ඊයෙන් අවසන් වූ සසල හද විල් තෙරට පසු වදනක්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඊයෙන් අවසන් වූ සසල හද විල් තෙරට පසු වදනක්

    සසල හද විල් තෙරට පසුවදනක් ලියන්නට සිත්විය. මෙවැන්නක් නොලියාම බැරිය.

    AH21HRs.jpg

    එළකිරි රේඩියෝවේ විතරක් නෙවෙයි ලංකාවේ ඔන්ලයින් රේඩියෝ කලාවේ තිබුනු උසස්ම තලයේ සුභාවිත ගීත වැඩසටහන මොකද්ද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට දෙන්න තියන එකම උත්තරේ සසල හද විල් තෙර කියන එක විතරයි. ඇත්තටම සසල හද විල් තෙර කියන්නේ අන්ථර්ජාල රේඩියෝ සීමාවෙන් ඔබ්බට ගිය ජාතික ගුවන් විදුලියට ගැලපෙන සාරවත් වැඩසටහනක්. ජාතික ගුවන් විදුලියෙන් වත් මේ වගේ සාරවත් වැඩසටහනක් මේ කාලයේ විකාෂණය වෙනවද කියලා මම නම් දන්නෙ නෑ.

    එලකිරි රේඩියෝ එක ගැන කියනව නම් මුල් කාලයේ දවස් 7ට වැඩසටහන් 16ක් විකාෂණය කරන්න තරම් සාරවත් උන ඔන්ලයින් රේඩියෝ එකක් උනත් රේඩියෝ එක කරපු ගොඩක් සාමාජිකයන්ට තමන්ගේ කාර්යබහුලත්වය නිසා මේක දාලා යන්න උනා. සමහරු කාලෙකදි අලුතින් රේඩියෝව කරන්න එකතු උනා. එහෙම එකතු උන සමහර අය කරේ වැඩසටහන් එකක් දෙකක්. ගොඩක් අයට ආසාවට රේඩියෝව කරනවා කියලා පටන්ගත්තට මේක කරගන යන්න තරම් ශක්තියක් තිබුනෙ නෑ කිව්වොත් ඒක තමයි ඇත්ත. සමහරුන්ට නම් පුද්ගලික හේතු තියන්න ඇති. නමුත් මගේ නම් අදහස වැඩක් බාර ගත්තනම් අරහේතු මේ හේතු ඉදිරිපත් කරලා ලත් තැනම ලොප් කරන්නේ නැතුව යම් කාළයක් කරගෙන යන්න පුලුවන් වෙන්න ඕනේ. මොකද එලකිරි රේඩියෝ ඉතිහාසයේ ඉදලා මෑතක් වෙනකන් ප්‍රෝග්‍රෑම් 1 ක් 2 ක් හෝ කීපයක් කරලා හිටිහැටියේම අතුරු දහන් උන කට්ටිය තමයි වැඩිපුර හිටියේ.

    මේ වගේ හැලහැප්පීම් අතරින් දිගටම ගලාගන ඉදිරියට ආවේ ඉතාම අල්ප වැඩසටහන් කීපයක් විතරයි. ඒවායින් වර්තමානයේ අපිට අහන්න පුලුවන් උනේ දත් කිඹූලගේ සසලහද විල්තෙරත්, තරිදු එම්ජේ ගේ මියුසික් හට් වැඩසටහනත් විතරයි.

    ගොඩක් අය වැඩක් පටන්ගන අතරමග දාලා යන යුගයක දත් කිඹූලා කරේ අසම සම වැඩක්. මොකද සති කීපයක්, මාස කීපයක්, අව්රුද්දක් නෙවෙයි අව්රුදු හතරක්ම සසල හදවිල්තෙර වැඩසටහන කරා. වැඩසටහන් එකසිය ගණනක් කරන එක ලේසි සෙල්ලමක් නෙවෙයි. සමහර කාළ වලදී එලකිරි රේඩියෝ එකේ තිබුන එකම වැඩසටහන විල්තෙර විතරයි. ඕනිම කෙනෙකුට වැඩක් පටන් ගන්න නම් පුලුවන්. නමුත් පටන්ගන්න එක නෙවෙයි දුශ්කර ඒක එක දිගට කරගන යන එක. සසල හද විල්තෙරේ අන්ථර්ගතය බැලුවම ඒක දුශ්කර නෙවෙයි අති දුශ්කර වැඩක් කියලා අපට ප්‍රත්‍යක්ෂ වෙනවා.

    සසල හදවිල්තෙර කියන්නේ සිංහල සුභාවිත සංගීතය වෙනුවෙන් තිබුන ඉතාම උසස් මට්ටමේ රේඩියෝ වැඩසටහනක්. ගොඩක් සිංහල සිංදුවල අපි අහපු නැති මුල් පටිගතකිරිම් මේ වැඩසටහන හරහා අහන්න ලැබුනා. ඒක ඉතාම අමුතු වගේම ආශ්වාදජනක අත්දැකීමක්. ඒ විතරක් නෙවෙයි ගීත විචාර, වැඩසටහනේ ගීත ඉදිරිපත් කිරීමේ අනුපිලිවෙල, නිවේදනය වගේ හැම දෙයක්ම ඉතාම උසස් මට්ටමෙන් තිබුන, අතිශයින්ම සොදුරු වැඩසටහනක් විදිහට මට සසල හදවිල්තෙර හදුන්වන්න පුළුවන්.

    වැඩසටහන සතියක් හැර සතියක් විකාෂණය උනාට ඒකට දත් කිඹුලා මහන්සි උන තරම දන්නෝ දනිති. එලකිරි සමාජය වෙනුවෙන්, එලකිරි රේඩියෝව වෙනුවෙන් මේ කරපු මෙහෙවර කිඹුලට බොහෝම ස්තූතී වන්ත වෙනවා. තමන්ගේ වැඩේ කරගන යන්න විතර මේවගේ සමාජ ජාලවලට එන බොහෝ දෙනෙකුට කිඹුලා හොද ආදර්ශයක්.

    මෙතෙක් කළක් අතිසාර්තකව කරගන ආපු සසල හද විල්තෙර වැඩසටහන ඊයේ දිනයෙන් නතර කළත් ඒ මතකය නම් අපේ හිත් තුළ හැමදාම රැදිලා තියේවි.

    එළකිරි රේඩියෝවේ ශ්‍රාවක සොයුරු සොයුරියන් සැම වෙනුවෙන් කළ මේ මෙහෙවරට, දත් කිඹුලා සොයුරාට බොහෝ ස්තූති වන්ත වන්නෙමි.
    හැමදෙයක්ම මුදලට යට වූ සමාජයේ කිසිදු ලාභ ප්‍රයෝජනයක් ගැන නොසිතා, අන් අයගේ සිත් සතුටු කිරිමට කළ මේ කැපවීමට බොහෝ පිං සිදුවන්නේමය.

    දත්කිඹුලා සොයුරාගේ අනාගත සැලසුම් සිතූ පැතූ ආකාරයෙන්ම සාර්තක වේවායි පතමි!

    එදා මෙදා තුර සසල හදවිල්තෙර සවන්දෙන්නට එකතු වුන සෑම සහෝදර සහෝදරියකම ඉතාම ගෞරවයෙන් සිහිපත් කර සිටින්නත් මෙය අවස්ථාවක් කර ගන්නවා.

    ඔබ සැමට තෙරුවන්සරණයි!

    Last edited:
    • Like
    Reactions: Anjulayr and Evo X

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    වැඩසටහන නතර කිරිම ඇත්තෙන්ම කණගාටුවට කරුණක් :(:( ඒත් කිඹුලා ලොකු කැපකිරිමක් එක්ක මෙච්චර කල් ඔය වැඩසටහන පවත්වාගෙන ආපු එකම ගොඩක් වටිනවා. විල්තෙර ගුණාත්මක භාවය හා එහි රසවින්දනය ගැන ආයෙත් කියන්න දෙයක් නෑ :love::love::love:
     
    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    එළකිරි රේඩියෝවේ ශ්‍රාවක සොයුරු සොයුරියන් සැම වෙනුවෙන් කළ මේ මෙහෙවරට, දත් කිඹුලා සොයුරාට බොහෝ ස්තූති වන්ත වන්නෙමි.
    හැමදෙයක්ම මුදලට යට වූ සමාජයේ කිසිදු ලාභ ප්‍රයෝජනයක් ගැන නොසිතා, අන් අයගේ සිත් සතුටු කිරිමට කළ මේ කැපවීමට බොහෝ පිං සිදුවන්නේමය.

    දත්කිඹුලා සොයුරාගේ අනාගත සැලසුම් සිතූ පැතූ ආකාරයෙන්ම සාර්තක වේවායි පතමි!

    • Like
    Reactions: Mr.Tom

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,717
    21,009
    113
    adala nene
    කිබුලා මාමිට බොහෝම පින් මේ වගේ වැඩසටහනක් කොලාට :yes::yes::yes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    මෙව්වා හරි අසාධාරණ වැඩ සහෝදරයා...අපි එලකිරියට බොහොම මෑතකදි සෙට් වෙච්ච එවුන් ඒත් අපි එනකොටම එලකිරියෙ තිබ්බ හොද වැඩසටහන් වගේම සුපිරි ත්‍රෙඩ් දාපු පරණ සාමාජිකයෝ ගොඩක් එලකිරිය අතාඇරලා යනවා....අපි ඉපදුනා පරක්කු වැඩිද එලකිරියට සෙට් වෙන්න පරක්කු වැඩි උනාද කියල කියන්න දන්නෑ ඒත් උබලා එලකිරියෙන් ගත්ත දේවල් විදපු දේවල් අපිටත් විදින්න ඉතුරුකරහල්ලා :(:(:(

    --මීට සංවේගයට පත් එළකිරි අලුත් පරපුර:(:(--

    ප.ලි- සසල හද විල් තෙර වැඩසටහන් ඔක්කොම ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් තියේනම් දාහල්ලා රෙප් දෙනවා
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පළමුව සසල හද විල්තෙර සහ මා ගැන කර ඇති මේ ගුණ වර්ණනයට ස්තූති වේවා!!!

    සසල හද විල් තෙර සමග සිව් වසක් රැදි හුන් රසික ශ්‍රාවක සත් ජනයන් හට පින් දීමට මෙය අවස්ථාවක් කොට ගනිමි. ඔවුන් නොසිටියා නම් මේ ලෙස කතා කරන්නට සසල හද විල් තෙරක් නොවේමැයි...

    සියළු ම දේට අවසානයක් තිබිය යුතු ය යනු සොබා දහමේ නීතියට අනුව සසල හද විල් තෙර සිදී ගියේය. නමුත් නැවත සසල හද විල් තෙරකට දිය පිරවීම දුෂ්කර නොවේ.
    මා සසල හද විල් තෙර ඉදිරිපත් කලේ යම් රීති සමුදායකට අනුවය. ඒවා පොත්වල ලියා ඇති රීති නොව, ශ්‍රාවකයා පහන් කරනු සදහා මේ මේ දේ වැඩසටහන තුලින් ගෙන ආ යුතුය යන මාගේ ඉව අනුව තැනූ ඒවාය. සුභාවිත ගීතය සේවනය කරන, රස විදින දනන් හට එසේ රීතීන් නිර්මාණය කිරීම දුෂ්කර නොවේ. ඉදින් සසල හදවිල් තෙරට නැවත දිය පිරවිය හැකි යම් පූරකයෙක් වෙතොත්, ඒ සියළු ම දේ ගුරු මුෂ්ඨි නොතබා කියා දී, ඒ සත් කාර්යයට වෙර වීමට මම රිසියෙමි. නමුත් පැණය, ඒ සදහා කිසිදු දුහුනෙකු ඉදිරිපත් නොවීමයි.

    ඉදින් එළකිරි රේඩියෝවේ රසාවේශන පාර්ශවය පොහොණි කළ හැක්කේ ඔබට ම පමණක් වන නිසා ඒ සදහා ඉදිරිපත්වීම, නොකඩවා එය පවත්වා ගෙන යාම සහ සාරවත් වැඩසටහනක් ඉදිරිපත් කිරීමේ නිස්සරනාධ්‍යාශය යන කරුනු තුන පමණක් ඔබ සතුව පවතී නම්, අනාගතයේ අළුත් වන එළකිරි අඩවිය සහ එළකිරි රේඩියෝ ඔබ එනතෙක් මග බලා සිටී.........

    බලාපොරොත්තු සහගතව ජීවත් වන්න මාගේ මිත්‍රවරුනි,
    ජීවිතය තවමත් තරුණයි!!!!!

    ප.ලි.
    සසල හද විල් තෙර පැරනි වැඩසටහන් සියල්ලම එළකිරි අද්මිනිස්ත්‍රාසිකාරතුමාන් හට බාර දීමට අනාගතයේ දී කටයුතු සම්පාදනය කොට ඇති අතර, ඒවායේ බාගත කර ගැනීමේ සබැදි සහ පැරණි සසල හද විල් තෙර වැඩසටහන් රේඩියෝවෙන් නැවත ප්‍රචාරය කිරීමේ කටයුතු එතුමන් විසින් සම්පාදනය කරනු ඇත.
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද

    අයියේ ඔකේ සිස්ටම් එක පොඩ්ඩක් කියලා දියන්කෝ
    මටත් ඔය සීන් එකට ආසාවක් තියේ.
    හැබැයි මගේ ඔය තරම් කාලාකාමී අදහස් නම් නෑ
    බට් පෙරහැරේ නොගිහින් කොටන් අදින්න පුළුවන් හොදට
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    මෙව්වා හරි අසාධාරණ වැඩ සහෝදරයා...අපි එලකිරියට බොහොම මෑතකදි සෙට් වෙච්ච එවුන් ඒත් අපි එනකොටම එලකිරියෙ තිබ්බ හොද වැඩසටහන් වගේම සුපිරි ත්‍රෙඩ් දාපු පරණ සාමාජිකයෝ ගොඩක් එලකිරිය අතාඇරලා යනවා....අපි ඉපදුනා පරක්කු වැඩිද එලකිරියට සෙට් වෙන්න පරක්කු වැඩි උනාද කියල කියන්න දන්නෑ ඒත් උබලා එලකිරියෙන් ගත්ත දේවල් විදපු දේවල් අපිටත් විදින්න ඉතුරුකරහල්ලා :(:(:(

    --මීට සංවේගයට පත් එළකිරි අලුත් පරපුර:(:(--

    ප.ලි- සසල හද විල් තෙර වැඩසටහන් ඔක්කොම ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් තියේනම් දාහල්ලා රෙප් දෙනවා

    :( :( :(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    :(:(:(:(:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයියේ ඔකේ සිස්ටම් එක පොඩ්ඩක් කියලා දියන්කෝ
    මටත් ඔය සීන් එකට ආසාවක් තියේ.
    හැබැයි මගේ ඔය තරම් කාලාකාමී අදහස් නම් නෑ
    බට් පෙරහැරේ නොගිහින් කොටන් අදින්න පුළුවන් හොදට
    ඔබ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන වැඩසටහනේ දල ආකෘතිය, ඔබේ සකයිප් යොමුව, ඔබේ විද්‍යුත තැපැල් ලිපිනය සහ ඔබව සම්බන්ධකර ගත හැකි ක්‍රියාකාරී දුරකථන අංකයක් යොමු කරන්න එළකිරි රේඩියෝවේ සම්බන්ධීකාරක Radio සොයුරා වෙත....
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    පළමුව සසල හද විල්තෙර සහ මා ගැන කර ඇති මේ ගුණ වර්ණනයට ස්තූති වේවා!!!

    සසල හද විල් තෙර සමග සිව් වසක් රැදි හුන් රසික ශ්‍රාවක සත් ජනයන් හට පින් දීමට මෙය අවස්ථාවක් කොට ගනිමි. ඔවුන් නොසිටියා නම් මේ ලෙස කතා කරන්නට සසල හද විල් තෙරක් නොවේමැයි...

