicine, but at that time I felt that Sinhala medicine come in to effect. So , instead of going to a pharmacy to get doctor's medicine I went to beth kade and get few more doses of the same medicine and use them for another few days , never to have such sickness again.
     
    • Like
    Reactions: GayanFX2015
    ඇති යංතං නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමත්තු කියාගන්නා බත් කන මී ගොන්නුන්ට යල්පැනගිය අවිද්‍යාත්මක අවිද්‍යානුකූල නොදියුණු නූගත් මෝඩයින්ගෙ වෙදකම් ගැන සිහි එළඹිලා දැන්වත්.
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63

    Thanks mcn, Rep +


    Thanks mcn (Kalin rep deelalu.)


    Rep + Thanks mcn.

    I have suffered a terrible headache some 30 years ago. I went to see "neelammahara weda haamuduruwo" and he gave me some KASAAYA , KALKA , etc etc. It (headache ) not gone down for another full day with medicine, so I decides to go and see our family doc (Dr Gamini Wijesekara) . He said this is migraine and gave me medicine, but at that time I felt that Sinhala medicine come in to effect. So , instead of going to a pharmacy to get doctor's medicine I went to beth kade and get few more doses of the same medicine and use them for another few days , never to have such sickness again.

    :yes::yes:

    ඉදිරියේ රාළ;20659863 said:
    ඇති යංතං නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමත්තු කියාගන්නා බත් කන මී ගොන්නුන්ට යල්පැනගිය අවිද්‍යාත්මක අවිද්‍යානුකූල නොදියුණු නූගත් මෝඩයින්ගෙ වෙදකම් ගැන සිහි එළඹිලා දැන්වත්.

    :yes::yes: