මෙයින් වසර 1931කට පෙර

Jobutexter

Well-known member
  • Feb 21, 2014
    1,130
    1,515
    113
    WANNITHAMMANNAWA
    මෙයින් වසර 1931කට පෙර

    මෙයින් වසර 1931කට පෙර එනම් ක්‍රිස්තු වර්ෂ 79 අගෝස්තු 24 වන දින මිහිතලයට
    තවත් එක් දිනක් පමණක් නොවීය.ඉතාලියේ පොම්පෙයි නුවර වැසියන්ද වෙනදා මෙන්
    තම තමන්ගේ රැකිරක්ෂාවන් උනන්දුවෙන් ඉටුකරමින් සිටින මොහොතක නගර
    ආරක්ෂකයා කුපිත වූ සේ ගගන තලය සිපගෙන සිටි විසූවියස් ගිනිකන්ද මොහොතින්
    හෙන හඬ පතුරවමින් පුපුරා ගියේය.නගර වැසි සියල්ලන්ම දෑස අයා අහස් ගැබට
    මුසුවන දුම්කඳ දෙස බලා සිටියේ නොසිතූ මොහොතක සිදුවූ මේ සිදුවීම දෙසය.
    u8ocVK0.jpg

    හර්කියුලේනියම් නගරය ඉතාලියේ ප්‍රසිද්ධම නිවාඩු නිකේතනය බවට පත්වී තිබුනි.නමුත්
    තත්පර කිහිපයක් තුලදී හර්කියුලේනියම් නගරය සම්පූර්ණයෙන්ම ගිනිකන්දෙන් රෑරා
    පැමිණි ගිනිකඳකින් වැසී පැතිරිනි.ඒ සමගින් අසල වූ පොම්පෙයි නගරයම ලාවා කඳුවලින් තෙත් වූයේ කිසිවෙකුගේ නෙත කඳුලින් තෙත්වීමට හෝ කාලයක් නොතබමිනි. ගිනි කන්දෙන් ඉහලග නැගුණු දූවිලි අළු වලින් පෙරදිග අහස වසාගත්තේ අපහැදිලි කාලගුණයක සේයාව සිත්තම් කිරීමටය.ගිනිකන්දට කිලෝමීටර 6ක් පමණ දුරින් පිහිටි පොම්පෙයි නගරයට සිදුවූ ව්‍යසනය කිසිවෙකුටත් තක්සේරු කරගැනීමට පවා නොහැකි විය.ගිනි කන්දේ තර්ජනය පැවති කාලය පැය18කට වැඩිවූවා මිස අඩුවූයේනම් නොවේ.දෙපයට වාරුගෙන දිවයමින් සිටි සියල්ලන්ම පරාජය කිරීමට තරම් ලාවා හා අළු ප්‍රහාර සමත් විය.සියල්ලන්ම මරු තුරුලේ උණුසුමට යන්නට වූයේ විසූවියස්ගේ උණුසුම අතරිනි.මියගිය පිරිසගේ ප්‍රමාණය දහස් ගනණින් විය.ප්‍රචන්ඩකාරී ගිනිවතුර පැයට සැතපුම් 50-100ත් අතර වේගයක් ගෙන නගරය වසා පැතිරිනි.

    යලිත් දින කිහිපයකින් සැඟව ගිය හිරු පොම්පෙයි නගරයට පතිත වූයේ ලෝකයාට හදුනා ගැනීමටවත් නොහැකි වන ලෙස සියල්ල වෙනස් වූවායින් පසුවය.මෙම සිදුවීමෙන් පසු වසර සිය ගනනක් ගතවුවද කිසිවෙකුත් මේ නගරය පිලිබද කිසිවත් දැන නොසිටියේය.පොලව යට සැගවී සිටිමින් සිටි කාලය නිමා කරමින් වර්ෂ 700දී එක්තරා ඉන්ජිනේරුවෙකු විසින් ඉකුත් නගරයේ ලාවා වලින් නොවැසී තිබූ ගොඩනැගිල්ලක කොටසක් මතු කර ගන්නා ලදි.මෙම ආශ්චර්යවත් නගරය දෙස බැලුවේ නිදන් කොල්ලකරුවෝය.ඔවුහු නගරය හාරා අතීත සිහිවටන වන්නට තිබූ ලෝකඩ ප්‍රතිමා කාසි වර්ග කිරිඟරුඬ නිර්මාන ආභරණ ආදිය සොරා ගන්නට විය.පුරාවිද්‍යාඥයන්ට මෙම නගරය පිලිබද ප්‍රබල අවධානයක් යොමුකරන ලද්දේ ඉන් අනතුරුවය.පමා වූවා වැඩිය වැදගත් පුරාවස්තු ගනනාවක්ම ඒ වනවිට අතුරුදහන් වී තිබුනි.

    පුරා විද්‍යා කැනීම් වල පැවති උසස් බව 1860දී පමණ අතිශයින් වර්ධණය විය.කොයි
    තරම් දියුණු වූයේද යත් සැමගේ අවධානය කෙසේ හෝ අතීත සිහිවටනය වර්ථමාන
    ලෝකයට විවර කිරීමටය.සිතුවමින් අලංකෘත කරන ලද අති දැවැන්ත තාප්පයක නටඹුන්
    වැදගත් තැනක් ගත්තේය.විවධ වර්ණයන් භාවිතයෙන් නගරය අලංකාර කර තිබූ බවද
    දැකගත හැකි විය.එක්වරක් බැලුවෙකු දෙවරක් නොබලන තරම් නෙතට කදුලක් දනවන
    පෙම්පෙයි නගර වැසියන්ගේ ස්වරූපයන් දෙස බැලූ විට පෙනී යන්නේ ලාවා හා ගිනි අළු
    වලින් නිර්මිත බදාමයකින් වැසී තිබෙන අයුරුයත.ජීවය විනාශ වී ගියද ඒ අවස්ථාවන්ගේ
    හැසිරීම ප්‍රතිනිර්මාණය කිරීමට සොබාවධර්මයා කරන ලද අපූරු නිර්මාණයකි.මෙසේ
    දකින්නට ලැබුනු ප්‍රථීමා අද වන තෙක්ම සුරක්ෂිතව රැදී පවතී.

    C5mS8dO.jpg

    UGgCGwO.jpg

    Pk87Lqa.jpg

    0Ya14ow.jpg

    INGK7Xp.jpg

    INGK7Xp.jpg

    trX5smK.jpg

    V6DMMaR.jpg

    OYqcsT0.jpg

    qexy0iW.jpg

    8O10SEd.jpg

    zLCZqfc.jpg

    Bs1OMx7.jpg

    RQTOjol.jpg

    o5wj3cv.jpg

    Zs9tfvM.jpg

    f2aTnDP.jpg

    9WKGl8i.jpg

    k4AREWd.jpg