    සියළු ම දේට අවසානයක් තිබිය යුතු ය යනු සොබා දහමේ නීතියට අනුව සසල හද විල් තෙර සිදී ගියේය. නමුත් නැවත සසල හද විල් තෙරකට දිය පිරවීම දුෂ්කර නොවේ.
    මා සසල හද විල් තෙර ඉදිරිපත් කලේ යම් රීති සමුදායකට අනුවය. ඒවා පොත්වල ලියා ඇති රීති නොව, ශ්‍රාවකයා පහන් කරනු සදහා මේ මේ දේ වැඩසටහන තුලින් ගෙන ආ යුතුය යන මාගේ ඉව අනුව තැනූ ඒවාය. සුභාවිත ගීතය සේවනය කරන, රස විදින දනන් හට එසේ රීතීන් නිර්මාණය කිරීම දුෂ්කර නොවේ. ඉදින් සසල හදවිල් තෙරට නැවත දිය පිරවිය හැකි යම් පූරකයෙක් වෙතොත්, ඒ සියළු ම දේ ගුරු මුෂ්ඨි නොතබා කියා දී, ඒ සත් කාර්යයට වෙර වීමට මම රිසියෙමි. නමුත් පැණය, ඒ සදහා කිසිදු දුහුනෙකු ඉදිරිපත් නොවීමයි.

    ඉදින් එළකිරි රේඩියෝවේ රසාවේශන පාර්ශවය පොහොණි කළ හැක්කේ ඔබට ම පමණක් වන නිසා ඒ සදහා ඉදිරිපත්වීම, නොකඩවා එය පවත්වා ගෙන යාම සහ සාරවත් වැඩසටහනක් ඉදිරිපත් කිරීමේ නිස්සරනාධ්‍යාශය යන කරුනු තුන පමණක් ඔබ සතුව පවතී නම්, අනාගතයේ අළුත් වන එළකිරි අඩවිය සහ එළකිරි රේඩියෝ ඔබ එනතෙක් මග බලා සිටී.........

    බලාපොරොත්තු සහගතව ජීවත් වන්න මාගේ මිත්‍රවරුනි,
    ජීවිතය තවමත් තරුණයි!!!!!

    ප.ලි.
    සසල හද විල් තෙර පැරනි වැඩසටහන් සියල්ලම එළකිරි අද්මිනිස්ත්‍රාසිකාරතුමාන් හට බාර දීමට අනාගතයේ දී කටයුතු සම්පාදනය කොට ඇති අතර, ඒවායේ බාගත කර ගැනීමේ සබැදි සහ පැරණි සසල හද විල් තෙර වැඩසටහන් රේඩියෝවෙන් නැවත ප්‍රචාරය කිරීමේ කටයුතු එතුමන් විසින් සම්පාදනය කරනු ඇත.
    :love::love::love: Bohoma sthuthiyi kibula mame..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇයි බන් ඕක නැවැත්තුවේ, දන්නේ නැති නිසා අහන්නේ, දන්නේ නැද්ද අපි ඉතින් නවක සාමජිකයොනේ
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සසල හද විල් තෙර නතර කිරීම ගැන අපිට දුකක් තිබුනත් එහි නිර්මාතෘවරයා එය නතර කිරීමට තීරණය කල විට අපිට ඒකට විරුද්ධ වෙන්න බැහැ... කණගාටුවට කරුණ මේ වගේ දෙයක් අපිට අහිමි වුන එක ගැන... නමුත් දත් කිඹුලා මෙය නතර කිරීමට හේතු දැක්වීමේදී ඒවා අතිශය සාධාරණයි කියලා හිතෙනවා... මොකද මම පෞද්ගලිකවම දැක්කා ඒ සඳහා මොහුගේ කැපවීම.. ඒක මේ වගේ කාර්‍යබහුල පුද්ගලයෙක්ට කරන්න ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි... වැඩසටහන නැවතුනත් ඔබ කල මේ මෙහෙය හැමදාමත් මතක තියෙයි...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි බන් ඕක නැවැත්තුවේ, දන්නේ නැති නිසා අහන්නේ, දන්නේ නැද්ද අපි ඉතින් නවක සාමජිකයොනේ
    මේකයි මල්ලී.....
    අතිරස වුනත් නිතර කන කොට එපා වෙනව කියල කතාවක් තියනවා....
    ඕනෑම දේකට ස්වාවිකව හිමි ආයුකාලයක් තියනවා. සසල හද විල් තෙරට ආයු කාලය වසර 4ක් ලෙස මා ගනන් හැදුවා, අත්දැකීමෙන්.

