පුනරුප්පත්තිය කියන්නෙ බොරුවක්???

SanukaWick

Active member
  • Jul 31, 2016
    515
    43
    28
    පුනරුප්පත්තිය කියන්නෙ බොරුවක්???

    හැබැයි පුනර්භවය නම් ඇත්තක්...

    මම ත්‍රෙඅඩ් දෙකක් දැම්මා, මම, මාගෙ ශරීරය හා මාගේ මනස ගැන...
    http://www.elakiri.com/forum/showthread.php?t=1765808&page=2
    http://www.elakiri.com/forum/showthread.php?p=20784975&posted=1#post20784975

    නමුත් කිරියෙ ඉන්න අභිදර්ම විශාරද අය කව්රුවත් ඒකට ආවෙත් නෑ,
    ආපු අයත් පහල උපුටා ගැනීමට පිලිතුරු දුන්නෙ නෑ...

    5.සිත, මනස හා විඤ්ඤානය යනු එකක්ද?

    6.සිත, විඤ්ඤානය හා ශරීරය යන ඒවා මාගේ නොවේ නම් ඒවාට මාගේ යැයි පැවසිය හැකිද?

    7.විඤ්ඤානය ඊළඟ භවයට යනවානම්, ඒ මාගේ භවයක් නම්, ඒ විඤ්ඤානයත් මගේ විය යුතුයි නේද?
    කියලා පරස්පරතාවක් මට දනෙනවා.

    ඒ වගේම "මම කියලා පුද්ගලයකු හෝ දෙයක් නෑ කියල පොත් පත් වලට අනුව කියන අයම කියනවා
    ඊළඟ භවයට යන්නෙ මගේ විඤ්ඤානය කියලා..."
    :confused::confused::confused:

    එතකොට..., විඤ්ඤානය මගේ නොවෙයිනම් නැවත ඉපදෙන්නෙත් මම නෙවෙයි නේද?
    ඇයි එහෙනම් මම නොවන කෙනෙක්ව,

    1. අපායෙන් ගලවා ගන්න
    2. දිවියලෝකෙ යවන්න
    3. නිවන් දක්කන්න

    අපේ අය මේ උත්සාහ කරන්නේ...???
     
    Last edited:

    Lobo88

    Banned
    Sep 24, 2016
    267
    19
    0
    සැහෙන බරපතල ප්‍රශ්නයක් තියනවනේ... මම කියල කෙනෙක් නැද්ද? මම කියල කෙනෙක් ඉන්නවද? මම කියල කෙනෙක් නැත්නම් ණිවන් දකින්නේ කවුද? එහෙම කියල... නේද?

    මේ ප්‍රශ්න ඔයාලටත් ඇති උනා නම්, ඒවාට පැහැදිලි පිළිතුරක් ලැබුණද??

    මම අහල තියන විදියට scientists ලා නම් මේ bodies කිරල බලලත් තියනවා පණ තියෙද්දියි, මැරුණමයි මේකෙන් මොනවා හරි එලියට යනවද බලන්න... joke එකක් වගේ...

    ඒත් ඇත්තටම නම් 'මම' කියල කෙනෙක් ඉන්නවා!! නැත්නම් කොහොමද එක්කෙනෙක්ගේ සංසාර ගමනක් ගැන කතා කරන්නේ?? අනික කියනවත් වගේ කාවද ණිවන් දක්වන්නේ 'කෙනෙක්' නොහිටියා නම්?? ඉතින් කෙනෙක් ඉන්නවා කියන එකේ සැකයක් නැහැ!! sure එකටම ඉන්නවා!!!

    ඕකා කොහෙද ඉන්නේ? අන්න ඒකයි මගේ ප්‍රශ්ණේ??
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    මම කියල කෙනෙක් නැතෙයි කියන අය මේකට උත්තර දෙන්න...

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    "Mama" kiyana ekena hadila inne 5 elements walin.Ayu,thego,wayu,patawi kiyala kiyanawa.mae mulu universe ekama hedila tiyenne oya 5 elements walin

    Earth - "Earth", represents the hard, solid objects of the earth
    Water - "Water", represents the fluid
    Fire - , "Fire", represents the energetic, forceful, moving things in the world
    Wind "Wind", represents things that grow, expand, and enjoy freedom of movement
    Space(void)- represents those things beyond our everyday experience,

    "Mama" kiyana ekena oya skanda 5 ekathuwak misa tani deyak newe.eka hinda hematissema wenas wana sului.

    "Mama" kiyala ekenen ne kiyanne ekai.mama kiyala ekenek nattan rebirth ekak tiyenne kohomada.
    mae loke Karma kiyala law ekak tiyenawa.e kiyanne oya 5 elements hesirena widiyata thamai ilaga mohotha tiranaya wenne.eka thamai law eka.
    uba karana kiyana ewa anuwa thamai ilaga change eka tiranaya wenne.

    EXAMPLE:
    Mae mulu universe ekama nul godak kiyala hithanna.oya 5 elemnts nul kiyala hithanna.oya nul ekath wela picture ekak mahana kiyala hitanna.oya mahapu picture eka thamai "Mama" kiyanne.oya nul aye digaharala wena picture ekak mahuwoth eka thamai ube rebirth eka.ithin nul godak ekathu wela haditcha picture ekakata "mama" kiyala deyak ne.Eka illusion ekak witarai.mahapu hinda rupayak penawa.nirvana kiyanne oya eka thana ekathu wetcha nul goda lihala dana eka.

    Example 2
    Mulu universe ekama gagak kiyala hitanna."mama" kiyana ekena gage rellak kiyala hitanna.Uba mama kiyala hitan inne tika kalekta ilipena rellak witarai.rella kiyala wenama deyak ne.rella kiyanne gagama thamai.

    Ithin thaman karana actions anuwa oya nul goda eka eka widiyata wenas wenawa.e wenas wana widiyata thamai ilaga rupe mawenne.thawath gage rellak.rella athiwenawa,nethiwenawa,athiwenawa,nethiwenawa ivarayak ne.

    Niwan dakinna one menna meka hinda,meke cycle eka nawattaganna,nul bole lihagena universe ekama wenna.
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    සැහෙන බරපතල ප්‍රශ්නයක් තියනවනේ... මම කියල කෙනෙක් නැද්ද? මම කියල කෙනෙක් ඉන්නවද? මම කියල කෙනෙක් නැත්නම් ණිවන් දකින්නේ කවුද? එහෙම කියල... නේද?

    මේ ප්‍රශ්න ඔයාලටත් ඇති උනා නම්, ඒවාට පැහැදිලි පිළිතුරක් ලැබුණද??

    මම අහල තියන විදියට scientists ලා නම් මේ bodies කිරල බලලත් තියනවා පණ තියෙද්දියි, මැරුණමයි මේකෙන් මොනවා හරි එලියට යනවද බලන්න... joke එකක් වගේ...

    ඒත් ඇත්තටම නම් 'මම' කියල කෙනෙක් ඉන්නවා!! නැත්නම් කොහොමද එක්කෙනෙක්ගේ සංසාර ගමනක් ගැන කතා කරන්නේ?? අනික කියනවත් වගේ කාවද ණිවන් දක්වන්නේ 'කෙනෙක්' නොහිටියා නම්?? ඉතින් කෙනෙක් ඉන්නවා කියන එකේ සැකයක් නැහැ!! sure එකටම ඉන්නවා!!!

    ඕකා කොහෙද ඉන්නේ? අන්න ඒකයි මගේ ප්‍රශ්ණේ??

    "mama" kiyala kiyanne panchaskandawala ekathuwakata."Mama" kiyala eka deyak ne.hematissema wenas wana sulu deyak tiyenne.oya 5 elements walata "memory" kiyana eka thiyenawa.okata thamai "karma" kiyaal kiyanne.oya memory ekata anuwa thamai ilagata rebirth wenne.

    ekai marena mohothe sitha anuwa ilaga birth eka decide wenne.

    meka " soul" kiyala waradawa watahaganna epa.
     
    Lobo88

    Banned
    Sep 24, 2016
    267
    19
    0
    මම කියල කෙනෙක් නැතෙයි කියන අය මේකට උත්තර දෙන්න...

    'සෝතන්ච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥාණං, තින්නං සංගතින් ඵස්සෝ' (කණට ශබ්දයක් වැටුණුවිට කණෙහි විඥාණය උපදී, මේ තුනෙහි එකතුව ඉස්පර්ශයයි!) කියල තමයි බුදුරජාණන්වහන්සේ කණෙහි සිදුවන ක්‍රියාවලිය පැහැදිලි කලේ!! අර කලින් අවස්ථාවල අනික් සංඥා ආයතනවලින් ඒ ඒ ආයතනයට අදාළ (ගෝචර) දේ දැනගන, ඒ දැනගත් දේවලට අනුරූප සංඥාවල් (signals) හදල දුන්න විදියටම, කණ ඊට වැටෙන ශබ්ද තරංග වලට අනුරූප සංඥාවන් හදලා දෙනවා!! එච්චරයි.

    සාමාන්‍ය මනුස්සයෙකුට තත්පරයකට වාර 20 ඉඳන් 20,000 ක් වෙනකම් (20Hz-20KHz) පරාසයක කම්පන සංඛ්‍යාත, නැත්නම් ශබ්ද තරංග දැනගන්න/අහන්න පුළුවන් බව විද්‍යාත්මකව සොයාගෙන තියනවා... බල්ලොන්ට එහෙම නම් ඊට වඩා උච්ච සංඛ්‍යාත වල ශබ්දත් ඇහෙනවාලු! ඒ ඇරෙන්න, කණ සම්බන්ධයෙන් බුද්ධ දේශනාවලින් කරුණු අහල මතකයක් නම් නෑ! හැබැයි ඇහෙන් පාට වගේම හැඩයත් දැනගන්නවා වගේ, කණෙන් සද්ද වගේම තාලයත් (tune) දැනගන්නවයි කියල හිතන්න පුළුවන්!! මොකද, පොඩි එකෙකුට නැලවිලි ගී කිය කියා නලවන කොට නිදාගන්නේ කියන වචන එකක් එකක් ගානේ තේරුම දැනගෙන නෙවෙයි නේ... අනික වචන නැතුව ම්... ම්... සද්දෙන් තාලෙට කිව්වත් පොඩි එවුන් නිදියගන්නවා නේ!! දැකල නැද්ද? ආයේ අපිට වෙන භාෂාවක සින්දුවක් එහෙම අහනකොටත් බැලෙන්නේ තාලේ (tune එක) ගැන නේ... වචන මොකුත් නොදන්නවා උනාට, නොතේරුණාට, සින්දුව අහන්න පුළුවන් නේ... අන්න ඒකයි!! ...මේ ටික එච්චරම වැදගත් නෑ! අපි බලමු අපිට වැරදුන තැන්...

    දැන් ඔයාට කවුරු හරි, 'පලු පැලෙන්න' බණිනවා කියමු... ඇයි කේන්ති ගන්නේ?? බැරි වෙලාවත් එයා බැන්නේ ඔයා නොදන්න, ඔයාට නොතේරෙන භාෂාවකින් උනොත්, එතකොටත් ඔය විදියටම කේන්ති යාවිද?? හුඟාක් වෙලාවට නොදන්න භාෂාවකින් බැණගෙන බැණගෙන ගියත් මොකුත් නොතේරෙන හන්ද, ඔහේ අහගෙන ඉඳීවි! අන්තිමට thank you කියලත් කියාවි! නැද්ද? ඇයි තේරෙන්නේ නැහැ නේ... ඉතින්, හොඳට දැනගන්න 'සද්දේ' අහල 'පිස්සු හදාගත්තොත්' ඒක තමන්ගේ වැරද්දක්!!! කාටවත් ඇඟිල්ල දික් කරන්න එපා ඒකට!!! දැන්, මහා සද්දෙන් ගොරවනවා... විදුලි කොටනවා... ඒ සද්ද ඇහුනට කේන්ති යනවද?? එච්චර ලොකු සද්ද ඇහුනත් 'කුලප්පු' නොවෙන එකේ, ඇයි මේ කවුරුහරි මොනවත් කියපු ගමන් 'කුලප්පු' වෙන්නේ? කේන්ති ගන්නේ?? ලතවෙන්න තියාගන්නේ?? කණට ඇහෙන සේරම 'සද්ද' විතරනේ??? ඒ සද්ද වලට රැවටෙන්න එපා!!! මෙච්චර කාලෙකට එහෙම දේවල් අහල, හිත රිදිලා/පෑරිල ඉන්නවනම් ඒ තමන්ගේ වැරැද්දෙන් සිද්ධවෙච්ච දෙයක්!! වැරදිකාරයා තමුන්මයි!!! මොකටද 'සද්ද' අහල, නැති අවුල් හදාගත්තේ???

    ඔය සේරම උනේ, 'කණ' කියන්නේ මොකද්ද කියල නොදැන, කණේ සිද්ධවෙන්නේ මොකද්ද කියල නොදැන, කණෙන් අහපු සද්ද 'මට බණිනවා...' 'මට දොස් කියනවා...' 'මාව පාච්චල් කරනවා...' කියල ගත්තු නිසයි!!! මින් පස්සේ එහෙම 'සද්ද වලට' මුලාවෙන්න එපා!!! ඒ උණාට කවුරුහරි හිතවත් කෙනෙක් තමන්ගේ අඩුපාඩුවක් දැකල උපදේශයක් දුන්නොත් එහෙම පිළිගන්න... නැත්නම් තව අවුලක්. හැබැයි, කලින් සිද්ධවෙච්ච දේවල් මතක් කර කර 'අරූ මට බැන්න...' 'මූ මාව පාච්චල් කළා...' කිය කිය, මතකය 'හප හපා' ඉන්න එක නම් කොහොමටවත් කරන්න එපා!!! මතකනේ... වලවල් හෑරෙණවා... ඒකයි!!

    කොහොමත් අපිට ජීවිතේ තේරුම්ගන්න කම් ඔය වගේ හිත රිදෙන, හිත නරක්වෙන සද්ද අහන්න වෙනවාමයි!! ඒත් කවුරුවත් බැන්නයි, දොස් කිව්වයි කියල ඒවා අහගෙන ඉන්නම ඕනෙද?? කන් දෙකේ ඇඟිලි ගහගෙන ඉන්න ඕනත් නෑ... වෙන වැඩක් තියනවා කරන්න පුළුවන්!! කණේදීත් වෙන්නේ අනික් ආයතන වල වෙන විදියටමයි!! ඉස්පර්ශය ඇතිවීම විතරයි!!! මනසිකාර නොකලොත් එතනින් එහාට මොකුත්ම නෑ!!! දැන් බලන්න අපි නිදාගත්තම සද්ද මොකවත් ඇහෙන්නේ නැහැ නේ?? ඒ මොකද කණ වැහෙනවද?? නෑ! නින්දේදී ආයතන මනසිකාර කිරීමක් සිදුනොවෙන නිසා මොකුත් ඇහෙන්නේ නෑ!! දන්නේ නෑ!! තද නින්දට වැටිලා උන්නොත් හෙණ ගැහුවත් දන්නේ නෑ!! උස්සන් ගිහින් වෙනකොහෙන් හරි තිබ්බත් දන්නේ නෑ!! ඉතින් අන්න ඒ ක්‍රමය පාවිච්චි කරන්න... නිදාගන්න නෙවෙයි, කණට ඇහෙන ඒවා ගැන හිතන්නේ නැතුව, වෙන දෙයක් ගැන කල්පණා කර කර ඉන්න!! බණින එකා බැණලා බැණලා ඇති උනාම යාවි... මම නම් මේ trick එක අල්ලගත්තේ ධර්මය ගැන මෙලෝ හසරක් නොදැන... හැමතිස්සෙම චරෝ බරෝ සද්ද නිසා අපේ ගෙවල්වල වසන්න අමාරු තත්වයක් තිබුණ... ඉතින්, මම ඒ තත්වයට මුහුණ දුන්නේ ඔහොමයි!!

    ඊළඟට, සියලු සද්ද දැනගත්තේ කණෙන්... ඒත් කණ කියන්නේ තමාගේ දෙයක් නෙවෙයි!! ඒක සතරමහා ධාතුන්ගෙන් හැදිච්ච, අනිත්‍ය, කවද හරි විනාසවෙලා යන සංඥා ආයතනයක් විතරයි!!! කණෙන් සද්ද අහන්න ලැබෙන්නෙත් කණ සජීවීව තියනකම් විතරයි!!! ඉතින් කොච්චර මිහිරි හඬවල් අහන්න ලැබුණත් ඒවාට ඇලෙන්න එපා!! ආයේ ආයේ අහන්න හිතන්නත් එපා!! මොකද තේරුමක් නෑ... අපිට ඕනේ විදියට සිද්ධවෙන්නෙත් නැත්නම්, අපිට උවමනා විදියට පවත්වගන්නත් බැරිනම්, මොන එහෙකටද මේවා බදාගෙන ඉන්නේ?? කොහොමත් නැතිවෙන එකේ, වේලපහින්ම අතහැරලා දාල හිත හදාගෙන උන්නම වැඩේ ලේසියි!!! අන්න ඒ සන්හිඳීම පුහුණු වෙන්න!!!
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    2qcnlef.png

    (දීඝ නිකාය/සීල ස්ඛන්ධ වර්ගය/පොට්ටපාද සුත්ත)
    නොදැකපු, දන්නෙ නැති තැන් වලට යන්න උත්සාහ කිරීමෙන් පලක් නෑ ...
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මිනිස් සත්වයා කියන්නෙ විශ්වයේ එක් සැකැස්මක් විතරයි, ඒ සැකැස්ම ෆන්ක්ශන් වෙන්න ඊගෝ එකක් කියල මායාවක් තියනව.
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    ආයේ ආයේ අහන්න හිතන්නත් එපා!! මොකද තේරුමක් නෑ... අපිට ඕනේ විදියට සිද්ධවෙන්නෙත් නැත්නම්, අපිට උවමනා විදියට පවත්වගන්නත් බැරිනම්, මොන එහෙකටද මේවා බදාගෙන ඉන්නේ?? කොහොමත් නැතිවෙන එකේ, වේලපහින්ම අතහැරලා දාල හිත හදාගෙන උන්නම වැඩේ ලේසියි!!! අන්න ඒ සන්හිඳීම පුහුණු වෙන්න!!!

    Good point bro!!!
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    x4qom.png

    11ihnyo.png

    (දීඝ නිකාය/සීල ස්ඛන්ධ වර්ගය/පොට්ටපාද සුත්ත)
    නොදැකපු, දන්නෙ නැති තැන් වලට යන්න උත්සාහ කිරීමෙන් පලක් නෑ ...
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    මිනිස් සත්වයා කියන්නෙ විශ්වයේ එක් සැකැස්මක් විතරයි, ඒ සැකැස්ම ෆන්ක්ශන් වෙන්න ඊගෝ එකක් කියල මායාවක් තියනව.

    ඒ වගෙ තමයි මටත් හිතෙන්නෙ,
    එතකොට..., මේ සොභාදහම ඇවිල්ලා fully automated system එකක්.
    ඒකෙ තියෙන algorithm වලට අනුව මිනිස්සු ඇතිවෙනවා, නැතිවෙනවා.
    ඒ සෑම මිනිස් object/instance එකටම brand new OS එකක් දෙනවා.
    මිනිස්සු මැරුනට පස්සෙ ආපහු පංච මහා ධාතු බවට පරිවර්තනය වෙනව වගේ , ඒ OS එකත් ආපහු විශ්වය විසින් acquire කර ගන්නවා. Stat තියා ගන්නෙ නෑ , කරපු දේවල් lifetime තුලම output වෙනවා.
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    තවත් ප්‍රශ්නයක්,
    සෑම චිත්ත ක්ශණයක් පාසා සිතිවිලි/සිත/මනස/etc ඇති වෙනවා, නැති වෙනවා කියල කියනව නේද?එතනම මම කියල කෙනෙක් නෑ කියල ඔප්පු වෙනවා,
    එතකොට..., මේ භවයේ කර්ම වෙනත් භවයකදී ඵල දෙනවනම්, ඒවා, map කරගන්න key එකක් දෙන්නෙ කොහොමද?/මොකකට සාපේක්ෂවද?
    (මොකද key එක වෙනස් උනොත් භවයේ consistency එක නැතිවෙන බැවිනි...)
     
    waligamaya

    Well-known member
  • තවත් ප්‍රශ්නයක්,

    නුතන කොන්ටම් භෞතිකය අනුව මේවට පොඩි හෝඩුවාවන් එන සිද්දාන්ත ඉදිරිපත් වෙලා තියනවා.

    මෙපොත් මම ගත්තා, තම කියවල ඉවර නැ. පුළුවන් නම් අරගන කියපන්.

    51iMD8YRB7L._SX320_BO1,204,203,200_.jpg
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ වගෙ තමයි මටත් හිතෙන්නෙ,
    එතකොට..., මේ සොභාදහම ඇවිල්ලා fully automated system එකක්.
    ඒකෙ තියෙන algorithm වලට අනුව මිනිස්සු ඇතිවෙනවා, නැතිවෙනවා.
    ඒ සෑම මිනිස් object/instance එකටම brand new OS එකක් දෙනවා.
    මිනිස්සු මැරුනට පස්සෙ ආපහු පංච මහා ධාතු බවට පරිවර්තනය වෙනව වගේ , ඒ OS එකත් ආපහු විශ්වය විසින් acquire කර ගන්නවා. Stat තියා ගන්නෙ නෑ , කරපු දේවල් lifetime තුලම output වෙනවා.

    සොබාදහම කියන්නෙ කොහොමත් ෆුලී ඔටෝමේටඩ් සිස්ටම් එකක් තමයි,එහෙම නැත්තන් දෙවියන් වහන්සේ කෙනෙක් ගාව වන්න වෙනවනෙ.., එහෙම ගාවගත්තත් දෙවියන් වහන්සේ ෆන්ක්ශන් වෙන්නෙ කොහොමද කිව්වම ආයෙත් අර ප්‍රශ්න්ටම එන නිසා විශ්වය ඔබ්ජෙක්ටිව්ලි ෆුලි ඔටෝමේටඩ් සිස්ටම් එකක් කියල කියන්න පුලුවන්.

    මම හිතන්නෙ ඉපදෙන හැම මනුස්සයම එකම os එක අරගන්නව නමුත් එක කස්ටමයිස් වෙනව කියල.

    ඔබ්ජෙක්ට් එක ඩිස්ට්‍රොය් උනාම ගාබේජ් එක ස්වැප් වෙන එක තමයි වෙන්නෙ මම හිතන්නෙ.ඒ ගාබේජ් එකෙන් ඊලගට ක්‍රියෙට් වෙන ඉන්ස්ටන්ස් වලට කිසිම බලපෑමක් වෙන්නෙ නෑ..,