වතු කම්කරුවන්ව රහසේ පිරිසක් මෙහෙයවනවාලු
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 730 ක් දක්වා වැඩි කරමින් වතු හාම්පුතුන් සහ වතු කම්කරුවන් අතර අත්සන් කිරීමට නියමිත සාමූහික ගිවිසුම කඩාකප්පල් කිරීමට ඇතැම් පිරිස් උත්සහ කරන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නුවරඑළිය දිස්ත‍්‍රික් නව සංවිධායක පෙරියසාමි ප‍්‍රදීපන් පවසනවා.
ඒ සම්බන්ධයෙන් තමන් පොලිසියට ද පැමිණිලි කළ බවයි ඔහු කියා සිටියේ.
වතු කම්කරුවන් සහ හාම්පුතුන් අතර ඇති වී තිබෙන එකඟතාව කඩාකප්පල් කිරීමට උත්සහ කරන්නේ රාජ්‍ය නොවන සංවිධාන, ඩයස්පෝරාවට සම්බන්ධ මාධ්‍යවේදීන් හෝ සුළුතර වෘත්තීය සමිති විය හැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
වතු කම්කරුවන්ගේ නායකයින්ගේ දුරකතනවලට ඇමතුම් ලැබෙමින් ඇති බවත් ඒ හරහා උද්ඝෝෂණ සිදු කිරීමට පොළඹවමින් ඇති බවත් ඔහු සඳහන් කළා. උද්ඝෝෂණවලට අවශ්‍ය පහසුකම් ලබා දෙන බව පවසමින් විවිධ පිරිස් මෙම ඇමතුම් ලබා දී ඇති බවයි ප්‍රකාශ කෙරුණේ
http://nethnews.lk/article/20494