වරෙල්ලා පුකෙන් හිනා වෙන්න -හිටං කෝලම්

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    වරෙල්ලා පුකෙන් හිනා වෙන්න -හිටං කෝලම්

    දේශපාලන අරමුණු මත ක්‍රියාකරනවා නම්
    සීඅයිඩී - එෆ්සීඅයිඩී සහ අල්ලස්‌
    කොමිසම ගැන තීරණයක්‌ ගන්න වෙයි


    සී. අයි. ඩී., එෆ්. සී. අයි. ඩී. හෝ අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දේශපාලන න්‍යාය පත්‍රයන්ට අනුව කටයුතු කරන්නේ නම් තමන්ටත් ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට සිදු වන බව තමන් අගමැති හා ඇමැති මණ්‌ඩලය හමුවේ ප්‍රකාශ කළ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

    කොළඹ පදනම් ආයතනයේදී ඊයේ (12 වැනිදා) පැවැති "සත්විරු සංහිඳ" රණවිරු වැඩසටහනට එක්‌ වෙමින් ජනාධිපතිවරයා එසේ කීය.

    හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සහ හිටපු නාවික හමුදාපතිවරුන් තුන් දෙනකු උසාවියට දක්‌කා ගෙන යාම තමන් දැඩි පිළිකුළෙන් සහ අප්‍රසාදයෙන් යුතුව හෙළා දකින බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

    ආරක්‍ෂක අමාත්‍යාංශය සහ ඇවන්ගාඩ් ආයතනය පිළිබඳ ප්‍රශ්නයක්‌ තිබෙනවා නම් ඒවා විභාග කළ යුතු ආකාරය හා ගත යුතු ක්‍රියාමාර්ග හා තීන්දු තීරණ පිළිබඳ වෙනම පිළිවෙළක්‌ තිබෙන බව ජනාධිපතිවරයා කීය.

    හිටපු නාවික හමුදාපතිවරුන් සහ ආරක්‍ෂක ලේකම්වරයා උසාවියට ගෙන්වා ඇත්තේ තමන්ගේ වුවමනාව සහ නියෝගයන් පරිදි බව ඇතැමුන් සිතා ගෙන සිටියත් ඒ කිසිවක්‌ තමාගේ අනුදැනුම හෝ බලපෑම් මත සිදු වූවක්‌ නොවන බවත් ඒ පිළිබඳව තමන් දැන ගත්තෙත් ඔවුන් උසාවියට කැඳවූ පසුව බවත් ජනාධිපතිවරයා කීය.

    මේවා කරන්නේ තමන් බවට ඇතමුන් තමන්ට චෝදනා කළත් කාවවත් හිරේ දැමීමට හෝ රිමාන්ඩ් කිරීමට තමන්ට කිසිදු වුවමනාවක්‌ නැති බවත් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා, හිටපු නාවික හමුදාපතිවරුන් වැනි ආරක්‍ෂක අංශ ප්‍රබලයින් උසාවියට කැඳවන්නේ නම් ආරක්‍ෂක ඇමැති සහ ජනාධිපතිවරයා ලෙස තමන් දැනුවත් කිරීමට කොමිෂන් සභා කටයුතු කළ යුතුව තිබූ බවත් ජනාධිපතිවරයා පැවසීය.

    ස්‌වාධීන කොමිෂන් සභා ලේකම්වරුන් අධ්‍යක්‍ෂ ජනරාල්වරුන් මීට වඩා වගකීමෙන් සහ බුද්ධියෙන් යුතුව කටයුතු කළ යුතු බවත් මේ ආයතනවලට දේශපාලන න්‍යාය පත්‍රයන්ට අනුව කටයුතු කළ නොහැකි බවත් නීතිය සැමට සාධාරණ සහ අපක්‍ෂපාතී විය යුතු බවත් ජනාධිපතිවරයා කීය.

    තමන් මේ රටේ ජනාධිපති වුණේ උසාවියට ටෙලිෆෝන් කෝල් දෙන්නවත්, ස්‌වාධීන කොමිෂන් සභාවලට ඇඟිලි ගහන්න වත්, විනිශ්චයකාරවරුන්ට බලපෑම් කරන්නවත්, නීතිපතිවරයා ලවා බරපතළ අපරාධකරුවන් උසාවියෙන් නිදහස්‌ කර ගන්නවත් නොවන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.


    http://www.divaina.com/2016/10/13/news07.html
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    මහ බැංකු රහස්‌ පිටවීම සොයන්න
    අගමැතිගෙන් කමිටුවක්‌
    අධිපති සීඅයිඩී යයි

    ශ්‍රී ලංකා මහ බැංකුවේ රහස්‍ය තොරතුරු පිටතට අනාවරණය කිරීම සම්බන්ධව පූර්ණ පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස රහස්‌ පොලිසිය වෙත පැමිණිලි කිරීමට මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා තීරණය කර ඇත.

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහ බැංකු අධිපතිවරයා අතර පැවැති දීර්ඝ සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගෙන තිබේ.මීට අමතරව රහස්‍ය තොරතුරු අනාවරණය වීම සම්බන්ධව සොයා බැලීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කමිටුවක්‌ පත් කිරීමට නියමිත අතර එය අගමැතිවරයාගේ මීළඟ විදේශ සංචාරය නිමවූ වහාම සිදු කෙරෙන බව ඉතා විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.

    පසුගිය වසර ගණනාවක සිට මහ බැංකුවේ රහස්‍ය තොරතුරු පිටවෙමින් තිබෙන බවත් මේ නිසා මහ බැංකු අභ්‍යන්තර කටයුතු සම්බන්ධව ප්‍රශ්න රැසක්‌ මතුව ඇති බවත් එම ආරංචිමාර්ග සඳහන් කරයි. රජයේ නව ගමන්මගට අනුව ඉදිරියේදී මූල්‍ය නගරයක්‌ ස්‌ථාපිත කිරීම ඇතුළු රට සංවර්ධනය කරා ගෙන යැම සඳහා පුළුල් වැඩපිළිවෙළක්‌ සැලැසුම්කර තිබෙන බවත් මහ බැංකුවේ අභ්‍යන්තර රහස්‍ය තොරතුරු පිටවීම එම වැඩකටයුතුවලට දැඩි බාධාවක්‌ විය හැකි බවත් එම ආරංචිමාර්ග අනාවරණය කරයි.

    ඉදිරියේදී පිහිටුවන වාණිජ නගරයට මෙන්ම ජාත්‍යන්තර කටයුතු හා ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීමේ වැඩකටයුතුවලට පවා මෙවැනි සිද්ධීන්ගෙන් බාධා එල්ල විය හැකි බවත් එවැන්නකට ඉඩ නොතබා රහස්‍ය තොරතුරු පිටකළ නිලධාරීන් සම්බන්ධව කඩිනම් පරීක්‍ෂණයක්‌ පවත්වා ඊට සම්බන්ධ සියලු නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් ආර්ථික විශේෂඥයන් පිරිසක්‌ද රජයෙන් ඉල්ලීමක්‌ කර තිබේ.

    තොරතුරු පිටතට ලබාදීමේ සිද්ධීය සම්බන්ධව සිදුකරන පරීක්‍ෂණවලින් වැරැදිකරුවන් වන නිලධාරීන්ට කිසිදු තරාතිරමක්‌ නොසලකා දැඩි දඬුවම් ලබාදිය යුතු බව රජයේද මතය වී ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.


    http://www.divaina.com/2016/10/13/news02.html
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    නයිට්‌ ක්‌ලබ් පහරදීම ගැන
    ජනපති උපදෙසින් පරීක්‌ෂණ
    - වැ.බ.ඇමැති කරුණාරත්න පරණවිතාන කියයි


    දහම් සිරිසේන මහතා හා ආරක්‍ෂක පිරිසක්‌ විසින් පසුගියදා කොම්පඤ්ඤවීදිය රාත්‍රි සමාජ ශාලාවකට ගොස්‌ එහි සේවකයන්ට පහර දුන් බව කියන සිද්ධිය පිළිබඳව වහාම පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිsරිසේන මහතා පොලිසියට උපදෙස්‌ දී ඇති බව පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය වැඩබලන ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා පැවැසීය.රාත්‍රි සමාජ ශාලාවට පහරදීමේ සිද්ධියට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතාගේ හා ජනාධිපති ආරක්‍ෂක අංශයේ පිරිසක්‌ සම්බන්ධ බවට වන චෝදනාව සම්බන්ධයෙන් ඊයේ (12 දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට්‌ තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී, මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීය.

    එමෙන්ම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා හෝ ජනාධිපති ආරක්‍ෂක අංශය මෙම සිද්ධියට සම්බන්ධ බවට මෙතෙක්‌ කරුණු නැති බවද දහම් සිsරිසේන හෝ ආරක්‍ෂක අංශය මෙම සිද්ධියට සම්බන්ධ හෝ නැද්ද යන්න මෙම පූර්ණ පරීක්‍ෂණයේදී අනාවරණය වනු ඇති බවද ඇමැතිවරයා පැවැසීය.

    පසුගිය රජයේ ජනාධිපති පුත්‍රයින්ටත් යම් චෝදනා එල්ල වූ බවත් ඒවා හෙළා දැක බලයට පත්වූ මේ ආණ්‌ඩුවේ ජනාධිපති පුත්‍රයින්ටත් මේ චෝදනා එල්ලවීම අනුමත කළ හැකිදැයි මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමැතිවරයා වත්මන් ජනාධිපතිගේ පුත්‍රයා සම්බන්ධව තවම සිද්ධි අනාවරණය වී නැති බවත් ඉකුත් රජයේ එවැනි දේ සිදුවූ බවත් කීය.


    http://www.divaina.com/2016/10/13/news01.html
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අනේ කාලේ වනේ වාසේ කිව්වලු....
    විධායක බලතල තියෙන එකෙක් කියන කතාද මේව....
    රියල් ප...... එක්කොත් ඕන් නැ....
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    හිටන් පත්තරේ කියවලා දැනගන්න කොට බබා හම්බ වෙලා ඉවරයි.

    ඊයේ පොරට හෙනට කේන්ති ගිහින් බන් කතා කලේ .කරන කිසිම දෙයක් පොරට කියන්නෙත් නැතිවලු කරන්නේ
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    අනේ කාලේ වනේ වාසේ කිව්වලු....
    විධායක බලතල තියෙන එකෙක් කියන කතාද මේව....
    රියල් ප...... එක්කොත් ඕන් නැ....

    ඊයේ පොරට හෙනට කේන්ති ගිහින් බන් කතා කලේ .කරන කිසිම දෙයක් පොරට කියන්නෙත් නැතිවලු කරන්නේ

    :lol::lol::lol::lol::lol::lol:
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මේ මනුස්සයා රටේ ජනාධිපති වෙලත් තාමත් නහයෙන් අඩනවා නම් මට මේක කිව්වේ නැහැ, අරක කරන්න දුන්නේ නැහැ කියා කියා, කරන්න තියෙන එකම දේ මෙයට ඉල්ලා අස්වෙන එක
    එක්කෝ මේ මනුස්සයා දන්නේ නැහැ මෙයා රටේ ජනාධිපති කියලා
    නැත්නම් ජනාධිපති කම පාවිච්චි කරන්න දන්නේ නැහැ
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    මේ මනුස්සයා රටේ ජනාධිපති වෙලත් තාමත් නහයෙන් අඩනවා නම් මට මේක කිව්වේ නැහැ, අරක කරන්න දුන්නේ නැහැ කියා කියා, කරන්න තියෙන එකම දේ මෙයට ඉල්ලා අස්වෙන එක
    එක්කෝ මේ මනුස්සයා දන්නේ නැහැ මෙයා රටේ ජනාධිපති කියලා
    නැත්නම් ජනාධිපති කම පාවිච්චි කරන්න දන්නේ නැහැ

    මු කට ඇරියොත් එක්කෝ අඬනවා නැත්නම් මහින්දට බනිනවා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊයේ ලොක්ක කතා කලේ නං මාරාවේස වෙලා වගේ මට හිතෙන්නේ...
    ගෝටව උසාවියට දැම්ම එක ගැන කිව්වේ...... මොනව වුනත් හිත දන්නව ඇතිනේ ඒ මනුස්සයා මේ රටට කළ සේවය ගැන.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    ඊයේ ලොක්ක කතා කලේ නං මාරාවේස වෙලා වගේ මට හිතෙන්නේ...
    ගෝටව උසාවියට දැම්ම එක ගැන කිව්වේ...... මොනව වුනත් හිත දන්නව ඇතිනේ ඒ මනුස්සයා මේ රටට කළ සේවය ගැන.

    :yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රට ගොනෙක් ජනාධිපති උනාම ඔහොම තමයි, කො සිරාට චන්දෙ දුන්න ලක්ශ 62 මීහරක් සෙට් එක.:lol::lol::lol:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    ඉහළ පෙළේ පොලිස්‌ ප්‍රධානීන්
    ජනපති නියෝගය කඩකරලා

    හිටපු ආරක්‍ෂක හමුදා ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කිරීමට සහ ඔවුන් අධිකරණයට ගෙන යැමට පෙර තමාට දන්වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කර තිබූ නියෝගය ඉහළ පෙළේ පොලිස්‌ නිලධාරීන් විසින් කඩකර ඇති බව අනාවරණය වී ඇත.

    හිටපු නාවික හමුදාපති තිසර සමරසිංහ මහතාගෙන් ප්‍රශ්න කිරීමේ සිද්ධියෙන් පසු ජනාධිපතිවරයා එම නියෝගය නිකුත් කර තිබේ.

    තිසර සමරසිංහ මහතාගෙන් පොලිසිය ප්‍රශ්න කර ඇත්තේ හිටපු හමුදා නිලධාරියකු හා සම්බන්ධීකරණ නිලධාරියකු එවකට සිටි පොලිස්‌පති නලින් ඉලංගකෝන් මහතාට එවූ ලිපියක්‌ මත බව හෙළිවී ඇත. සේනාධිනායකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කරන නිසා හිටපු ආරක්‍ෂක ප්‍රධානීන් අත්අඩංගුවට ගැනීමට හෝ ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට පෙර ජනාධිපතිවරයාට දැන්විය යුතු වේ.


    http://www.divaina.com/2016/10/14/news06.html
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    දහම් සිරිසේනගේ නම ඈඳුනු සිද්ධිය
    සීසීටීවී දර්ශන පැහැදිලි නැහැ
    මරදාන පොලිසිය කියයි


    කොළඹ කොම්පඤ්ඤවීදියේ රාත්‍රි සමාජ ශාලාවකට ඇතුළු වී එහි ආරක්‌ෂක නිලධාරියාට පහරදීමේ සිද්ධියට සැක දහම් සිරිසේන මහතාගේ ආරක්‌ෂකයන් පිරිසකගේ දර්ශන සමාජශාලාවේ සීසීටීවී පද්ධතියේ රූගත වී ඇතත් තත්පර 90 ක පමණ එම දර්ශන හරි හැටි පැහැදිලි නැතැයි මරදාන පොලිසිය කියයි.

    මෙම පහරදීමේ සිද්ධිය පිළිබඳව එම රාත්‍රි සමාජශාලාවේ අයිතිකරු, පහරකෑමට ලක්‌වූ ආරක්‌ෂක නිලධාරියා සහ කළමනාකරුවන් දෙදෙනාගෙන් කටඋත්තර ලබාගෙන ඇතැයි පොලිසිය කියයි.

    මෙම පහරදීමේ සිද්ධිය පිළිබඳව වහාම පරීක්‌ෂණයක්‌ පවත්වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොලිසියට උපදෙස්‌ දුන් බව ජනමාධ්‍ය වැඩ බලන ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබුණි.



    http://www.divaina.com/2016/10/14/news16.html