නිදා සිටි පෙම්වතිය නිදි ඇඳුමෙන්ම පැහැරගෙ
නිදා සිටි පෙම්වතිය නිදි ඇඳුමෙන්ම පැහැරගෙන විත් වනයේ සඟවාගෙන සිටි අනුරපුර තරුණයාට වැඩ වැරදුණු හැටි!
සිය පෙමට පිටුපෑම නිසා පෙම්වතියගේ නිවසට ගොස් ඇගේ මවට පිහියක් පෙන්වා බියගන්වා නිදා සිටි පෙම්වතිය නිදි ඇඳුමෙන් පැහැරගෙන විත් මිහින්තලය දිවියාබැන්දවැව කැලෑබද ප්‍රදේශයක සඟවාගෙන සිටි පෙම්වතෙකු හා ඔහුගේ මිතුරෙක් මිහින්තලය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පැහැරගැනීමට ලක්වූ දියණියගේ මව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ පරීක්ෂණ වලින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.
ඇයගේ පැමිණිල්ලේ සඳහන් වන පරිදි පසුගිය (10දා) අලුයම තරුණයන් සිව්දෙනකු පැමිණ මෙම පැහැරගෙන යාම සිදුකොට තිබෙනවා.
පැහැර ගැනීමට ලක්ව ඇත්තේ 17 හැවිරිදි තරුණියක්.
අත්අඩංගුවට ගත් සැකකාර පෙම්වතා හා තරුණියගේ පෙමට මාස 5ක් ගතවී ඇති බවත්,තරුණියගේ මව්පියන් මෙම සම්බන්ධයට අකමැත්ත පළ කිරීම නිසා තරුණිය මෙම ප්‍රේම සම්බන්ධය නවත්වමු යැයි සැකකාර පෙම්වතාට පවසා ඇත.
මීට එකඟ නොවූ සැකකාර පෙම්වතා අවස්ථා කිහිපයකදීම තරුණියට විවාහ යෝජනා කර ඇත.
නමුත් එයට පෙම්වතිය එකඟ නොවීම නිසා කුපිත වූ සැකකාර පෙම්වතා,අනෙක් සැකකරුවන්ද සමගින් පසුගිය 10 වනදා අලුයම 1.30ට පමණ, මුහුණු ආවරණය කරගෙන තරුණියගේ නිවසේ ඉදිරිපස දොර කඩා ඇතුළු වී, පෙම්වතියගේ මවගේ බෙල්ලට පිහියක් තබා, කට වසා මරා දමන බවට බියගන්වා කාමරයේ නිදා සිටි පෙම්වතිය නිදි ඇඳුමෙන්ම පැහැරගෙන ගොස් ඇති බවද පොලිසිය පැවැසුවේය.
පැහැරගත් තරුණිය කැලෑබද ප්‍රදේශයට ගෙනයද්දි ඇගේ බෙල්ලටද පිහියක් තබා සැකකරු විසින් තර්ජනය කර ඇති අතර පිහිය වැදීමෙන් ඇගේ ගෙල කැපී තුවාල සිදුව ඇත.
තවද සැකකරු විසින් ඇයව බලහත්කාරයෙන් බිම දිගේ ඇදගෙන යාම නිසා උදර අත්පා වලට බරපතළ තුවාල සිදුව ඇති බවත්, ඔහු විසින් තරුණියට කිසිදු ලිංගික අතවරයක් සිදු කර නොමැති බවත් පොලීසිය පවසනවා
source

Hitha hada ganna bari awanka seen ekak wage.. mona unath me tikata nowenna wath mole thibba eka loku deyak 