Credit Card Loan....ගොඩදාගන්න .............
මේ කපේට ගෙවන්න ලැබෙන්න නෑ කියලා හිතෙන ක්‍රෙඩිට් කාඩ් ණය ගොඩදාගන්න මේ උපදෙස් 11 කියවන්නFEATURED
අපි කලිනුත් කියලා තියෙනවා ගොනෙක් වැගේ නැතුව වැඩ්ඩෙක් වගේ ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන්නෙ කොහොමද කියලා. හැබැයි ඕක කියවන්න කලින් ක්‍රෙඩිට් කාඩ් අරගෙන ණය ගොඩගැහිලා කෙලෝගත්තු අය්යලා අක්කලා නංගිලා මල්ලිලා ඉන්නවනේ. සමහරවිට ඒ ලිපිය කියෝලත් ක්‍රෙඩිට් කාඩ් අරගෙන දැන් බෙල්ලෙ වැලදාගන්න හිතන කට්ටිය ඇති. ආන්න ඒ කට්ටිය මුලින් දෙකේ දෙකේ පොල් පිත්තකින් පිට මැද්දට දෙක තුනක් දී ගන්න. ඉන්පස්සේ ඔය ක්‍රෙඩිට් කාඩ් අරගෙන නැට්ටටම හිර වෙන්න ක්‍රෙඩිට් ලිමිට් පැනලා ඉන්න හැමෝම වැඳගෙන අහගෙන ඉන්න. මේ කියන්න යන්නේ ණය කැන්සල් කරන හැටියක් නෙවෙයි. ණය ටික ගොඩදාගෙන ජීවිතේ සැප කරගන්න පිළිපදින්න ඕන විනය නීති ටිකක් ගැන.
1. කොහොමද හැබෑට මෙච්චර ණය වුනේ?
මෙන්න මේ ප්‍රශ්නේ අහන එක තමයි මූලික වැඩේ. දැන් මෙතනදී අවංක වෙන්න ඕන. මොකද මේක උසාවියක් නෙවෙයිනේ. තමන් තමන් ගැන තක්සේරුවක්නේ කරන්න යන්නේ. අන්න ඒ නිසා හිතලා බලන්න හොම්බෙන් යන්න තරමට මොනවද අප්පා මට තිබුණු වියදම් කියලා. ඇත්තටම මේ සම්පූර්ණ ණය එකතු වෙන්න ලොකු ලොකු සීන් වලට වියදම් කරලම නෙවෙයි වෙන්න පුලුවන්. කෙල්ල එක්ක ඩෙට් එකකට ගියපු වෙලාවක, කොල්ලෝ සෙට් එකත් එක්ක ස්ටෙලා වුණු වෙලාවක අපි වැඩර් වගේ ක්‍රෙඩිට් කාඩ් එක ඇදලා ගෙවන්නේ දෙපාරක් නොහිතනේ. ඒ වෙලාවට හිතෙන්නේ ‘අය්යෝ මේ සූටි සුපියල් දාහ මොකක්ද’ කියලා තමයි. හැබැයි ඒ වගේ දහ පාළොස් පාරක් වුනහම එකතුවෙන ගාණ හදලා බලනකොට තේරෙනවනේ. ඉතින් මෙන්න මේ වගේ තමන්ට මේ තරම් ණය වෙන්න සිද්ධ වුනු හේතුව අවංකව හිතලා බලන්ඩෝනෑ. අන්න එතකොට පුලුවන් අනාගතේදී එහෙම ගොං කං නොකර ඉන්න.
2. සතේට ණය ගණන් බලන්න.
මෙන්න මේක ආයෙමත් අවංක වෙන්න ඕන තැනක් විතරක් නෙවෙයි, හරියට ටාගට් තියාගෙන ණයෙන් නිදහස් වෙන වැඩේ ගොඩදාගන්න ඕන නං කරන්නම ඕන වැඩක්. ඒ තමයි ණය ගණන් බලන එක. ඔහොම කිව්ව ගමන් කියන්න එපා හරි ඉතින් ලක්සෙ කාඩ් එකෙන් දහදාහක් වෙනකල් බඩු ගත්තා, එතකොට අනූදහක් ගෙවන්න තියෙනවා කියලා. අපි කලිනුත් කිව්වා වගේ මේක එහෙම ලේසි ආතල් වැඩක් නෙවෙයි. හරි අනූදාහක් ගෙවන්න තියෙනවා, ඇයි ඩෝ එතකොට පොලිය ගෙවන්නේ පොලිසියෙන්ද? ආන්න ඒක තමයි සීන් එක. දැන්මම ගන්න ක්‍රෙඩිට් කාඩ් අක්කෙක්ට කෝල් එකක්. අහන්න ණය සහ පොළිය එක්ක කොයි තරම් ගෙවන්න තියේද, පහුවෙන පහුවෙන මාසෙට කීයක් එකතු වෙනවද කියලා. අන්න දැන් නෝට් පොතක් අරන් ලියන්න තමන් බැංකුවට තියෙන හැබෑ ණය ප්‍රමාණය.
3. ටාගට් තියාගන්න ඕන පුතා, ටාගට්!
දැන් තියෙන්නේ ටාගට් තියාගන්න. කොහොමද කරන්නේ? ගණනය කරන්න තමන්ගේ හැබෑ මාසික ආදායම. ඒ කියන්නේ බීපු වෙලාවට යාලුවන්ට කියන ගාණ නෙවෙයි. අනං මනං කැපිලා එනකොට ඇත්තටම අතට ලැබෙන ගාණ. දැන් සැලසුම් කරන්න මාසෙකට කීයක් ක්‍රෙඩිට් කාඩ් එකට දාන්න පුලුවන්ද කියලා. ඒ කියන්නේ ඔන්න ඔහේ දෙදහක් විතර දානවා කියන ටාගට් එක නෙවෙයි. අවම මාසික ගාණ පන්දාහ නං, බලන්න මාසික ආදායමෙන් දහදාහක් ක්‍රෙඩිට් කාඩ් එකට අයින් කරන්න පුලුවන්ද කියලා. ‘අය්යෝ එතකොට මාසෙට දවස් දෙකක් සෙට් වෙන්නවත් කීයක්වත් නෑනේ’ කියලා හරි ‘අය්යෝ අලුතින් ඇඳුමක් ගන්නවත් කීයක්වත් ඉතුරු වෙන්නෙවත් නෑ’ කියලා හිතෙනවනං ආයෙමත් අතට ගන්න අර දෙකේ දෙකේ පොල්පිත්ත. මේක මේ ඉන්න බැරුව කසන සල්ලි තියෙන නිසා බැංකුවට ගෙවනවා නෙවෙයි. ඔබ බැංකුවේ සල්ලි තමන්ගේ වගේ ලෝස් නැතුව වියදම් කරපු අමාරුවෙන් ගොඩ එන්නයි හදන්නේ. එහෙම නැතිවුනොත් ගෙවල් දොරවල් උගස් වෙලා නතර වෙන්න වෙයි. අන්න ඒ නිසා තමන්ට යන්න පුලුවන් ටාගට් එක හදාගන්න. ඒ වගේම තමන්ටම සිහිපත් කරන්න මේක සෙල්ලමක් නෙවෙයි කියන එක.
4. ඒකත් ප්ලෑනේ කොටසක්!
දැන් මේ ණය ගෙවනවා කියන සීන් එක ජීවිතේ ප්‍රමුඛතම දේ කරගන්න වෙනවා අකමැත්තෙන් හරි. මොකද රටේ ලෝකේ මිනිස්සු බලෙන් ණය කෙරෙව්වෙ නෑනේ. කුම්බලා මාලු කෑවනං විඳවන්න වෙනවමයි මචං පූසෝ. හැබැයි සදාකල් නෙවෙයි. මේ ටික කාලේ අමාරුවෙන් ගේම ගහලා ණය ගෙව්වට පස්සේ දෙය්යනේ කියලා ශේප් එකේ ජීවත් වෙන්න ක්‍රමේ සෙට් කරගෙන සැපේ ඉන්න පුලුවන්. ආන්න ඒකට ඕන වෙනවා ගේම් ප්ලෑන් එකක්.
මේ ප්ලෑන් එකත් සෙල්ලමක් නෙවෙයි. අර උඩින් කිව්වනේ ටාගට් හදාගන්නය, ඒ ටාගට් එක ගොඩදාගන්න මාසෙකට ගෙවන්න පුලුවන් ගාණක් සෙට් කරගන්නය කියලා. දැන් කාලා බීලා ඉන්නත් ඕනනේ. ඒ නිසා හදාගන්න මාසෙකට ජීවත් වෙන්න සැලසුමක්. ඒ කියන්නේ අවම වියදමින් ජීවත් වෙන්න සැලසුමක්. ඉස්සර සතියකට දෙපාරක් ක්ලබ් ගියානං දැන් ඒවා නවත්තන්න වෙනවා. සති අන්තේ යාලුවෝ එක්ක ස්ටෙලා වෙලා ආතල් ගත්තනං ඒවත් නවත්තන්න වෙනව. වැඩේ බරපතලයි තමයි, ඒත් කරන්න දෙයක් නෑ. ටික කාලෙකට කැපවීමක් කරන්න වෙනවා. හැබැයි මේ ප්ලෑන් එකත් ආවට ගියාට බෑ. අර නෝට් පොතේ ලියලා, මාසේ ඒ ඒ දේවල් වලට හරියටම යන වියදම් අයින් කරලා හදාගන්න ඕන ප්ලෑන් එකක්. උදාහරණයක් විදියට මේ ප්ලෑන් එකට අනුව දවසට වේලක් කාලා ජීවත් වෙනවා කියන එක මොට්ට වැඩක් මිසක් අදාළ දෙයක් නෙවෙයි. මොකද ඉන් පස්සේ අසනීප වුනහම තව වියදම් යනවා. ඒ නිසා තමන්ට අවංක වෙලා, යථාර්තවාදී වෙලා ප්ලෑන හදාගන්න ඕන.
5. ගෙවලා ඉවර කරනකල් කාඩ් එක ෆ්‍රිජ් එකේ දාන්න!
මෙන්න මේක පොඩි සීන් එකක්. දැන් ගොඩක් වෙලාවට වෙන දෙයක් තමයි කාඩ් එක පර්ස් එකේ තියෙන එකම අර නපුරු මන්තරකාරියෙක්ගේ සාපයක් වගේ. කාඩ් එකෙන් බඩු ගන්නමයි හිතෙන්නේ. ඒ නිසා එහෙම පාලනයක් තමන්ට නැති නම් හොඳම දේ තමයි කාඩ් වල ණය ගෙවලා ඉවර වෙනකල් කාඩ් එක ගෙදර ලේසියකට ගන්න කරදර වෙන්න කබඩ් එකකටම දාලා යතුරු දාන එක. හැබැයි කාඩ් එක කැන්සල් කරන්න යන්න එපා. අපරාදේ. දැන් ගෙවන්න ප්ලෑන් එකකුත් තියෙනවනේ. ඒ නිසා කාඩ් එක පාවිච්චිය නතර කරන්න. හැම වෙලාවකම පුරුදු විදියට කෑෂ් වලින් ගෙවන්න. හැබැයි මතක තියාගන්න. වියදම් කරන්නේ මාසෙට වියදම් කරන්න වෙන් කරපු ගාණ විතරයි හරිද!
දැන් අපි ගමු සෙලාන් ෆීඩම් කාඩ් වගේ ඒවා. අන්න ඒ වගේ කාඩ් එකක් එක්ක මේක පොඩ්ඩක් කේස්. මොකද මාසෙකට දහදාහක් හෝ ඒ වගේ එකඟ වෙන ගාණක් වියදම් කරන්නම වෙනවා. එහෙම නැත්තං මාසෙ අන්තිමට දඬුවම් මුදලක් එකතු වෙනවා. මෙන්න මෙතනදී එක්කෝ කාඩ් එක කැන්සල් කරලා දාලා ණය ගෙවාගෙන යන්න වෙනවා. එහෙම නැත්තං දැඩි ස්වයං විනය පාලනයකට යටත් වෙලා, කාඩ් එක හරියටම ඒ අනිවා ගෙවන්න ඕන ගාණ ඇතුලේ විතරක් පාවිච්චි කරන්න වෙනවා. ඒ අනිවා ගෙවන්න ඕන ගාණ ඇතුළේත් කරන්න පුලුවන් අර මාසික ප්ලෑන් එක යටතේ එන අත්‍යාවශ්‍ය වියදම් විතරයි. මේක සෑහෙන්න මානසික ශක්තියක්, විනයක් ඕන කරන වැඩක්. තමන්ව දන්නේ තමන්මනේ. ඒ නිසා මෙතනින් හොඳම ක්‍රමේ තෝරගන්න.
