SLFP පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වෙ&a
SLFP මන්ත්‍රීවරු 2000ක් මහින්දගේ අලුත් පක්ෂයට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පළාත් පාලන නියෝජිතයන් රැසක් අද(24) දිනයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව පළාත් පාලන මන්ත්‍රීවරුන් 2167ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගෙන ඇතැයි වාර්තාවේ.
හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ සභාපතිත්වයෙන් යුත් මල් පොහොට්ටුව සළකුණ දරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය පසුගියදා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද ලබාගත් අතර ඔහු එම පක්ෂයේ පළමු සාමාජිකයාද වෙයි.
- http://sinhala.asianmirror.lk/local-news/item/27349-mahinda-new-party
මල් පොහොට්ටුවට සාමාජිකයෝ එක්වෙති
‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස අපි කල්පනා කළා ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා මන්ත්‍රීවරුන්ගෙන් සාමාජිකයන් බඳවා ගැනීමේ පළමු වටය ආරම්භ කිරීමට. අද අපට බොහොම සතුටුයි. ලැබී ඇති වාර්තා අනුව මන්ත්‍රීවරුන්ගෙන් සියයට 75ක් මෙහි පැමිණ සිටිනවා‘ යැයි හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අද(24) බත්තරමුල්ල නෙළුම් පෙදෙසේ එම පක්ෂ මූලස්ථානයේ දී පැවසීය.
පක්ෂ සාමාජිකයන් බඳවා ගැනීමේ උත්සවයට එක්වෙමින් රාජපක්ෂ මහතා කියා සිටියේ යාපනය ඇතුළු සියලුම ප්‍රදේශවලින් පැමිණ සිටින නිසා ග්‍රාමසේවා වසම් 18029 හිම ශාඛා සමිති පිහිටුවීමට බලාපොරොත්තුවන බවයි.
- http://www.lankadeepa.lk/index.php/top_story/483329
සන්ධානයේ පිරිසක් පොදුජන පෙරමුණට එක්වෙති
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් පාලන ආයතන ප්‍රධානීහු සහ නියෝජිතයෝ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේදී අද (24දා) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්හ.
සියලුම දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි මොරටුව හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු, වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදේනි අතුකෝරළ, මහරගම හිටපු නගරාධිපතිනී කාන්ති කොඩිකාර ඇතුළු හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන් 10 දෙනෙකුට මෙහිදී සංකේතාත්මකව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතින් සාමාජික කාඩ්පත් ලබාදීම සිදුවිය.
බැසිල් රජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේ පළාත් පාලන නියෝජිතයන්ගෙන් 75%ක් පමණ එම අවස්ථාවට සහභාගි වූ බවයි.
දැනට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු, පළාත් සභා මන්ත්‍රීවරුන් මාර්ගයෙන් පක්ෂයේ සංවිධාන කටයුතු සිදුකරන බවත්, අද දිනයේදී සාමාජිකත්වය ලබාගත් පළාත් පාලන ආයතන ප්‍රධානීන් මාර්ගයෙන් සාමාජිකයන් ලක්ෂ 20ක් බඳවා ගන්නා බවද හෙතෙම පවසා සිටියේය.
- http://www.ada.lk/article/196937/සන්ධානයේ-පිරිසක්-පොදුජන-පෙරමුණට-එක්වෙති

Last edited: