නංගිගේ කඩෙන් අද පාන් වෙනුවට බත් .
චයාරුපය උපුටා ගන්න ලද එකකි.
දැන් උබල දන්නවා නේ . මම හැමදාම උදේට කන්න යන කඩේ ගැන. ඒකේ විස්තර දාන්නේ. එදිනෙද වෙන හැම සිද්ද්යම මම එළකිරියේ දානවා.
අද උදේ ඇහැරුනේ හොඳටම පරක්කු වෙලා. මොකද අද වැඩට යන්නේ නැති නිසා ඔහේ නිදා ගත්තා. යාලුවෙක් කෝල් කරනකොට තමයි ඇහැරුනේ. බැලින්නම් වෙලාව උදේ 9:45 . හොඳටම බඩගිනියි.
අදත් උදේ ගියා පාන් කන්න හිතාගෙන කඩේට. මොකද ඒකඩේ හදන පරිප්පු හොද්දට ගහන්න තව හොද්දක් ලොවෙත් නැහැ. ඒතරමට රසයි.
අවාසනාව කියන්නේ යනකොට කඩේ පාන් ඉවර වෙලා. මොකද නිවාඩු දවස නිසා සෙනග වැඩියි. අනෙක පරක්කු වෙලා ගිය නිසා.
යනකොට නංගියි අක්කයි දෙන්නම කඩේ ඉන්නවා. කඩේට ගොඩ වැදුන ගමන් නංගි අහනවා " අනේ අයියේ අද ඇයි පරක්කු උනේ. මම උදේ ඔයාට පාන් බාගයක් අරන් තියලා තිබ්බා. එත් දැන් ටිකකට කලින් අපේ අක්ක දන්නේ නැතුව එක වෙන කාටද විකුනලා." නංගි හරිම දුකෙන් වගේ කිවුවා. මම කිවුවා එකට කමක් නැහැ නංගි මම මොනවා හරි සෝටිස් කන්නම් කියලා.
නංගි කියනවා " එපා අයියේ විනාඩි දහයක් ඉන්න " කියල නංගි ගෙදරට දුවලා ගියා. ( මම දන්නේ නැහැ නංගිලාගේ ගෙවල් කොහෙද තියෙන්නේ කියලා - විනාඩි දහයක් ඇතුලත පැමිණෙන්නේ නම් ඇය ළඟක විය යුතුය .
කොහොම හරි පැය කලකට විතර පස්සේ නංගි ගෙදරින් බත් එකක් අරන් ආව පිගනකට දාල වහල. අයියේ මේ බත් එක කන්න. මේ අපි ගෙදර උයපුවා.
" අනේ නංගි ඇයි මෙහෙම කරදර වෙන්නේ. මම වෙන කොහෙන් හරි කනවනේ අදට විතරක්." " අනේ ඕක මොකක්ද අයියේ. මට දුකයි අයියා බඩගින්නේ ඉන්නවා දකිනකොට. ඇරත් මොකටද එක එක පිට කඩවලින් ජරාව කන්නේ. "
බත් එකනම් හරිම රසයි. බෝංචි උයල තෙම්පරාදු කරලා , මාළු මිරිස් උයලා , කොස් තම්බලා , කෙලවල්ලෝ මාළු කෑලි දෙකක් එක්ක තිබ්බා. බත් ඇටයක්වත් ඉතුරු නොවෙනකම් කෑවා.
පස්සේ කාල ප්ලේන්ටියකුත් බිලා සල්ලි ගෙවන්න හදනකොට නංගි කියනවා " අනේ අයියේ සල්ලි ඕනේ නැහැ. මන් සල්ලි බලාගෙන නොවෙයි අයියට කෑම එක දුන්නේ කියලා." පෙරැත්ත කලත් එයා සල්ලි ගත්තේ නැහැ.
ඒ එක්කම කවුද පොරක් කඩේට ඇවිල්ලා ප්ලේන්ටියක් ඉල්ලුවා. නංගි පෙල්න්ටිය හදන්න යන අතරේ හොරෙන් හෙමින් ලාච්චුව ඇරලා ගෝල්ඩ් ලිෆ් එකක් අරගෙන රුපියල් 40 ලාච්චුවට දාල මම යනවා නංගි කියාගෙන ගෙදර ආවා. මොකද නංගි සිගරට් බොනවට කැමති නැහැ.

Last edited: