කඩ්ඩ_මෙගා_ත්‍රෙඩ්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
කඩ්ඩ_මෙගා_ත්‍රෙඩ්

ඉංග්‍රීසි හදාගමු මෙගා ත්‍රෙඩ්.

Fotolia_47788010_M.jpg


මේකෙදි වෙන්නේ ඉංග්‍රීසි බාෂාව හොඳට දන්නා අය නොදන්නා අයට පුළු පුලුවන් හැටියට ඉගැන්වීම.

අද ඉතින් කඩ්ඩ නැතුව මොකක්වත් කරන්න බැහැ නේ. එහෙනම්
කඩ්ඩ හොඳට පොලිෂ් කරගමු.

අපි ප්‍රථමයෙන්ම හොඳ ඩික්ෂනරියක් පාවිච්චි කරන්න ඕනේ.


ඔබ ගොඩාක් ඉංග්‍රීසි වලට දුර්වලනම් ඒ වෙනුවෙන් මලලසේකර ශබ්ධකෝෂය පරිහරණය කරන්න පුළුවන්. මධුර ඩික්ෂනරිය උනත් ඔන්ලයින් පාවිච්චි කිරීමේ පහසුව තියනවා. මොකද මළල සේකර එකෙක් තියන කොපියක්මයි මධුර එකේ අන්තර්ගතවෙලා තියෙන්නේ.


ඔබට ඉංග්‍රීසි යම්තාරමක් හොඳට පුලුවන්නම් මම අනුමත කරන්නේ ඔක්ස්ෆර්ඩ් ශබ්ධකෝෂය පාවිච්චි කරන ලෙසයි. නොදන්නා වචනයක තේරුම ඉංග්‍රීසියෙන්ම සොයාගන්න පුළුවන්. ඒක ගොඩක් වැදගත්



අදම අපි මුලින්ම ටර්ගට් කරන්නේ ගොඩාක් ඉංග්‍රීසි වලට දුර්වල අය . මේ මේ අයව කොහොම හරි ගොඩ දාන්න බලමු. හැබැයි අපේ සහ මගේ උත්සාහය විතරක් වැඩක් වෙන්නේ නැහැ. ඉගෙන ගන්න කෙනා ඉතා උනන්දුවකින් ඉගෙන ගන්න ඕනේ.

මම ඉස්සරහට එළකිරි මෙම්බර්ස් ල එක්ක කඩ්ඩෙන් ස්කයිප් එකෙන් කතා කරන්න සුදානම් කරගෙන ඉන්නේ. එතකොට ස්පෝකන් ප්‍රශ්නෙත් විසදගන්න පුළුවන්.


අද පාඩම ඉංග්‍රීසි බැරි අය ( හොඳටම දුර්වල ) අය සඳහා පමණයි.

logo2.jpg


ඔබ දුර්වලනම් අද මම මේ කියන දේ කරන්න. තමන් ගැන රචනයක් ලියන්න. Myself ගැන. මට එතකොට ඔබ ඉන්න ලෙවල් එක මැන ගන්න පුළුවන්. ලජ්ජා වෙන්න එපෑ වැරදි වැරදි හරි ලියමු. ඉංග්‍රීසි බාෂාව හොදින් දන්නා සියලු දෙනාම දන්නේ නැති අයට උදවු කරමු.