6. බැංකුවත් එක්ක පොඩි චැට් එකක් දාලා බලමු
සාමාන්‍යයෙන් අපි ක්‍රෙඩිට් කාඩ් එක මැක්ස් අවුට් වෙනකල් වියදං කරලා ඒක ගෙවන්නෙ නැතුව ලාන්තරස් වුනහම බැංකුවේ අක්කලා අය්යලා කතා කරලා අපේ හිත සනසන්නෙ නෑනේ. ක්‍රෙඩිට් කාඩ් දෙනකොට අපිව ඉඹලා කතා කලත්, ගෙවන්නෙ නැතුව කේස් වුනාට පස්සේ කෙලින්ම මාරදූත ලීලාවෙන් තමයි තග දාන්නේ. හැබැයි බැංකුවත් එක්ක ශේප්මන්ට් එකකට යන්නම බැරිද? බැරිකමක් නෑ. හැබැයි හරියට කතා කරන්න, කේවෙල් කරන්න දැනගන්න ඕන. දැන් කතා කරනවා කියන්නේ ‘බුදු අක්කේ මං ගැන හිතලා මේ සූටි සුපියල් ලස්සේ බොල් ණය හැටියට කපාදාන්න බැයිද’ කියලා අහන එක නෙවෙයි. ඒක ලොවෙත් වෙන්නෙ නැති වැඩක්. හැබැයි අපිට පොඩි එකඟතාවයකට එන්න පුලුවන් අර මරාගෙන කන පොලියෙන් පොඩි ප්‍රතිශතයක් අඩු කරගන්න. මේකෙන් සම්පූර්ණ පොලිය අඩුවෙන්නෙත් නෑ. පොලියක් කොහොමත් ගෙවන්න වෙනවා. හැබැයි බැංකුවටත් ඕන කරන්නේ මේ ණය කොහොම හරි අයකරගන්න. අන්න ඒ නිසා බැංකුවත් එක්ක කතාවක් දාලා බලන්න පුලුවන් මම මාසෙකට මෙන්න මේ ගාණ බැගින් ගෙවලා මේ කරුමේ නිදහස් කරනවා, ඔයාලත් මට උදවුවක් විදියට පොලියෙන් ඩිංගක් අඩු කරලා සපෝට් එකක් දෙන්න කියලා.
7. ඉතුරුකරපුවාගෙන් වැඩක් ගන්න
දැන් ඔය ගොඩක් දෙනාට සේවින්ග්ස් ප්ලෑන්ස් එහෙම තියෙනවනේ. එක්කෝ තමන්ටම හිතිලා දාපුවා. එහෙම නැතිනං අම්මලා තාත්තලා වදකරලා දාලා දීපුවා. දැන් එහෙම එකක් තියෙනවා නං ඕකෙන් කොහොම වුනත් පොඩි පොළියකුත් එනවනේ. හැබැයි හිතලා බලන්න ක්‍රෙඩිට් කාඩ් එකට එන පොළිය ඒ වගේ කී ගුණයක්ද කියලා. මේ වගේ වෙලාවකට සේවින්ග්ස් ටික හොල්ලන්න ගොඩක් දෙනා බයයි. හැබැයි අපි අනිවා දෙන උපදේශය මේකයි. සේවින්ග්ස් එක අරන් ක්‍රෙඩිට් කාඩ් එක සෙට්ල් කරන්න. ඊට පස්සේ සැපේ ඉන්න පුලුවන්ද? නෑ, ඊට පස්සේ අර හදාගත්තු මාසෙ ප්ලෑන් එකට මුදලක් ඉතුරු කරන්න. ඒක දාන්න ආයෙමත් සේවින්ග්ස් එකකට. දැන් මෙතනදී ඇත්තටම අර ක්‍රෙඩිට් කාඩ් ණයට ගෙවන පොළිය ඉතුරුයි. දැන් සේවින්ග්ස් එකත් ගොඩදාගත්තට පස්සේ පුලුවන් සැපේ ඉන්න. හැබැයි ඒ කියන්නේ ආයෙමත් නයිට් ක්ලබ් ගිහින්, හොඳට සුදි කරලා, දකින දකින බඩු අරගෙන කාඩ් එක කුඩු කරන්න කියන එක නෙවෙයි. පුලුවන් නං අර හදාගත්තු සකසුරුවම් ජීවිතේ දිගටම ගෙනියන්න බලන්න. ජීවිතේට ගන්න අවශ්‍ය ආතල් වලට විතරක් වියදම් කරන්න.
8. මනසත් පොඩ්ඩක් රවට්ටන්න ඕන පුතා!
හරි අපි කියමු දැන් මේ මල්ලි ක්‍රෙඩිට් කාඩ් දෙකක් අරගෙන බඩු බනිස් කරගෙන ඉන්නෙ කියලා. අපි කියමු එක ක්‍රෙඩිට් කාඩ් එකකට ගෙවන්න තියෙනවා ලක්ස එකයි අසූදාහක්. අනික් කාඩ් එකට දෙය්යනේ කියලා පනහයි තියෙන්නේ කියලා. ලේසි සෙල්ලමක් නෙවෙයි. හැබැයි අපි මෙහෙම කරමු. අපි කියමු මාසෙකට කාඩ් දෙකටම සමාන ගාණක් දාන්න හිතුවා කියලා. එහෙම කරන්න එපා පුතා. එක්ලක්ස අසූදාහක් ගෙවන්න තියෙන එකට අවම මුදල විතරක් දාන්න. ඔව්, ඔව් එතකොට පොලී හැදෙනවා තමයි, ඒක දැන්මම හිතන්න එපා. දැන් ඉතුරු වෙන ඔක්කොම ගාණ දාන්න අර පනස්දාහෙන් ෂේප් කරන්න පුලුවන් කාඩ් එකට. දැන් මොකද වෙන්නේ? අර පනස් දාහේ කාඩ් එක දිඩිබිඩි ගාලා සෙට්ල් වෙනවා. ආන්න එතකොට ලක්ස එකයි අසූදාහේ කාඩ් එකට ඊලඟ මාසේ ඉඳන් කාඩ් දෙකටම ගෙවපු ගාණ දාන්න පුලුවන්. ඇත්තටම මේකෙන් වෙන විශේෂම දේ තමයි අපේ හිතට සහනශීලී හැඟීමක් සහ කාඩ් දෙකම ගෙවලා ඉවරකරන්න පෙළඹවීමක් ඇතිවෙන එක. මෙන්න මේක ඉතාම වැදගත්.
9. ණය සම්ප්‍රේෂණ කිව්වහම තේරුණාද මන්දා!
නිකං බරසාර සීන් එකක් වගේ තේරුණාට බය වෙන්න දෙයක් නෑ. මේකත් ක්‍රෙඩිට් කාඩ් අරන් ලිමිට් පන්නලා වැලේ වැල් නැතුව ඉන්න අයට පොඩි සහනයක්. ඒ කියන්නේ මෙහෙමයි. ඔය බැංකු තියෙනවා කාඩ් දෙක තුන අරගෙන ඉන්න කෙනෙක්ගේ ණය ගෙවල දාලා ඒ ණය තමන්ගේ කාඩ් එකකට ට්‍රාන්සර් කරලා දෙන. හැබැයි අර මුල් ක්‍රෙඩිට් කාඩ් දෙක තුනේ පොලියට වඩා මේ පොලිය අඩුයි. හැබැයි ඉතින් අනිවා ඒ ණය ගෙවලා දාන්නම වෙනවා. ඒත් ඉතින් කොයි තරම් සහනයක්ද ඒකත්. ලංකාවේ NDB බැංකුව ඔය ක්‍රමේ පටන් ගත්තා. මේ වගේ වෙලාවක සලකලා බලන්න හොඳ ඔප්ෂන් එකක් මේකත්.
10. මෝටිවේෂන් එක වැදගත්!
මෙන්න මේක ඉතාමත්ම වැදගත් කාරණාවක්. මොකද සාමාන්‍යයෙන් ක්‍රෙඩිට් කාඩ් එක මැක්ස් අවුට් වෙලා, තව හතර අතේ ණය වෙලා ඉන්න මනුස්සයෙක් ගොඩක් වෙලාවට තමන්ගේ ණය ප්‍රශ්නේ ගෙදර මිනිස්සුන්ටවත් කියන්න ලැජ්ජයි. ලැජ්ජයි විතරක් නෙවෙයි, බයයි. ඒත් පුතාලා දුවලා මේක තනියෙන් ගහන්න පුලුවන් ගේමක් නෙවෙයි. උදාහරණයක් විදියට ඔබ කසාද බැඳපු පිරිමියෙක් නං, ඔබේ වයිෆ් වෙනදා ජීවන රටාවටම වියදම් කරනවා නම් ඉතින් නතර වෙන්න තව දෙතුන් ගුණයක් ණය වෙලා. මේක අනික් පැත්තටත් එහෙමයි. අන්න ඒ නිසා මේ බය සහ ලැජ්ජාව පැත්තක තියලා තමන්ගේ ලඟින් ඉන්න අයට තමන් ඉන්න අසීරු තත්වය ගැන පැහැදිලි කරලා දෙන්න. බැණුම් අහගන්න වෙයි. හැබැයි අන්තිමට ඒ අයත් එකඟ වෙයි ඔබට උදවු කරන්න. එතකොට ඔබ අවංකවම වියදම් අඩු කරලා ණය ඉවරයක් කරන්න තියෙන කැපවීම දැක්කහම, ඔබේ සාර්ථකත්වය දැක්කහම මේ අය ඇත්තටම සතුටු වෙයි. ඔබව දිරිමත් කරයි. අන්න ඒක වැදගත්.
ඒ වගේම තමයි මෙහෙම ටික දවසක් කට්ට කනකොට මොකටද අප්පා මේ ජීවිතේ, මීට වඩා හොඳයි ලිඳට පනිනවා කියලා හිතෙන්න පුලුවන්. අන්න ඒ වෙලාවට මතක් කරගන්න ණය ටික ගෙවලා ඉවර වුනාට පස්සේ ජීවිතේ කොයි තරම් සැහැල්ලුවක් දැනෙයිද කියන එක. ණය ටික ගෙවලා ඉවර වුනාට පස්සේ ඒ ඉතුරු වෙන මුදල් වලින් ඔබට ජීවිතේ කරන්න බැරි වුනු කොයි තරම් දේවල් කරන්න පුලුවන්ද කියන එක. මෙහෙම තමන් තමන්වම ධෛර්යමත් කරගන්න එකත් මේ වගේ ජීවන මෙහෙයුමකට ඉතාම වැදගත්.
11. බොරු නොකරන්න, උගුල්වල නොවැටෙන්න කියලා පුරාණේ කියල තියෙන්නේ කට කහනවට නෙවෙයි!
සාමාන්‍යයෙන් ක්‍රෙඩිට් කාඩ් කොම්පැණියෙන් නැත්තං බැංකුවෙන් කතා කරලා වද දෙනකොට ගොඩක් දෙනා කරන්නේ ඒ වෙලාවට පැච් එකක් දාන්න කොහෙන් හරි පොඩි ලෝන් එකක් අරන්, එහෙම නැත්තං රෝලක් ගහලා ඒ වෙලාවට මිනිමම් පේමන්ට් එක කරලා ෂේප් වෙනවා. ආයි වද දෙන්නේ ඊලඟ මාසෙනේ කියලා හිත හදාගෙන ඉන්නවා. අපි කියන්නේ තමන්ගේ ජීවිතේ ගැන සීරියස් හිතනවා නං මේ වගේ ගොන් වැඩ කරන්න එපා කියලා. මෝඩකම් දෙකක් ඥාණවන්ත ක්‍රියාවක් වෙන්නෙ නෑ, මොට්ට මෝල් වැඩක් වෙනවා මිසක්. ක්‍රෙඩිට් කාඩ් ණය ගෙවන්න වෙන කොහෙන්වත් ණය ගන්න යන්න එපා, ඒ ණය පොලී ඉතාම අවම හෝ පොලී රහිත නෙවෙයිනං.
අනෙක් කාරණේ පොලු තියන්න යන්න එපා. බැංකුව රවට්ටන්න ගිහින් වෙන්නේ කොහේටවත් හෙල්ලෙන්න බැරි විදියට හිරවෙන එක. ක්‍රිබ් එකට නම ගියාට පස්සේ ඉතින් ආයි ලෝන් එකක්වත් ගන්න ලැබෙන්නෙ නෑනේ.
ඉස්සුවේ http://www.aniwa.lk/