ටච් පෑඩ් වැඩ කරන හැටි

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ටච් පෑඩ් වැඩ කරන හැටි

    කොහොමද කට්ටියට අද ඉතිං කතාකරන්න යන්නේ කොහොමද මේ ටච් පෑඩ් එකක් වැඩ කරන්නේ කියලයි..

    වටේ යන්නේ මොකටද කෙලින්ම මාතෘකාවට එමුකො:rolleyes: ඔය වීදුරු, ප්ලස්ටික් වගේ පරිවරකයක දෙපැත්තෙ සන්නායක ස්ථර (තහඩු) දෙකක් තියල තමයි ධාරිත්‍රකයක් එහෙම නැත්නම් කැපෑසිටරයක් හදලා තියෙන්නෙ:yes: මේ ධාරිත්‍රකය දෙපැත්තට වෝල්ටීයතාවයක් (විභව අන්තරයක්) යෙදුවහම ඒ සන්නායක දෙක අතර විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇතිවෙනවා..

    cap.JPG

    ඉතින් මේ සන්නායකයක් ඇගිල්ලෙන් හරි වෙනත් සන්නායකයකින් හරි ස්පර්ශ කලොත් මේ විද්‍යුත් ක්ෂේත්‍රය වෙනස් වෙනෙවා. මේ වෙනස ධාරිත්‍රකයේ ධාරිතාවේ වෙනසක් වශයෙන් මැනගන්න පුලුවන්. මෙක තමයි Capacitive ටච්පෑඩ් වැඩ් කරන මූලික සිද්ධාන්තය;)

    cap1.JPG

    මේ capacitive ටච්පෑඩ් ප්‍රධාන වර්ග දෙකක් තියෙනෙවා
    1 මතුපිට ධාරිත්‍රකමය - Surface capacitive
    2 ප්‍රක්ෂේපිත ධාරිත්‍රකමය - Projected capacitive


    මතුපිට ධාරිත්‍රකමය (Surface capacitive) ටච්පෑඩ් ක්‍රියාකාරීත්වය

    surface1.JPG

    1 ආරක්ෂක ස්තරය
    2 පරිවාරක ස්තරය (වීදුරු/ප්ලාස්ටික්)
    3 මතුපිට සන්නායකය
    4 මතුපිට පරිවාරක ආවරනය

    මේ වර්ගයේ ටච්පෑඩ් එකක සැකස්ම තමයි උඩ රූපයේ පෙන්වලා තියෙන්නෙ. පරිවාරකයේ මතුපිට පැත්තෙ පමනක් සන්නායක ස්තරයක් තබා එයට විභවයක් ලබාදීතියෙනවා. මේක ඇගිල්ලකින් (ධාරිත්‍රකයේ අනෙක් තහඩුව විදිහට වැඩකර්න්නේ ඇගිල්ලයි) ස්පර්ශ කලහම ඇතිවන විද්‍යුත් ක්ෂේත්‍රය වෙනස් වීමට අනුව පෑඩ් එකේ මුලු හතරේ ඉදලා ධාරාවන් ඇතිවෙනවා.

    surface2.JPG

    මේ ධාරාවන් එක් එක් මුල්ලේ ඉදලා ස්පර්ශ ලක්ෂයට තියෙන දුර අනුව වෙනස්. පාලක පරිපතය මගින් මේ ධාරාවන් මැනීමෙන් තමයි අදාල ස්පර්ශ ලක්ෂයේ පිහිටුම සොයාගන්නේ. මේ වර්ගයේ ටච්පෑඩ් බහු-ස්පර්ෂයන් (multi touch )සදහා සහයෝගය දක්වන්නෙ නැහැ.

    ප්‍රක්ෂේපිත ධාරිත්‍රකමය (Projected capacitive) ටච්පෑඩ්

    pcap2.jpg

    මේ වර්ගයේ වල ටච්පෑඩ් පරිවාරකයේ මතුපිට XY කොටු සැකැස්මකට සන්නායක කට්ටල දෙකක් අතුරා තියෙනෙවා. පාලක පරිපතය එක පේලියකට (X අක්ෂය - නිල් කොටු ) විභවය ලබා දී (Xrive signal) ‍ එක එක තීරුව (Y අක්ෂය - රතු කොටු) ඔස්සේ ලැබෙන ධාරිතවන් (Y receive signal) මැනගෙන යනවා. එතකොට ඒ පේලිය දිගේ ඇගිල්ලක් ස්පර්ශ වෙලා නැත්නම් එක සමාන ධාරිතවන් ලැබෙනවා. ස්පර්ශ වෙලා නම් ඒතැනින් අඩු ධාරිතවක් ලැබෙනවා. මේ විදිහට හැම පෙලියක් දිගේම පරීක්ෂා කරලා බලලා ඇගිල්ලක් හෝ කීපයකින් වුන ස්පර්ශයන් ගේ පිහිටුම් හදුනා ගන්න පුලුවන්. පාලක පරිපතය අනුව මේ ටච්පෑඩ් බහු-ස්පර්ෂයන් (multi touch )සදහා සහයෝගය ලබා දෙනවා.

    psurface1.JPG

    පාලක පරිපතය සාමාන්‍ය ඇගිල්ලකින් වෙන ක්ෂේත්‍ර වෙනසට පමනක් ප්‍රතිචාර දැක්වීමට සකස් කිරීමෙන් මේවා වෙනත් ද්‍රව්‍ය මගින් ක්‍රියාත්මක වීම නවතා තියෙනෙවා. (උදා - ක්ෂේත්‍ර වෙනස :පරිවාරකයකින් 2 – 5pf , ඇගිල්ලෙන් 5 – 7pf, සන්නායකයකින් 8 – 10pf නම් පාලක පරිපතය 5-7pf සදහා පමනක් ප්‍රතිචාර දක්වා. අනෙකුත් වෙනස්වීම් නොසලකා හරියි.)

    තිරය මත සවිකරන (iPhone) විනිවිද පෙනිය යුතු ටච්පෑඩ්, වීදුරු පරිවාරක සහ Indium Tin Oxide වලින් හදපු විනිවිද පෙනෙන සන්නායක ස්ථර (ITO layers) පාවිච්චි කරනවා. Laptop වගෙ උපකරනවල මේවා සාමාන්‍ය මුද්‍රිත පරිපත පුවරු විදිහටම තමයි හදලා තියෙන්නෙ.

    පහල රූපවල තියෙන්නෙ පරණ එකකින් ගලවපු ටච්පෑඩ් එකක පින්තූරයි.

    pad1.JPG


    pad2.JPG


    pad3.JPG


    සෙන්සර් ගැන ලියපු ත්‍රෙඩ් එකක් එක්ක ඉක්මනටම හමුවෙන්නම්..:D
    එතෙක් ජයවේවා..!!
    c8JjdJ7.png

    VTfir5b.png
     
    Last edited:

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    වැදගත් ලිපියක්.
    බොහොම ස්තුතියි මහන්සියට....