කොටි තරුණියන් සමූහ දූෂණයට ලක්‌වූ හැටි

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    කොටි තරුණියන් සමූහ දූෂණයට ලක්‌වූ හැටි

    * හමුදාවට බාර වෙනකොට මං රොඩ්ඩක්‌....
    * සාමාජිකයෝ බංකර් රකිනවට වඩා
    උනන්දු වුණේ අපිත් එක්‌ක ඉන්න...
    * අපි උන්නද මළාද කියලා දෙමළ සන්ධානය
    බලන්නේ නැහැ...
    * ගොවිතැනක්‌ කරගන්න ඉඩම් කෑල්ලක්‌, රෙදි කෑල්ලක්‌ මහගන්න මැෂිමක්‌ ලැබුණොත් ඒ හොඳටම ඇති

    තරංග රත්නවීර

    ම්ලේච්ඡ කොටි ත්‍රස්‌තවාදයේ බිහිසුණු මතකය අතිශය අමිහිරිය. එහෙත් අකැමැත්තෙන් හෝ ඒ අමිහිරි මතකය නැවත ආවර්ජනය කිරීමට සිදුව ඇත්තේ මෙතෙක්‌ නොඇසූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ රහසක්‌ හෙළිදරව් කිරීමටය. ඒ රහස අපට කීවේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකාවන් වී සිට දැන් පියවරු නැති දරුවන් සමඟ ජීවත්වීමට මං සොයන කාන්තාවන්ය.

    එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ම්ලේච්ඡත්වයට එහා ගිය ගෝත්‍රික ස්‌වරූපය ඉස්‌මතු වන ඒ කතාව ඇසෙන විට ගත කිලිපොලා යන තරමට හිරිකිතය. එහෙත් එම කාන්තාවන්ට මේ වන විට අත්ව ඇති ඉරණම ගැන දකින සිත් කම්පනයට පත් වන්නේය. උපන්දා සිට වෙඩි වරුසා මැද මරණ බියේ දිවි ගෙවූ ඒ අසරණියන් තවමත් විඳින්නේ දුකමය. ඔවුන්ගේ කතාව අතිශය ෙ€දනීයය. ඒ කතාව අප කියනවාට වඩා ඔවුන්ගේ වචනයෙන්ම ඇසීම සංවේදී හදවත්වලට වඩාත් හොඳින් දැනේවී. එහෙත් එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌ත සෙවණැලි තවමත් උතුරේ හොල්මන් කරන බව දැන සිටින ඔවුහු මරණයට ඇති බිය නිසා නම්, ගම් හෙළි කිරීමට අකමැති වූහ. කුරිරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තයන්ට ඒ තරුණ ජීවිතවල වටිනාකම නොපෙනුනාට, මනුෂ්‍යත්වයේ හදවත් ඒ අසරණ ජීවිත වෙනුවෙන් උණු වන්නේය. එහෙයින් අපි ඔවුන්ගේ නම් ගම් සඳහන් කිරීමෙන් වැළකී සිටීමට අදහස්‌ කළෙමු. මෙතැන් සිට පෙළගැසෙන්නේ ඒ අසරණියන් අපට කියූ කතාවය...

    අපි පදිංචි වෙලා හිටියේ පුදුකුඩුඉරිප්පුවේ. අපේ තාත්තා ගොවිතැන් කළේ. අම්මත් ඒවට උදව් වුණා. මට සහෝදර, සහෝදරියන් 5 දෙනයි. දවසක්‌ අපි ඉස්‌කෝලේ ගිහින් එනකොට කැබ් එකක්‌ නතර කරලා මල්ලිව දාගන්න හැදුවා. මම මල්ලිව බදාගෙන හිටියා. පස්‌සෙ අපි දෙන්නව උස්‌සලා කැබ් එකට දාගත්තා. එදා ඒ කැබ් එක ඇතුළේ තවත් ඉස්‌කෝලෙ ගිය පිරිමි ළමයි හතර දෙනෙක්‌ හිටියා. අපිව කෙළින්ම අරගෙන ගියේ කොටි කඳවුරකට. එතන දවසක්‌ තියාගෙන මාව කාන්තා පුහුණු කඳවුරකට දැම්මා. අපේ බැච් එකට තුන්සීයක්‌ විතර හිටියා. අපිව මුලින් කඳවුරට ගෙනිච්ච දවසේ එතැන හිටිය අක්‌කලා 'එයාලා නිදහස්‌' කියලා සතුටු වුණා. මුලදි අපිට ඒක තේරුණේ නෑ. අවුරුද්දක යුද පුහුණුවක්‌ දීලා බංකර්වලට දැම්මට පස්‌සෙ තමයි ඒ අකAකලා කිව්ව කතාව මොකද්ද කියලා තේරුණේ. බංකර් ඇතුළේදී එල්.ටී.ටී.ඊ. සමාජිකයන්ගෙන් අපිට ගොඩක්‌ කරදර වුණා. ඒත් පැනලා එන්නයෑ. හැම දෙයක්‌ම ඉවසගෙන ඒ අය කියන විදිහට ඉන්න වුණා. බංකරයක පිරිමි හතරයි. එක කාන්තාවයි. අන්තිමේ බංකරේ හිටපු සාමාජිකයන් හතරදෙනාටම ගෑනි වෙන්න වුණේ ඒ සාමාජිකාවට. ඒකෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානය බලාපොරොත්තු වුණේ සාමාජිකයන්ව සංවිධානය තුළ රඳවගන්න. ඒක සාර්ථක වුණා කියලා සංවිධානයේ පරණ අක්‌කලා කතා කරනවා ඇහිලා තියෙනවා.

    මුලදී එල්.ටී.ටී.ඊ. සාමාජික, සාමාජිකාවන්ට කසාද බඳින එක තහනම් කරලා තිබුණේ. ප්‍රභාකරන්ට කසාද බඳින්න ඕන වුණහම ඒ නීතිය ඉවත් කළා. එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් කසාද බැන්දට පස්‌සෙ ගෙවල්වලට ගිහාම එන්නෙ නැතුව ගියා. සංවිධානයේ සාමාජිකයන් ටිකෙන් ටික අඩු වෙන්න පටන් ගත්තා. එල්.ටී.ටී.ඊ. සංවිධානයට ඒක ලොකු ප්‍රශ්නයක්‌ වුණා. පස්‌සෙ බංකරයකට සාමාජිකයන් හතරයි, එක සමාජිකාවක්‌ දාන්න පටන් ගත්තා. ඒ එක්‌ක සාමාජිකයන් ගෙවල්වලට යන එක අඩු වුණා. එල්.ටී.ටී.ඊ. සාමාජිකාවන් හුඟදෙනෙක්‌ ඔය දේට කැමැත්තෙන් නෙමෙයි හිටියේ. ඒත් ඉතිං කරන්න දෙයක්‌ නෑ...

    මහ කැලේ පිරිමි හතර දෙනෙක්‌ එක්‌ක එකට ලගිනවා කියන්නෙ මැරෙනවා හොඳයි. ඒත් මැරුණේ නෑ. අපිව එල්.ටී.ටී.ඊ. යෙන් අරගෙන ගියේ 2004 අවුරුද්දෙ දවසක. එදා ඉඳලා 2009 අවුරුද්ද වෙනකම් පණ ගැටගහගෙන ඉඳලා මුල්ලෙවයික්‌කාල්වලදී මුහුණට මුහුණ කරපු සටනේදී මට වෙඩි වැදුණා. එක වැළට වෙඩි කිහිපයක්‌ම වැදුණා. මම දන්නෙ එච්චරයි. සතිs දෙකකට විතර පස්‌සෙ තමයි සිහිය ආවේ. එතකොට ඉස්‌පිරිතාලේ. නොමැරි බේරුණේ පූරුවේ පිනකට. ඒත් අදටවත් වැඩක්‌ පලක්‌ කරගන්න බෑ. මගේ මල්ලි යුද්දෙදී මැරුණා. දැන් මට අවුරුදු 30 යි. එල්.ටී.ටී.ඊ. ය අපේ ජීවිත නැති කළා. මම හො¹කාරවම දන්නවා එල්.ටී.ටී.ඊ. සාමාජික, සාමාජිකාවන් හුඟ දෙනෙක්‌ සංවිධානයට ආදරයෙන් හිටියේ නෑ. පැනලා ගිහින් මැරෙන්න බය නිසයි හිටියේ. එල්.ටී.ටී.ඊ. එකෙන් පැනලා ගිහින් අහුවුණොත් වධ දීලා ප්‍රසිද්ධියේ මැරුවා. එහෙම කරනවා අපි දැකලා තියෙනවා...

    එල්.ටී.ටී.ඊ. එක අපේ ළමා කාලය ගින්දරවලින් පුච්චලා දැම්මා. තරුණකම බංකර් ඇතුළේදී විනාශ කළා. අන්තිමේ අපිට ගෙවල්වලට එන්න වුණේ මිනිස්‌සු නැති ගෑනු විදිහට. ඒ ඇවිත් ටික කාලයක්‌ යනකොට කසාද බැන්දා. 2011 අවුරුද්දේදී එල්.ටී.ටී.ඊ. එකේ හිටපු කෙනෙක්‌ම මාව කසාද බැන්දා. අපිට දරුවෙකුත් ලැබුණා. දරුවට අවුරුද්දක්‌ විතර වෙනකොට එයා වෙන කෙල්ලෙක්‌ව අරගෙන ගියා. දැන් දරුවට අවුරුදු 4 යි. මාවයි, දරුවයි බලා ගන්නෙ තාත්තා. දැන් අප්පට ගොවිතැන් නෑ. අප්පා කුලී වැඩ කරලා තමයි අපිව ජීවත් කරවන්නෙ. අම්මට නිතර හතිය හැදෙනවා. සීනිවලට බෙහෙත් බොනවා. දැන් අම්මගේ වකුගඩුත් නරක්‌ වීගෙන එනවා කියලා ඩොක්‌ටර්ස්‌ලා කියනවා. දැන් අපි හැම පැත්තෙන්ම අසරණ වෙලා ඉන්නෙ. අපි ගැන කවුරුවත් බලන්නෙ නෑ. පිටරට සංවිධානවලින් මිනිස්‌සුන්ට උදව් කරනවා. අපිට එහෙම සහනයක්‌වත් ලැබෙන්නෙ නෑ. අපේ හිතට තියෙන එකම සහනය මරණ බය නැතිව ජීවත් වෙන්න තියෙන එක විතරයි.

    'දෙමළ ජාතික සන්ධානයෙන් ඔයාලා ගැන බලන්නෙ නැද්ද...' ගලා යන කතාවේ රිද්මය මම වෙනස්‌ කළෙමි.

    පිස්‌සුද මහත්තයො... අපි උන්නද මළාද කියලා බලන්නෙ නෑ. මේ ගේ කෑල්ල හදාගන්න උදව් කළේ හමුදාවෙන්. දරුවට පිටි පැකට්‌ එක හරි ගෙනත් දීලා අපේ දුක සැප හරි බලලා යන්නෙ හමුදාවේ අය විතරයි. ඔය කෑගහන කවුරුවත් අපි වෙනුවෙන් කතා කරන්නෙ නෑ. ඒ අය හදන්නෙ අපේ පහනෙන් එළිය බලන්න. අපිට රට අල්ලන්න ඕනෑ නෑ. ගොවිතැනක්‌ කර ගන්න ඉඩම් කෑල්ලක්‌, මොනවහරි මහලා විකුණලා කීයක්‌ හරි හම්බ කරගන්න මැෂින් එකක්‌ වගේ හම්බ වෙනවා නම් මටත් පුළුවන් මොනවහරි මහලා කඩවලට දාන්න. එහෙම නැති වුණොත් තාත්තා නැති වෙච්ච දවසකට මේ දරුව ජීවත් කර ගන්න හැටි මතක්‌ වෙනකොට මට ලොකු බයක්‌ දැනෙනවා...''

    අත්වාරුවක්‌ නොමැතිව ඇවිද ගැනීමට නොහැකි ඇය මුළු ජීවිත කාලයම ලෙඩෙකි. එහෙත් ඇයට ජීවත්කරවීමට තවත් ජීවිතයක්‌ ඇත. ඇයගේ එකම අභිප්‍රාය තම දරුවා සමාජයට හොඳ පුරවැසියකු කිරීමට හොඳ අධ්‍යාපනයක්‌ ලබාදීමය. ඇයගේ ජීවිත අපේක්‍ෂාව සහ කඳුළු කතාව එසේ වචන කර අවසාන කරන විට තවත් කාන්තාවක්‌ අපට කතා කළාය. ඇය අපට හමු වන්නේ ද යාපනය අවට ගම්මානයකදීය.

    ''අපේ ගෙවල් තිබුණේ කොඩිකාමන්. මම සාමාන්‍ය පෙළ විභාගය කරනකොට තමයි ගෙදරට ඇවිත් මාව බලහත්කාරයෙන් එල්.ටී.ටී.ඊයෙන් අරගෙන ගියේ. හරියට යුද පුහුණුවක්‌ දුන්නෙවත් නෑ. අපිව මහ කැලෑවල බංකර්වලට දැම්මා. බංකරයට දාපු පළමු දවසේම බංකරේ හිටපු සාමාජිකයන් හතර දෙනා මාව දුෂණය කළා. ඒ මිනිස්‌සු කැලෑවේ ඉඳලා සත්තු වගෙයි හැසිරුණේ. ඒත් අඬනවා හැරෙන්න වෙන කරන්න දෙයක්‌ තිබුණේ නෑ. එදා ඉඳලා උන් කෑම බීම හොයනවට වඩා උනන්දු වුණේ මාත් එක්‌ක ඉන්න. උන් දෙන දස වධවලට යුද්ධ කරන්න ශක්‌තියක්‌ තිබුණේ නෑ. අන්තිමේ හමුදාවට භාර වෙනකොට එහෙම් පිටින්ම රොඩ්ඩක්‌. ඒ ජීවිතය ගැන මතක්‌ වෙනකොටත් අප්පිරියයි. හරි හැටි වතුර ටිකක්‌ නා ගන්න නෑ. සති ගණන් එකම ඇඳුම ඇඳගෙන බංකරයක ගුලි වෙලා හිටියා. හරියට සත්තු වගෙයි.

    යුද්ධය ඉවර වුණාට පස්‌සෙ ගමේම කොල්ලෙක්‌ එක්‌ක යාළු වෙලා සතුටින් ජීවත් වෙන්න කියලා හිතාගෙන කසාඳ බැන්දා. ඌ ඊට වඩා තිරිසනෙක්‌ වුණා. බීගෙන ඇවිත් මට නොසෑහෙන්න වද දුන්නා. දැන් මට දරුවො දෙන්නෙක්‌ ඉන්නවා. ලොකු දුවට අවුරුදු 3 යි. පුතාට අවුරුදු 2 යි. මගේ මනුස්‌සයා අපිව දාලා ගිහිල්ලා ටික දවසක්‌ වෙනවා. දැන් ඉඳලා හිටලා යාළුවොත් එක්‌ක බීගෙන ඇවිත් මට කරදර කරනවා. නිදහසේ ඉන්න දෙන්නෙම නෑ. දැන් මට අවුරුදු 28 යි. ජීවිතයෙන් වැඩි කාලයක්‌ දුක්‌වින්දා. තවමත් සතුටක්‌ නෑ. අපිව මේ විදිහට මිනිස්‌සු ඉදිරියේ හැල්ලු වෙන විදිහට අසරණ කළේ එල්.ටී.ටී.ඊ. සංවිධානය...

    'අපේ තාත්තායි අම්මයි ගොඩක්‌ වයසයි. තාත්තට ඇස්‌ පේන්නෙත් නෑ. අම්මා කෑම කඩවල උයන්න යනවා. මමත් කෑම ඕඩර් අරගෙන හදලා දෙනවා. අම්මයි, තාත්තායි අපි තුන්දෙනයි එකට ඉන්නෙ. කිරි හරක්‌ දෙන්නෙක්‌ දෙනවා නම් මට පුළුවන් ජීවත් වෙන්න. හොඳට රෙදි මහන්නත් පුළුවන්. කවුරුහරි අපට එහෙම උදව්වක්‌ කරනවා නම් ගොඩක්‌ පිං...