    රේඩියෝවෙන් මම ඉදිරිපත් කලේ සසල හද විල් තෙර පමණක් නොවේ. ප්‍රේම සැදෑවෝ නමින් හෙළ, ඉංගිරිසි සහ හින්දි ප්‍රේම ගීත ම පමණක් ගෙන ආ වැඩසටහනුත්, එළකිරි යාන්ස් බාර් විත් අංගොඩයා නමින් විහිළු කතා-යාන්ස් ගෙන එන කොමිටල්/ලොල් මට්ටමේ වැඩසටහනකුත් මා ගෙන ආවා. (අංගොඩයා ලෙස කතා කලේ මා බව මේ ප්‍රසිද්ධියේ පවසන්නේ පළමු වතාවට වන අතර, ඒ පිළිබදව දැන සිටියේ රේඩියෝවේ සොයුරන් අතලොස්සක් පමණි)

    ඒ නිසා එළකිරි රේඩියෝවේ පවතින ඉඩ අවකාශය අති විශාලයි. නියම ආකාරයෙන් වැඩසටහන් ආකෘතියකට ඉදිරිපත් වේ නම් තවමත් එළකිරි රේඩියෝවේ ක්‍රීඩා, පරිගණක සහ තාක්ෂණ, ඉංගිරිසි ගීත, හින්දි ගීත, ශ්‍රාවක ඉල්ලීම්, මැදහත් දේශපාලන විත්ති ආදී වැඩසටහන් ආකෘති ඉතා විශාල ගනනක් රැදී පවතිනවා......

    කලකට පෙර සොදුරු වූ අතීතයක දී එළකිරි රේඩියෝව තමා එළකිරියේ හඩ බවට පත් වී තිබුණේ....
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    මෙව්වා හරි අසාධාරණ වැඩ සහෝදරයා...අපි එලකිරියට බොහොම මෑතකදි සෙට් වෙච්ච එවුන් ඒත් අපි එනකොටම එලකිරියෙ තිබ්බ හොද වැඩසටහන් වගේම සුපිරි ත්‍රෙඩ් දාපු පරණ සාමාජිකයෝ ගොඩක් එලකිරිය අතාඇරලා යනවා....අපි ඉපදුනා පරක්කු වැඩිද එලකිරියට සෙට් වෙන්න පරක්කු වැඩි උනාද කියල කියන්න දන්නෑ ඒත් උබලා එලකිරියෙන් ගත්ත දේවල් විදපු දේවල් අපිටත් විදින්න ඉතුරුකරහල්ලා :(:(:(

    --මීට සංවේගයට පත් එළකිරි අලුත් පරපුර:(:(--

    ප.ලි- සසල හද විල් තෙර වැඩසටහන් ඔක්කොම ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් තියේනම් දාහල්ලා රෙප් දෙනවා

    ඔව් බන් ඒක නම් ඇත්ත​..
    අපි පරක්කුයි...:(:(
    ඒත් මන් නම් එක දවසක් සෙට් වුනා.. ඒ කසුන් කල්හාරගෙ වැඩසටහන දවසෙ..
    එදා නම් පට්ට​..කිබුලා මාමා සුපිරියටම කලා...:D:yes:
    එදයින් පස්සෙ ආයිත් අහන්න නම් බැරි වුනා..
    දැන් ඉතින් අහන්න වෙන්නෙම නෑ..:(

    මොනවා වුනත් දත් කිබුලානන් මේ වැඩේ අවුරුදු ගානක් කරන් ඇවිල්ලා තියෙන එකට ගොඩක් ස්තූති වන්ත වෙන්න ඕනා..කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕනා..ජය වේවා.!!:cool: