පොඩි වැඩක් කලා බං...

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    පොඩි වැඩක් කලා බං...

    අද නිවාඩුවක් දාල ගෙදර හිටිය. පට්ට විදිහට පායන්නේ. ගේ ඇතුලෙ ඉන්නත් බැරි නිසා ටිකක් එළියට ආව අඹ ගහ යටට වත් වෙලා ඉන්න. ඒ වෙලාවෙ දැකපු දෙයක් නිසා ගොඩක් දුක හිතුන. ගෙදර ටැප් එක ලඟට පොල්කිච්චෙක් ඇවිල්ල බොන්න වතුර හොයනව. ගිහිල්ල ටැප් එක ටිකක් ඇරල වතුර ගලාගෙන යන්න ඉඩ ඇරල ඈතට වෙලා හිටිය. කුරුල්ලෝ කීප දෙනෙක්ම වතුර බොන්න ආව.

    මේ වගේ පායන දවස් වල කුරුල්ලෝ සිය දහස් ගානක් වතුර නැතුව මැරෙනවා බං... :(
    :(:(:( අපිට නම් තිබහක් හැදුනම කාගෙන් හරි ඉල්ල ගන්න පුළුවන්

    ටැප් එක වහල ගේ ඇතුලට ගිහින් දාගත්ත ඇඳුමක්, ගියා ටවුමේ හාඩ්වෙයාර් එකට. ගත්ත තාච්චි දෙකකුයි, දම්වැල් පැකට් එකකකුයි..

    b97yux.jpg


    2q0kso5.jpg


    1yvip5.jpg


    බවුත් එක අරගෙන වටේට හිල් 3 ගානෙ හැදුව

    2l6pnt.jpg


    දැම්ම දම්වැල් ටික. ඒ අස්සේ අම්ම ඇවිත් අහනව “මොකද්ද මේ තරාදියක්ද“ කියල. :lol:
    :lol::lol::lol:

    දැක්කද අපේ සරණ...

    2u89uli.jpg


    26402og.jpg


    කුරුල්ලන්ට බත් දෙන තැන ගහේ එල්ලා අම්මට කිව්ව වතුර දාන්න කියල...

    29lis1j.jpg


    11jrnkn.jpg


    sm7dqv.jpg


    v2r5o0.jpg


    වතුර පුරවනකොට කඩාගෙන වැටියන්කෝ බිමට.... :lol::lol::lol::lol:
    අම්මටයි මටයි වෙච්ච දේට හේඳටම හිනා... සරණත් ලඟට ඇවිල්ල බලන් උන්නේ... ඌ කොහේ ගියාද නෑ.... :lol::lol::lol:

    4h9y7c.jpg


    ආයෙ ගියා.... ගත්ත හොඳ හයිය දම් වැලක්...

    2q9b32t.jpg


    වැඩේ සාර්ථකයි...

    314qwyc.jpg


    ආයෙත් වතුර පිරෙව්වා...

    1zyeix0.jpg


    2dw6ikx.jpg


    කොහොමද... පීනන්න හිතෙනව නේ....

    5xq2io.jpg


    තවත් එකක් හදල වෙන ගහක එල්ලුවා...

    x1kltx.jpg


    o6l8g2.jpg


    2mw8qs.jpg


    10y45f7.jpg


    හැමදාම හවසට වතුර හලනවා... උදේට අළුතින් පුරවනවා... එතකොට මදුරු ඇන්ටිලාට බිත්තර දාන්න වෙන්නෙත් නැති නිසා ඩෙංගු වලට බය වෙන්න දෙයක් නෑ....

    අනේ උඹලටත් පුළුවන් නම් මේ වගේ දෙයක් කරපන්. ජාති ජාතිත් උඹලට වතුරෙන් අඩුවක් වෙන්න නෑ බං...
    නමෝ බුද්ධාය....
     

    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    436
    105
    43
    ඔබට බොහෝම පින් ලැබෙන සත් ක්‍රියාවක්. මාර ලස්සන පරිසරයක්.
     
    • Like
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala

    ඔබට බොහෝම පින් ලැබෙන සත් ක්‍රියාවක්. මාර ලස්සන පරිසරයක්.


    me kale watura adui matak karapu eka hodayi,heta ekak thiyanne ona kurullonta bath thiyana thanin

    pin weda..
    :):):)

    pin sidu wewa ++


    තෑන්ක්ස් මචංස් ලා...
     
    • Like
    Reactions: other guy

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,741
    28,095
    113
    එල එල මචෝ,අපේ ගෙදරනම් කෑම ලෑල්ලකුත් තියේ...:)
    අලි කෑදැත්තො 2කුත් එනවා හිටි ගමන්,උන්ට වතුරනම් බොන්ඩ බැරි කේස් එකක් අහලා තියේ :(
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එල එල මචෝ,අපේ ගෙදරනම් කෑම ලෑල්ලකුත් තියේ...:)
    අලි කෑදැත්තො 2කුත් එනවා හිටි ගමන්,උන්ට වතුරනම් බොන්ඩ බැරි කේස් එකක් අහලා තියේ :(

    ඔව් උන්ට බොන්න පුළුවන් උඩින් වැක්කෙරෙන වතුරක් විතරලු බං. :(
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,779
    1
    42,937
    113
    කොහොමද බං බවුත් එකෙන් තාච්චිය හිල් කෙරුවෙ..
    රෙප් +
     
    • Like
    Reactions: nrjayasinghe

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    එල එල
    හැබැයි වෙලාවට වතුර අස් කරපන් නැත්තම් දඩ ගහනවා :baffled:

    :sorry:සිරාවට යකෝ.දවස් 2 ක් යද්දි කිටයෝ ඉන්නවා.අල්ලපු ගෙදර එකා දැනගත්තොත් විනාසයි.:rofl::rofl: අපි නම් බේසමකට වතුර පුරවල තියල තියෙන්නේ..උන් හැබැයි නාල කාල රීල ඔක්කොම කරලා යන්නේ උඩ ගන්න දෙයක් නෑ :lol::lol::lol: