මිනිස්සු සතුටින්ම ජිවත් වන රටවල් 10

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,039
    3,736
    113
    මිනිස්සු සතුටින්ම ජිවත් වන රටවල් 10

    ඇත්තටම කිව්වොත් මේ කියන රටවල් 10 ලෝකේ තියෙන වඩාත් සුන්දරම රටවල් 10 කියල කිව්වොත් නිවැරදි! මේ රටවල් තුල ක්‍රියාත්මක වෙන්නෙත් ලංකාවේ විදිහටම නිදහස් අධ්‍යාපන රටාවක්! ඔවුන්ගේ ජනගහනය ගත්තම හරිම ධනාත්මක ඒ වගේමයි හරිම කාරුණිකයි ලු! එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සපයන ලද දත්ත භාවිත කරලා National Geographic චැනලය විසින් තමයි මේකියන අනුපිලිවෙල සකස් කරලා තියෙන්නේ!

    1.ඩෙන්මාර්කය

    පෘථිවියේ තියෙන සතුටින්ම ජිවත්වන පුද්ගලයන් සිටින රට තමයි ඩෙන්මාර්කය කියන්නේ! මෙහි සම්පුර්නයෙන්ට නිදහස් අධ්‍යාපනයක් වගේම නිදහස් සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක වෙනවා!

    2.ස්විට්සර්ලන්තය


    ස්විට්සර්ලන්තය කිව්වම කෙනෙක්ට මතක් වෙන්නේ ඉතින් චොක්ලට් නේ! ඒවුනාට මෙහෙ ජිවත් වන පුද්ගලයන් තමන්ගේ සෞඛ්‍යය පිලිබදව හුගක් සැලකිලිමත් වෙනවලු! ලෝකය ස්ථුලතාවය අඩුම මට්ටමක පවතින රටක් විදිහට මේ රට හදුන්වන්න පුළුවන්!

    3.අයිස්ලන්තය

    විශාල ගිනිකඳු, උණුදිය උල්පත් සහ අන් කිසිවකට දෙවැනි නොවන තරම් අලංකාර වූ භූ විෂමතා ලක්ෂණ වලින් සමන්විත අයිස්ලන්තයේ ජිවත් වෙන පුද්ගලයත් සතුටින් ජිවත් වන බව අහන්නත් දෙයක්ද?

    4.නොර්වේ

    නොවේජියානුවන් තමන් සතු විශිෂ්ට ඒ වගේමය චිත්තකර්ෂණිය ස්වභාවික වටපිටාව පිලිබදව ආඩම්බරයකින් පසු වෙනවා වගේම වගකීමකින් යුතුව ඒවා ආරක්ෂා කරගැනීමට වග බලාගන්නවා! නොර්වේවල තියන උසම කදුවලින් එකක් වන Skala තරණය කිරීමෙන් පුද්ගලයෙකුගේ කරදර බාධා නැති වෙන බවට ඔවුන් අතර විශ්වාසයක් පවතිනවා!


    5.ෆින්ලන්තය

    ෆින්ලන්තය කියන්නේ ඉතා කුඩා ජනගහනයක් ජිවත් වෙන රටක් එහ කියන්නේ මිලියන 5.2 ක් පමණ! හැබැයි මෙහි මිලියන 3.3 පමණ සෝනා (Sauna) තියෙනවා! ඔබත් සම්ප්‍රදායක ෆින්ලන්ත සෝනාවකට ඇතුළු උනේ නම් අනිවාර්යෙන්ම ඒ ක්ෂණයකින් ඔබගේ ප්‍රශ්න සියල්ල වාෂ්ප වී යන බව නං නොඅනුමානයි!

    6.කැනඩාව


    කැනඩාව කියන්නේ ලෝකයේ තියෙන විශාලතම රටවල්වලින් එකක්! කැනඩාව කියන්නේ ඉතින සංචාරක පාරාදීසයක් කිව්වොත් නිවැරදි. ඒ මොකද අලංකාර ජාතික උද්‍යාන ඒවගේමයි කදු පන්ති මේ රටේ බහුලව දකින්න පුළුවන් නිසා!

    7.නෙදර්ලන්තය

    නෙදර්ලන්තයේ ජිවත් වන පුද්ගලයන් ගත්තම ඔවුන් වැඩිපුර ශාරීරික ක්‍රියාකාරකම් ඒ කිව්වේ බයිසිකල් පැදීම වගේ ක්‍රිකාරකම් වල නිරතවෙන්න කැමතිලු! කිලෝමීටර 30,000ක් පමණ දිගට විහිදුනු ආරක්ෂාකාරී බයිසිකල් ධාවන පථ මේ රටේ තියෙනවා! බැරිවෙලාවක් හරි ඔබත් අම්ස්ටෙර්ඩෑම් පැත්තේ එහෙම ගියොත් බයිසිකලයක් සහ මාර්ගෝපදේශකයෙක් කුලියට ගන්න අමතක කරන්න එපා!

    8.නවසීලන්තය

    අලංකාර නිල්වන් කදුපෙලකින් වටවෙලා තියෙද්දී,ඒවගේමයි ඇදහිය නොහැකිතරන් ලස්සන වටපිටාවක් හා වනාන්තර පද්ධතියක් තියෙද්දිත් සතුටු නොවී ඉන්නේ කොහොමද ?

    9.ඔස්ට්‍රේලියාව

    ඔස්ට්ට්‍රේලියාව කියන්නේ පරිසර දුෂණය අවම ඒ දැඩිව එකට බැදුණු ප්‍රජාවන් ජිවත් වෙන රටක් කිව්වොත් හරියටම හරි! මෙහෙ ජිවත් වන මිනිස්සු ගත්තම ඔවුන් වෙලාවට මොකක් හරි පාක් එකකට එකතුවෙලා තමන්ගේ යහළු මිත්‍රාදීන් එක්ක කාලය ගත කරන්න පුරුදුවෙලා ඉන්නවලු.ඔබට ඕස්ට්‍රේලියානු යාලුවෝ නැති උනත් ප්‍රශ්නයක් නෑ ! මොකද මේවගේ අවස්ථාවක සහභාගිවෙලා අනිවාර්යෙන්ම ඔබට අලුත් යාලුවෝ ඇති කරගන්න පුළුවන් වේවි !

    10. ස්විඩනය

    ස්වීඩනයේ ජිවත් වන පුද්ගලයින් ගත්තම ඔවුන් නිරතුරුවම තමන්ගේ ජීවිතය පිලිබදව ඉහල තෘප්තියකින් ලු පසුවෙන්නේ! එකට හේතුව වෙන්නේ මේ රටේ තියෙන Fika නමින් හැදින්වෙන සම්ප්‍රදායක් ! ඒ කියන්නේ වැඩ කරන අතරතුර මේ කට්ටිය බ්කෙටි විවේකයක් ලබගන්නවලු කෝපි පානය කරන්න සහ එදිනෙද සිද්දවෙන දේවල් ගැන තමන්ගේ යාළුවොත් එක්ක කතාබහ කරගන්න!ඉතින් මේ කතාබහ සාමාන්‍යයෙන් විනාඩි 15 ක් විතරලු තියෙන්නේ! හැබැයි සෑම පැය දෙකකට වගේ වරක් මේ විදිහට සිද්ධ වෙනවලු! ඉතින් මේ සම්ප්‍රදායම ස්වීඩනය ලොව විශාලතම කෝපි පාරිභෝගිකයෙක් බවට පත් කරලා තියෙනවලු!
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    mata kawada hari wena rataka innama yanna labunoth mama yanne switzerland walata.pattama ratak aaa.:cool::love:


    wengen-switzerland_630x355.jpg


    st-johann-in-tirol-1-c-kitzbueheler-alpen.jpg


    switzerland-italy-cruise-turkey-scenic-switzerland-mt_jungfrau_1_3_1711-948-357580-355-977.jpg


    Cover+photo.jpg
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,676
    113
    Piliyandala
    මට රට බලන්න යන්න පුළුවන් උනොත් මම අනිවා යන්න කැමැති ස්වීඩන් වලට...පට්ටම ආස රටක්. ලඟදි මේකේ පොටෝ වගයක් දාල තිබ්බ මෙම්බර් කෙනෙක්... විසිට් විසා යන්න පුලුවන්නම් නියමයි
     

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    10. ස්විඩනය

    ස්වීඩනයේ ජිවත් වන පුද්ගලයින් ගත්තම ඔවුන් නිරතුරුවම තමන්ගේ ජීවිතය පිලිබදව ඉහල තෘප්තියකින් ලු පසුවෙන්නේ! එකට හේතුව වෙන්නේ මේ රටේ තියෙන Fika නමින් හැදින්වෙන සම්ප්‍රදායක් ! ඒ කියන්නේ වැඩ කරන අතරතුර මේ කට්ටිය බ්කෙටි විවේකයක් ලබගන්නවලු කෝපි පානය කරන්න සහ එදිනෙද සිද්දවෙන දේවල් ගැන තමන්ගේ යාළුවොත් එක්ක කතාබහ කරගන්න!ඉතින් මේ කතාබහ සාමාන්‍යයෙන් විනාඩි 15 ක් විතරලු තියෙන්නේ! හැබැයි සෑම පැය දෙකකට වගේ වරක් මේ විදිහට සිද්ධ වෙනවලු! ඉතින් මේ සම්ප්‍රදායම ස්වීඩනය ලොව විශාලතම කෝපි පාරිභෝගිකයෙක් බවට පත් කරලා තියෙනවලු!

    ඒකට ලංකාවේ.... ඔ‍ෆිස් එකේ උදේ 7 ඉදන් හවස 7 වෙනකන් වැඩ......මරවලා වැඩ ගන්නවා..... වැඩ කරන එකා පුලුවන් තරම් බුල කෙලින්න හදන්නෙ,... ඔ‍ෆිස් එක ගැන ආදරයක් හිතෙන්නෙ නැති එක සාදාරණයි
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඒකට ලංකාවේ.... ඔ‍ෆිස් එකේ උදේ 7 ඉදන් හවස 7 වෙනකන් වැඩ......මරවලා වැඩ ගන්නවා..... වැඩ කරන එකා පුලුවන් තරම් බුල කෙලින්න හදන්නෙ,... ඔ‍ෆිස් එක ගැන ආදරයක් හිතෙන්නෙ නැති එක සාදාරණයි

    :yes::yes:
    Sirawata.