    එල්.ටී.ටී.ඊ. සාමාජිකාවන් ලෙස සිට පුනරුත්ථාපනය කර සමාජයට මුදාහල කාන්තාවන් හයසිය පහළොවක්‌ පමණ යාපනය අවට ප්‍රදේශවල ජීවත් වෙති. කසාද බැඳපු, නොබැඳපු අය ඒ අතර වෙති. එහෙත් ඒ කාන්තාවන් 615 දෙනාටම දරුවෝ සිටිති. ඔවුන් අතරින් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකාවන් කිහිපදෙනෙක්‌ සමඟ අපි කතාබහ කළෙමු. අප කතා කළ ඒ කාන්තාවන් කියන ආකාරයට එල්.ටී.ටී.ඊ. සාමාජිකාවන් බහුතරය කොටි සංවිධානයට වෛර කරන්නාහ. ඒ ඔවුන්ගේ ළමා විය, තරුණකම විනාශ කර ජීවිත නරකාදියට දැමූ නිසාය. අද ඔවුන් නොදරුවන් සමඟ දුක්‌ විඳින්නේ ඒ සාපය හෙයිනි.

    එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ම්ලේච්ඡත්වය සමඟ කැටි වූ ගෝත්‍රිකකම ගැන පැහැදිලිs කිරීමට ඒ අසරණියන්ගේ කතාව හොඳමට ප්‍රමාණවත්ය. එහෙත් ඒ ම්ලේච්ඡ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය මේ පොළවෙන් අතුගෑවී වසර හතකටත් වැඩිය. එහෙයින් වැළලුණු කොටි ගැන වැඩි කතා අවැසි නැත. දැන් අප කතා කළ යුත්තේ කිසිවකුගේ හව්හරණක්‌ නොමැතිව දුක්‌විඳින අසරණ දෙමළ මිනිසුන් ගැනය.

    මේ අසරණ මිනිසුන් ඉල්ලා සිටින්නේ වෙනම රටක්‌ නොවේ, පොලිස්‌, ඉඩම් බලතල ද නොවේ. ජීවිත ගැටගසා ගැනීමට කිරි හරකෙකි. එළුවො දෙතුන් දෙනෙකි. මහණ මැෂිමකි. ඒ ඔවුන්ගේ වැටුණු ජීවිත ගොඩනඟා ගැනීමටය. එහෙත් උතුරේ දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින විග්නේෂ්වරන් මහ ඇමැතිවරයා හර්තාල් කරමින් රජයට බල කරන්නේ පොලිස්‌, ඉඩම් බලතල ලබාදෙන ලෙසය. බුද්ධි අංශ වාර්තා පෙන්වා දෙන අන්දමට උතුරේ මහ ඇමැතිවරයා 'දෙමළ ජාතික සභාව' යනුවෙන් සංවිධානයක්‌ පිහිටුවාගෙන ඒ සංවිධානය සඳහා 'එළුග තමිල්' හෙවත් 'දෙමළ ජනතාවනි, නැඟිටිව්' යන්න සටන් පාඨ කියමින් ජාතිවාදය වපුරමින් සිටින්නේය. එහෙත් උතුරේ අසරණ ජනතාවට නැඟිටින්න තියා පාන් කියා ගැනීමටවත් නොහැකි තරමට ඔවුහු හාමතේ දුක්‌ විඳින්නාහ. පියවරු නැති දරුවන් සමඟ කඳුළු බොන්නාහ. පිරිසක්‌ තවමත් අනාථ කඳවුරුවල අපා දුක්‌ විඳින්නාහ. ජාතිවාදය වපුරමින් සිටින උතුරේ මහ ඇමැතිවරයා ඇතුළු එල්.ටී.ටී.ඊ. රූකඩවලට මේ පීඩිත දුගී ජනතාවගේ අසරණකම නොපෙනේ. දෙමළ මිනිසුන්ගේ ගැටලු ගැන සොයාබැලීමට ඔවුන්ට ඕනෑකමක්‌ ද නැත. මේ ජාතිවාදී නායකයන්ගේ එකම හීනය මිනී මරු ප්‍රභාකරන්ගේ ඊළාම් සිහිනය සැබෑ කිරීම පමණි.

