ලසිත්_මාලිංග

Mr_Bee

Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    මට සිංහයා ඉඹින්න බැරි වුණා
    :love: - ලසිත් මාලිංග -:love:


    'ඔහු හිතුවක්කාර යෙක්. ඒ වගේම ජේත්තුකාරයෙක්. කාට වුව කියන දෙය කෙළින් කීම ඔහුගේ හැටියක්. ඒ නිසාම ඔහු මාධ්‍ය තුළ ගොදුරක්.මාධ්‍යය කොතරම් කීකරු කරන්න වෙර දැරුවත් ඔහු ඔහුමය. ඔහු ලසිත් මාලිංග. යෝකරයක් වගේම කෙළින් බඩුවක්.'

    රත්ගම කිව්වාම සමහරුන්ගේ මුහුණු හැකිළෙනවා. රත්ගම ඉපදුණු ඔබට රත්ගම දැනෙන්නේ කොහොමද?
    රත්ගම ඉපදුණු හැම කෙනාටම වගේම මටත් තියෙන්නේ ආඩම්බරයක්. කොහේ ඉපදුණත් ඒ හැඟීම ඇති. හැබැයි රත්ගම ඉපදීම ගැන ආඩම්බර වෙන්නේ කෙළින් කතා කරන්න, ඇත්ත කතා කරන්න පුංචි කාලේදීම සමාජය තේරුම් ගන්න මට මගේ ගම පාසලක් වුණා. රත්ගම කිව්වාම හැකිළෙන්නේ රත්ගමට උපන් චණ්ඩිකමක් තියෙන නිසා. අපේ ගමේ ඉන්නේ ඇත්තම කතා කරන, ඇත්ත වෙනුවෙන් මැරෙන්න හරි පුළුවන් මිනිස්සු. ඒ ගමේ ගති මටත් තියෙනවා. කවුරු සතුටු වුණත් නැතත් කාට රිදුණත් නැතත් මම කියන දේ කෙළින් කියනවා. ඇත්ත කියන දේ හරි ලස්සනට කියන්න අමාරුයි. බොරු කියන දේ හොඳට කැටයම් දාලා කියන්න පුළුවන්. ඒ නිසා ඇත්ත කියන කොට ගොඩාක් අය බයයි. ඒ අයට රිදෙනවා කරන්න දෙයක් නෑ. ගමේ ගති. ඒ ගැන මම ආඩම්බරයි.


    ලසිත් මාලිංගට ක්‍රිකට් ගහන ඇල්ම ඇති වෙන්නේ කොහොමද?
    බලා ඉඳලා. ලොකු අය සෙල්ලම් කරනවා බලා ඉඳලා ශිෂ්‍යත්ව කරන කාලේම පටන් ගත්තා. මේ ජාතික කණ්ඩායමට එන්න නෙමෙයි. සැහැල්ලුවට සැහැල්ලු පන්දු ගැහැව්වේ. ඒත් මගේ පන්දු යැවීමේ රටාව මේකම තමයි. ඉතින් පුංචි කාලේම පුංචි වීරයෙක් බෝල ගහනකොට.

    එතකොට ‘ලෙදර්’ ක්‍රිකට්වලට එන්නේ.
    අහම්බෙන්. අවුරුදු දාහතත් පහුවෙලා මම ලෙදර් ගහන්න ගත්තේ. මම හොඳට ඉගෙන ගත්තා. සාමාන්‍ය පෙළ ‘ඩී’ අටම ගත්තා. උසස්පෙළට ගණිතය කළේ. විද්‍යාලෝක විද්‍යාලයේ ලෙදර් ක්‍රිකට් ගහන්න ගියත් මාව තෝරාගත්තේ නෑ. ලෙදර් නොගැහැව්වාට පුටුවක් විකට් එක කරගෙන ටෙනිස් ගැහැව්වා විවේක කාලයේදී. ඉතින් විකට් ගන්න මැෂිමක් මං ඒ කාලෙත්. ඔහෝම ඉන්නකොට දවසක් මගේ පන්තියට ආපු ක්‍රිකට්භාර ගුරුවරයා කිව්වා, අවුරුදු 17න් පහළ පාසල් තරගයට යන්න එක ළමයෙක් අඩුයි, ඇවිල්ලා නෑ, මං දැකලා තියෙනවා ඔයා ටෙනිස් බෝල කරනවා හොඳට, යමුද කියලා. මම ඒ වෙනකොට ලෙදර් බෝලය අල්ලලාවත් නෑ. ඉතින් මමත් ගියා. මම ඒ තරගයෙන් කඩුලු 14ක් ගත්තා. ඒ තරගයේ විනිසුරු වශයෙන් කටයුතු කළේ ගාල්ල මහින්ද විද්‍යාලයේ පුහුණුකරු කීර්ති වර්ණප්‍රිය මහත්තයා. ඔහු අපේ සර් කෙනකුට පණිවුඩයක් එවලා තිබුණා. මට හොඳ අනාගතයක් තියෙනවා. එයා කැමතියි මහින්ද විද්‍යාලයට ගන්න කියලා. එදා රෑම ඔය යෝජනාව අපේ ගෙදරටත් ආවා. අම්මලා කැමති වුණා මහින්දෙට දාන්න. මම ඉන්නේත් ජාතික පාසලක නිසා ගණිතය විෂයන් දෙකම තියෙන නිසා ජාතික පාසලකින් තව ජාතික පාසලකට යන්න තියෙන අපහසුව නිසා මම අකමැත්තෙන් ගණිතය අංශය අතඇරලා ඇග්‍රිකල්චර් තෝරා ගත්තා. මම මහින්දෙට ගියා. ඒ ක්‍රිකට් වෙනුවෙන් ඉතින් ක්‍රිකට් වෙනුවෙන්. මට අධ්‍යාපනය නතර කරන්න වුණා. අදත් ඒ ගැන දුකක් නැහැ. සතුටක් තියෙන්නේ. හැබැයි ඉගෙන ගත්තා නම් ඉගෙනීමෙනුත් ඉහළට යන්න පුළුවන් ඔලුවක් මට තිබුණා.


    ගාල්ලෙන් කොළඹට එන ගමන හැදෙන්නේ ඉන් අනතුරුව.?
    ඔව් මහින්දෙට ගිහින් මාස අටක් යනකොට කොළඹට ආවා. මම වේගයෙන් වර්ධනය වුණා. ක්‍රීඩකයෙක් ලෙදර් බෝලය අල්ලලාවත් නැති තරගයකට ගිය මම බලා ඉද්දී දක්‍ෂයෙක් වුණා. කොළඹට ආවාට දහනවයෙන් පහළ ක්‍රීඩා කරන්න පුළුවන් වුණේ නෑ. ක්ලබ් තරග ගැහැව්වා. මම ගහපු හැම තරගයකම කඩුලු ගත්තා. ඔය අතරේ ක්ලබ් ගහනකොට චම්පක රාමනායක හමුවුණා. ඔහු ඔහුගේ තැන මට දුන්නා. මම හොඳට විකට් ගන්නකොට ඔහු ක්ලබ් පිලේ ඔහුට හිමි තැන මට දීලා අයින් වුණා. ඔහු නොවෙන්න අද ලසිත් මාලිංග කෙනෙක් නෑ. පසුව මගේ පුහුණුකරු වුණේත් ඔහුමයි.

    ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන එක ලේසිද මාලිංග?
    ලේසියි. හැබැයි ජාතික කණ්ඩායමට එන්න අමාරුයි.

    ජාතික කණ්ඩායමට එන්න ඕනෑ දක්‍ෂතාව විතරමද?
    හොඳ ප්‍රශ්නයක්. ජාතික කණ්ඩායමේ ඉන්න නිසා උත්තර නොදී ඉන්නම්. වෙන දෙයක් කියන්නම් ජාතික කණ්ඩායමට ආවාට රැඳෙන්න නම් දක්‍ෂයෙක් වෙන්නම ඕනෑ.

    ඔබ දක්‍ෂතාවෙන්ම ආ ගමනක්ද මේ?
    ඔව්. ක්ලබ් තරග ගහනකොට මම හොඳට කඩුලු ගත්තා. ඒ නිසා මට ජාතික කණ්ඩායමට එන්න පුළුවන් වුණා. ඒ හැම තරගයකින්මත් මම හොඳට කඩුලු ගත්තා. මට කළ හැකි උපරිමය මම රට වෙනුවෙන් කළා. මට තරගයක් තනිව හරි දිනවන්න පුළුවන් ක්‍රීඩකයෙක් කියන විශ්වාසය මට තියෙනවා. මම ඒක ඔප්පු කරලා තියෙනවා.

    හැබැයි ඔබ කණ්ඩායම ඇතුළේ හුදෙකලා සලකුණක් නේද?
    එහෙම පේනවාද? (හිනා) මට මගේ උපරිමය කරනවා. තනිව හරි තරගය ජයගන්න ඕනෑ කියන තැන මම ඉන්නවා. ලණුව පැනලා පිටියට ගියාම අපිට වෙනස් මත නෑ. තරගය දිනන මතය හැර. ඒ තැන මාත් ඉන්නවා.

    මාලිංග දිගට හරහට විවේචනය කළා ඒ ඇයි?
    ඒ අය (මාධ්‍ය) බලාපොරොත්තුවන කෙනෙක් බවට මට පත් වෙන්න බැරි වුණ හින්දයි එහෙම වුණේ. මාධ්‍ය බලාපොරොත්තු වෙනවා හැමෝම ඒ අය කියන විදියට, ඒ අය හිතන විදියට ඉන්න ඕනෑ කියලා. ඒ ඉරෙන් පනිනවා නම් පන්න පන්නා ගහනවා. මට වුණේත් ඒක. එහෙම ගහන ගමන් මට කිව්වා, මාව හැදුවේ මාධ්‍ය කියලා. මම කිව්වා, අපරාදෙනේ මාව විතරක් හැදුවේ, තව මම වගේ දහයක් හැදුවා නම් ගොඩ නේ කියලා. ඔන්න ඉතින් පරල වුණා. මම කියන දේ කියනවා. මාධ්‍යයට ක්‍රිකට් ක්‍රීඩකයෙක් හදන්න බෑ. හැදුණු ක්‍රිකට් ක්‍රීඩකයෙක්ව උඩ දාලා ඒ අයටත් බැබලෙන්න පුළුවන්. මම ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණේ මගේ දක්‍ෂතාවට. මම විකට් ගත්තේ මගේ හැකියාවට. ඉතින් මාධ්‍ය තමයි මාව හැදුවේ කිව්වාම මම මොනවද නොකියා ඉන්න ඕනෑ.

    මාලිංගට වැරදුණේ කොතැනද?
    සිංහයා ඉඹින්න බැරි වුණ එක. මම විකට් අරගෙන සිංහයා ඉඹ ඉඹ හිටියා නම් මම මේ රටේ වීරයෙක්. එහෙනම් හරි ෂෝක්. එහෙම බොරු කරන්න මම ඉගෙන ගත්තේ නෑ. මට ඕනෑ වුණේ ඊයේ විකට් දෙකක් ගත්තා නම් අද හතරක් ගන්න. ඉතින් මාධ්‍යයට ඇවිත් අමුතු මූණක් දාගෙන ඉන්න මට වුවමනාවක් නෑ. පිට්ටනියෙත් ඉන් පිටතත් මේ මූණම තමයි මට තියෙන්නේ.

    ඔබ විතරයි, ඔව්! මම සල්ලිවලට ක්‍රිකට් ගහන්නේ කිව්වේ.
    ඔව්, ඒක අදත් කියනවා. රට වෙනුවෙන් කියලා බොරු කතා කියන්න මට බෑ. ජාතික කණ්ඩායම රට වෙනුවෙන් තමයි ක්‍රීඩා කරන්නේ. ඒත් අපි වෘත්තිකයෝ. මේක මගේ රස්සාව. උදේ ඉඳලා හවස් වෙනකම් පුහුණු වෙන්නේ රස්සාවට. මට ගෙවන්නේ ක්‍රීඩා කරනවාට. අපි හොයලා දීලායි වැටුපක් ලබන්නේ. අනෙක් හැම ක්‍රීඩකයාටම දෙන වැටුප තමයි මටත් දුන්නේ. හැබැයි කතා වුණේ මාලිංග සල්ලිවලට බෝල ගහනවා කියලා. එතකොට අනෙක් අය නිකංද ගහන්නේ. මට මේ අයට වඩා ශත පහක්වත් හම්බවුණේ නැහැ. ඒ වුණාට මම විතරයි සල්ලිවලට ගහලා තියෙන්නේ. මේක රස්සාවක්. ඉන්නකම් හොඳට රස්සාව කරනවා. එක අවංකව කරනවා. මේකෙන් අයින් වුණාම අපිට පැන්ෂන් නෑ. තව කට්ටියක් මේ රස්සාව කරයි. ඉතින් අපි ඊළඟට ජීවත් වෙන්න සෙල්ලම් කරන කාලේ හොඳට හම්බ කරගන්න ඕනෑ. එක එක ලකුණකට මෙච්චරයි කියලා කාමරවල ඉඳලා ගණන් හදන්න නරකයි. ඔය එක ලකුණ ගන්න අවුරුදු ගාණක් දාඩිය වගුරලා පුහුණු වෙලා තියෙනවා. පවුල් ජිවිත අතඇරලා කැප වෙලා තියෙනවා. මේක මම වගේ හැමෝම ඇත්ත කතා කළා නම් අද මේක වෘත්තියක් විදියට මීට වඩා සාර්ථකයි. මම අද කියන ඒවා ඉදිරියේදී ඇත්ත වෙයි.

    ඔබ මෝස්තරකාරයෙක්.
    ඔව්! හැබැයි බාහිරින් විතරයි. මමත් පාසල් යනකම් තෙල් ගාලා කොණ්ඬේ පැත්තට පීරුවා. පාසලින් අයින් වුණාම තරුණයෙක් විදියට මට හිතුණා කාටවත් කරදයක් නොවන විදියට මෝස්තර කරන්න. මම කළා. එහෙම කොණ්ඩය පාට කරලා කරාබු දාලා බටහිර ඉන්දීය සංචාරයට ගියාම ඔවුන් මාව ඒ අයගේ කෙනෙක් වගේ බාර ගත්තා. හැබැයි මම හොඳට විකට් ගත්තා. ඒත් මෙහේ ගොඩාක් අය මගේ කොණ්ඬේ එල්ලුණා. මම කියන්නේ මම දක්‍ෂද නැද්ද බලන්න, මගේ කොණ්ඩය ගැන හොයන්න එපා. කොණ්ඬේ වවාගෙන පාට කරලා කරාබු දාලා ක්‍රිකට් ගහන්න බෑ කියලා කෙහේවත් නෑ. ඒ වගේම එහෙම කළා කියලා විකට් ගන්න පුළුවන් කමකුත් නෑ. මුලින් කිව්වා මගේ මම මෝස්තර කරනවා. ඒක කාටවත් හානියක් නෑ. ඒකෙන් රටේ සංස්කෘතිය විනාශ වෙනවා කියනවා නම් මම දන්නේ නෑ මේ රටේ සංස්කෘතිය කියන්නේ මොකක්ද කියලා. කොහොම වුණත් මම බාහිරින් මෝස්තර කළාට ඇඟ ඇතුළෙන් බොරුවට එළියට පෙන්නන මෝස්තරකාරයෙක් නෙමෙයි. මගේ මෝස්තරය කියන්නේත් මටම තමයි.

