දෙසැම්බර් 10 ඉඳලා ගත්තහැකි

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    දෙසැම්බර් 10 ඉඳලා ගත්තහැකි

    .
    .
    .
    දෙසැම්බර් මාසේ පළවෙනිදා දෙවෙනිදා වගේ තමයි දෙන්න හිතාගෙන හිටියේ. නමුත් අවුරුද්දේ අවසාන මාස දෙක කියලා කියන්නේ කැලැන්ඩර් සීසන් එකනේ. ඒක නිසා ටිකක් පරක්කු වුනා.


    ඔන්න පොත ප්‍රින්ට් එකට බාරදීලා තියෙන්නේ. හත්වෙනිදා ලැබෙන්නේ ප්‍රින්ට් එකෙන්. දහවෙනිදා ඉඳලා ගන්න පුළුවන්. පොත ගැන විස්තරයක් කියනවනම් පොතේ මුලික අවධානය යොමුවෙන්නේ කොහොමද හරියට ඉලක්කයක් අඳුනන්නේ කොහොමද හරියට ඉලක්කයක් තියාගන්නේ සහ එක සාර්ථක කරගන්නේ කොහොමද කියන දේවල් වලට.

    මේ ජාතියේ පොත්වල මුලිකවම දකින්න නොලැබෙන දෙයක් මම මේ පොතට ඇතුලත් කළා. ඒ තමයි ප්‍රායෝගිකව ඉලක්ක හදලා ඒවා ජයගන්න ප්‍රායෝගික වැඩපිළිවෙලක්. මේ නිසා පොත කොටස් දෙකකින් යුක්ත වෙනවා. සාමාන්‍ය විදිහට ඉලක්ක හඳුන්වාදෙන හා ඒවා ජයගන්න ක්‍රම කියාදෙන කොටසක් හා හරියටම ඉලක්ක ජයගන්න පාවිච්චි කරන්න පුළුවන් ප්‍රායෝගික කොටසක්. මම හිතනවා මේ පොත ඔයාලගේ 2017 වර්ෂය බලාපොරොත්තු වෙනවාට වඩා කිහිපගුනයකින් සාර්ථක කරගන්න මේ පොත උපකාරයක් වේවි කියලා.

    අහ්හ් තව එකක් කියන්න ඕනේ. මේ පොතේ පිටු ලේඅවුට් කලේ සහ කවරය නිර්මාණය කලේ අපේ kumara456 (කළු කුමාර සහ කැලැන්ඩර් කුමාර නම් වලිනුත් මිනිහා ප්‍රචලිතයි.) ඇත්තටම මගේ එක්ක සෑහෙන්න ඉවසීමෙන් සුපිරිම සේවයක් දුන්න. කොටින්ම ප්‍රින්ට් කරන්න දෙන දවසෙත් උදේ වෙනස්කම් කරලා CD එක අරගෙන ප්‍රින්ට්කරන තැනට දුවන් ආවා. කුමාර456 ට ස්තුති කරන්නත් මේක අවස්තාවක් කරගන්නවා.

    JYAagJ8.png


    පටුන
    XRsoxqg.png



    පළමු පිට
    kMWCNTU.png
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දාන්ඩ හිටියෙ සැර කමෙන්ට් එකක් අදහස වෙනස් කරා.:cool: