හංස විලක් (1980) සිංහල ෆිල්ම් Hansa Vilak Sinhala Film 1980

asksajee

Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    හංස විලක් (1980) සිංහල ෆිල්ම් Hansa Vilak Sinhala Film 1980

    හංස විලක් (1980)

    Awards
    * Sarasaviya Awards Best Screen Play 1980
    * Presidential Awards Best Actress 1980 (Swarna Mallawarachchi)
    * Presidential Awards Certificates of Special Merits for acting 1980
    * Presidential Awards Best Cinematographer 1980
    * Presidential Awards Best Sound Director 1980
    * Presidential Awards Merit Awards 1980


    Director: Dharmasiri Bandaranayake
    Cast: Dharmasiri Bandaranayake, Swarna Mallawarachchi, Henry Jayasena, Vasanthi Chathurani, J.H.Jayawardhana


    MV5BNTg1NTFmMmYtZGE2My00YjAxLTlhNzEtZjM2YWY1YjgyMDMwXkEyXkFqcGdeQXVyNjYzNDQzODk@._V1_SY1000_CR0,0,1444,1000_AL_.jpg


    Hansa_Vilak_1980_720p_DVDRip_H264_AAC_Ak47_mp4.jpg


    "හෙමින් සැරේ පියාවිදා" සිංදුව


    මෙන්න ලින්ක එක
    https://openload.co/f/nPpBHoyHmBA/Ka...5.AAC-Ak47.mp4

    මචෝ හතරවටේ ලින්ක් එක share කරන්න එපා. එලකිරියෙන් පිට දෙනවනම් usb එකකින් share කරගනින්.

    මචං Download කරළා තියාගත්තට කමක් නෑ බං හෝල් වලට ගිහින් සිංහල ෆිල්ම් බලපං නැත්තං හොද ෆිල්ම් හැදෙන් නැතුවම නැතිවෙලා යයි. මම නම් මචං වේදිකා නාට්‍ය සිංහල ෆිල්ම් හෝල්වලට ගිහින් බලනවා බං ඒවලට තියෙන ආසාව නිසායි සල්ලි දීලා අරන් ලග තියාගන්නේ.

    [හංස විලක් ෆිල්ම් එක ගැන දීප්ති සිදුකළ කියවීමක් හා ඒ ගැන පළවුන විස්තරයක් දැම්මා ඒකත් කියවලා බලන්න. හැමදාම අපිකරන්නේ ෆිල්ම් බලන ඒක ඒත් ඒවා කියවන්න පුලුවන්...... අලුතින් යමක් එකතුවේවි ජීවිතයට]
     

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    හංස විලක් නැවත කියවීම – Reminiscence

    Reminiscence is the act of recollecting past experiences or events. An example of the typical use of the reminiscence is when a person shares his personal stories with others or allows other people to live vicariously through stories of family, friends, and acquaintances while gaining an authentic meaningful relationship with a person.

    ධර්මසිරි බණ්ඩාරනායක විසින් 1980 වර්ෂයේ අධ්‍යක්ෂණය කළ ‘හංස විලක්’ චිත‍්‍රපටයේ කතා සාරාංශය වන්නේ නිශ්ශංක විජේසිංහ නම් තරුණයාගේ විවාහය බිඳ වැටීමේ ඛේදවාචකයයි.

    දළ වශයෙන් දශක තුනක පමණ කාලය පුරා මෙම චිත‍්‍රපටය අර්ථකථනය කිරීමේ ජාලයක මම පැටලී සිටියෙමි. අද දවස වන විට මම චිත‍්‍රපටය යනු යථාර්ථය නිරූපණය කරන්නක් යැයි යන ප‍්‍රවාදයට අභියෝග කරන්නෙමි. අද දවසේ ඒ සඳහා ගත හැකි හොඳම නිදර්ශනය ‘හංස විලක්’ බව මගේ හැඟීමයි.

    චිත‍්‍රපටයක් යනු යථාර්ථයට වඩා අපගේ අභ්‍යන්තරික හැඟීම්, ආශාවන් ප‍්‍රකාශයට පත් කරන මාධ්‍යයක් යැයි මම විශ්වාස කරමි. උදාහරණයක් ලෙස බොහෝ ස්ත‍්‍රීන් පිරිමින්ගේ ආශාවන් ගැන ඔවුන්ටත් වඩා හොඳින් දනියි.

    ‘හංස විලක්’ යනු විවාහයෙන් පිටත විකල්ප ලිංගික සම්බන්ධකම් ගැන පසුගිය දශක තුන තුළ බිහි වූ විශිෂ්ටම චිත‍්‍රපටයයි. ඒ සඳහා වූ හේතු පාඨයන් පහත මම යෝජනා කරමි. මතුපිට පහුරු ගාන කෙනෙකුට අනුව ‘හංස විලක්’ ප‍්‍රථම ආවේගය යනු සාම්ප‍්‍රදායික විවාහයේ නීරසභාවය සහ පරාරෝපණය ජය ගන්නා කතාන්දරයකි. එය ‘හංස විලක්’ චිත‍්‍රපටයේ 80 දශකයේ සාරයයි. නමුත් 90 දශකය වන විට එය විවාහ ජීවිතයෙන් එපිට ලිංගික ජීවිතයේ සාරය පවතින බවට වූ ආත්ම ප‍්‍රකාශනයකි. 90 දශකයේ ‘හංස විලක්’ යනු පරාර්ථක සාරයකි. එය මඟින් නිරූපණය වූයේ හැඟවුම්කාරකය ඉක්මවා ගිය කල්පිත අපරිමිත විනෝදයයි.

    නමුත් 21 වන සියවසේ දෙවැනි දශකයේ ජීවත් වන අපට ධනවාදය එහි වඩාත්ම පරිණත ස්වරූපයෙන් හමු වී ඇත. මේ වන විට විවාහයෙන් පිටත විකල්ප ලිංගික සම්බන්ධකම් විකාරයක් වන තරමට පැතිර ගොස් ඇති අතර ඒ නිසාම ඒවා නිරාශාවක් බවට පරිවර්තනය වී ඇත.

    අද යුගයේ ‘හංස විලක්’ යනු යථාර්ථයට වඩා අපගේ අවිඥානික ලිංගික ආශාවන්වල සාක්ෂරතාව කියා දෙන්නකි. විවාහයෙන් පිටත ලිංගික තෘප්තිය මේ අප ජීවත් වන අන්තර්ජාලය අධිනිශ්චය වූ යුගයක දී යථාර්ථයෙන් ආත්මීයත්වය තුළට මාරු වී ඇත. අද ස්වාභාවික ලිංගිකත්වය යන්න කොන්සර්වේටිව් අදහසකි. මෙම නව සන්දර්භය තුළ ‘හංස විලක්’ යනු විවාහයේ ලිංගික තෘප්තිය නොව විවාහයෙන් පිටත ලබන ලිංගික තෘප්තිය යල් පැන ගිය අදහසක් බවට සාධනය කරයි. ඒ අර්ථයෙන් ගත් විට ‘හංස විලක්’ ලිංගික දෘෂ්ටිවාදයේ රැුඩිකල්ම ස්වරූපය වන ‘අනියම් තෘප්තිය’ මනස්ගාතයක් බව පෙන්වා දෙයි. එය විචාරය කරන්නේ ‘විවාහය’ නොව විකල්ප සම්බන්ධතාය. දශක තුනකට පසු ‘හංස විලක්’ විවාහයේ මධ්‍යය තුළ හොල්මන් කළ බාහිර තෘප්තිය විසංයෝජනය කර ඇත. යමක හරය තුළ ඇති එහි ප‍්‍රතිවිරුද්ධ පැත්ත විචාරය කිරීම අපෝහකවාදයේ ප‍්‍රකටම ලක්ෂණය බව ලෙනින් පෙන්වා දෙයි.
    දීප්ති කුමාර ගුණරත්න

     
    Last edited:

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    ගීත සාහිත්‍යයට චිත්‍රපට ගීතයෙන් ලැබුණ ආලෝකය ගැන විමසීමක් කරන විට අමතක කළ නොහැකි ගීත දෙකක් සිංහල චිත්‍රපට ඉතිහාසයෙන් හමුවේ...

    ධර්මසිරි බණ්ඩාරනායකගේ "හංස විලක්" චිත්‍රපටයේ ඇතුළත්ව තිබූ, ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සංගීතවත් කළ නන්දා මාලනී ගැයූ " සඳුන් සිහින මණ්ඩපයේ" ගීතය සහ ටී.එම්.ජයරත්න සමග සුනිලා අබේසේකර ගැයූ "හෙමින් සැරේ පියා විදා" යන සදාතනික මතකයේ රැ‍ඳෙමින් සුවඳ විහිද වූ ඒ ගීත යුගලයයි.

    1980.10.24 දින තිරගත වූ ධර්මසිරි බණ්ඩාරනායකගේ "හංස විලක්" චිත්‍රපටයේ කතා පුවත තහනම් ආදරයක් පසුපස හඹාගිය විවවාහක තරුණ සැමියෙකු සහ ඒ තහනම් ආදරයේ වල්මත් වූ විවාහක තරුණ බිරිඳක අතර හටගත් අනියම් සම්බන්ධතාවයක් වටා ගොඩ නැගී තිබුණි. ඒ සඳහා මේ ගීත දෙකම නිර්මාණය වී තිබේ.

    ප්‍රධාන චරිත හතරක් වටා ගොඩනැගුණු හංස විලක් චිත්‍රපටයෙහි චරිත අතර ප්‍රධාන චරිත දෙකෙහි අභ්‍යන්තර සිතුවිලි චලනය වන අයුරු පෙන්විමට මේ ගීත දෙක යොදා ගෙන තිබේ.

    ධර්මසිරි බණ්ඩාරනායක - නිශ්ශංක වීරසිංහ ලෙසද,
    ස්වර්ණා මල්ලවාරච්චි - මිරැන්ඩා රණවීර ලෙසද,
    හෙන්රි ජයසේන - ඩග්ලස් ( මිරැන්ඩාගේ ස්වාමි පුරුෂයා) ලෙසද,
    වසන්ති චතුරාණි - නිශ්ශංකගේ බිරිඳ ලෙසද , මෙහි චරිත නිරූපණය කරනු ලැබීය. නිශ්ශංක සහ ඔහුගේ බිරිඳට දරුවන් දෙදෙනෙකි. මිරැන්ඩා සහ ඩග්ලස් යුවලට එක් දරුවෙකි. එසේ වුවද අසම්මතයේ හට ගන්නා මේ පෙම් පුවත එකී ප්‍රධාන චරිත හතර තුළ වූ පවුල් අරගලය දෝලනය කිරිමටත් මේ ගිත දෙකම සමත් විය. මිරැන්ඩාගේ හිතේ නලියන නැවුම් ‍ප්‍රේමය සහ එහි වික්ෂිප්ත භාවයත් මුදා හරින්නේ නන්දා මාලනී ගැයූ " සඳුන් සිහින මණ්ඩපයේ" ගීතයෙනි.

    සඳුන් සිහින මණ්ඩපයේ
    ප්‍රාර්ථනා පියාසලයි
    ප්‍රාර්ථනා පියාසලයි

    නිවි නිවි දැල්වෙන
    රිදී පහන් එළි
    අඳුර සමග ගැවසේ
    එළිය කෙමෙන් මියැදේ
    එළිය කෙමෙන් මියැදේ

    හංස නෙතක රැඳී
    කඳුළක් ගිලිහී
    හංස විලම කැළතේ
    හංස විලම කැළතේ

    ගැයුම: නන්දා මාලනී
    සංගිතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

    මේ ගිතයේ ගී පද රචකයා මගේ මතකයෙන් බැහැරව ඇතත්. ගීතය ලියන්නට ඇත්තේ ඩබ්ලිව්. ජයසිරි යැයි සිතිය හැකිය. මේ සඳහා නිශ්චිත නිවැරදි තොරතුරක් ඔබ දන්නේ නම් ඒ විස්තරයද ලබා දුන්නොත් මෙහි සටහන් කල හැකිය.

    ඒ කෙසේ නමුදු මේ ගීතය ඉතාමත් කෙටි වචන කිපයකින් යුක්ත වුවද එය සිනමා කෘතිය පුරාම විශාල අරුතක් ජනිත කරවයි. මිරැන්ඩාගේ අනියම් සම්බන්ධතාවය විග්‍රහ කිරීමටත් ඇගේ චංචල සිතුවිලි ප්‍රකාශ කිරිමටත් "නිවි නිවි දැල්වෙන රිදී පහන් එළි අඳුර සමග ගැවසේ" යන්න යොදා ඇත. එය වඩාත් කුළු ගැන්වෙන්නේ නන්දා මාලනියගේමධුරතර ගායනයෙනි.

    එහෙත්, හංස විලක් චිත්‍රපටයේ තේමා ගීය ලෙස සලකන්නේ ටී.එම්.ජයරත්න සමග සුනිලා අබේසේකර ගැයූ "හෙමින් සරේ පියා විදා" ගීතයයි. අසම්මත තරුණ විවාහක පෙම් යුවල පෙමින් වෙලි අනියමින් යහන්ගත වු අවස්ථාවක ඒ හෝටල් කාමරයට කඩා පනින පොලිස් නිලධාරීන් හේතුවෙන් ඔවුන් දෙදෙනාට මුහුණ දිමට සිදුවන සිද්ධි දාමයක සිතුවිලි වල චංචල මනෝ භාවයන් සිනමා කෘතිය පුරා දිග හැරේ. ඔවුන් දෙදෙනා යහන් ගතවීමේදී පසුබිමින් ඇසෙන්නේ මේ ගීතයයි. මේ ගීය සියළු අතින් අර්ථ පූර්ණ වූත්, භාව පූර්ණ වූත්, ගීයක් ලෙස හැඳින්වීම නිවැරදිය.

    ධර්මසිරි බණ්ඩාරනායක

    ධර්මසිරි බණ්ඩාරනායකගේ පළමු සිනමා කෘතිය මෙයයි. වේදිකා නාට්‍යකරුවකුව සිටියදී ඔහු සිනමාවට පිවිසෙන්නේ මේ චිත්‍රපටය තුළිනි. ඒ නිසා මෙම චිත්‍රපටය විචාරක ඇසට හසු වූයේ මෙහි එන කතා පුවතටත් වඩාධර්මසිරි බණ්ඩාරනායක වාමාංශික දේශපාලනයේ දැඩි මතධාරියෙකුගේ සිනමා දෘෂ්ඨිය ආන්දෝලනයක් වූ බැවිනි. “ඒකා අධිපති” වේදිකා නාට්‍ය වැනි වේදිකා නාට්‍යක තිබු දේශපාලන දර්ශනයට බාහිරව මේ ආකාරයේ අසම්මත ලිංගික ඇසුරක් පිළිබඳව වූ සිනමා කෘතියක් ඔහුගේ දෘෂ්ඨියෙන් නිර්මාණය වනු ඇතැයි එවකට කිසිම චිත්‍රපට විචාරකයෙකු අපේක්ෂා නො කළේය.

    හංස විලක් චිත්‍රපටය මගින් සිනමාවට පිවිසීම සඳහා ඔහු අනුගමනය කළේ අසූව දශකයආරම්භ වන විට යුරෝපය පුරා කළු සුදු වර්ණයෙන් යුතු චිත්‍රපටවල නැග එමින් තිබූ " පරපීඩක කාමයයි" විශේෂයෙන්මජර්මනිය. චෙකොස්ලෝවැකියාව, පෝලන්තය වැනි රටවල සිනමාකරුවන් විසින් අනුගමනය කළ එකී දැඩි සිනමා රීතිය හංස විලක් සිනමා කෘතිය සඳහා ධර්මසිරි බණ්ඩාරනායක අනුගමනය කර තිබුණි. එවකට මේ චිත්‍රපටය පිළිබඳව විචාරකයන්ගේ මතය වූයේ පෝලන්ත සිනමාව සහ පෝලන්ත සිනමා කරුවන් ගොඩනැගූ මේ "පරපීඩක කාම" සිනමා දෘෂ්ඨිය ධර්මසිරි බණ්ඩාරනායක විසින් සෘජුවම අනුගමනය කර ඇති බවයි. එය ඔහු අනුගමනය කරන දේශපාලන දෘෂ්ඨිය සහ සිනමා දෘෂ්ඨිය අතර හටගත් සිනමා රූපි මත ගැටුමක් බවයි.

    ධර්මසේන පතිරාජගේ ගීත රචනය

    හංස විලක් චිත්‍රපටය ධර්මසිරි බණ්ඩාරනායකගේ පළමු චිත්‍රපටයලෙස ඉතිහාස ගත වනවා සේ ම ඒ වන විටත් සිංහල සිනමාවේ දැවන්තයෙකුව සිටි ධර්මසේන පතිරාජ සිනමාවෙන් ඔබ්බට ගොස් හංස විලක් සිනමා කෘතියේ තේමා ගිතයේ ගීත රචකයා ලෙස "හෙමින් සැරේ පියා විදා" ගීතය රචනා කරමින් ගීත ක්ෂේත්‍රයටද පිවිසෙයි. එදා මෙදා තුර ඔහු විසින් විරචිත භාව පූර්ණ ගීතයද මෙයයි.

    චිත්‍රපට ගීතයත්, ගුවන් විදුලි සරල ගීතයත් අතර වෙනස ‍කුමක්ද යන්න තේරුම් ගැනිමට "හෙමින් සරේ පියා විදා" ගීතය කදිම නිදසුනකි. සිනමා කෘතියේ රූප රාමු සමග මැනැවින් බද්ධ වන ආකාරයට මේ ගීය නිර්මාණය වී ඇත. එය ගේය පද රචකයාගේ සුවිශේෂ දක්ෂතාවයයි.

    හංස විලක් චිත්‍රපටය තිරගත කිරීමේදී "වැඩිහිටියන්ට පමණයි" ලේබලය යටතේ ප්‍රදර්ශනය විමට වැඩි ඉඩකඩක් තිබුණද ඔහුට ලැබෙන පළමු අවස්ථාවේදීම ඒ සීමාව ඉක්මවා නො යාම සිනමාව භාවිතය පිළිබඳව ඔහු තුළ තිබූ පරිණත භාවය පිළිබඟඳ කදිම නිදසුනකි. ඊළඟට චිත්‍රපටයේ කැමරා කරුවාගේ නිර්මාණාත්මක ඇස තුළ සිය කැමරා කරණයද සීමාව ඉක්මවා නො යන සේ සිය සීමාව තුළ රැඳී සිටිමින් රූප රචනය කරයි.

    සංගීතයේ කේමදාස විස්මය

    චිත්‍රපටයේ සංගීත නිර්මාණය කළේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් විසිනි. ඔහු චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ සහ කැමරාකරුවාගේ භූමිකාව මැනවින් තේරුම් ගෙන සිය සංගීතමය පරිකල්පනය සහ විඥාණය මෙහෙයවමින් චිත්‍රපට අධ්‍යක්ෂවරයාට කියා ගත නො හැකි වූ තැනත්, කැමරාකරුවාට ප්‍රකාශ කිරිමට නො හැකි වූ තැනත් මැනැවින් හඳුනා ගෙන ඒ සියළු අසම්මත බැමි චිත්‍රපට සංගීතයෙන් සහ තේමා ගී ගායනයෙන් පුපුරවා හරී. ප්‍රේමයෙන් හට ගන්නා රාගයද, හුදකලා චරිත අභ්‍යන්තරයක හටගත් සිතුවිලි සමුදායක් සමග සිරියහනේ පහස පැතූ අසම්මත පෙම් යුවල සිරියහනේ හමුවන අවස්ථාවේ ධර්මසිරි බණ්ඩාරනායකටත්, කැමරාකරුවාටත් ප්‍රකාශ කිරිමට නො හැකි වූ සිනමා කවිය ඉතා සංයමයෙන් "හෙමින් සරේ පියා විදා" ගීයෙන් මුදා හරී.

    ඒ අනුව 80 දශකයේ ලාංකික සිනමාවේ විශාල පිබිදීමක් ඇති කිරිමට දායක වූ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ සිනමා සංගිතයේ මඟ සළකුණක් ලෙස ද මේ ගීතය දැක්විය හැකි අතරම සරල ගීතය සහ චිත්‍රපට ගිතයක තිබිය යුතු අන්‍යෝන්‍යතා ලක්ෂණ ඉතා මැනැවින් වටහාගත් ගීයක් ලෙසද මෙය හැඳින්විය හැකිය.

    සුනිලා අබේසේකර

    ටී.එම්.ජයරත්න මෙරට අති විශිෂ්ඨ ගායන ශිල්පියෙකු ලෙස සියළු දෙනා දන්නා වුවද, සුනිලා අබේසේකර ගායන ශිල්පිණිය පිළිබඳව කිසිවකු නො දනී. සුනිලා සංගීතයට පිවිසෙන්නේ 70 දශකයේ කේමදාසයන්ගේ ගායන වෘන්දයේ ගායිකාවක ලෙස කටයුතු කරමිනි. එකල ඇය ගායිකාවක සේ ම රංගන ශිල්පිණියක වශයෙන් වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කළා ය. ඒ අතරම ඇය පෙර අපර දෙදිග භාෂාවෙන් කටයුතු කළ නිවේදිකාවක ද විය. සුනිලා එකළ වාමාංශික දේශපාලනයේ අරටුවකි. කේමදාසයන්ගේ ගී තනු සහ සංගිතයෙන් පිටත ඇය ගීත නො ගැයුවා ය. ඇය එකම එක ගීත ඇල්බමයක් එළිදැක් වූවා මට මතක ය.

    ඒ කෙසේ වුවද, සුනිලා අබේසේකර අද මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ ආන්දෝලනාත්මක චරිතයකි. ඇය මෙරට ක්‍රියාකාරී සිවිල් දේශපාලනයේ නියැලෙන තැනිත්තියකි. අද දවසේ ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන ගනනාවක ක්‍රියාකාරිනියක් ලෙස කටයුතු කරන අතරම, ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන්ද පෙනී සිටී. මෑතකදී එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ජිනීවා හිදී ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කරගත් ජාත්‍යන්තර මානව හිමිකම් පිළිබඳ සම්මුතිය තුළද ඇයගේ කිසියම් කාර්ය භාරයක් තිබූ බව දෙස් විදෙස් ජනමාධ්‍ය තුළින් වාර්තා විය. මානව හිමිකම් කවුන්සලයේ ශ්‍රී ලංකාව පරාජය කරවිම පසුපස ඇයද සිටි බව මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි. එසේ වුවද ඇය එවකට මෙරට සිටි විශිෂ්ඨතම කුසලතාවයකින් හෙබි ගායිකාවකි.

    හෙමින් සැරේ පියා විදා
    සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
    පළා ඇවිත් සිතුම් සියොතුන්
    සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්

    මලක් නම් එය මලක් වුව මැන
    සිඟිති සුකොමල රුවෙන් සරසන
    විලක් නම් එය විලක් වුව මැන
    නීල ඉඳුවර දියෙන් උපදින

    නැවුම් වත්සුණු රොනින් මත් වී
    සිහින නිම්නය සුපුෂ්පිත වෙයි
    සිහින් හඬකින් මහද අමතයි
    මුදා හැරදා පවුරු සිරි යහනේ

    ගේය පද රචනය: ධර්මසේන පතිරාජ
    සංගිතය: ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
    ගැයුම: ටී.එම්.ජයරත්න සමග සුනිලා අබේසේකර

    ගීතයේ වචන අභිබවා ගිය ව්‍යංගාර්ථය

    “හෙමින් සැරේ පියා විදා
    සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
    පළා ඇවිත් සිතුම් සියොතුන්”

    මේ ගීයේ ඉහත දැක් වූ කොටස තහනම් ආදරයේ සුහුඹුල්ව ලියලා වැඩුණු ආදර සුවඳ රැගෙන විවාහක පෙම් යුවල සයනයේ හමුවන අවස්ථාව වචනයේ සිමාවෙන් ඔබ්බට ගොස් සංගීතමය අදහස් ප්‍රකාශනයකට සැරසෙන ආකාරය කදිමය . ඒ ව්‍යංගාර්ථය තුළ සෘජු ප්‍රකාශනයක් නොවී “සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්” යැයි කියන්නේ ඒ නිසාය.

    අපට ඇසෙන ගුවන් විදුලි සරල ගීයක පද මාලාවක තිබෙන අර්ථ රසය සහ කාව්‍ය රසය මෙන් ම සාහිත්‍යමය රසය සොයා බැලිමට සිත ‍පොළඹ වනු ලැබුවද චිත්‍රපට ගීයක් ඇසුරෙහි එසේ රස විඳීමේ කැමැත්තක් සඳහා සිත යොමු නොවේ. ඒ මන්ද කිවහොත්, එහි රූප රාමු අපේ මනසේ තැන්පත්ව තිබෙන බැවිනි. චිත්‍රපටයේ රූප රාමුවට බද්ධ වන කතා පුවත සහ අධ්‍යක්ෂවරයා විසින් සිය සිනමා කෘතියෙන් හඳුන්වා දෙන අත්දැකීම නැවත වෙනත් මානයක් ඔස්සේ ප්‍රති නිර්මාණය කර රස විඳින්නට එහි අවකාශයක් නැත. ඒ අනුව අධ්‍යක්ෂවරයා විසින් ඉදිරිපත් කරන රූප රාමුව ප්‍රබල ලෙස මතු කිරීමට චිත්‍රපට ගීතය කොතරම් දුරට ඉවහල් වේද යන්න මත චිත්‍රපට ගීයේ සාර්ථකත්වය රඳා පවතී.

    මලක් නම් එය මලක් වුව මැන
    සිඟිති සුකොමල රුවින් සරසන
    විලක් නම් එය විලක් වුව මැන
    නීල ඉඳුවර දියෙන් උපදින

    මේ වචන පේලි කිහිපය ගීයෙන් ඉවත් කර එහි සංගිතයද අමතක කර බැලූ විට ඒ තරම් පැහැදිළි ව්‍යක්ත අරුතක් ඒ තුළින් ජනිත නොවේ. එසේ වුවද ගීතයේ රූප රාමු සහ එයින් ගම්‍ය වන ව්‍යංගාර්ථය තුළ බමරෙක් මලක රොන්සුණු උරාගන්නා සේ ස්ත්‍රී ශරීරය පිරිමි ඇසකට රසඳුනක් වන අයුරු ව්‍යංගයෙන් කියයි. සිනමාවේදී මෙන්ම ගීතයේ දීත් ව්‍යංගාර්ථය අවශ්‍ය වන්නේ මෙවන් මොහොතක දීය. එහෙත් ගීයේ අවසන් කොටසින් මතු වන “සිහින නිම්නය සුපුෂ්පිත වෙයි” යන්න සිහින නිම්නයක් කෙසේ සුපුෂ්පිත වන්නේද යන්න කේමදාසයන් විසින් සිය සංගිතයෙන්ම විග්‍රහ කරයි.

    නිම්නයක් යනු කඳු දෙකක් අතර වූ තැනිතලාවකි. එවැනි තැනිතලාවක් සුපුෂ්පිත වීමට නම් එහි මලක් විය යුතුමය. නැවුම් වත්සුණු රොනින් මත්වූ බමරා ඒ මල සිය ග්‍රහණයට නතු කරගන්නේ ඒ ප්‍රේමයත් රාගයත් අතර වල්මත් වීමත් සිදුවන්නේ මේ සිහින නිම්නයේ දීම ය.

    සිහින් හඬකින් මහද අමතයි
    මුදා හැරදා පවුරු සිරි යහනේ

    සිරියහනක පවුරක් තිබිය හැක්කේද යන්න ඊළගට මතු වන ගැටළුවයි. ගීතයේ ආත්මය සහ එහි භාවාත්මය රැඳී ඇත්තේ එකී පද පේලි දෙක තුළය. සිරියහනට පවුරක් තිබිය නොහැක. එසේ නම් සිරි යහන තුළ තිබූ පවුර කුමක්ද යන්න රිසි සේ ප්‍රේක්ෂකයාට නිර්මාණය කර විඳ ගැනිමට අවශය ඉඩකඩ සංගිතයෙන් හා ගායනයෙන් මතු කර දෙයි. සියළු බැමි පුපරවා හටගන්නා අසම්මත ප්‍රේමය තුළ රූප රාමු බද්ධවීමේ ප්‍රමාණය සහ අවස්ථා නිරූපණය ගීතයට පිටිවහලක් වන්නේ ඒ නිසා ය.

    සිනමා කෘතියක චරිත වල ඇති අධ්‍යාත්මය පිටතට ගෙන පෙන්විය හැකි එකම තැනැත්තා සංගිතඥයා බවත්, ඔහු අධ්‍යක්ෂකවරයාගේ මනෝ භාවයන්ද විනිවිද දකින්නෙකු බවට පත් වන්නේත් ඒ නිසාය. ඒ අනුව ධර්මසිරි බණ්ඩාරනායකගේ සිතුවිලි මෙහිදී කේමදාස විසින් සංගීතයට නගා ඇති අයුරු කදිමය.

    සිනමාවේ සදාතනික ගී සිත්තම

    ගීතයේ පදමාලාව තුළ ඇති ව්‍යාංගාර්ථයත්, සංගීත ස්වර රචනයේ ඇති වර්ණවත් භාවයත් ආරක්ෂා කරගෙන සිනමා කෘතියෙන් සහ පසුබිම් ගීතයෙන් ඉදිරිපත් වන අදහසත් රැකගෙන එයින් අන් අදහසක් ඉස්මතු විමට ඇති ඉඩ මෙහිදී කේමදාසගේ සංගිතයෙන් වලකා ඇත. අධ්‍යක්ෂවරයා තම සීමාවේ රඳවා‍ ගත් අදහස එකී චරිතවල ඇති අධ්‍යාත්ම තුළට රිංගා ඒ මනෝ භාවයන් ප්‍රකාශ කළ හැකි එකම තැනැත්තා සංගිතඥයා බවට පත්වී ඇත.

    හංස විලක් චිත්‍රපටයේ “හෙමින් සැරේ පියා විදා” ගීය ධර්මසිරි බණ්ඩාරනායක විසින් ඒ සිනමා කෘතිය තුළ අවස්ථා ගනනාවකදී භාවිතා කරයි. ඒ නිසාම එය සිනමා කාව්‍යයක් බවට පත්වේ. මෙහිදි එක්තරා අවස්ථාවක අධිකරණයේ විභාග වන නඩුවක ජවනිකාවේදී නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් වුවද එහි වචන ප්‍රේක්ෂකයාට නෑසේ. ඒ වෙනුවට මේ ගීයම නැවත පසුබිමෙන් ඇසෙන්නට සලස්වයි. එය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු විසින් සිය කතා පුවත සඳහා සංගිතය ඉතාමත් ප්‍රබල ලෙස යොදාගත් අවස්ථාවකි. ඒ අනුව“හෙමින් සැරේ පියා විදා” ගීතය සදාතනික සිනමා ගී සිත්තමක් වන්නේ යටකී කරුණු කාරණා නිසාය.
     
    Last edited:
    • Like
    Reactions: ElaBaba

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    හංස විලක් (1980)

    බොහොම ස්තූතියි මේ විශිෂ්ට සිංහල චිත්‍රපටිය බෙදාගත්තට!
    11.gif
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,190
    18,794
    113
    අදාල නෑනේ
    කේමදාස මාස්ටර්ගෙ සංගීතයෙන් චිත්‍රපටියට එන feeling එකනම් කියල නිමකරන්න බෑ
     

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63



    කේමදාස මාස්ටර්ගෙ සංගීතයෙන් චිත්‍රපටියට එන feeling එකනම් කියල නිමකරන්න බෑ

    බොහොම ස්තූතියි මේ විශිෂ්ට සිංහල චිත්‍රපටිය බෙදාගත්තට!
    11.gif

    elazzzzzz


    You must spread some Reputation around before giving it to asksajee again.

    elaaa :love::love::love:
     

    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    අර ති.නා. ද මොකාද කියන වේ.පු. නිසා පරණ film එකක් වත් නිදහසේ බලාගන්න නෑ ...හංස විලක් චිත්‍රපටිය මමත් හෙව්වා ...උන්ගේ වෙබ් site එකට reply කලා සල්ලි දීල හරි ගන්න ...අද වෙනකන් reply එකක්වත් නෑ ..2005 ගහපු dvd එකක්නේ බන් ...මේ film එක share කලාට උබට පින්....
     
    Last edited:

    kan12

    Well-known member
  • Jun 17, 2007
    1,327
    110
    63
    මලක් නම් එය මලක් වුව මැන
    සිඟිති සුකොමල රුවින් සරසන
    විලක් නම් එය විලක් වුව මැන
    නීල ඉඳුවර දියෙන් උපදින