පෞරුෂය ගොඩනගාගන්න ඕන අයට!

lkqwd123

Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    පෞරුෂය ගොඩනගාගන්න ඕන අයට!

    මේ ටිකේම කිරියෙ එක එක personality ගැන අව්ල් ගිහිල්ල negative වෙලා ජීවිතෙත් එපා වෙල කියල thread 2,3ක් දාල තිබ්බ හින්ද මේ personality එක ගොඩනගාගන්න thread එකක් දාන්න හිතුන!!

    මොකක්ද මේ පෞර්ෂය..?? පෞර්ෂය කියන්නේ ඇග පතින් ලොකු වෙන එකවත්, උස මහත් වෙන එකවත්, කටහඩ ගොරෝසු වෙන එකවත් නෙවෙයි.

    ඔබ සමාජයට මුහුණ දෙනවිදිය, ප්‍රශ්නවලට මුහුණ දෙන විදිය, ඔබගේ හැසිරිම, පිළිවෙල, ආදී කරුණු පෞර්ෂය විදියට ගන්න පුළුවන්. ඔය යම්කිසි පුද්ගලයෙක් එක්ක කතාකරන විදිය, අප්‍රසන්න විදියටනම්, විශ්වාසය ගොඩනැගෙන්නෙ නැත්තන්, අපැහැදිලිනන් එතන පෞර්ෂයෙ පොඩි ප්‍රශ්නයක් තීනව.

    පිරිසක් ඉදිරියේ හැසිරෙන විදිය, වේදිකාවකට ගොඩවෙන විදිය, ඔබ හසුරවන බාෂාව.. ගොඩක් දේවල් තියෙනවා. මුලින් පෞර්ෂය හදාගන්න ටිකක් අමාරු වේවි. මොකද ස්වයන් පාලනයක් අනිවාර්යයි.

    නමුත් මනා පුහුණුවකින් සාර්ථක පෞර්ෂය හෙබි පුද්ගලයෙක් වෙන්න පුළුවන්. මතක තියාගන්න. කෙනකුගෙන් කෙනෙකුට පෞර්ෂය වෙනස්. කාවවත් අනුගමනය කරන්න එපා. තමාට අවේනික පෞර්ෂය ගොඩනගාගන්න.තමන්ගේම අනන්‍යතාවයක් ගොඩ නගා ගන්න. මෙහිදි පෞරෂය වර්ධනය කර ගැනීමට.නිරෝගී බව,පිරිසිදුබව.හැම දෙයම පිළිවෙලකට කිරීම, කලට වෙලාවට වැඩ කිරීම,රූපය ගැන උනන්දුව,භාෂාව හැසිර වීම,සමාජය ඉදිරියේ ආත්ම ශක්තිය විශ්වාසය රැක ගැනීම,පුද්ගලයෙකු දෙස සෘජුව බැලීම, සෘජුව විවෘතව කථා කිරීම, හැකි හැම විටම නායකත්වය ගෙන කටයුතු කිරීම, නිරහන්කාර කම, පිදිය යුත්තන පිදීම ,වැඩිහිටියන්ට ගරු කිරීම,තැනට සුදුසු නුවණ භාවිතා කිරීම, තම ආගම දහමට ගරු කිරීම.... ආදී ගුණ ධර්ම වර්ධනය කර ගැනීමෙන් නොබිදෙන පෞරෂයක් ගොඩ නගා ගත හැකියි... සමාජය වැදගත් පුද්ගලයෙක් වෙන්න . එක තමයි ගොඩනගාගන්න පුළුවන් හොඳම පෞර්ෂයමා දන්නා විදියට පෞරුෂත්වය කියන්නෙ හැසිරිම් පිළිබද ස්ථාවර රටාවන් වෙත පුද්ගයන් යොමුකරවන බව හා ආවෙනික වු ගුණාංග රැසක් නියොජනය කිරිමක්.

    ඉතින් මේ පෞර්ෂය ගොඩනගාගන්නෙ කොහොමද?? ඒක පැහැදිලව ප්‍රායෝගිකව පටන් ගමු

    1. පෞරුෂය හඳුනාගන්නෙ කෙසේද?
    භාහිර පෙනුම , හැසිරීම , ආකල්ප

    මෙතනදි භාහිර පෙනුම යන්නෙන් අදහස් කරන්නෙ රූපයම නෙමෙයි! පිලිවෙල. හැසිරීම සහ ආකල්ප අනුව කෙනෙකුව පහසුවෙන් අඳුරගන්න පුලුවන් මොනවගේ චරිතයක්ද කියල

    2. පෞරුෂ සන්වර්ධනය ආරම්භ කරන්න මොනවද ඕනෙ?

    දැනුම, කුසලතා ආකල්ප!

    ආකල්ප කියන දේ ඉතාම වැදගත් අපි හිතන විදිය තමයි වෙනස් වෙන්න ඕනෙ! ඉස්සරහට ඒක ගැන කතා කරමු.

    3. පෞරුෂ සංවර්ධනයට බලපාන සාදක?
    --> ආරය
    --> ජීවත් වන වටපිටාව
    --> තත්වය
    --> සංස්කෘතිය
    --> පවුල සහ සමාජ පසුබිම

    ඔන්න දැන් වැඩේ පටන් ගමු!!

    1. ඔබ ඔබම වන්න!!
    කෙනකුගෙන් කෙනෙකුට පෞර්ෂය වෙනස්. කාවවත් අනුගමනය කරන්න එපා. තමාට අවේනික පෞර්ෂය ගොඩනගාගන්න. අපි ගොඩක් වෙලාවට අනිත් කට්ටිය දිහා බලල ඒගොල්ලොන්ගෙ ජීවිතත් එක්ක අපෙ ජීවිතේ compare කරනව. ඒක තමයි මුලින්ම කරන ලොකුම වැරැද්ද. වෙනකට්ටියගෙ ජීවිත ගැන අපි මොනවද දන්නෙ?? හැම වෙලාවෙම තමන්ට එක විදියක් තියාගන්න. කාවවත් එක්ක තමන්ව සසඳන්න යන්න එපා!!

    2. වෙනස්කම් වලට අනුගත වන්න.
    අපි ජිවත් වෙනකොට එක එක කට්ටිය අපිට හම්බවෙනව එක එක තරාතිරම් වල දැනුම මට්ටම් වල වගේ නොයෙක් කට්ටිය හම්බවෙනව. අපි ඒ හැමෝත් එක්කම එකම විදියට හිටියොත් හරියනවද! සමහර වෙලාවට අපිට මුනගැහෙන පුද්ගලයින් සිටින ත්තවය මත අපිට වෙනස් වෙන්න වෙනව, (ඔවුන්ගෙ දුක සතුට අවස්තාව අනුව)
    Obama.284171014_std.jpg


    3. හදවතින් සිනාවන්න.
    මෙකනන් ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. හැමෝත් එක්කම සුහදව ඉන්න. මූනිච්චාවට නැතුව හදවතින්ම සිනාවෙන්න. අනිත් කට්ටියගෙ සාර්තකත්වයන් වලට සතුටු වන්න, සුබපතන්න.

    4. 3E සමග ජීවත් වීම.
    --> Energy ශක්තිය
    --> Enthusiasm උද්යෝගය
    --> Empathy සහකම්පනය

    මේක කලින් කියපු එකත් එක්ක ටිකක් සමීපයි! හැම වෙලේම උද්යෝගයෙන් ඉන්න , තමන්ගෙ සතුට තමන්මයි! හැමවෙලේම සතුටින් ඉන්න. මෙතන සහකම්පනය කියන්නෙ වෙන එක්කෙනෙක් එක්ක කටයුතු කරනකොට ඒකෙනාගෙ හැගීම් දැනීම් තේරුන් ගන්න පුලුවන් වෙන්න ඕනෙ. මොකද කරන්නෙ මොකාටද එන්න හදන්නෙ කියල තේරුන් ගන්න පුලුවන් වෙන්න ඕනෙ. ඒකට ඔවුන්ගෙ හැසිරීම චර්යාව හොදින් අධ්‍යනය කරන්න.

    5. තමා වැදගත් පුත්ගලයකු බව සිතන්න. වැදගත් පුත්ගලයකු ලෙස හැසිරෙන්න.
    මේක තමයි වැදගත්ම කාරනේ. අපි මොනව කරන්නත් ඉස්සෙල්ල අපිගැන ධනාත්මකව හිතන්න ඕනෙ. අපිටනෙ වෙනස් වෙන්න ඕනෙ! ඉතින් අපි වෙනස් වෙන්න ඕනෙ. මුලින්ම හිතින් ඒක කරන්න ඕනෙ. ඇතුලතින්ම ඒක කරාම පිටතින් ඒක වෙන්න වැඩි කාලයක් මහන්සියක් වෙන්න ඕන නෑ. හැම වෙලාවෙම ඒක ඔලුවෙ තියෙන්න ඕනෙ. යහපත් සිහියෙන් ඉන්න ඕනෙ.!!
    pic1.jpg


    6. උපකාර කල සැමට කෘතවෙදී වන්න.

    7. ධනාත්මක ආකල්ප ඇතිකරගන්න.
    මේක ඉතාම වැදගත් කාරනයක්! අපි අපිගැන විශ්වාසය ඇතිකරගන්න ඕනෙ මොනව කරන්නත් කලින්! අපිට මේක කරන්න පුලුවන් කියල. අපිට අපෙ පෞරුෂය වෙනස් කරගන්න පුලුවන් කියන විස්වාසය තියෙනවනන් -> අපිට ඒක වෙනස් කරන්න පුලුවන් කියන ධනාත්මක සිතුවිල්ල තියෙනවනන් අනිවාර්යෙන්ම ඒක කරන්න පුලුවන්. මිනිහ කියන්නෙ අමුතුම සතෙක් ඒ කියන්නෙ මිනිහ කියන සතාට කරන්න බැරිදෙයක් නෑ. නිකමට හිතන්න මේ phone එක Pc එක කොහොමද හැදුවෙ කොහොමද internet වැඩකරන්නෙ! ඒව කරෙත් මිනිස්සුනෙ ඉතින් අපිටත් ඕන දෙයක් කරන්න පුලුවන්!
    78134-004-8587374E.jpg

    මෙකට හොදම උදාහරනෙ තමයි එබ්‍රහම් ලින්කන්, හැමෝම කතාව දන්නව ඇතිනෙ. එයාගෙ තාත්ත ගොවියෙක්, දුප්පත් පවුලක මෙයා හිටියෙ. ඒත් මෙයා ඇමරිකාවෙ ජනාධිපති වෙලා වහල් භාවය නැතිකරල දැම්ම.

    8. ජීවිතයේ බිඳවැටීම් වලට නොබියව මුහුන දෙන්න.
    මේකත් වැදගත් කරුනක්, අපි ජීවත් වෙනකොට නැගීම් බැසිම් සැප දුක ඔක්කොම තීනවනෙ, මෙතනදි මොනම වෙලාවකවත් බිඳවැටිමකදි ඒගැන හිත හිත රිනාත්මක වෙනවද නැත්තන් ඒකෙන් පාඩමක් ඉගෙනගෙන ආයෙ ඒ වැරැද්ද වෙන්න නොඳී ඉස්සරහට යනවද කියන එක අපේ වැඩක්.

    9. වරදකාරී හැඟීම් සහ කනස්සල්ල මැඩ පවත්වන්න.
    මෙන්න පෞරුෂය බිඳවැටෙන තැන. මේක වෙනව කියන්නෙ අපි negative වෙනව කියන එක. මේකට විසඳුම ඉස්සරහට හම්බවෙනව.

    10. නිවැරදි ඉල්ලක්කය කරා හඹා යන්න.
    තමන්ට ඉලක්කයක් තියන් ඉන්න. තව අවුරුදු 5කින් මම කව්රු වෙලා ඉඳීද? ඒ කෙනා වෙන්න මොනවද කරන්න ඕනෙ. තව තව තීන ඉලක්ක හදාගන්න. තමන්ව වැටෙන හැම වෙලාවකම ඒ ඉලක්ක ගැන හිතල ධෛර්යමත් වෙන්න!!

    11. පැහැදිලි අගයන් තබාගන්න
    ->කෘතවෙදීවන්න
    ->එකතුවන්න
    ->විශ්වාසය ගොඩනගාගන්න
    ->ඔව්න් ගැන නිතරම සොයාබලන බව අගවන්න
    ->අනාගතය නිර්මානය කරන්න

    12. පැහැදිලිව සහ විශ්වාසනීයත්වයකින් සන්නිවෙදනයේ යෙදෙන්න.
    මේක පෞරුෂ සංවර්ධනයෙ ඉතාම වැදගත් කොටසක්! අපි අනිත් කට්ටියත් එක්ක කතාබහ කරනකොට අපි ගැන විශ්වාසයකින් කියනදේ මොකක්ද කියල හිතල පැහැදිලිව කතා කරන්න ඕනෙ. සන්නිවේදනය සහ විස්වාසය මත තමයි බැඳිමක් තීන්නෙ. මේක අපි හිතල හදාගන්න ඕන දෙයක්. අනිත් කාරනේ තමයි eye contact. මේකෙන් තමයි විශ්වාසය ඇතිවෙන්නෙ. තව අපෙ පෞරුෂය හීන වෙන කාරනයක් තමයි කාත් එක්ක හරි කතාකරනකොට නහය අල්ලන එක මූන , කොන්ඩෙ කසන එක, පැද්දි පැද්දි කතා කරන එක.. ඔයවගේ ඒව කරන්න ඒපා!!

    13. තමාට වෙනස්කළ නොහැකි දේ ගැන වද නොවන්න.

    14. එලඹ සිටින වැරදි මත හා බියට අභියෝග කරන්න.
    කිසි දිනෙක කිසි දෙයකට බිය නොවන්න. තමන් කෙරෙහි විස්වාසය තබාගන්න.

    15. වැඩ කල් නොදමන්න

    16. නිරතුරු ඔබේ හැකියාවන් මුවහත් කරන්න.
    මේකත් වැදගත් කාරනයක්. ඔබේ වටිනාකම ඔබ හදාගන්න. ඔබව සමාජයෙන් පිලිගන්නෙ ඔබට වටිනාකමක් තීනකොට , ඒගැන සිතන්න.
    -> ඔබගේ හැකියාවන් සහ ශක්තීන් හඳුන ගන්න
    -> දුර්වලතාවන් මගහැරගන්න
    -> අලුත් අවස්තාවන් සොයාගන්න

    මෙහෙම හොඳ පෞරුෂයක් හිමි ඔබ,
    ->සමග කටයුතු කිරීමට සැවොම ප්‍රියවේ.
    ->සැමදෙනා සමග හොඳ සමාජ සම්බන්ධතාවක් පවත්වා ගනී.
    ->සැමගේ හදවත් දිනාගනී.
    ->යහපත් ශාරීරික සහ මානසික සෞක්‍යක් පවත්වා ගනී...

    දැන්නන් අතත් රිදෙනව කොටලම. අනිත් කට්ටියටත් ගොඩයන්න බලන්න බම්ප් එකකුත් දාගෙනම යමන්..
    රෙප් බාරගනු ලැබේ :):)
    එහෙනන් කට්ටියටම ජය!
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    තෙඩ් එක හොදයි. ඒත් අනවශ්‍ය දේවලතු ඔබ්බවල තියෙනව. ඒක ඉතින් වෙන්න පුලුවන් දෙයක් මොකද ලියන එකා ලියන්නේ තමන්ට හිතෙන දේනේ.

    ඔබ කියල තියෙනව ආගමට දහමට ගරු කරන්න, හොදට කතා කරන්න අරව මේව.

    ඔය ඔක්කොම බයිල. පෞර්ෂය කියන දේ සාපේක්ෂ දෙයක්, තව කෙනෙක් පුද්ගලයෙක් දිහා දකින විදියට හාත්පසින්ම වෙනස් වෙන්න පුලුවන් තවත් කෙනෙක් එයා ගැන දකින්නේ.

    මමනම්කියන්නේ ඔය එක එක කෙහෙල්මල් න්‍යායන්ට කොටු වෙන්නේ නැතිව ෆ්‍රී එකේ තමන් තමන්ම වෙන්න කියල, කෙන්තියෙක් ආවොත් කෑගහපන්, බැනපන්. ඒක වැරිදි විදියට දකින්නේ ඒ දකින කෙනාගේ අවුලක් නිසා.

    හැම තිස්සෙම තමන්ගෙ හිතට එකඟව හැසිරියන්. මිනිස්සු ගස්ගල් නෙමේ අඩන්න ඕන නම් අඩපන්, නටන්න ඕන නම් නටපන්. උබේ විදියට උබ ඉදපන්. ඒකට අකමැති උන් ගියාවෙ කැමති උන් උබත් එක්ක ඉදියි.

    උබ කියල තියෙන සමාන්‍ය දේවල් ඒ කියන්නේ පිරිසිදුව ඉන්න එක, හොදට අදින එක. ඒව වැදගත් ඒකෙන් තමන් පිලිබදවම තමන්ට හොද හැඟීමක් එනව.
     

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    තෙඩ් එක හොදයි. ඒත් අනවශ්‍ය දේවලතු ඔබ්බවල තියෙනව. ඒක ඉතින් වෙන්න පුලුවන් දෙයක් මොකද ලියන එකා ලියන්නේ තමන්ට හිතෙන දේනේ.

    ඔබ කියල තියෙනව ආගමට දහමට ගරු කරන්න, හොදට කතා කරන්න අරව මේව.

    ඔය ඔක්කොම බයිල. පෞර්ෂය කියන දේ සාපේක්ෂ දෙයක්, තව කෙනෙක් පුද්ගලයෙක් දිහා දකින විදියට හාත්පසින්ම වෙනස් වෙන්න පුලුවන් තවත් කෙනෙක් එයා ගැන දකින්නේ.

    මමනම්කියන්නේ ඔය එක එක කෙහෙල්මල් න්‍යායන්ට කොටු වෙන්නේ නැතිව ෆ්‍රී එකේ තමන් තමන්ම වෙන්න කියල, කෙන්තියෙක් ආවොත් කෑගහපන්, බැනපන්. ඒක වැරිදි විදියට දකින්නේ ඒ දකින කෙනාගේ අවුලක් නිසා.

    හැම තිස්සෙම තමන්ගෙ හිතට එකඟව හැසිරියන්. මිනිස්සු ගස්ගල් නෙමේ අඩන්න ඕන නම් අඩපන්, නටන්න ඕන නම් නටපන්. උබේ විදියට උබ ඉදපන්. ඒකට අකමැති උන් ගියාවෙ කැමති උන් උබත් එක්ක ඉදියි.

    උබ කියල තියෙන සමාන්‍ය දේවල් ඒ කියන්නේ පිරිසිදුව ඉන්න එක, හොදට අදින එක. ඒව වැදගත් ඒකෙන් තමන් පිලිබදවම තමන්ට හොද හැඟීමක් එනව.

    සිරාවට මචන්! අරටික දැම්මෙ ස්වයන් විනයක් ඇතිකරගන්න!