    මාලිංගට අනුව මහත්වරුන්ගේ ක්‍රීඩාව කියන්නේ මොකකටද?
    මම දන්න, මට තේරෙන විදියට මහත්වරුන්ගේ ක්‍රීඩාව කියන්නේ පිටිය තුළ විනයක් ඇතිව ක්‍රීඩා කිරීමයි. මගේ ක්‍රිකට් දිවිය තුළ අදටත් මම අයි.සී.සී එකේ චෝදනාවකට ලක් වෙලා නෑ නීති විරෝධි කටයුත්තක් කළා කියලා. එහෙනම් මම ක්‍රිකට් මහත්තයෙක් නෙවෙයිද? ක්‍රීඩාව තුළ විනය රැක ගැනීමයි මහත්මා ගතිය. මම ඒක රැකලා තියෙනවා. රකිනවා. එහෙම නැතිව මහත්මයෙක් වගේ බොරු රඟපෑම් කරන්නේ නෑ. මේ හැම දේම දේවල් නොදැන ලියන මාධ්‍ය මහත්වරු හින්දා ඇති වේච්ච දේවල්.

    ඔබ මාධ්‍ය එක්ක තරහද?
    තරහකුත් නෑ, යාළුකමකුත් නෑ. හැබැයි මම කියන්නේ පොත්ත අත ගාලා අරටුව ගැන කියන්න එපා කියලා විතරයි. මම වෙන්න ඇති ලෝක ක්‍රිකට් ඉතිහාසයේම මේ තරම් බැණුම් අහන්නේ. ඒත් මම ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියට කරලා තියෙන දේත් ගොඩයි. විස්සයි විස්ස ලෝක ශූරතාව දිනන්න නායකත්වය දැරුවේ මම. එක්දින කඩුලු 397ක් ලබාගෙන තියෙනවා. ටෙස්වල කඩුලු සියයක් ලබාගත්ත හතර දෙනාගෙන් කෙනෙක් මම. විස්සයි විස්ස ලෝක වාර්තා හතරක් මගේ නමට තියෙනවා. ඒ මේ රට ජයග්‍රහණය කළ තරගවලදී ගත්ත ඒවා. මම අදටත් අයිපීඑල්වල එකම කණ්ඩායම නියෝජනය කරන එකම කෙනා. බිග් බෑෂ් ගියත්, බංග්ලාදේශ ගියත් මාව ගන්නවා. ඒ හැම තැනම එක විදියට මට සාධාරණය කරනවා. කාට සෙල්ලම් කළත් එතැනදී මම අවංකයි. සමහරු කියනවා ‘මම අයිපීඑල් හොඳට ගහනවා’ වගේ කතා. මේ කතා ඇහුවාම මට හිනා යනවා. රටට හොඳට සෙල්ලම් කළ නිසා තමයි මේ හැමෝම මාව ගන්නේ.

    මාලිංග දැන් සල්ලිකාරයෙක්ද?
    ඔව් සල්ලිකාරයෙක්.

    ක්‍රිකට් නැති වුණාට පස්සේ?
    ඒත් ඔලුව කෙළින් කරගෙන ඉන්න පුළුවන් පදනම මට තියෙනවා.

    ක්‍රීඩකයෝ සුරා සූදුවෙන් තොරද?
    අනෙක් අය ගැන කතා නොකර මම ගැන කියන්නම්. විශ්වාස කරන එකක් නෑ. මම මේ වනතුරු ෂැම්පේන් එකක් වත් බීලා නෑ. බීම කියන එක මගේ හිතකවත් නෑ. බීමට විරුද්ධත් නෑ. බොන එක බොන අයගේ අයිතියක්.

    ක්‍රීඩකයෝ දේශපාලනයට එනවා. මාලිංගත් එයිද පසුකාලීනව?
    කවදාවත් නෑ. මම දේශපාලනය වගේ උතුම් දෙයක් කරන්න සුදුසු නෑ. දේශය පාලනය කරන්න මම කවුද? කවදාවත් එන්නේ නෑ.

    ඔබ පන්දුවට වැඳලා බෝල දාන්නේ ඇයි?
    පන්සල් නොගියාට මම හොඳ බෞද්ධයෙක්. පන්දුවට වඳින්නේ, ඒක තමයි මට මේ තත්ත්වයට එන්න උදව් කළේ. කන්නේ, බොන්නේ, මේ විදියට හොඳ ජිවිතයක් ගෙවන්නේ, ඒ පන්දුව හින්දා. මම මට වඩා ක්‍රිකට්වලට ආදරෙයි. ඒක මාව ජීවත් කරනවා. මොකද ජීවත් වෙන්න අවශ්‍ය හැම සම්පතක්ම මට ලැබුණේ මේ පන්දුවෙන්. ඉතින් ඒකට වැඳීම පවක්ද?

    ක්‍ෂේත්‍රයේ කතාවක් තියෙනවා, ඔබ මාපියන්වත් විදෙස් සංචාරවලට රැගෙන යනවා කියලා.
    ඔව්! අපි වගේම ඒ අයත් රටක් තොටක් දකින්න ආසයි. මේ මට යමක් කළ හැකි කාලය. ඉතින් මම සෑහෙන රටවල්වලට ඒ අයත් රැගෙන යනවා. මගේ වියදමින් ඒ දේවල් කරන්නේ. ඒ අය සතුටු කිරීම මම කරන්නම ඕනෑ. ලසිත් මාලිංග කෙනෙක් ඇති කළේ ඒ අය.

    මොනවා හරි කියන්න කිව්වොත් ඔබ දෙන උපදෙස මොකක්ද කාට හරි.
    අනෙක් අයගේ දියුණුව සතුට බලලා සතුටු වෙන්න කිව්වාට එක කරන්න අමාරු දෙයක්. මම කියන්නේ ඒක කරන්න බැරි වෙන්න පුළුවන්. අන් අයට ඉරිසියා නොකර අනුන්ගේ දේවල් හොයන්නේ නැතිව පාඩුවේ ඉන්න කියලායි. එකම ලොකු සේවයක්.■

    ටිරන් කුමාර බංගගමආරච්චි
    රාවය 13.11.2016
     

    KanishWJ

    Active member
  • Feb 16, 2015
    463
    90
    28
    වදින තැන්වලට වැදිලා, රිදෙන තැන්වලට රිදෙන්නම කියලා තියෙනවා..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පන්සල් නොගියාට මම හොඳ බෞද්ධයෙක්. පන්දුවට වඳින්නේ, ඒක තමයි මට මේ තත්ත්වයට එන්න උදව් කළේ. කන්නේ, බොන්නේ, මේ විදියට හොඳ ජිවිතයක් ගෙවන්නේ, ඒ පන්දුව හින්දා. මම මට වඩා ක්‍රිකට්වලට ආදරෙයි. ඒක මාව ජීවත් කරනවා. මොකද ජීවත් වෙන්න අවශ්‍ය හැම සම්පතක්ම මට ලැබුණේ මේ පන්දුවෙන්. ඉතින් ඒකට වැඳීම පවක්ද?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය අතරේ ක්ලබ් ගහනකොට චම්පක රාමනායක :love::love::love:හමුවුණා. ඔහු ඔහුගේ තැන මට දුන්නා. මම හොඳට විකට් ගන්නකොට ඔහු ක්ලබ් පිලේ ඔහුට හිමි තැන මට දීලා අයින් වුණා. ඔහු නොවෙන්න අද ලසිත් මාලිංග කෙනෙක් නෑ. පසුව මගේ පුහුණුකරු වුණේත් ඔහුමයි.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,768
    1
    15,425
    113
    කි බොර්ඩ් ක්‍රිකටර්ස්ලට නම් රිදෙයි සැහෙන්න
    :lol::lol::lol:
     

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    ඔව්! අපි වගේම ඒ අයත් රටක් තොටක් දකින්න ආසයි. මේ මට යමක් කළ හැකි කාලය. ඉතින් මම සෑහෙන රටවල්වලට ඒ අයත් රැගෙන යනවා. මගේ වියදමින් ඒ දේවල් කරන්නේ. ඒ අය සතුටු කිරීම මම කරන්නම ඕනෑ. ලසිත් මාලිංග කෙනෙක් ඇති කළේ ඒ අය patta
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මම මෙච්චරකල් හිතන් හිටියෙ මාලිංග මෙලෝ අද්යාපනයක් නැති රත්ගම ත්‍රී වීල් එකක් එලෝගන ගංජා පාරක් ඇදගන හිටපු එකෙක් කියල. මාද්‍ය කාරයෝ ඒ වගේ චිත්‍රයක්නේ මවල තිබුනෙ. බලාගන යනකොට මාද්‍ය වලින් මූව හදල නෙමේ තියෙන්නෙ මූට කැලෑ පත්තර ගහල.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම මෙච්චරකල් හිතන් හිටියෙ මාලිංග මෙලෝ අද්යාපනයක් නැති රත්ගම ත්‍රී වීල් එකක් එලෝගන ගංජා පාරක් ඇදගන හිටපු එකෙක් කියල. මාද්‍ය කාරයෝ ඒ වගේ චිත්‍රයක්නේ මවල තිබුනෙ. බලාගන යනකොට මාද්‍ය වලින් මූව හදල නෙමේ තියෙන්නෙ මූට කැලෑ පත්තර ගහල.

    ඩි අටක් ගත්තු කෙනෙක් නෙ. පිටින් බලල මිනිස්සු මනින්න හොඳ නෑ කියන එක ආයෙත් ඔප්පු උනා.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    මම මෙච්චරකල් හිතන් හිටියෙ මාලිංග මෙලෝ අද්යාපනයක් නැති රත්ගම ත්‍රී වීල් එකක් එලෝගන ගංජා පාරක් ඇදගන හිටපු එකෙක් කියල. මාද්‍ය කාරයෝ ඒ වගේ චිත්‍රයක්නේ මවල තිබුනෙ. බලාගන යනකොට මාද්‍ය වලින් මූව හදල නෙමේ තියෙන්නෙ මූට කැලෑ පත්තර ගහල.

    :yes: :sorry:
     

    Mr_Bee

    Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    දඩබ්බරයා;20930249 said:
    ඔව්! අපි වගේම ඒ අයත් රටක් තොටක් දකින්න ආසයි. මේ මට යමක් කළ හැකි කාලය. ඉතින් මම සෑහෙන රටවල්වලට ඒ අයත් රැගෙන යනවා. මගේ වියදමින් ඒ දේවල් කරන්නේ. ඒ අය සතුටු කිරීම මම කරන්නම ඕනෑ. ලසිත් මාලිංග කෙනෙක් ඇති කළේ ඒ අය patta
    :yes::yes::yes:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    එළ කොල්ලෙක්නේ බලන් ගියාම.:cool:





    ඔය මාධ්‍යය කියන හැතිකරයේ වැඩි හරියක් ඉන්නෙ ජඩයෝ, ගොඩ් ලා වගේ තමයි හැසිරෙන්නේ, උන්ට ඕනේ දේ තමයි කෙරෙන්න ඕනේ, උන් හැමවෙලාවෙම නිවැරදියි. ඔය හැසිරීම් දැකලම මට නම් ඔය මාධ්‍යවේදියෝ කියන ජාතිය පෙන්නන්න බෑ. හොද මිනිස්සුත් ඉන්නවා, ඒ අයගෙත් හොඳ නම් කැතවෙනවා අර ජඩයො ටික නිසා. හොදම උදාහරණය තමයි ස්වර්ණවාහිනිය. බලපල්ලකෝ උන්ගෙ මාධ්‍ය සදාචාරය:angry: