කතාකරලා කෙල්ලෙක් ෆිට් කර ගමුද??

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,843
    31,058
    113
    කතාකරලා කෙල්ලෙක් ෆිට් කර ගමුද??


    කෙල්ලෝ කියන්නේ තේරුම් ගන්න අපහසු හරිම විෂම මනුස්ස කොට්ටාසයක් කියලා තමා හැමෝම හැම තැනකම කියන්නේ. ඒ වුනාට මේ ලෝකේ සිටින ලස්සනම සුන්දරම නිර්මාණය වෙන කාන්තාව කියන්නේ අපිට ඇතුවත් බැරි නැතුවත් බැරි හරිම ආදරණිය ජීවින් කොටසක් කියලා තමා අනිවා අපිට නම් හිතෙන්නේ.

    ආදරය කියන දේ ඉහටත් උඩින් බලාපොරොත්තු වෙන හිතා ගන්න බැරි තරම් වෙනස් අවස්ථා වල හිතා ගන්න බැරි තරම් පුදුම දේවල් කියන කරන, මේ හිතා ගන්න බැරි තරම් සුන්දර නිර්මාණය දෙවියන් මැව්වා කියල කියනවා නම් අපිට කියන්න තියෙන්නේ “දෙයියෝ ඔයානම් මාර ම මාර පොරක්” කියලා තමා.

    කතාව පිට පොට යන නිසා ආපහු ට්‍රැක් එකට ගන්න හිතුවා. නිකමට වත් හිතුවද ඔයා කැමති ගෑනු ළමයා එක්ක කතා කරනකොට ඒක හරියට කරන්නේ කොහොමද කියලා, එහෙමත් නැතිනම් ඔයා කරන කතාවෙන් ඔයා කැමති යුවතිය ඔයාට ආශක්ත කරගන්නේ කොහොමද කියලා? සමහර අයට මෙහෙම ටෝක් කරන එක ගේමක් නැති වුනත් සමහර අය කෙල්ලෙක් එක්ක කතා කරනවා කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් කියලා තමා හිතාගෙන ඉන්නේ. ඉතින් අද මේ කියන්න හදන්නේ නියම ජෙන්ට්ල්මන් කෙනෙක් වගේ නා ගන්නේ නැතුව කෙල්ලෙක් එක්ක කතා කරන්නේ කොහොමද කියලයි.

    1.ආරම්භය – පටන් ගන්නොනේ හොඳම තැනින්

    ගැහැණු ළමයෙක් බලා පොරොත්තු වෙන දෙයක් තමා ගෞරවය කියන්නේ. විශේෂයෙන් ම ඒක කොල්ලෙක් ගෙන් ඇය වඩාත් ම බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ගැහැණු දැරිවියක් එක්ක කතා බහ කරන්න හිතාගෙන ඉන්නවා නම් ඇයට ගෞරවයක් හිතට දැනෙන විදිහට, ඒ කියන්නේ “මේ පුද්ගලයා මට ගෞරව කරනවා” කියන හැඟීම දැනෙන විදිහට හැසිරෙන්න. එතකොටයි මුල ඉඳන්ම තමන් කෙරෙහි විශ්වාසය ගොඩනගාගන්න අඩිතාලම දාගන්න පුලුවන්.

    “ආ නංගි, අද වැස්ස නේද?” වගේ කාලගුණ විද්‍යා වැඩමුළු වල වචන වලින් අද කාලේ කෙල්ලෙක්ව අල්ලගන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාට ටිකක් වෙලා බලාගෙන ඉන්න වේවි. එහෙම නැත්නම් යන්න වේවි නිකරගුවාව පැත්තට.

    2. රෙස්පෙක්ට් එක – රන්ජන් ඉල්ලපු එක එයාටත් දෙන්න.

    උඩ කාරනාවේ අපි කතා කරපු ගෞරවය කියන දේ ගැන අපි වැඩි දුරටත් කතා කලයුතුයි කියලා හිතුනා. කියමනක් තියෙනවා, ඔයා කාන්තාවට ගෞරව කරන ආකාරය මත ලෝකය ඔයාට ගෞරව කරනු ඇත. කියලා. අන්න ඒ වගේ අපි කතාව පටන් ගන්න වෙලේ සිටම අපි ඇයට ඉඩක් දීලා කතා කරන්න ඕනේ. රන්ජන් අර මාධ්‍ය වෙදියාගෙන් බලෙන් ඉල්ලපු එක වගේ නෙවෙයි මේක. ඔයා විසින් එයා ඉල්ලුවේ නැතත් දෙන්නට අවශ්‍ය දෙයක් තමා ගෞරවය කියන්නේ.

    3. කෙල්ලෙක් කියන්නේ කොටියෙක් නෙවෙයි.

    ඒ නිසා මට බනියි ද, වාරියපොළ අක්කා වගේ වෙයිද කියලා එහෙම බයේ පස්ස ගහන්න එපා. ඔබ බය නැතුව ගිහින් කතා කරන්න. පොඩි පෞර්ෂවත් ගතියක් එහෙම තියෙනවා නම් ඔයා කැමති කෙල්ල වුනත් ඔයා එක්ක බය නැතුව කතා බහ කරන්න ගනීවි.

    4. ටෙනි බන්දු වෙන්න හදන්න එපා කෙටියෙක් කිව්වොත් “ගොන්ජෝක්ස්” එපා.

    ගැහැණු ළමයි ආසයි හොඳ පෞරුෂයක් තියෙන කොල්ලෙක් එක්ක කතාබහ කරන්න. එහෙම නැතුව කෙල්ල වෙනුවෙන් හැම වෙලාවේම විහිලු කරලා ජෝක් එකක් වෙන කොල්ලෙක් එක්ක කතා කරන්න කැමති කෙල්ලෝ ඉන්නේ ලංකාවේ ෆිල්ම් වල විතරයි. අන්න ඒ නිසා හැම වෙලාවකම විහිලු කරන්නත් එපා.

    කෙල්ලෝ කැමතියි සැහැල්ලු සරළ පිරිමින්ට ඒත් ඔයාගේ කතා බහ ඇතුලේ ඔයා ටිකක් සීරියස් වෙන්න ඕනේ අවස්ථාත් තියෙනවා, ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන එක හොඳයි. කෙල්ල මොනා හරි සිරියස් දෙයක් කිව්වම ඔයා ෆ්‍රෙඩී සිල්වා ටෝක් එකක් දුන්නොත් කෙල්ලගේ හිතේ ඔයා ගැන තියෙන කැමැත්තත් එතනින් ම හබක් තමා.

    5. එයාටත් මයික් එක දෙන්න.

    කතා කරන්න පටන් ගත්ත වෙලාවේ හිටං නිහාල් නෙල්සන් සින්දු කියනවා වගේ මයික් එක අතින් අතට මාරු කර කර ඔයාම කතා කරන්න එපා. කෙල්ලටත් අවස්තාවක් දෙන්න කතා කරන්න. එතකොට ඔයා හොඳ කතා කාරයෙක් වගේම හොඳ සවන් දෙන්නෙක් කියලා කෙල්ල සිතාවි. කොහොමත් කෙල්ලෝ කැමතියි තමන් කියන දේ අහන්න කැමති පිරිමින්ට.

    6. හොයාබලන්න – ෂර්ලොක් හෝම්ස් වෙන්න යන්න එපා

    මේකත් කරන්න වෙන්නේ කතා කරලම තමා. ඔයාට එයා කැමති දේවල් ගැන අවබෝධයක් නැති නම් ඔයාට කරන්න තියෙන්නේ එයා කැමතියි කියලා හිතෙන මොනවා හරි දෙයක් ගැන තමන්ට උපමා කරලා මොනා හරි කියල බලන එක.

    “දන්නවද මම එක පාරක් අවාරේ සිරිපාදේ නැග්ගා නේ. මම ඇල්බම් එකක් හදලා අප්ලෝඩ් කළා. බැලුවද?”

    එතකොට ගෑනු ළමයා “හානේ ඔයා ෆොටෝග්‍රෆි කරනවද?” එහෙම නැති නම් “ඔයා ට්‍රැවල් කරනවද?” කියලා අහන්න පුළුවන්, එතකොට ඔයා දෙන උත්තරය මත තමා එයාගේ ප්‍රශ්නය තීරණය වෙන්නේ. එකට කරන්න වැඩක් තියෙනවා ඒ තමා හැම වෙලාවේම කතාව කොතනින් හරි නවත්තනවා නම් එයාට ප්‍රශ්නයක් අහන්න ඉතුරු කරලා නවත්තන එක.

    එයා ඇත්තටම ඔයා කියන දේට කැමති නම් ඒ ගැන තොරතුරු හාර හාර අසාවි. හැබැයි එකක් මතක තියාගන්න. බොරු විස්තර කියන්නෙපා. ඔයාට කලින් එයා ඔයා කියන තැනට ගිහින් තියෙනවා නම් එයා ඔයාට ඒක ගැන කියද්දී වෙන්නේ ඔයාට කට ඇරගෙන අහගෙන ඉන්න තමා...
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,058
    113

    7. බෝරින් ද? – දෙයියන්ගේ නාමෙට ටොපික් වෙනස් කරන්න

    ඔයා කතා කරන දේවල් වලට කෙල්ල කැමති නම් අවුලක් නැහැ, හැබැයි අකමැති නම් මොකෝ කරන්නේ? ඔයා කියවගෙන යනකොට එයා කිව්වොත් “හ්ම්ම් ” “ඇත්තද?” “ඇවිදින එක හරි බොරින් නේද?” වගේ වචන; වහාම ක්‍රියාත්මක වෙන පරිදි මාතෘකාව වෙනස් කරන්න. ඔයා එයා කියන දේවල් වලට අවධානයක් නොදක්වා ඔහේ කතා කරනවා නම් මහත්තයෝ, සමහර වෙලාවක එයා ඔයාගේ කතාව මැද්දෙන් නැගිටලා යන්නත් පුළුවන්. මොකද කිසිම කෙනෙක් කැමති නැහැනේ තමන් අකමැති දෙයක් අහගෙන ඉන්න.

    8. පිපාසෙන් කරවෙලාද?

    පිපාසෙන් හිටපු එකෙකුට වතුර උගුරක් හම්බුනා වගේ කෙල්ලෙක් නැතුව වේලි වේලි ඉඳලා කෙල්ලෙක් ලැබුනා වගේ හැසිරෙන්න එපා. කොයි වෙලෙත් වැඩි වර්ණනාවට ගිහින් ලකුණු කපාගන්න යන්න එපා තමන්ට කියලා ආත්මගරුත්වයකුත් තියාගන්න. මොකෝ කොල්ලෝ කියලා ප්ලාස්ටික් යැයි. උන්ටත් තත්වයක් කියලා දෙයක් තියෙනවානේ. ඒ නිසා ඊළඟ පොයින්ට් එකේ තියෙන දේවලුත් හොඳින් හිතට ගන්නෝනේ.

    9. කාඩ් කුඩු කරගන්නේපා.

    ඔයා ගැහැණු ළමයෙක් එක්ක කතා බහ කරනකොට කල්පනා කරන්න උවමනා දෙයක් තමා ඒ දැරිවි ඔයා කියන දේට සම්පුර්ණ අවධානය දෙනවද කියන කාරණාව ගැන. මොකද ඔයා කතා කරනකොට එයා අනවධානයෙන් හුමිටි තියනවා නම්, එහෙමත් නැතිනම් ඔයා කතා කරන වෙලාවට එයා ගණන් නොගෙන ඉන්නවා නම්, එහෙම ගැහැණු ළමයින්ගෙන් පොඩ්ඩක් ඉවත් වෙලා ඉන්න එක වටිනවා.

    මොකද තමන්ට කියල ආත්මගරුත්වයක් තියෙන නිසා. යම් කෙනෙක් ගෞරවයක් දීලා කතා කරනකොට එයට ප්‍රති උත්තර දීලා බොහොම විනීත ස්වරයෙන් පිළිතුරු දීම හැදිච්ච ගැහැණු දරුවෙක්ගේ වගේම පිරිමි දරුවෙක්ගේත් ලක්ෂණ.

    ඒ නිසා ඒ ගැනත් හිතේ තියාගෙන වැඩේට බහින්න ඕනේ....


    උපුටාගැනීම අනිවා.lk
     
    • Like
    Reactions: Tharaka_x

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    යකෝ ඕවා වැඩක් නැහැ
    සල්ලි හොයන්න පටන් ගනින්
    සල්ලි තියෙනවා නම් ඕවා ඕනම නැහැ
    මොළයක් තියෙන ලස්සන කෙල්ලෙක් දා ගන්න පුළුවන් ගේමක් නැතුව :)
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ජෝක් බන් :P
    සල්ලි වලින් කෙල්ලෙක් දා ගන්නවට වඩා ආතල් ටෝක් කරලා කට්ට කාලා දා ගන්න එක :)
    පස්සෙ කාලෙක කෙල්ල තුරුල් කරන් ඕවා ගැන කතා කරන්න හරි පුළුවන් :love:
    ළමයින්ට උනත් "මම සල්ලි හොයලා උඹේ අම්මව දා ගත්තෙ" කියනවට වඩා ලස්සනයි කට්ට කාලා දා ගන්න කතාව :P
     

    YoungWolf

    Active member
  • Aug 11, 2016
    490
    60
    28
    Winterfell
    යකෝ ඕවා වැඩක් නැහැ
    සල්ලි හොයන්න පටන් ගනින්
    සල්ලි තියෙනවා නම් ඕවා ඕනම නැහැ
    මොළයක් තියෙන ලස්සන කෙල්ලෙක් දා ගන්න පුළුවන් ගේමක් නැතුව :)
     
    • Like
    Reactions: Lahiru120

    LostLover

    Member
    Oct 3, 2016
    220
    6
    0
    Hehe ohoma talk karala kello dagaththata vadak na bn salli nathnam
    Methana thiyena godak eva aththa bn.eva hari.eth ithn kellone bn. :(
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,058
    113
    "රනිල් කටට ගනින්, රනිල් හොරා"බලකො ටැග් ටික:D:Dපව් බං රනිලා දැන් රටේ මොන රෙද්දක් උනට් පලි ඌ තමා:D:D
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    "රනිල් කටට ගනින්, රනිල් හොරා"බලකො ටැග් ටික:D:Dපව් බං රනිලා දැන් රටේ මොන රෙද්දක් උනට් පලි ඌ තමා:D:D

    මෛත්‍රීපාල ලස්සනට ගේම ගහනවා.බලපන් අර සිරී පාදේ කේස් එකෙත් ලකුණු දාගත්තේ ඌ.දැන් අර ආබාධිත සොල්දාදුවො කරපු ස්ට්‍රයික් එක නතර කරන්න ඉල්ලීම් දීලා ඒකෙත් ලකුණු දාගන්න හදන්නේ.රනිල් නිකන් චාටර් වෙනවා:P