සිංහලුන්ට බිස්නස් ට්‍රික්ස්

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    සිංහලුන්ට බිස්නස් ට්‍රික්ස්

    ගොඩක් වෙලාවක් නම් නෑ ඒත් බලන්න ඩේට නැති අය ඉන්න නිසා ටිකක් ටයිප් කරන්නම්
    කෙටින්ම කිව්වොත්
    ගොඩක් සිංහලය ගොඩ දාන්න කට්ටිය මහන්සි උනත් මම තාම දැක්කෙ නෑ ආර්ථිකය පැත්තෙන් ගොඩ දාන්න දෙන ඉගෙන ගන්න දෙයක්
    පන්දාහෙ කොල ඉම්බින්නයි, වාහනේ පෝස්ටරෙ මේසෙ ඉස්සරහ ගහන්නයි කිව්වට මොකුත් කරන්න පුලුවන් දෙයක් පොතකවත් මන් දැකල නෑ

    ඇත්තටම අනිත් ජාතින් වල අය අපිට වඩා බිස්නස් අතින් ඉස්සරහින් බිස්නස් අතින්
    මම මේ ගැන තමා මේ වීඩියෝ එකෙ කතා කරන්නෙ
    ඉතින් කෙටින්යෙන් කිව්වොත්, අපේ අය කඩේකට ගියොත් හිනා වෙන්නෙ නෑ, ගහන්න ආව වගේ ඉන්නවා
    එහෙම වෙන්න එපා හිනා වෙන්න, මිනිහෙක්ට ආයෙ එන්න හිතෙන්නෙ එතකොට

    අනික තමා පුලුවන් හැම එකම එකපාර විකුනගන්න හදන්න එපා
    උදාහරනයක් විදිහට රැම් එකක් විකුනනව නම් 8ජීබීම විකුනන්න හදන්න එපා එකේ ලාබෙ වැඩි උනත්, 8 එකේ ගාන කියල කියන්න ආ මෙච්චර එකක් ඕනි නෑ ෆිල්ම් එකක් බලන්න ඔන්න ඔහේ 2 එකක් ගහගන්න පස්සෙ මදි වගේ නම් එකක් ගහගමු කියල, මෙහෙම දේවල් කියන්නෙ කස්ටමර් ට අපි ගැන විස්වාසෙ හැදෙනවා

    අනික තමා වෙනසක් කරන්න
    ඔයාට ලොකු තරඟ කාරයෙක් ඉන්නවා නම් එයා අතේ නැති සවිස් එකක් දෙන්න
    උදහරනයක් විදිහට අනිත් කෙනාගෙ කඩේට ගියාම ඉඳගන්න තැනක් නැත්නම් ඔයාලගෙ කඩේ ඉදගන්න තැනක් දෙන්න, නැත්නම් ලාබ තියේ නම් බොන්න මොන හරි දෙන්න, අඩු ගානෙ පියුරිට් එකෙ වතුර එකක් වත් ෆිල්ටරයක් ගහල
    මිනිස්සු ඔව හිතනවා, එතකොට අනිත් තැන ගාන අඩු උනත් ටිකක් වෙලා ඉන්න ඕනි සවිස් එකක් දෙන තැනක් නම් මිනිස්සු එනවා ඔයාලගෙ තැන අඩු ගානෙ නිදහසේ වැඩක් වත් කරගන්න පුලුවන් තැනක්නෙ කියලා

    තව මේ වගේ පොයින්ට්ස් ගොඩක් මන් වීඩියෝ එකේ කතා කරනවා, යූටියුබ් එකේ වීඩියෝ කොලිටි එක අඩූ කරල දාල බලන්න එතකොට මෙගාබයිට් 10ක් වගේ යන්නෙ

    https://youtu.be/OGsPRtWhfIc



    ටයිප් කරන්න අමාරුයි විනාඩි 13ක එවා

    කලින් මන් ලක්ශ 2කට පටන් ගන්න පුලුවන් බිස්නස් ගැන වීඩියෝ එකක් කරල තිබ්බ

    http://www.elakiri.com/forum/showthread.php?t=1770414

    එක්කෙනෙක් මන් දැක්ක එලකිරි එකේම එකට බැනල තිබ්බ ඔහොම හම්බ කරන්න පුලුවන් නම් මේ චැනල් හදාගෙන මෙව කරන්නෙ ඇයි කියලා, ඒකෙ තිබ්බෙ මෙහෙම " පලයන් ඩො පම්පෝරි නොදා ඔහොම සෝයන්න පුළුවන් නම් උබ youtube video දාගෙන හිගාකන්නේ මොකටැයි " , මොනව උනත් හිත රිදුන මෙහෙම උන්ටද මන් මේ පන දාගෙන මේව කරන්නෙ කියල කියල දෙන්නෙ කියලා,

    ඒත් මෙ ලඟදි මට එලකිරි එකෙන්ම කොල් එකක් ආව මගේ පරිගනක වෙලදාම ගැන ත්‍රෙඩ් එක බලල ගොඩක් දෙවල් ඉගෙන ගෙන සම්පුර්නෙන් බිස්නස් එක වෙනස් කරගන්න යොමු උන කෙනෙක්ගෙන් ස්තූති කරල, එයා මගෙන් ඇහුවා මොනවද බිස්නස් කරනකොට දැනගන්න ඕනි කියල ඒ නිසයි මම මෙක ලිව්වෙ, ඒ වගෙම ගොඩ දෙනෙක්ගෙන් ඉස්සර මම 2013 ඉඳන් දාපු ත්‍රෙඩ් වලින් ගොඩ ගිය කට්ටිය හිටිය ඒ ගැනත් මතක් වෙනකොට සතුටුයි, ඒත් රෙප් වලින් හැන්ගිල බනින ( රෙප් නම් මට වැඩක් නෑ ) සහ මෙහෙම කියන අය ඉන්නකොට ඉතින් සින්හලය ගොඩ දානවට වඩා හොඳයි මගේ වැඩක් කරගෙන ඉන්නව කියලත් හිතෙනව,

    ඒත් කමක් නෑ, එකෙක් හරි ගොඩ යයි මේ වලින්..ඒ ඇති
    අනික තමා යූටියුබ් චැනල් එක කරන්නෙ හම්බකරන්න නෙමේ මන් ( මායි යාලුවෙකුයි ) එයාටයි මටයි ඕනි උනා නිව්බොස්ටන් වගේ ලන්කාවෙ අයට චැනල් එකක් කරන්න ( නිස්බොස්ටන් https://www.youtube.com/user/thenewboston එකේ නැති දෙයක් නෑනෙ ඉගෙනගන්න )

    හම්බකරන්න ඔනි නම් කරන්න තියෙන්නෙ ගොසිප් චැනල් එකක් කරන එක ඒවලින් තමා සල්ලි එන්නෙ නැතුව මෙහෙම කට්ට කාගෙන උගන්වන වීඩියෝ දැම්මට සල්ලි එන්නෙ නෑ, නැත්නම් චනුක්ස් වගේ මොන හරි අන්බොක්ස් කරන්න ඕනි,
    ඇඩ්සෙන්ස් යනවා තමා , අකවුන්ට් එකක් තියෙන එකේ එකෙනුත් කීයක් හරි ආවම මක් වෙනවද තාම නම් ඩොලර් 10යි මාස 3 ට.

    අනික මට කාටවත් ශෝ දාන්න ඕනි නෑ
    මන් අලුතෙන් අලුත් බිස්නස් එකකුත් ලඟදි පටන් ගන්නවා ඒ ගැනත් ඉගෙන ගන්න ආස සහ අලුත් බිස්නස් එකක් පටන් ගන්න කැමති කෙනෙක්ට ඉගෙන ගන්න දාන්නම්
    සින්හලුන්ට ඕනි කකුලෙන්ම අදින්න අනිත් සින්හලයගෙ, ඒකයි අනිත් ජාතින් වල අය ඉස්සරහටම යන්නෙ..ම්ම්..
    ඔන්න ඕකයි සින්හලයගෙ අවුල..කමක් නෑ, ..එකෙක් හරි මොන හරි ඉගෙන ගනී

    අපේ එකෙක් ගොඩ ගියොත් තමා අපේ එකෙක් ආර්තිකෙන් ශක්තිමත් උනොත් තමා අපේ එකෙක්ට උදව් කරන්නෙ, නැතුව ලෝකෙට නය වෙලා අතේ සතේ නැතුව අපේ අයට උදව් කරන්න බෑ

    එහෙනම් මන් ගියා, ජය වෙවා

    වෙන ත්‍රෙඩ් කියවන්න කැමතින් නම් මෙන්න

    රු 10000 ට පටන් ගන්න පුළුවන් business | මගේ අදහස
    දියුනු වෙන හැටි (මගේ අත් දැකීම් වලින්)


    දියුනු වෙන හැටි II - computer shop

    දියුනු වෙන හැටි - 3
    දියුනු වෙන හැටි - 4
    තව ත්‍රෙඩ්ස්


     
    Last edited:

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ඕව ගණන් ගන්න එපා මචං..අපි දන්නවනේ උබ කව්ද කියලා.උබ පව්ද්ගලිකව මට ගොඩක් උදව් කරා.උබ නිසා තමයි.පොඩිවට හරි business එකක් පටන්ගන්න හිතුනේ.ගොඩක් පින් මචං.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දිගටම වීඩියෝ කරපන් මචන් :yes: මේ වගේ ඒවා තමා වැඩි වැඩියෙන් තියෙන්න ඕනේ අපේ උන්ට ගොඩ යන්න. +6