පවර් බෑන්ක් එකක් මිලදී ගන්න පෙර මේ දේවල් දැන සිටිනවා නම් කදිමයි
හදිස්සියෙවත් කොහේ හරි ගමනක් යනකොට ෆෝන් එකේ බැටරි බැස්සොත් එහෙම තමා අපිට පවර් බෑන්ක් එකක වටිනාකම තේරෙන්නේ. ඒ එක්කම සමහර වෙලාවට මතක් වුනාම මට පවර් බෑන්ක් එකක් නැහැ නේද කියලා හිතට එන දුක කියා ගන්න බැහැ.
ඉතින් මේ හදිස්සියට රටක් වටින පවර් බෑන්ක් එකක් ගන්න ඔබත් හිතාගෙන ඉන්නවා නම් මෙන්න මේ දේවල් ගැන කල්පනා කරලා ඔබටත් පුලුවන් ඊට ආයෝජනය කරන්න.
1. දැනගන්න ඇත්තම ඇත්ත ධාරිතාවය
පවර් බෑන්ක් එකක් සම්බන්ධයෙන් දැනගන්න පුළුවන් වැදගත්ම දේ තමයි එහි ධාරිතාවය, වෙනත් වචනයකින් කියනවා නම් කොතරම් වාර ගණනක් ඕනේ ජංගම දුරකථනය/ ටැබ් හෝ ලැප්ටොප් එක චාජ් කරගන්න පුලුවන්ද කියන කාරණාව.
සාමාන්‍යයෙන් පවර් බෑන්ක් එකක ධාරිතාව මනින්නේ mAh ඒ කියන්නේ මිලි ඇම්පයර් පැය වලින්. සාමාන්‍යයෙන් පවර් බෑන්ක් එකක මෙම ධාරිතාවය පවර් බෑන්ක් එකක මතුපිට මුද්‍රණය කරලා තියෙනවා.
2. කොහොමද මම මගේ ටැබ්/ ස්මාර්ට් ෆෝන් එකේ බැටරි කැපෑසිටිය හොයාගන්නේ?
හොඳයි එයට කරන්න ඕනේ මෙන්න මේ ක්‍රමවේදයයි. ඔයාගේ ෆෝන් එකේ හරි ටැබ් එකේ හරි බැටරියේ ධාරිතාවය පසුපස පියන ගැලවූ පසු බලාගන්නට පුළුවන්. එහෙත් ඔබේ ෆෝන්/ටැබ් තියෙන්නේ බැටරි සීල් ටයිප් නම් කරන්නට තියෙන්නේ අදාළ උපාංගය ඇසුරුම් කර පැමිණි පෙට්ටියේ, උපාංගය සමඟ දෙන user manual එකේ හෝ අන්තර්ජාලය භාවිතා කරලා මේ වටිනා කම හොයා ගන්න එකයි.
3. වැරදි මතේ
ගොඩක් අය හිතාගෙන ඉන්නේ ඔබේ පවර් බෑන්ක් එකේ මිලි ඇම්පියර් ගණනෙන් ඔබේ ටෙක් උපාංගයේ බැටරියේ වටිනාකම බෙදූ විට පහසුවෙන් ම ඕබේ උපාංගය කී වරක් චාජ් කරගන්නට පුලුවන්ද කියලා දැනගන්නට පුළුවන් කියලානේ.
එහෙත් ඇත්තටම එහෙම නෙවෙයි. කාලයක් නැවත නැවත ආරෝපණය කිරීමේදී මේ පවර්බෑන්ක් වල ධාරිතාව අඩු වීමකට ලක්වෙනවා. ඒ වගේම අපි අපේ ස්මාට් ෆෝන් එක ආරෝපණය(Charge) කරද්දි එහි ක්‍රියාත්මක වෙමින් පවතින වැඩසටහනුත් මේ ආරෝපණ ක්‍රියාවලිය අඩාල කිරීමට බලපානවා. එමනිසා පවර් බෑන්ක් එකේ ධාරිතාව, ඔබේ ස්මාට් දුරකථනයේ හෝ ටැබ් එකේ ධාරිතාවෙන් බෙදුවම එන වාර ගණනට අඩු වාර ගණනක් තමයි ඔබට සැබැවින්ම ආරෝපණය කරගන්න ලැබෙන්නේ.
මේක බොහොම සරලව බලාගන්න වෙබ් සයිට් එකක් තියෙනවා. එතනට ගිහින් ඔබේ දුරකථනයේ සහ පවර් බෑන්ක් එකේ දත්ත ලබාදීම මගින් ආරෝපණය කල හැකි වාර ගණන පිළිබඳව නිවැරදිව දැනගන්න පුලුවන්.
4. ධාරිතාව අඩු වන්නේ මෙහෙමයි
නිකමට හිතන්න ඔබේ පවර් බෑන්ක් එකේ ධාරිතාව 10000mAh කියලා. මෙහි මුලික අගයෙන් 20% ඔබ මෙය චාජ් කරනකොට වැයවෙනවා. ඊට අමතරව ඉතිරි 80%න් 20%ක් ඇතුලත වෙන උෂ්ණත්වය නිසා වැයවීමට වෙන් කල විට ඉතිරි වන්නේ 60%යි. එවිට ඇත්තටම ඔබට චාජ් කරගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ඉතිරිවෙලා තියෙන 60% භාවිතා කරලා තමා.
බොහොමයක් පවර් බෑන්ක් වල නිෂ්පාදකයින් අපිට නොකියන ඇත්ත කතාව මෙන්න මේක තමා. මෙසේ පවතින සැබෑ ධාරිතාව හඳුන්වන්නේ rated capacity නමින්.
