ඇයි එයාලා හෙළුවෙන් ඉන්නේ ?

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ඇයි එයාලා හෙළුවෙන් ඉන්නේ ?


    82569-004-D9E5E9A8.jpg
    ඉන්දියාවේ විශේෂයෙන් උතුරු ඉන්දියාවේ ඔයාලා සංචාරය කරලා තියෙනවා නම් නිරුවතින් සිටින පුද්ගල කණ්ඩායමක් දැකලා තියෙන්න පුලුවන්. එහෙමත් නැත්නම් පොත පතින් ඉන්දියාවේ ඉන්න නිරුවත් ආගමික කණ්ඩායමක් ගැන අහලා තියෙන්න පුලුවන්. වර්ධමාන මහාවීර එහෙමත් නැත්නම් නිඝණ්ඨනාථ පුත්ත නමින් හැඳින්වෙන ශාස්තෘවරයාගේ ශ්‍රාවකයන් වෙන ඒ පිරිස හඳුන්වන්නේ ජෛන එහෙමත් නැත්නම් නිඝණ්ඨ යන නමින්. අද ආගිය කතාවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ජෛන දහම ගැන.

    395px-Mahavir.jpg

    වර්ධමාන මහාවීරයන්

    ජෛන දහමේ ශාස්තෲවරයා විදිහට සැලකෙන වර්ධමාන මහාවීරයන් එහෙමත් නැත්නම් නිඝණ්ඨනාථ පුත්ත බුදුන් වහන්සේගේ සමකාලීනයෙක්. ඒ වගේමයි බුද්ධ කාලීන භාරතයේ ෂට් ශාස්තෲවරුන් නමින් ප්‍රකටව හිටිය ශාස්තෲවරුන්ගෙන් එක් අයෙක් විදිහටයි වර්ධමාන මහාවීරයන් පිළිගැනෙන්නේ.

    එවකට භාරතයේ ව්‍යාප්ත වෙලා තිබුණු බමුණු දහමේ පැවතුණු නිරර්ථක ක්‍රියා වගේම හිංසාකාරී ක්‍රියාකාරකම්වලට එරෙහිව තමා උග්‍ර අවිහිංසාවාදයක් පදනම් වුණු ජෛන දහම ඉදිරිපත් කෙරෙන්නේ. මුලින්ම අපි වර්ධමාන මහාවීර සම්බන්ධව කතා කරමු.

    වර්ධමාන මහාවීර ක්‍රි.පූ 540 දී පමණ වෛශාලියේ කුණ්ඩල ග්‍රාමයේ වාසය කළ ක්ෂත්‍රියයෙකු වුණු සිද්ධාර්ථ සහ ත්‍රිශලා යුවළට දාව උපත ලබනවා. වර්ධමානගේ මව වුණු ත්‍රිශලා එවකට වජ්ජි සමූහාණ්ඩුවේ පාලකයෙක් වුණු චේටක කියන ලිච්ඡවි කුමාරයාගේ සහෝදරිය වුණා.

    ක්ෂත්‍රිය පවුලක උපත ලබපු නිසාම බොහොම සැප සම්පත් මධ්‍යයේ හැදී වැඩෙන වර්ධමාන තරුණ වයසේදී යශෝධා කුමරිය විවාහ කර ගන්නවා. පස්සේ මේ දෙපළටත් අනෝජා නමින් දියණියක් ලැබෙනවා. වර්ධමානට වයස අවුරුදු 32 ක් පමණ වෙද්දී දෙමාපියන් වියෝ වෙලා හිටි නිසා ඔහු ලෞකික සැපය අත් හැරලා ශ්‍රමණයෙක් බවට පත් වෙනවා.

    මෙහිදී වස්ත්‍ර හැඳීම පවා අත් හරින වර්ධමාන "දිගම්බර ව්‍රතය" අනුගමනය කරනවා. දිගම්බර ව්‍රතයේදී සිදුවන්නේ ආකාශය එහෙමත් නැත්නම් දිසාවක් වස්ත්‍රය කරලා සළකන එක. ඊට පස්සේ වසර 22 ක් පමණ පරම සත්‍ය අවබෝධ කරගැනීමේ අපේක්ෂාවෙන් දුෂ්කර ජීවිතයක් ගත කරන වර්ධමාන අවසානයේදී "කේවල" තත්වයට පත් වෙනවා.

    ඒ නිසා කෙලෙස් දිනූ තැනැත්තා යන අර්ථයෙන් "ජින" හෙවත් "ජෛන" සහ "මහාවීර" යන නම්වලිනුත් ඔහුව හඳුන්වනවා. කේවලී තත්වයට පත්වුණු වර්ධමාන මහාවීරතුමා ඊට පසුව අංග, මගධ, මිථිලා, කෝසල වැනි ප්‍රදේශවල සංචාරය කරමින් තමන්ගේ දහම ප්‍රචාරය කරනවා.

    වර්ධමාන මහාවීරයන්ගේ චරිතයේ එන අපූර්ව කතා රාශියක් තිබෙනවා. මේ ඉන් එක් කතාවක්.

    mahavira_sm.jpg

    දවසක් මහාවීරයන් ගමනක් යද්දී එක පාරක් නයෙක් ඉන්නවා ඒ පාරෙන් යන්න එපා කියලා මිනිස්සු කිව්වත් මහාවීරයන් ගමන් කරන්නේ ඒ පාරේමයි. ඒ පාරේ ගිහින් නාගයා වාසය කරපු ගුහාව ගාවට ගිය මහාවීරයන් භාවනානුයෝගීව සිටියා. ඒ අවස්ථාවේ එළියට ආපු නාගරාජයා විෂදුම් පිඹිමින් කෝපයට පත්වෙලා හිටියේ.

    අන්තිමට මහාවීරයන්ගේ කකුලට නාගයා දෂ්ඨ කළාම එතැනින් ලේ වෙනුවට සුදු පාට දියරයක් එළියට ඇවිත් නාගයා වටේට ඒ දියරය ගලා යනවා. ඒ අවස්ථාවේ මහාවීරයන්ගේ තිබුණු කරුණාව ඒ දියරයත් එක්කම නාගයාටත් දැනුනු නිසා අවසානයේදී ඒ නාගයාව දමනය කරගන්න මහාවීරයන්ට හැකිවෙනවා.

    Jain_24-Tirthankaras.jpg

    ජෛන තීර්ථංකවරුන් 24 දෙනා​

    වර්ධමාන මහාවීරයන්ගේ දේශනාවලට අනුව ජෛන දහමේ එතුමාගේ නිර්මාණයක් නෙමෙයි. "තීර්ථංකර" නමින් හඳුන්වනු ලබන ජෛන ශාස්තෲවරුන් 23 ක් ඊට පෙර සිටි බවත් එහි පළමුවැන්නා සෘෂභ වන බවත් 24 වෙනි තීර්ථංකරවරයා වර්ධමාන මහාවීරයන් බව තමා පිළිගැනෙන්නේ.

    මුල් තීර්ථංකරවරු 22 දෙනා පිළිබඳව තොරතුරු දුලබ වුණත් 23 වෙනි තීර්ථංකරවරයා වෙන පාර්ශ්වනාථ පිළිබඳව නම් තොරතුරු පවතිනවා. වර්ධමාන මහාවීරයන් උපත ලැබීමට වසර 250 කට පමණ පෙර ජීවත් වුණු පාර්ශ්වනාථ එවකට බරණැස් නුවර රජතුමා වුණු අශ්වසේනගේ පුත්‍රයා බවත් වයස අවුරුදු 30 දී තවුස් දිවිය ආරම්භ කරපු පාර්ශ්වනාථ සමඟ එක්වුණු අනුගාමිකයන් නිඝණ්ඨ නමින් හඳුන්වපු බවත් සඳහන් වෙනවා.

    වර්ධමාන මහාවීරතුමාගේ දහමේ මූලික කරුණු කීපයක් කතා කළොත් ජෛනයන් සඳහා වන පංච සීලයක් එහි තිබෙනවා. ඒවා තමා සත්‍ය [සත්‍යය කතා කිරීම], අවිහිංසා [හිංසාවෙන් තොර වීම], අපරිග්‍රහ [දේපළ එකතු කිරීමෙන් වැලකීම], ආස්තෙය [සොරකම් කිරීමෙන් වැලකීම], බ්‍රහ්මචර්යා [බ්‍රහ්මචර්යාව ආරක්ෂා කිරීම]

    digambara-jainisme.jpg

    ජෛන ශ්‍රාවක ශ්‍රාවිකාවන්

    ජෛන දහමේ ප්‍රධාන අංගයක් වන්නේ ආත්මය සහ කර්මය පිළිබඳව පවතින විශ්වාසය. සෑම මූල ධාතුවක්ම භූත සහ ආත්ම කියන සාධකවලින් නිමවන බවත් භූත නම් භෞතික සාධකය විනාශ වුවත් ආත්මය එසේ නොවන බවත් මහාවීරයන් දේශනා කරනවා. ඕනෑම පුද්ගලයෙක් ඉපිදෙමින් මැරෙමින් බොහෝ කල් ගත කරන බවත් කර්මය නිසා එය සිදුවන බවත් ආත්මය සහ කර්මය අතර තිබෙන බැඳීමෙන් නිදහස් වෙන්න කර්මය විනාශ කළ යුතු බවත් එතුමා දක්වනවා. ඒ සඳහා මාර්ගය වන්නේ ඉහත දක්වපු ජෛන පංච ශීලයයි.

    පාරිශුද්ධ, සදාකාලික විමුක්තිය උදා කරගන්න කලින් කියපු පංච ශීලයට අමතරව "ත්‍රිරත්න" නමින් හඳුන්වන ත්‍රිවිධාකාර මාර්ගයක් මහාවීරයන් දේශනා කරනවා. ඒ නිවැරදි විශ්වාසය [සම්‍යක් විශ්වාස] එනම් ජෛනාගම පිළිබඳ නිවැරදි විශ්වාසය, නිවැරදි දැනුම [සම්‍යක් ඤාණ] එනම් ආත්මය නිදහස් කර ගැනීම පිළිබඳ දැනුම සහ නිවැරදි පැවැත්ම [සම්‍යක් ක්‍රියා] එනම් දැඩි ලෙස ජෛන පංච සීලය ආරක්ෂා කිරීමයි.

    6885614156_0e585f3083.jpg

    ශ්වේතාම්බර සහ දිගාම්බර් ව්‍රත රක්ෂා කරන දෙදෙනෙක්

    උග්‍ර අවිහිංසාවාදීන් වුණු ජෛනයන් සියලුම වස්තුවලට ජීවයක් තිබෙන බව විශ්වාස කරනවා. එහිදී අවිහිංසාවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න ඕනේ කියලා මහාවීරයන් දේශනා කරනවා. ජලය පානයේදී පෙරා පානය කරන එක, හුස්ම ගැනීමේදී සතුන් මියයාම වළක්වන්න මුකවාඩම් පැළැඳ සිටීම වගේම ගමන් කරන විට මොණර පිල් මිටියකින් මාර්ගය අතු ගෑම වගේ කරුණු ඒ උග්‍ර අවිහිංසාවාදය යටතේ ජෛනයන් සිදු කරන දේවල්.

    ඒ වගේමයි ඉන්ද්‍රියන් පිනවීමෙන් ආශාවෙන් දුරස් වෙලා අත්තකිලමථානුයෝගී ජීවිතය මහාවීරයන් දේශනා කරනවා. ඒ යටතේ ශරීරයට දැඩි දුක් දෙමින් උපවාසයෙන් මියයාම පුණ්‍ය ක්‍රියාවක් විදිහට ජෛනයන් සලකනවා. දේවවාදය බැහැර කිරීමත් ජෛන දහමේ තිබෙන තවත් විශේෂ ලක්ෂණයක්. බිලි පූජා ආදිය හෙළා දැකීම වගේම කාන්තා නිදහස පිළිබඳව කරුණු දක්වපු, කුල භේදය හෙළා දැකපු සමාජ ප්‍රතිසංස්කාරයෙක් විදිහටත් වර්ධමාන මහාවීරයන් සැලකෙනවා.

    url.jpg
    ජෛන භික්ෂුණීන් පිරිසක්

    මනාව සංවිධානය කරපු සංඝ හෙවත් නැත්නම් භික්ෂු නමින් හැඳින්වෙන සංවිධානයක් සකස් කරන්නත් වර්ධමාන මහාවීරතුමා කටයුතු කරනවා. ජෛන භික්ෂූන් මෙන්ම ජෛන භික්ෂුණියන්ද සිටි බව සාහිත්‍ය මූලාශ්‍රයවල දැක්වෙනවා. පිප්ඵලී කුමරු කාශ්‍යප නමින් බෞද්ධ භික්ෂුවක් බවට පත්වුණු අවස්ථාවේ ඒ වනවිට බෞද්ධ භික්ෂුණී සමාජය ආරම්භ කොට නොතිබුණු නිසා පිප්ඵලී කුමරුගේ බිරිඳ වුණු භද්දා කපිලානි ජෛන භික්ෂුණියක් වූ බව බෞද්ධ සාහිත්‍යයේත් දැක්වෙනවා.

    ජෛන භික්ෂුණියන් සඳහා දිගම්බර ව්‍රතය වෙනුවට මහාවීරයන් නිර්දේශ කරන්නේ "ශ්වේතාම්බර ව්‍රතය". ශ්වේතාම්බර ව්‍රතයේදී සුදු වස්ත්‍රයක් පමණක් හැඳීම සිදු කරනවා. ජෛන භික්ෂුණියන් ශ්වේතාම්බර ව්‍රතය ආරක්ෂා කරලා පිරිමි ආත්මයක් ලබාගෙන පසුව දිගම්බර ව්‍රතයට පිවිසෙන්න කටයුතු කරන්න ඕනේ කියලා තමා ජෛන පිළිගැනීම තියෙන්නේ.

    වයස අවුරුදු 72 දී නාලන්දා ප්‍රදේශයේ පාවාපුරිහිදී උපවාස කරමින් සිටියදී වර්ධමාන මහාවීරතුමා අභාවප්‍රාප්ත වෙනවා. ඒ වෙද්දී ජෛන භික්ෂූන් 14,000 ක් පමණ සිටිය බව තමා කියවෙන්නේ.

    මහාවීරතුමාගේ ඉගැන්වීම් එක් කරලා පූර්ව නමින් ග්‍රන්ථ 14 ක් සකස් කරන්න එතුමාගේ අනුගාමිකයෝ කටයුතු කරනවා. නමුත් ක්‍රි.පූ 4 වන සියවසේදී පමණ බිහාර් ප්‍රාන්තයෙ ඇතිවුණු සාගතයක් නිසා භද්‍රබාහු නම් ජෛන නායකයා යටතේ ජෛනයන් බොහෝ පිරිසක් මයිසූරයට සංක්‍රමණය වෙනවා.

    මේ අතරවාරයේදී බිහාරයේ ඉතිරිවුණු ජෛනයන් ජෛන දහම සුරක්ෂිත කරන්න ධර්ම සංගායනාවක් පවත්වනව. එහි ප්‍රතිඵලයක් විදිහට අංග නමින් හැඳින්වෙන ග්‍රන්ථ 12 ක් සකස් වෙනවා. නමුත් මූලික ජෛන ඉගැන්වීම්වලට පටහැනි යම් යම් කරුණු මේ සංගායනාවෙන් පිළිගැනීම නිසා භද්‍රබාහු ඇතුළු පිරිසේ අප්‍රසාදයට සංගායනාකරුවන් ලක් වෙනවා.

    විශේෂයෙන්ම ඒ සංගායනාවෙන් අනතුරුව බොහෝ ජෛනයන් ශ්වේතාම්බර ව්‍රතයට හුරු වෙලා තිබෙනවා. නමුත් මුල් ජෛන ඉගැන්වීම වන දිගම්බර ව්‍රතයට මෙය පටහැනි නිසා භද්‍රබාහු ඇතුළු පිරිස ඉදිරියටත් දිගම්බර ව්‍රතය රක්ෂා කරනවා.

    පසුකාලීනව සිටිය චන්ද්‍රගුප්ත මෞර්ය වැනි ප්‍රබල පාලකයන් පවා ජෛනයන් වූ බව කියවෙනවා. ජීවිතයේ අවසාන කාලයේදී රාජ්‍ය අත්හැරිය චන්ද්‍රගුප්ත මෞර්ය ජෛන භික්ෂුවක් විදිහට මයිසූරයේදී උපවාස කරමින් සිටියදී මියගිය බව තමා ජෛන ලේඛනවල තියෙන්නේ.

    Gwalior_005.jpg

    images.jpg

    ජෛන විහාර

    ඊට පසුවත් ශක, ශත්‍රප, රාජ්පුත්, කාලිංග, චාලුක්‍ය, රාෂ්ට්‍රකූඨ, හොයිසාල වගේ රාජ වංශවල රජුන් පවා ජෛන දහමට ගරු කිරීම වගේම අනුග්‍රහ දැක්වීම කළ බව පෙනෙනවා. මහා අක්බාර් වැනි මෝගල් පාලකයන් පවා ජෛන ආගමික උත්සව පැවැත් වෙන කාල වකවානුවලදී ජෛනයන් වෙසෙන ප්‍රදේශවල සතුන් මැරීම තහනම් කරමින් ජෛන දහමට අනුග්‍රහ කළ බව සඳහන් වෙනවා.

    ලංකාවේත් පණ්ඩුකාභය රජතුමා ජෝතිය, ගිරි, කුම්භාණ්ඩ කියන නිඝණ්ඨයන්ට ආරාම තනවලා දුන් බව මහාවංසයේ වගේම සාහිත්‍ය මූලාශ්‍රය කීපයකම දැක්වෙනවා. එයින් එක් ආරාමයක් වුණු ගිරි නිඝණ්ඨයාගේ ආරාමය බිඳවලා වළගම්බා රජතුමා අභයගිරි ස්ථූපය නිර්මාණය කරන කතාව අහලා ඇතිනේ.

    ජෛන දහම නිසා අවිහිංසාවාදය කියන සංකල්පය ඉදිරිපත් වුණා වගේම ඒ හැරෙන්න එවකට භාරතීය සමාජයේ තිබුණු කුල භේදය, නිරර්ථක බිලි පූජා ආදිය, කාන්තා නිදහස අවම වීම වැනි කරුණුවලට එරෙහිව කරුණු ඉදිරිපත් වුණා කියන එක දක්වන්න පුලුවන්.

    ඒ වගේමයි වර්ධමාන මහාවීරයන්ගේ චරිතයේ බොහෝ සිදුවීම් බුදුරජාණන් වහන්සේගේ චරිතය තුළත් දැකගන්න ලැබීම වගේම ජෛන දහමෙන් ඉගැන්වුණු යම් යම් කරුණු කාරණා බුදු දහම තුළත් සාකච්ඡා වී තිබීමත් එක්ක ජෛන දහම සහ බුදු දහමේ තිබෙන සබඳතාවක් ගැනත් කරුණු කතා කෙරෙනවා.

    ජෛන දහම පිළිබඳව සරල හැඳින්වීමක් තමා මේ සටහනෙන් කියන්න අපේක්ෂා කළේ. තවත් ගැඹුරු කරුණු කාරණා ජෛන දහමේ නැතුවාම නෙමෙයි.

    සටහන ලියන්න පාදක කරගත්තේ බී.වී. රාවෝගේ ලෝක ඉතිහාසය සහ ක්ෂාවියර් පින්තු හා ඊ.ජී. මියාල්ගේ ඉතිහාස ධාරා 1 කොටස කියන පොත්

    http://aagiyakatha.blogspot.com/search/label/නිඝණ්ඨනාථ පුත්ත

     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    chithre adina kena gantama edala.mata hithenne edapu kena jaina agame kenek newei.
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,860
    113
    canada
    මේ දවස්වල හෙළුවෙන් ඉන්නේ රනිල්, අර්ජුන් ඇතුළු නඩය තමයි
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,221
    113
    Sri Lanka
    Oya nigantanaatha puththa ekka wath herenna wath be allah tai muhammad tai. Nigantanatha ge ekama awula arya ashtaangika maargaya nathi eka witharai.
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    නිවනට යන කෙටිම පාර :lol::lol:

    a-thousand-men-cant-undress-a-naked-man-greek-proverb.jpg


    සැ. යු. මෙය කිසිවෙකුත් අපහස කිරිමක් නොවන අතර හුදෙක් මිත්‍යාව පෙන්වා දිමක් පමණක් බව සලකන්න. :oo::oo:
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    පන්සල ඇතුලේ ජිගිසි ජිගන්:lol::lol:


    5500311-buddha-statue-03-800x530.jpg


    සැ. යු. මෙය කිසිවෙකුත් අපහස කිරිමක් නොවන අතර හුදෙක් මිත්‍යාව පෙන්වා දිමක් පමණක් බව සලකන්න. :oo::oo:
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    මෙය කිසිවෙකුත් අපහස කිරිමක් නොවන අතර හුදෙක් මිත්‍යාව පෙන්වා දිමක් පමණක් බව සලකන්න.

    ok then why don't you clearly say what's is the myth and what is the reality ?
    by the way the meaning of myth is "a traditional story, especially one concerning the early history of a people or explaining some natural or social phenomenon, and typically involving supernatural beings or events."oxford dictionary .