ජනපති ජෝන් එෆ් කෙනඩි

csharp

Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    ජනපති ජෝන් එෆ් කෙනඩි

    වසර පනස් තුනකට පෙර අද වැනි දවසක(22) , ජනපති ජෝන් එෆ් කෙනඩි සාහසික වෙඩි උණ්ඩයකට ගොදුරු වුයේ ඇමරිකානු ඉතිහාසය කණපිට හරවමිනි.

    1963 වසරේ නොවැම්බර් මස 22 වැනි දින ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලාස් නගරය ජනී ජනයාගෙන් පිරෙමින් පැවතිණ. ඔවුන් අපේක්ෂාවෙන් සිටියේ ඇමරිකානු ජනපති ජෝන් එෆ් කෙනඩි ගේ සහ ඔහුගේ රූමත් ආර්යාව ජැකලීන් කෙනඩිගේ සම්ප්‍රාප්තියයි. ඔවුන් ගත කරන්නේ ඇල්මැරුණු යුග දිවියක් වුවද ලෝකයා ඉදිරියේ ප්‍රේමණීය ඉරියවු පල කළ ජැකී-කෙනඩි යුවල රැගත් විවෘත ලිමොසින් මෝටර් රථය දෙපස පොදි කන මහා සෙනග අතරින් ඉදිරියට ඇදී ගියේය.

    15109349_10209862047245075_3801709457690345963_n.jpg



    එක්වරම නිකුත් වන වෙඩි හඬකි. තම ගෙල පෙදෙස දෑතින්ම ආවරණය කරන ජනපතිවරයා ආර්යාව දෙසට නැඹුරු වන අතර , ඇයට යමක් සිතන්නට ඉඩ නොතබන අසුරු සැණකින් තවත් වෙඩි හඬක් පිට විය . ඒ ඇමරිකානු ජනපති ජෝන් එෆ් කෙනෙඩි ගේ දිවියට නැවතීමේ තිත තබන්නට තරම් භයානක වූත් - රූමත් ජැකලීන් වැන්දඹුවක් බවට ඇද දමන්නට තරම් අකාරුණික වුත් මරණයේ වෙඩි උණ්ඩයයි.

    15078743_10209862047405079_3233540350427946482_n.jpg




    ලේ මස් සමග හිසෙහි පැත්තක් සුණු විසුණු වී යන කෙනඩි අප්‍රාණිකව ඉදිරියට නැමෙයි. එසැණින් රූමත් ජැකී , ඉදිරියට ධාවනය වන රථයේ පසුපස බඳ පෙදෙස මත දණ ගාන අයුරු ද පසුපසින් දිවවිත් රථයට ගොඩවන ප්‍රභූ ආරක්ෂකයා ඇයව වලක්වන අයුරුද දක්නට ලැබිණි. කම්පනයට පත් ජැකී තම ආරක්ෂාව පිණිස එසේ කරන්නට ඇතැයි බොහෝ දෙනා සිතුවද එහි සිදුව තිබුණේ අනෙකකි. මේ වෙඩිපහර සමග පියවි සිහිය අහිමි වන ඒ සියුමැලි රූමතිය අනතුර නොතකා රිය බඳ වෙත පිවිසෙන්නේ සැමියාගේ ගේ මොළයෙන් විසි වී යන කැබැල්ලක් වැටෙන්නට නොදී අසුලා ගැනීමටය.
    ඔවුන් ගත කළ යුග දිවිය කෙතරම් අමිහිරි වුවද අනතුර දුටු තැන අවදි වන ජැකී ගේ ගැහැණු සිත කෙනෙඩි වෙනුවෙන් කැප වන්නී,සැමියා මෙලොව හැර යනතෙක්ම වෛද්‍යවරුන් සමග අරගල කරමින් ඔහුගේ සිරුර අත් නොහැර රැදී සිටීමට ධෛර්යසම්පන්න විය.
    කෙනඩි ඝාතනයට චෝදනා පිට අත්අඩංගුවට ගත් සැකකරුවා පොලිස් රැකවල් මැද සිටියදී හදිසියේ කඩා වදින තුන්වැනි පාර්ශවයක් විසින් වෙඩි තබා මරා දමන අතර කෙනෙඩි ඝාතනය අදටත් අබිරහසක් බවට පත් කරමිනි.


    15202494_10209862047005069_6037866558070437306_n.jpg


    ඉනික්බිතිව එළඹුණු දුර්ගාන්ත කාල වකවානුවේදී ජැකලීන් කෙතරම් නම් චිත්ත පීඩාවෙන් පසු වූයේද යත් කිහිප වරක් ම සියදිවි හානි කර ගැනීමට උත්සාහ කළ බව පසුව ඇය විසින්ම හෙළිදරවු කරන ලදී. වෙනකක් තබා තම සැමියා ජීවතුන් අතර සිටියදී ඔහු හා හොර රහසේ ඇසුරු කළ ලෝප්‍රකට සරාගිනිය මැරිලින් මොන්රෝ ගේ සිය දිවි නසා ගැනීම පිළිබඳව ද ඇයට ඇගේම අදහසක් තිබිණි. " අඩුම තරමේ මොන්රෝ නම් එහෙම හරි මේ පීඩාවෙන් ගැලවුණා" ජැකලීන් පසුකාලීනව තම සැමියාගේ රහස් ප්‍රේමවන්තිය පිළිබඳව පැවසුවේ එපමණකි.

    http://www.dailymail.co.uk/news/article-2761184/Jackie-Kennedy-suicidal-death-JFK-asked-priest-meet-heaven-took-life.html
    ....................................................
    1963 වසරේ නොවැම්බර් මස 22 වැනි දින ජෝන් එෆ් කෙනඩි මිය යන්නේය.
    ඇමරිකා එක්සත් ජනපද ඉතිහාසයට එක් ජනපතිවරයෙක් අහිමි වී යද්දී විශාල, ගැඹුරු හදවතක් ඇති සියුමැලි ළඳකට තම සැමියාගේ දුක්ඛදායක වියෝගය සහ කම්පනය උරුම වන්නේය.


    මේ සීන් එක අදටත් අබිරහසක්. මේ ගැන පොඩි හරි Idea එකක් ගන්න පුලුවන් මේ Tv Series එක බලලා:


    11.22.63-TV-Series-Photos.jpg



    IMDB : http://www.imdb.com/title/tt2879552/

    :yes::yes:

    720p Bluray Torrent එක මෙතනින් බාගන්නත් පුලුවන් : http://extratorrent.cc/torrent/5101301/11.22.63+-+Season+1+-+720p+BluRay+-+x264+-+ShAaNiG.html
     

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne


    මේ ගැන කට්ටියත් Search කරලා හිතෙන දේ දාමු බලන්න.. මන් කතා කරන්න ආසම ටොපික් එකක් මේක.

    :rolleyes::rolleyes::rolleyes:
     

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    ලී හාවි ඔස්වල්ඩ්. (Lee Harvey Oswald) ගැන Search කරලා බලන්න.
     

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    lot of people say lot of things
    no body knows what really happened except
    lee harvey

    In my opinion this is a another work of Illuminati. Kennedy left it years back and he got murdered. Make sense because the murderer is still walking on Washington Streets.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,339
    6,768
    113
    හෙල බිමේ
    මේකේ ඇත්ත හේතුව මොකක්ද බං??
    ලී හාවේ ඔස්වල්ඩ් මැරුවේ ඇයි?
    මේ ඝාතනය ගැන දැනට හෙලි වු කරුණු, ඉදිරිපත් වූ මත මොනවද?
     

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    මේකේ ඇත්ත හේතුව මොකක්ද බං??
    ලී හාවේ ඔස්වල්ඩ් මැරුවේ ඇයි?
    මේ ඝාතනය ගැන දැනට හෙලි වු කරුණු, ඉදිරිපත් වූ මත මොනවද?

    Theories godak tiyenawa. Meka thama hari eka kiyanna be ekakwath bng,,

    කෙනඩි මැරුව එකට කාට හරි දඩුවම් දෙන්නම ඕන උනා. මොකද කෙනඩි කියන්නේ රටේ ජනතාවගේ හිත දිනා ගත්ත ඇත්තටම හොද නායකයෙක්. ඉතින් කරේ මොකක්ද, හොද මිලිටරි History එකක් තියෙන Sniper කෙනෙක්ව වැඩේට මාට්ටු කරා.

    කෙනඩි ඝාතනය ඔවුන්ගේම රහස් සංවිධානයක් වන ILLUMINATI විසින් කළ බවක් අසා තිබේ. එය ලොව හෙල්ලිය හැකි ප්‍රධාන චරිත 13ක එකතුවක් ලු. ඉන් කෙනඩි ඉවත් වූ දා සිට තර්ජයක් තිබුනාලු. ෆේස්බුක් නිර්මාතෘ එහි දැනට අවසන් සාමාජිකයාලු... :rolleyes:

    අසා ඇති දෙයක් !

    නාසා ආයතනය ජේ.එෆ් කෙනඩි අභ්‍යාවකාශ පරේශන මධ්‍යස්ථානය ක් නම් කළා:eek:
     

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    ඇමරිකානු ජනපති ජෝන් එෆ් කෙනඩි ඝාතනයේ සැකකරු පොලිස් අත් අඩංගුවේ සිටියදීම වෙඩිතබා මරා දැමුවා. ලී හාවි ඔස්වල්ඩ් නම් වූ සැකකරු ඩලාස් පොලිස් මූලස්ථානය වෙත ගෙන එන දර්ශනය සජීවීව රූපවාහිනියේ විකාශය වූ නිසා ලක්ෂ සංඛ්‍යාත ඇමරිකානුවන් එම දසුනින් තිගැස්මට පත් වෙද්දී අදටත් නොවිසඳුණු අබිරහසක් පමණක් ඉතිරි වුණා.

    15095690_10209881971583171_2186062804791940445_n.jpg



    24 හැවිරිදි සේලරුවෙකු වූ ලී හාවි ඔස්වල්ඩ් කෙනඩි ඝාතනයෙන් මිනිත්තු හතළිස් පහක් තුළ දී අත් අඩංගුවට ගැණුනා. පශ්චාත් කෙනඩි ඝාතන සෝදිසි මෙහෙයුමකදී හාවි ව පරීක්ෂා කිරීමට සැරසුණු පොලිස් නිළධාරියෙක් වෙඩිතබා මරා දැමූ නිසා ඔහුට එරෙහිව ජනපතිවරයා ඝාතනය කිරීමේ චෝදනාව එල්ල වුණා. නමුත් එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කළ හාවිව දින දෙකකට පසු ඩලාස් පොලිස් මූලස්ථානය වෙත ගෙන එන්නේ සියලුම ආරක්ෂක රැකවල් ද තර කරමිනි. නමුත් එක්වරම ඉදිරියට පනින ජැක් රූබි නම් වූ පුද්ගලයෙක් හාවි ගෑවෙන නොගෑවෙන දුරට පැමිණ වෙඩි තබනවා. අධි ආරක්ෂිත කලාපයක්ව තිබූ ඩලාස් පොලිස් මූලාස්ථානය තුළට ජැක් රූබි පිවිසුණු ආකාරය ඇමරිකානු ආරක්ෂක අංශවලට අදටත් පිළිතුරු නැති අබිරහසකි.

    15230718_10209881971663173_1947434169783250098_n.jpg


    " මට වීරයෙක් වෙන්නට උවමනා නැහැ. මම මේ දේ කළේ ජැකලීන් කෙනඩි වෙනුවෙන්" වසර දහයක් තිස්සේ ඩලාස් හි සමාජශාලාවක් පවත්වාගෙන ගිය ජැක් රූබි පසුව එසේ පැවසුවා. ඔහු දිගින් දිගටම පවසා සිටියේ මේ හේතුවම වූ අතර 1964 දී ඔහුට මරණ දණ්ඩනය නියම කෙරුණා. නමුත් එය ක්‍රියාත්මක වන්නට පෙර , 1967 දී පිළිකාවක් හේතුවෙන් ජැක් රූබි මෙලොවින් සමුගත්තා.
    කෙනඩි ඝාතනය අදටත් අබිරහසකි. ලී ඔස්වල්ඩ් හාවි ඝාතනය ද අදටත් අබිරහසකි. ජැක් රූබී කෙසේ පැවසුවද ඔහුද මේ අබිරහස් දාමයේ එක් වැදගත් පුරුකකි.
    නමුත් ඉතිහාසය තවමත් එතැනම නැවතී ඇත.

    15193436_10209881972063183_7352763536275172197_n.jpg


    15181624_10209881972103184_5196741273676152576_n.jpg
     

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    මේ වීඩියෝවට අනුව නම් ජැක් රූබි පොලිස් මූලස්ථානයට ඇතුළුවෙච්ච එක ලොකු අබිරහසක් නොවෙයි. ඩලාස් වල කැසිනෝ සහ ස්ට්‍රිප් ක්ලබ්ස් කිහිපයක් පවත්වාගෙන ගිය රූබිට, ටෙක්සාස් පාතාලය එක්ක සම්බන්ධතා තිබුනු බවද රහසක් නොවෙයි. කෙනඩිට වෙඩිතැබීමෙන් පස්සේ රෝහලේ පවා රූබි හිටපු බවත් පොලිස් නිලධාරීන්ට කෑමබීම සපයමින් රූබි පොලිස් ස්ථානයට ආගිය බවත් තමයි මේකේ කියන්නේ....

    ඝාතනය ගැන නිල විමර්ශනය කල වොරන් කොමිසමේ නිගමන පුදුම විදියට අහේතුක සහ වැරදි බව මේ කරුනු දැක්වීමෙදි පේනවා. ඇත්තටම පුදුමයි!
    :cool:

     

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    ජැකී පසුව කෝට්පති ව්‍යාපාරික ඔනාසීස් සමග විවාපත් වුණා.

    ඔනාසීස් ඇයගේ පොඩි කාලේ ඉඳන්ම මිතුරෙක්. ඇයට අවශ්‍ය වුණේ ඇයව පුද්ගලිකව , මාධ්‍ය වලින් සහ බාහිර ලෝකයෙන් වෙන් කරගෙන ආරක්ෂා කරන්න පුළුවන් කෙනෙක්. ඇය තමා සහ දරුවන්ගේ ආරක්ෂාව ගැන බයෙන් හිටියේ. එක පැත්තකින් ඇමරිකානු ජනාධිපතිවරයා පාරේ මරලා දානවා. අනිත් පැත්තෙන් ඒ මිනීමැරුමේ සැකැකාරයාව සෙනඟ ඉස්සරහ එළිපිට මරා දානවා. ඉතිං ජනාධිපති කෙනෙක්ට ආරක්ෂාව දෙන්න බැරි - සැකකාරයෙක්ව පරිස්සම් කරගන්න බැරි වාතාවරණයක තවදුරටත් " හිටපු" ජනපති ආර්යාවකට රජයෙන් හිමි වන ආරක්ෂාව ගැන විශ්වාස තියන්න බෑ. ඒ හැමදේම ආවරණය වෙන්න නම් - තමන්ට වඩා ලොකු ගහක හෙවණක් මිසක් තුත්තිරි ගහක හෙවණක් හොයාගෙන වැඩක් නැහැ. ජැකලීන්ට ඕනේ කළේ තමන්ට ආරක්ෂාව දෙන්න පුළුවන් කෙනෙක්. අනිත් දේ කෙනඩි මැරෙනකොට ඇයට වයස 34 ක් විතරයි.

    ඇය පරණ යාලුවා ඔනාසීස්ව තෝරා ගත්තා. ඒ විවාහයත් එක්කම ඇයට හිටපු ජනපති ආර්යාවකට ලැබෙන වරප්‍රසාද සියල්ලම අහිමි වුණා.
    නමුත් ජැකී සහ දරුවන් ඇරිස්ටෝටල් ඔනාසීස්ගේ පෞද්ගලික දූපතක් ඇතුළේ බාහිර ලෝකයෙන් මිදිලා ආරක්ෂාකාරීව ජීවත් වුණා
     
    • Like
    Reactions: Welusumana