සෝලාර් පැනල් එක ගන්න කලින් තේරුම් ගන්න

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    සෝලාර් පැනල් එක ගන්න කලින් තේරුම් ගන්න



    නෝනා කෙනෙක්, ඇයට අවශ්‍ය ‘සෝලාර් පැනල් එක’ කුමක්දැයි මුල් ළිපියක අසා තිබුණි. මේ ප්‍රශ්නයට හොඳ උත්තරයක් තිවංක විමලසූරිය’ මහතා විසින් දී තිබුණි.
    1. 1.2KW : 250 000/= (generate 140 units, for a house of 220 usage)
    2. 1.8KW : 340 000/= (generate 210 units, for a house of 300 usage)
    3. 2.4KW : 440 000/= (generate 280 units, for a house of 370 usage)
    4. 3.0KW : 550 000/= (generate 350 units, for a house of 430 usage)
    5. 4.8KW : 850 000/= (generate 550 units, for a house of 600 usage)
    HTML:
    We do not advocate to zero your electricity bill. First 90 units are very cheap and cost you only around Rs 800 per month. So it’s better to pay that amount to CEB rather than to invest lot of money to save that small figure. Suggested solutions are for save the units beyond 90. Example the 1 kw system above is best for households with 200 units of monthly usage (Rs 4500 bill). The solution will cover at least 110 units of it. Reducing the bill to around Rs 800 per month.




    13245210_10155021704816729_7442164082584755180_n.jpg




    නෝනා කෙනෙක්, ඇයට අවශ්‍ය ‘සෝලාර් පැනල් එක’ කුමක්දැයි මුල් ළිපියක අසා තිබුණි. මේ ප්‍රශ්නයට හොඳ උත්තරයක් තිවංක විමලසූරිය’ මහතා විසින් දී තිබුණි. එය පහත ලෙස විය ...

    ... මුලින්ම බලන්න මාසයකයට විදුලි ඒකක කීයක් පාවිච්චි කරනවාද කියා. අපි හිතමු ඒකක 150, ඒ කියන්නේ රු 3000 පමන මාසික බිලක් එනවා කියා. එසේ නම් කිලෝ වොට් 1 පමන ග්‍රිඩ්-කනෙක්ටඩ් සිස්ටම් එකකට යන්න පුලුවන්. ඒ කියන්නේ වොට් 250 පැනල් 4 සමග ග්‍රිඩ් ටයිඩ් ඉන්වටරයක් සහිත පද්ධතියක් මිලට ගත යුතුයි. මේ දිනවල පැනල්වල මිල වොට් 1ක් රු 100 පමන ඒ කියන්නේ වොට් 250 පැනල් එකක් රු 25000 පමන වෙනවා. මේ කිලොවොට් 1 පද්ධතියට අපිට wvc-1200 වැනි ඉන්වටරයක් පාවිච්චි කල හැකියි. එයත් රු 45000 පමන මිලකට ගන්න පුලුවන්. තමන්ටම මේවා සවි කර ගත හැකි උනත් පහසුම ක්‍රමය ඉන්ස්ටොලර් කෙනෙක් ලවා මේවා සවි කර ගැනීමයි. අවශ්‍යනම් මම පැනල් සහ ඉන්වටර් මිලදීගත් ආයතනය සඳහන් කරන්නම් ...

    ... මේ කිලොවොට් එකේ පද්ධතියෙන් මාසයකට ඒකක 110 පමන ලබා ගන්න පුලුවන්. එහෙම උනාම අපිට බිල ගෙවන්න වෙන්නේ ඉතුරු ඒකක 40ට. ඒ කියන්නේ 3000කට තිබූ බිල , රු 250 වගේ සුලු ගනනක් දක්වා අඩු වෙනවා ...
    ...ඉහත තිවංක මහතා දුන් පිළිතුර විශ්ලේෂණය කළහොත්, මෙන්න මේ නිගමන ඔබට එන්නේය...

    1. අවශ්‍ය සූර්ය පැනල් ගණන වන්නේ 4 කි. එකක් රුපියල් 25,000 බැගින් හතරම වන්නේ රුපියල් ලක්ෂයකි.
    2. අවශ්‍ය ඉන්වර්ටරය සඳහා රුපියල් 45,000 ක් යයි.
    3. වයර් සහ කුලියට තව රුපියල් 10,000 ක් යයි.
    4. එවිට මුළු මුදල වන්නේ 1,55,000 කි.

    ... මුල් ළිපියක, සූර්ය පැනල් සහ අදාළ යන්ත්‍ර 2020 වසරේ, 50% කින් අඩු වේ යයි ලීවෙමි. එය ඇමරිකාවේ ගණනය කරන ලද අනාවැකියකි. [Calculated prediction.] මා දන්නා පරිදි නම්, ලංකාව වැනි රටක මේ පැනල් සහ යන්ත්‍ර ඇමරිකාවට වඩා මිළ අඩු වේ. විශේෂයෙන් මේ පැනල් සහ යන්ත්‍ර තනන චීන සමාගම් ඒ ඒ භාණ්ඩ විකුණන මිළ, රට අනුව වෙනස් කරති ... කෙසේ හෝ 50% ක අඩුවක් ඇතිවනු යයි සිතමු ...

    ... එවිට ගණනය කල විට ලැබෙන මුළු මුදල වන්නේ රුපියල් 82, 500 කි . {අඩු වුනු ප්‍රමාණය සමාන වන්නේ (1,55,000 – 82,500) රුපියල් 72,500 කි.} රුපියල් 3000 මුළු විදුළි බිල දිගටම එසේ පැවතුන හොත්, [82,500/ 3000 = මාස 27.5], අවුරුදු දෙකක් සහ මාස 3 කින් ඔබට වියදම් වූ මුළු මුදල පියවේ ...

    ... මේ සමීකරණය ලංකාවට වෙනස් වන අයුරු මෙසේය. 2017-2018 කාලයේ ලංකාවේ විදුළි බල හිඟයක් එන්නේ යයි සැක පහල කෙරේ. එවිට ඔබට කරන්න ඇත්තේ අඳුරේ සිටීම හෝ, වැඩි වන විදුළි බලය සඳහා විදුළි බල මණ්ඩලයට මුදල් ගෙවීම නොවේ. හුදෙක් මෝටර් රථ වලට භාවිතා කරන බැටරි කීපයක් ඔබේ මුළු ඇටවුමට සම්බන්ද කර ගැන්ම පමණි. අවම බැටරි සංඛ්‍යාව 2 ක් වේ නම්, තවත් රුපියල් 40,000 කින් (දළ වශයෙන්.) 2020 වසරේ ඔබේ විදුළි බල සැපයුම කිසිම බාහිර විදුළි සම්බන්දයක් නොමැතිව ඔබට ලැබෙනු ඇත. ඔබට අවශ්‍ය විදුළි බලය ක්‍රමයෙන් ¼, ½, ¾ ලෙස ඔබගේ ඇටවුමෙන් ලබා ගනිමින්, අවසානයේ සම්පූර්ණ විදුළි බලය කිසිම ආකාරයක බාහිර ක්‍රමයකින් ලබා නොගැනීම ඉලක්කය කර ගත යුතුය ...

    ... මෙහිදී ඉතා වැදගත් දෙයක් ලිවිය යුතු ඇත. ග්‍රිඩ් කනේක්ටඩ් ක්‍රමයට (හෙවත් ඔබේ ඇටවුම පළාතේ විදුළි බල සැපයුමට සම්බන්ද කිරීම ) වඩා අනාගතයේ ජනප්‍රිය වන්නේ, තනි ඒකක ක්‍රමයයි. එයට හේතුව වන්නේ බැටරි තාක්ෂණයේ දියුණුවයි. අද දින ගත හැකි ලෙඩ් ඇකියුමුලේටර හෙවත් සාමාන්‍ය වාහන වලට යොදන බැටරි පටන් ගැන්මට හොඳ වුවද, අවුරුදු කීපයකින් එම බැටරි තවත් අධි ධාරිතාවය ඇති බැටරි වලට විස්ථාපනය වීම යතාර්ථයක් වෙමින් පවතී ...

    ... දැන් මෙතනදී ඔබට ආර්ථික වශයෙන් ලැබෙන ලාභයට අමතරව තවත් දේවල් ඔබ රට සහ පොදුවේ ලොවටද ඉටු කරන්නේය ...

    1.ඔබගේ නිවසේ විදුළි අවශ්‍යතා සඳහා ඇතිවන කාබන් පාදය ශුන්‍යයට ලඟා කිරීම.
    2. ලංකාවේ මොන හේතුවක් නිසා විදුළිය සැපයීම ක්‍රියා විරහිත වුවත්, ඔබේ ගෙදර විදුළිය පැවතීම.
    3. දියුණු වන ලෝකයට අනුව ඔබද තාක්ෂණය අතින් ඉදිරියට යාම.
    4. ඔබගේ ඇටවුම ක්‍රම ක්‍රමයෙන් විශාල කරමින්, අනාගතයේ රථ වාහන සඳහා ඔබට යන ඉන්ධන ආදායම ඔබ විසින්ම නිපදවා ගැනීමේ අඩි තාලම දැමීම...

    ... මෙය හිම බෝලයක් ලෙස විශාල කිරීම අප සියලු දෙනාගේම වගකීම වී ඇත. එය එසේ නොවේ නම් ලංකාවේ ක්‍රමයෙන් වැඩි වන විදුළි බල වියදම අපව ගිල ගන්නවා ඇත. ඒ මතය ඔස්සේ යමින්, පරිසරයට විණ කරන තවත් ගල් අඟුරු බලාගාරයක් තැනෙනු ඇත. එසේ නැත්නම්, කිසියම් හෙයකින් හුදෙක් පුද්ගලික ළාභය තකා ඩීසල් බලාගාරයක් තනන කෙනෙක් හෝ ආයතනයකට විශාල ළාභ ලබමින්, ඔබව බංකොලොත් කරනු ඇත. එය වෙනස් කල හැක්කේ ඉහත ක්‍රමයෙන් පමණි. නැතිනම් වන්නේ ‘අපි ඕක කීවා’ කියාගෙන එන බලවේගවලට යටත් වීම පමණි ...

    ... මේ ඉලක්කයට ලඟා වීම සඳහා ලංකාවේ සිටින අසරණම මනුස්සයාට උදව් කිරීම අප සියල්ලන්ගේම වගකීමයි. එක් උගතෙක් කියනාකාරයට ‘ බුලත් විට විකුණන ජුවානිස්’ ගේ කඩයටද සෝලාර් ක්‍රමය ලැබිය යුතුය. ඔහු එය වැළඳ නොගන්නේ නම්, 'පොල්තෙල් හෝ කැකුණ ඇට' තෙලේ ආලෝකයෙන් ඔහුට ජීවත් වන්න වනු ඇත. මක්නිසාද යත්, භූමිතෙල්, පෙට්‍රල් හෝ ගල් අඟුරු පිලිබඳ ප්‍රශ්ණ අනාගතයේ එන හෙයිනි ...

    ... ලංකාවේ ඇති නිවාස 0.1 % ක වහළවල් උඩ සූර්ය පැනල් අද දින ඇත කියා සිතන්න. එය 50% වන දිනක, පාරේ ඇති විදුළිය රැහැන් නඩත්තු කිරීමවත් සාධාරණීය කරණය කරන්නට විදුළි බල මණ්ඩලයට නොහැකි වනු ඇත. විදුළි බල මණ්ඩලය මගින් ජනනය කරන විදුළි බලයට වැය වන මුදළ රුපියල් බින්දුව වුවද, මේ පාරේ ඇති විදුළිය රැහැන් නඩත්තු කිරීමට යම් වියදමක් යන්නේය. ඉහත කී ලෙස සූර්ය පැනල වලින් ලැබෙන බලය සංතෘප්ත වූ විට, කිසි කෙනෙක් විදුළි බල මණ්ඩලයෙන් විදුළිය මිළදී ගන්නා එකක් නැත. 2022 දී මේ තත්වය ඇමරිකාවේ ඇතිවන බවට ගණනය කරන ලද අනාවැකි [Calculated prediction] කර ඇත. මෙය දැනටමත් ඕස්ට්‍රේලියාවේ වී ඇත. එහි සමහර පළාත් වල සූර්ය බලය මගින් ගන්නා විදුළිය ‘රැහැන් වලට යන නඩත්තු මුදළ’ ට වඩා අඩු බව කියන්නේය. එය අනාගතයේ වෙන දෙයක් නොවේ. දැනටමත් වී ඇති දෙයකි. වෙන අයුරකින් කිවහොත්, පළාතේ විදුළි සැපයුම ‘සුදු අලියෙක්’ වන්නේය ....

    ... මෙහිදී කෙනෙක්ට මේ ඉහත චේදය ‘විදුළි බල මණ්ඩලයට’ විරුද්ධව කියූ දෙයක් යයි සිතෙන්නට ඉඩ ඇත. කිසි සේත්ම එසේ නොවේ. ලංකාවේ මහ ජනතාව යනු විදුළි බල මණ්ඩලයේ උප කුලකයක් නොවේ. හුදෙක් ‘විදුළි බල මණ්ඩලය’ යන්න ‘ජනතාව’ යන මහා කුලකයේ, උප කුලකයකි. වෙනස් කල නොහැකි බල ශක්ති අරගලයේ ගමන් මඟ අනුව අප සියල්ලන්ම වෙනස් විය යුතුය. ‘විදුළි බල මණ්ඩලයේ’ උගත් තාක්ෂනිකයන් මේ මාර්ගයට පිවිසිය යුතුය. තාක්ෂනය ලෝකාන්විත යතාර්ථය සමඟ සමගාමී විය යුතුය ...

    ... මෙය ලංකාවට කෙසේ බලපායිද යන්න, අපට අදාළ මාතෘකාව විය. ලංකාවේ තනන්නට නියමිතව තිබූ සාම්පූර් ගල් අඟුරු බලාගාරයේ කටයුතු තාවකාලිකව හෝ නවත්වා දැමූ බව ඔබ සමහරවිට අසන්නට ඇත. මුල් ළිපි වල, ඇමරිකාවේ කියන ලද තත්වය ලංකාවේ ඇති වන්න නම්,...එනම් ලංකාවේ වැඩ කෙරෙන ආකාරයට එම තත්වය ඇතිවීමට, තව අවුරුදු අටක්- දහයක් කාලයක් වත් වැඩි පුර එකතු කල යුතු වේ. එනම් මේ කාලය 2030 යයි සිතමු. එය එසේ නම්, එතෙක් කල් වැඩිවන ශක්ති අවශ්‍යතාවය කුමන ආකාරයට ලබා ගන්නේද යන්න අපට ඇති විශාලතම බල ශක්ති අභියෝගය වේ. මෙය හඳුනා ගත යුත්තේ, දළ වශයෙන් වසරකට ලංකාවේ වැඩිවන බල ශක්ති පරිභෝජනය වන දලවශයෙන් මෙගා වොට් 200 ක ප්‍රමාණය ගැනද සිතීමෙනි ..

    ... සාම්පූර් ගල් අඟුරු බලාගාරය නවත්වා දැමුවහොත්, ලංකාවට අවුරුදු පතා වැඩිවන ශක්ති අවශ්‍යතාවය පුද්ගලික අංශයට ‘මැණික් ඉල්ලමක්’ යයි බල ක්ෂේත්‍රයේ සමහර අය කියන්නේය. ලංකාවේ දේශපාලනය කරන ආකාරයට, මෙය බොහෝ දේශපාලනඥයන් ගේ හෙංචයියන් සහ ඔවුන්ටද මුදල් සොයා ගැනීමේ අනගි මාර්ගයක් වෙන්නට ඉඩ ඇති බව පෙනේ. මෙන්න මේ දුෂණයට ඇති ඉඩ කඩ අප එක්ව නැති කිරීමට නොහැකි නම්, අඩු ගානේ අවමයක් කිරීම කල යුතු වේ. වෙන කරන්න දෙයක් ඉතිරිව නැත ...

    ... මෙය කල හැකි එකම ක්‍රමය වන්නේ, හැකි අයුරෙන් පුද්ගලික වශයෙන්, තමාට සහ පව්ලේ සාමාජිකයන්ට අවශ්‍ය බල ශක්තිය නිවසේදීම නිෂ්පාදනය කර ගැනීමයි. අද දින මේ තත්වය ලබා ගැනීම ප්‍රායෝගික නැත ලෙස කෙනෙක් කියන්නට ඉඩ ඇත. එහෙත්, මුලින් කී අයුරු මේ ඉලක්කයට යෑමට දිනෙන් දින පහසු වේ. එය පුද්ගලිකව කරනවාට වඩා හෙට දින ගැන සිතා, රාජ්‍ය අනුග්‍රහය ඇතිව විය යුතුය. රාජ්‍ය අනුග්‍රහය නැත්නම්, තනියෙන් හෝ මේ කාර්යයට හැකි අයුරෙන් උර දිය යුතු වේ. ඒ අතර කල යුත්තේ හැකිතාක් පුනර්ජනනීය ශක්ති ප්‍රභව ගැන රටේ ප්‍රසිද්ධියක් ඇති කිරීමයි. එමෙන්ම පුද්ගලික ඩීසල් බලාගාර හරහා යන ඩීල් සහ ගල් මාට්ටු ගැන සියල්ලන් ඇහැ කන අරගෙන ඉන්නා බව දේශපාලනඥයන්ට පෙන්වීම ඉතා වැදගත් වේ ...

    ... අනාගතයේ ඇතිවිය හැකි විදුළි බල ශක්ති අවශ්‍යතාවය සඳහා මිනිසුන් සිටින ප්‍රදේශ වල හැකිතාක් ‘ඒකක’ ලෙස බල ශක්තිය ලබා ගැනීමට පුනර්ජනනීය බල ශක්ති ක්‍රම යෙදිය යුතුය. එනම් ඒ ආකාරයේ ඇටවුම් ප්‍රධාන විදුළි පද්ධතියෙන් ඉවත් කර සූර්ය බලයෙන් හෝ සුළං බලයෙන් පමණක් ක්‍රියාත්මක කල යුතු වේ. සූර්ය පැනල සහ ඒ හා අදාළ අනෙකුත් ඉන්වර්ටර වැනි දේ සඳහා කිසිම බද්දක් අය නොකළ යුතු අතර, කල යුත්තේ ආණ්ඩුවෙන් ඒ ද්‍රව්‍ය පහසු මිළට ජනතාවට ලබා දීම ය. ඒ සඳහා හැකිතාක් ප්‍රචාරයක් රට පුරා ලබා දීමය ...
     
    Last edited:

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    meka nam patta post ekak machan .. machan puluwan nam solar panel warga pilibandawath tread ekak dapan ,, kohenda buy karanna puluwan wage dewal ,, price , durability wage ewa gana
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,779
    1
    42,937
    113
    සූර්ය කෝෂයක උපරිම ආයු කාලයකත් තියෙනවද ?
    තියෙනවනං ඒ කොච්චරක්ද ?
     

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    1.ඔබගේ නිවසේ විදුළි අවශ්‍යතා සඳහා ඇතිවන කාබන් පාදය ශුන්‍යයට ලඟා කිරීම

    හුගක් හොද ලිපියක් නමුත් මේකට එකඟ වෙන්න බෑ...සුර්ය පැනල තැනීමට වය වන ඇති මහත් ශක්තිය නිසා කාබන් පදකය ඉහල අගයක් ගන්නවා...මේවා සැගවූ කරුණු නමුත් කාලයත් සමග සඵල කාබන් පාදය අඩු අගයක් වෙයි අවුරුදු 2.5ක් 3ක් කාලයක් ඒ සඳහා ගතවෙ .
     
    Last edited: