ජපානේ අවුරුද්දකට භූමිකම්පා 1,500ක් විතර එනවා.1995 කෝබි භූමිකම්පාවේ මිනිස්සු 6,000කට වඩා නැති උනා. 1923 තිබ්බ භූමිකම්පාවකින් මිනිස්සු 140,000 නැති උනා.
ජපානේ තමයි ලෝකෙ දෙවෙනි දිගම ජීවිත තියන රට. පලවෙනි එක මොනකෝ. දැනට ලෝකෙ ඉන්න වයසම එක්කෙනා ජපානෙන්. මිසාඕ ඔකවාගේ වයස අවුරුදු 116ක්. ජපානේ අවුරුදු 100ට වඩා වයස මිනිස්සු 50,000ක් ඉන්නවා.
ටෝකියෝ වල ට්සුකිජි මාකට් එක ලෝකේ ලොකුම මාලු මාකට් එක. මේ මාකට් එකේ මිනිස්සු 65,000ක් වැඩ කරනවා. අවුරුද්දකට මාලු කිලෝ 700,000,000ක් විකුනනවා. ඒ කියන්නේ ලංකාවේ ජනතාව බාගයක වගේ බරක්.
ටෝකියෝ නගරේ ජනතාව මිලියන් 13. ලංකාවේ ජනතාව මිලියන් 20ක් විතර. ඒ කියන්නේ අපේ ලංකිකයෝ බාගයක්ම ටෝකියෝ වල දාන්න පුලුවන්.
ගොඩනැගිලි කම්පැනි එක, කොංගෝ ගුමි, 578 වෙනි අවුරුද්දේ පටන් ගත්තේ. මේ කම්පැනි එක අවුරුදු 1,400කට වඩා වැඩ කරලා, 2006 වැහුවා.
හතරස් කොමඩු ගෙඩි තියෙනවා , මේ කොමඩු ගෙඩි හදන්න ලේසිලු. ගෙඩිය හැදෙන කොට වීදුරු පෙට්ටියක් වටේ දානවා. ගෙඩිය ලොකු උනාම හතරස් වෙනවා. දැන් ජපානේ මේවා ලෝකෙටම යවනවා.
ජපානේ දෙබරාට පැයට කිලෝමීටර් හතළිහක් යන්න පුලුවන්. දවසට ඒ ගොල්ලො කිලෝමීටර් සීයක් විතර පියාඹනවා. මේ දෙබරාට ලේසියෙන් තරහා යනවා. විද්දොත් ඉස්පිරිතාලේ නවත්තන්න ඕනි.මේ විශාල දෙබරු සෙන්ටිමීටර් හයක් විතර පිහාටු එක්ක පළළයි.
ජපානේ හිටිය ලොකුම සූමෝ කිලෝ දෙසීය අසූවක් බරයි. සාමාන්‍ය අලි බබෙක් කිලෝ අනූවක් විතර වෙනවා. පොඩි කාලේ ඉඳළා සූමෝල ඒ කලාව ඉගන ගන්නවා. ජපානේ සූමෝලට ගොඩක් සලකනවා. හැබැයි ඒ ගොල්ලො ජීවත් වෙන විදිහ හින්ද ගොඩක් සූමෝලා අවුරුදු හතලිහ පැන්නම ලෙඩ වෙනවා.
ජපානේ ප්‍රශ්ණ දෙකක් තියනවා. මිනිස්සු හැම තිස්සෙම වැඩ කරනවා. අනිත් එක, නගර වල ඉඩ මදී. ඒ හින්ද මේ වගේ ‘කැප්සූල් හෝටල්’ තියනවා. නිදා ගන්න අවශ්‍ය වෙලාවට පොඩි ගානක් ගෙවලා, මේ චූටි පෙට්ටියේ නිදා ගන්න පුලුවන්.
ජපානේ අංක හතර පාවිච්චි කරන්න කැමතිම නැ. ඒ රටේ හතර හොඳ නැති අංකයක් කියලා විශ්වාස කරනවා. තෑගි දෙනකොට කවදාවත් හතරක් දෙන්නෙ නැ. ගොඩනැගිලි වල හතර වෙනි තට්ටු ගොඩක් වෙලාවට නෑ. ඉස්පිරිතාල වලත් වාට්ටු වලට හතර පාවිච්චි කරන්නෙ නෑ.
Only in Japan