මේ අගය සමහර බ්‍රෑන්ඩ් වල සටහන් කරන්නට තරම් සමහර නිෂ්පාදකයෝ කාරුණික වුනත් අපිට ඒවා ඇස ගැටෙන්නේ හරිම කලාතුරකිනුයි.
5. ඔයාගේ පවර් බෑන්ක් එක චාර්ජ් කරන්න ඕනේ කොහොමද?
පවර් බෑන්ක් එකක් හිස්ව නොතිබෙන තාක්කල් හරිම ප්‍රයෝජනවත් වෙනවා. සමහර වෙලාවට අපිට අමතක වෙනවා මේක චාජ් කරන්නට. එහෙම නැතිනම් අපි ගමනක් යන්න ඉස්සර වෙලා පොඩ්ඩක් වෙලා චාජර් එකට දාලා තියලා අරගෙන යනවා.
එහෙත් මෙහෙම කරන එක ඔබේ පවර් බෑන්ක් එකේ කල් පැවත්මට එතරම් හරි නැහැ. පවර් බෑන්ක් එකක් සම්පූර්ණයෙන් චාර්ජ් වෙන්න ගතවෙන වෙලාව ගණනය කරගන්න පුලුවන් පහත සමීකරණය හරහා.
සමීකරණය:
පවර් බෑන්ක් ධාරිතාවය ÷ චාජරයේ mA ගණන = චාජ් කල යුතු පැය ගණන
නිදසුනක් විදියට 5000 mAh පවර් බෑන්ක් එකක් 1A(1000 mA) චාජරේකින් නම් ඔබ චාජ් කරන්නේ, ඔබ පැය 5 ඔබේ පවර් බෑන්ක් එක චාජ් කල යුතුයි.
අපි මේ ගැන දන්නේ නැතුව පැය දෙක තුන චාජ් කලවිට වෙන්නේ පවර් බෑන්ක් එකේ ශක්තියත් හීන වීම. අන්තිමට ඔබට විදුලිය බිලයි පවර් බෑන්ක් එකයි දෙකම අහිමි වේවි.
6. පවර් බෑන්ක් යහ භාවිතය
copy paist & shared for your knowledge ... bump for others ..

- වෝල්ටීයතාවය හරියටම දැනගෙන ඔබේ පවර් බෑන්ක් එක චාජ් එකට ගහන්න. අඩු වෝල්ටීයතාවයක් එක්ක චාජ් වෙන්න ගියොත් වෙන්නේ පවර් බෑන්ක් එකේ බැටරි දිගු වෙලාවක් චාජ් වෙන්න ගිහින් රත්වීමකට ලක් වීම. සමහර වෙලාවට බැටරි සෙල් පුපුරලා යන්න බැරිත් නැහැ.
- සාමාන්‍ය පරිසර උෂ්ණත්වයක් පවතින අවස්ථාවක ඔයාගේ පවර් බෑන්ක් එක චාජ් වෙන්න දානවා නම් කදිමයි. මොකද වැඩි උෂ්ණත්වයක් පවතින තැනක පවර් බෑන්ක් එක තියෙනවා කියන්නේ එහි ආයු කාලය අඩුවෙනවා කියන එක. මේ නිසා සාමාන්‍ය ෆැරන්හයිට් 32°- 90° උෂ්ණත්වය තුල හෝ සෙල්සියස් අංශක 32° වැනි උෂ්ණත්ව පරාසයක් තුල චාජ් කරන එක තමා වටින්නේ.
- මොනම වෙලාවකවත් පවර් බෑන්ක් එක චාජ් කරන ගමන් එකෙන් ඔයාගේ ෆෝන් එක චාජ් කරන්න හදන්න එපා.
- ඒ වගේම ෆෝන් එකක් පවර් බෑන්ක් එකකින් චාජ් කරනවිට ෆෝන් එක flight mode දැමීමෙන් පහසුවෙන්ම ෆෝන් එක අඩු වෙලාවකින් චාජ් කරගන්න පුළුවන් වගේම බල ශක්තියත් ඉතිරිවේවි.
- හැම වෙලාවේම තමන් ගන්න පවර් බෑන්ක් එකේ සම්බන්ධක කේබලය ඔබේ ෆෝන් එකට සම්බන්ධ කරන්න පුලුවන්දැයි සැලකිලිමත් වන්න.
- (අලුත් ෆෝන් /ටැබ් වලට එන්නේ USB Type-C වගේ නේ. ඒ නිසා පොඩ්ඩක් කල්පනාකාරී වෙන එක හොඳයි.)
- තමන්ගේ මිලට ගැලපෙන්න හොඳ පවර් බෑන්ක් ඕනේ තරම් අන්තර්ජාලේ මිලදී ගන්න පුළුවන්. සහ පොඩ්ඩක් යුනිටි ප්ලාසා එක පැත්තේ කරක් ගැහුවොත් හොඳ පවර් බෑන්ක් එකක් හොයාගන්න බැරි කමක් වෙන්නෙත් නැහැ.
- මොනම වෙලාවකවත් තමන් ගන්න පවර් බෑන්ක් එකට වගකීමේ සහතිකයක් තියෙනවයි විමසා සිටින්න අමතක කරන්න එපා. එහෙම වගකීමේ සහතිකයක් ලබා දෙන්නේ නැති නම් එතනින් පවර් බෑන්ක් එකක් ගන්න එක ගැන දෙවරක් හිතන එක නුවනට හුරුයි.
- පදික වේදිකාවේ විකුණන්නට තිබෙන පවර් බෑන්ක් ගැන විශ්වාසය තියන්න එපා. මිලදී ගන්නකොට හරි තැනකින් ගන්න බලන්න. මේවා ගැන හිතන්නේ නැතිව උන්නොත් ඔයාටත් මේ වගේ අත්දැකීම් වලට මුහුණ දෙන්න වේවි.