සිංහලයන්ට ගහලා පන්නපල්ලා (2)

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    සිංහලයන්ට ගහලා පන්නපල්ලා (2)

    බෞද්ධ විහාරවලට එරෙහිව යාපනයේ රැස්වීමක්

    උතුරේ සහ නැගෙනහිර බෞද්ධ විහාර ඉදිකිරීමට සහ සිංහල ජනතාව පදිංචි කිරිමට විරෝධය පළ කරමින් දෙමළ ජනතා සංසදය නම් සංවිධානයක් රැස්වීමක් සංවිධාන කර තිබෙනවා.

    උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී. වී විග්නේෂ්වරන්ගේ ප‍්‍රධානත්වයෙන් ලබන 24 වනදා යාපනය නගරයේදී මෙම රැස්වීම පැවැත්වීමට නියමිතයි.

    මීට අදාළව යාපනය නගරය පුරා අත්පති‍්‍රකාද බෙදාහැර තිබෙනවා. නාගදීපයේ ඉදිකෙරෙන බුද්ධ ප‍්‍රතිමාවට විරෝධය පළ කරන බවද එම අත්පති‍්‍රකාවේ විශේෂයෙන් සඳහන්.

    පුනරුත්ථාපනය කෙරුණු එල්. ටී. ටී. ඊ සාමාජිකයන්ට විෂ එන්නත් කර ඇතැයි කියන චෝදනාව සම්බන්ධයෙන්, අවතැන්වුවන්ගේ ගැටලු සහ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානයට ගැණෙන බවද බෙදාහැර ඇති අත්පති‍්‍රකාවල සඳහන් වනවා. දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රධානීන් බොහෝ දෙනෙකුද ඊට සහභාගිවීමට නියමිතයි.

    මීට පෙර එල්. ටී. ටී. ඊ සංවිධානය විසින් භාවිත කරන ලද පොංගු තමිල් යන යෙදුම වෙනුවට දෙමළ ජනතා සංසදය දැන් එලුක තමිල් යන යෙදුමද හඳුන්වා දී ඇතැයිද වාර්තා වනවා.

    පොංගු තමිල් යන්නෙහි සිංහල තේරුම දෙමළ ජනතාව ඉතිරේවා යන්නයි. දෙමළ ජනතාවනි නැගිටිව් යනු එලුහ තමිල් යන්නෙහි සිංහල තේරුම වනවා.


    Sinhala Translation;

    TPC-Leaflet-Translation-001-2.jpg



    TPC-Press-Relece-letter-Translation-01-2.jpg


    TPC-Leaflet-Translation-002-2.jpg


    TPC-Leaflet-Translation-003-2.jpg


    TPC-Press-Relece-letter-Translation-2-2.jpg
     
    • Like
    Reactions: somalal