    සාමකාමී රටක්‌ විදිහට අප අපේක්‍ෂා කළ යුත්තේ මේ අසරණ මිනිසුන් පාරට බසින තෙක්‌ නොසිට බුද්ධිමත් ලෙස ඔවුන්ගේ ජීවන ගැටලු විසඳීමය. උතුරේ ප්‍රශ්න දකුණේ සංවාද මණ්‌ඩපයට ගෙන ඒමය. අන්තවාදී ඊළාම්වාදීන්ව මහ පාරෙන් කාණුවට ඇද දැමිය හැක්‌කේ එසේ කළහොත් පමණි. ශිෂ්ටසම්පන්න රටක්‌ ලෙස සැබෑ ජාතික සමගිය, සාමය ගොඩනැඟිය හැක්‌කේ එවිටය.


    http://www.divaina.com/2016/10/16/feature32.html
     
    • Like
    Reactions: besteye

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,888
    40,659
    113
    ඔය කතාව ඇත්ත උනාට වැඩක් නෑ බන්, කොළඹ සැප කාමර වල ජීවත්වෙන දෙමළ දේශපාලකයෝ ඔය කතාව දෙමල සමාජයේ ජනගත වෙනවට කැමති නෑ. උන් එහෙම වෙන්න දෙන්නෙත් නෑ. එහෙම උනොත් උන්ට කරන්න දේශපාලනයක් නැති වෙනවා. උන්ට ඕනේ මෙකට ගින්දර දදා ප්‍රශ්නේ අවුලවගෙන ඉස්සරහට යන්නයි. දේශපාලන නායකයොයි කියන උන් පස්සේ නොයා, තමන්ගේ මතය නියෝජනය කරන ගමේ මිනිහෙක්ට දේශපාලන බලය ලැබුන දාක ප්‍රශ්න වලින් පොඩ්ඩක් හරි බේරෙන්න පුළුවන්, එතකන් එදා වේල හොයා ගන්න රැකියා අමතක කරලා රටෙන් කෑල්ලක් කඩා ගන්න හැටි හිත හිත හීන් දැක දැක ඉඳිවී. සිංහල සමාජයට කියන්න තියෙන්නත් ඔච්චරම තමයි.
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    දෙමළා හදන්නේ අපේ ඉතිහාසය විකෘති කරලා මේක උන්ගේ රට, අපි මේකට බලෙන් ඇවිත් උන්ව එලවගත්තා කියලා කියන්නයි, මම දැක්කා උන් විකිපිඩියා ටෝල්ස් සෙක්සන් එකේ කුවේණි දෙමළ කාන්තාවක් කියලා දාගන්න ලොකු ගේමක් ඇදලා තියෙනවා, තව සිංහල රාජධානි ගැන විස්තර කරලා තියෙන හැම පේජ් එකේම ටෝල්ක් සෙක්ෂන් එකේ උන් ලොකු ගේමක් අදිනවා, විජයගේ ඉදලා ලංකාව පාලනය කරේ දෙමළු කියන්න, තව චේන්ජ් කියන සයිට් එකේ පෙටිෂන් එකකුත් දාලා තියෙනවා මේක උන්ගේ රට, අපි සරණාගතයෝ විදියට ඇවිත් උන්ව එළවගත්තා කියලා, තව උන් බර නම් ලිස්ට් එකක් දාලා උන් ඔක්කොටම දඩුවම් දෙන්නත් කියලා දාලා තියෙනවා, තව උන් කියන්නේ LTTE කියන්නේ අහිංසක සංවිධානයක්, ඒක සටන් කෙරුවේ සිංහල මිනිස්සු උන්ව දැක්ක තැන මරනවා ඒකට සටන් කරන්නලු. බයිලා කථා බන්, කළු ජූලියේදි උනත් සිංහල උන් ගොඩක් දෙමළට උදව් කරා, අද ඔය බටහිර රටවල දෙමලූ ඉන්නේ එදා සිංහලයට පිංසිද්ධ වෙන්නයි, ඔක්කොම සිංහල මිනිස්සු දෙමළුන්ව මැරුවා නම් අද එහෙනම් දෙමළෙක් මේ රටේ හොයාගන්නවත් නෑ.

    ඔන්න බලපන්, කැරි දෙමල්ලු බලන්නේ රට අල්ලගන්න විතරක් නෙවෙයි, ඉතිහාසයම විකෘති කරන්නයි, අපිට මඩ ගහන්නයි. දෙමළා ඒ කාලේ ඉදලම වගේ හිටියේ ඉන්දියාවේ, ලංකාවේ හිටියේ යක්ෂ, නාග, දේව කියලා ගෝත්‍ර 3 ක්. ඕකට විජයගේ කට්ටිය එකතු වෙලයි සිංහලේ හැදුනේ, ඉතින් සිංහල කියන සංකල්පය ටිකක් අළුත් උනත් අපි 3/4 ස්වදේශිකයෝ, ඊට පස්සේ සිංහල රාජධානි ටික ටික හැදෙන කොට, සේන හා ගුත්තික කියන දෙමළ්ලු දෙන්නා අශ්වයෝ විකුණන්න ඇවිත් එදා රට පාලනය කරපු සුරතිස්ස කියන සිංහල රජුව මරලා මේක අල්ලගත්තා. , අන්න එදා ඉදලා තමයි දෙමළ මේකේ පදිංචි වෙන්න ගත්තේ. ඊට කලින් මේක දෙමල්ලු පාලනය කරේ නෑ, උන් වෙළදාමට ආව විතරයි, නමුත් දැන් දෙමළට අනුව මේක උන්ගේ රට, අපි ඉන්දියාවෙත් ඇවිත් උන්ගේ රට පැහැරගත්තාලු.
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113

    දෙමළා හදන්නේ අපේ ඉතිහාසය විකෘති කරලා මේක උන්ගේ රට, අපි මේකට බලෙන් ඇවිත් උන්ව එලවගත්තා කියලා කියන්නයි, මම දැක්කා උන් විකිපිඩියා ටෝල්ස් සෙක්සන් එකේ කුවේණි දෙමළ කාන්තාවක් කියලා දාගන්න ලොකු ගේමක් ඇදලා තියෙනවා, තව සිංහල රාජධානි ගැන විස්තර කරලා තියෙන හැම පේජ් එකේම ටෝල්ක් සෙක්ෂන් එකේ උන් ලොකු ගේමක් අදිනවා, විජයගේ ඉදලා ලංකාව පාලනය කරේ දෙමළු කියන්න, තව චේන්ජ් කියන සයිට් එකේ පෙටිෂන් එකකුත් දාලා තියෙනවා මේක උන්ගේ රට, අපි සරණාගතයෝ විදියට ඇවිත් උන්ව එළවගත්තා කියලා, තව උන් බර නම් ලිස්ට් එකක් දාලා උන් ඔක්කොටම දඩුවම් දෙන්නත් කියලා දාලා තියෙනවා, තව උන් කියන්නේ LTTE කියන්නේ අහිංසක සංවිධානයක්, ඒක සටන් කෙරුවේ සිංහල මිනිස්සු උන්ව දැක්ක තැන මරනවා ඒකට සටන් කරන්නලු. බයිලා කථා බන්, කළු ජූලියේදි උනත් සිංහල උන් ගොඩක් දෙමළට උදව් කරා, අද ඔය බටහිර රටවල දෙමලූ ඉන්නේ එදා සිංහලයට පිංසිද්ධ වෙන්නයි, ඔක්කොම සිංහල මිනිස්සු දෙමළුන්ව මැරුවා නම් අද එහෙනම් දෙමළෙක් මේ රටේ හොයාගන්නවත් නෑ.

    ඔන්න බලපන්, කැරි දෙමල්ලු බලන්නේ රට අල්ලගන්න විතරක් නෙවෙයි, ඉතිහාසයම විකෘති කරන්නයි, අපිට මඩ ගහන්නයි. දෙමළා ඒ කාලේ ඉදලම වගේ හිටියේ ඉන්දියාවේ, ලංකාවේ හිටියේ යක්ෂ, නාග, දේව කියලා ගෝත්‍ර 3 ක්. ඕකට විජයගේ කට්ටිය එකතු වෙලයි සිංහලේ හැදුනේ, ඉතින් සිංහල කියන සංකල්පය ටිකක් අළුත් උනත් අපි 3/4 ස්වදේශිකයෝ, ඊට පස්සේ සිංහල රාජධානි ටික ටික හැදෙන කොට, සේන හා ගුත්තික කියන දෙමළ්ලු දෙන්නා අශ්වයෝ විකුණන්න ඇවිත් එදා රට පාලනය කරපු සුරතිස්ස කියන සිංහල රජුව මරලා මේක අල්ලගත්තා. , අන්න එදා ඉදලා තමයි දෙමළ මේකේ පදිංචි වෙන්න ගත්තේ. ඊට කලින් මේක දෙමල්ලු පාලනය කරේ නෑ, උන් වෙළදාමට ආව විතරයි, නමුත් දැන් දෙමළට අනුව මේක උන්ගේ රට, අපි ඉන්දියාවෙත් ඇවිත් උන්ගේ රට පැහැරගත්තාලු.

    තව උන් බර නම් ලිස්ට් එකක් දාලා උන් ඔක්කොටම දඩුවම් දෙන්නත් කියලා දාලා තියෙනවා

    mchn me list 1 mokakda?
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    තව උන් බර නම් ලිස්ට් එකක් දාලා උන් ඔක්කොටම දඩුවම් දෙන්නත් කියලා දාලා තියෙනවා

    mchn me list 1 mokakda?

    1. Mahinda Rajapaksa, Former President, Sri Lanka.
    2. Kotabhaya Rajapaksa, Former Defence Secretary, Sri Lanka.
    3. Basil Rajapaksa, Sri Lanka.
    4. Sarath Fonseka, Former Chief of Sri Lankan Army.
    5. Chamal Rajapaksa, Former Speaker of the Parliament, Sri Lanka.
    6. Namal Rajapaksa, Sri Lanka.
    7. Ratnasiri Wickremanayake, Former Prime Minister, Sri Lanka.
    8. Rohitha Bogollagama, Former Minister for External Affairs, Sri Lanka.
    9. Major General Sharvendra Silva, Former Chief of 58th Division, Sri Lankan Army, Sri Lanka.
    10. Major General Jagath Dias, 57th Division, Sri Lankan Army, Sri Lanka.
    11. Buddhist Monks Organisation in Sri Lanka.
    12. Karuna alias Muralidharan, Former Minister, Sri Lanka.
    13. Douglas Devanandha, Former Minister, Sri Lanka.
    14. Lalith Veeratunka, Former Minister, Secretary to the President of SriLanka.
    15. Raghu Weeravansa, Former Minister, Sri Lanka.
    16. Udhaya Nanayakkara, Former Minister, Sri Lanka.
    17. Chief Officers, [External Affairs, Defence] Sri Lankan Government.
    18. Sonia Gandhi, Chairperson – UPA, Leader of Congress-I, India.
    19. Rahul Gandhi, General Secretary, Congress-I, India.
    20. Priyanka Vadhera, D/O Sonia Gandhi, India.
    21. Chief Officers, [External Affairs, Defence] Chinese Government.
    22. M.K.Narayan, Former National Security Adviser,
    Governor of West Bengal, India.
    23. Shiv Shankar Menon, Former Secretary for External Affairs,
    Former National Security Adviser, India.
    24. T.K.A. Nair, Former Secretary to Former Prime Minister of India.
    25. Sathish Nambiyar, National Security Adviser, Sri Lanka.
    26. Vijay Nambiyar, Secretary to Secretary-General, U.N.
    27. Alok Prasad, Former Indian High Commissioner in Sri Lanka.
    28. A.K.Antony, Former Union Minister for Defence, India.
    29. Pranab Mukherjee, Former Union Minister for External Affairs,
    Former Union Minister for Finance, The President , India.
    30. Shashi Tharoor, Former Minister of State for External Affairs, India.
    31. K.M.Chandrasekar, Former Cabinet Secretary, India.
    32. Vijay Singh, Former Secretary, Defence, India.
    33. Chief Officers, [External Affairs, Defence] Pakistan Government.
    34. P. Chidhambaram, Former Union Minister for Home Affairs,
    Former Union Minister for Finance, India.
    35. G.K. Pillai, Former Secretary, Home Affairs, India.
    36. Subramanian Swamy, Former President of Janata Party, India.