ගෙදරදී කිතුල් (පැණි) රා සාදා ගන්නා අන්දම
අවශ්‍ය ද්‍රව්‍ය :-
සාදා ගන්නා අන්දම :-
බඳුනට වතුර දමා,ඊටම කිතුල් පැණි බෝතලය දිය කරන්න.පසුව,ඇල් මැරුණු වතුර කෝප්පයකට දිය කර ගත් යීස්ට් එයට කලවම් කරන්න. බඳුන රෙදි කැබැල්ලකින් වසා,පැය48 තබන්න. පැය කිහිපය කට වරක් පිරිසිදු ලී හැන්දකින් කලතන්න. (හරියටම පැය 48 පෙරේතකම ඉවසා සිටිය යුතු අතර,විටින් විට ඇඟිලි ගසා කටේ දමා බැලීම නිසා රා වලට අධිපති කඩවර දෙවියන්ගේ උදහසට පාත්‍ර වීමටද,ඒ නිසාම බඩේ අමාරු සෑදීමටද හැකි නිසා,ඇඟිලි ගසා බැලීම නොකල යුතුය) පැය 48 කට පසු ඔබට ඉතා පෝෂ්‍යදායී කිතුල් (පැණි) රා ලීටර 05 ක් ලැබෙන අතර,මෙහි මධ්‍යසාර ප්‍රමාණය 12 % පමණ වේ.හොඳම බේබද්දන් තිදෙනෙකු බිම වැට්ටවීමට සමත් මෙය,රුපියල් 750/= වැනි මුදලකින් ඔබට ගෙදරදීම සාදා ගත හැක. අත් දුටුවයි,ප්‍රත්‍යක්ෂයි !!!
සැ.යු.
ඔබ මෙයට ප්ලාස්ටික් කෑන් එකක් පාවිච්චි කරන්නේනම්,මූඩිය තදින් වසා නොතබන්න...මන්ද,අධික කාර්බන් ඩයොක්සයිඩ් පීඩනය නිසා මහ හඩින් බෝතලය පුපුරා ,ඔබව පොලීසියට පවා මාට්ටු විය හැක.
--උපුටා ගැනීමකි. තිබෙන තැන දන්නෝ දනිති
--
ප.ලි.
ඇත්ත පොල් පැණි,තල් පැණි,උක් පැණි වුනත් හොඳා. එතකොට නම විතරයි වෙනස් වෙන්නෙ
අවශ්‍ය ද්‍රව්‍ය :-
- ඇත්තම කිතුල් පැණි බෝතල් 1 යි.
- වතුර ලීටර 4.25 යි.
- හොඳ වර්ගයේ පාං යීස්ට් පොඩි පැකට් 1 යි.
- ලීටර 05 ක මුට්ටියක් හෝ ප්ලාස්ටික් බදුනක්.
සාදා ගන්නා අන්දම :-
බඳුනට වතුර දමා,ඊටම කිතුල් පැණි බෝතලය දිය කරන්න.පසුව,ඇල් මැරුණු වතුර කෝප්පයකට දිය කර ගත් යීස්ට් එයට කලවම් කරන්න. බඳුන රෙදි කැබැල්ලකින් වසා,පැය48 තබන්න. පැය කිහිපය කට වරක් පිරිසිදු ලී හැන්දකින් කලතන්න. (හරියටම පැය 48 පෙරේතකම ඉවසා සිටිය යුතු අතර,විටින් විට ඇඟිලි ගසා කටේ දමා බැලීම නිසා රා වලට අධිපති කඩවර දෙවියන්ගේ උදහසට පාත්‍ර වීමටද,ඒ නිසාම බඩේ අමාරු සෑදීමටද හැකි නිසා,ඇඟිලි ගසා බැලීම නොකල යුතුය) පැය 48 කට පසු ඔබට ඉතා පෝෂ්‍යදායී කිතුල් (පැණි) රා ලීටර 05 ක් ලැබෙන අතර,මෙහි මධ්‍යසාර ප්‍රමාණය 12 % පමණ වේ.හොඳම බේබද්දන් තිදෙනෙකු බිම වැට්ටවීමට සමත් මෙය,රුපියල් 750/= වැනි මුදලකින් ඔබට ගෙදරදීම සාදා ගත හැක. අත් දුටුවයි,ප්‍රත්‍යක්ෂයි !!!
සැ.යු.
ඔබ මෙයට ප්ලාස්ටික් කෑන් එකක් පාවිච්චි කරන්නේනම්,මූඩිය තදින් වසා නොතබන්න...මන්ද,අධික කාර්බන් ඩයොක්සයිඩ් පීඩනය නිසා මහ හඩින් බෝතලය පුපුරා ,ඔබව පොලීසියට පවා මාට්ටු විය හැක.
--උපුටා ගැනීමකි. තිබෙන තැන දන්නෝ දනිති
--ප.ලි.
ඇත්ත පොල් පැණි,තල් පැණි,උක් පැණි වුනත් හොඳා. එතකොට නම විතරයි වෙනස් වෙන්නෙ

Attachments
Last edited: