කරුමක්කාරයෝ (1980) සිංහල ෆිල්ම් Karumakkarayo (1980) Sinhala Film

asksajee

Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    කරුමක්කාරයෝ (1980) සිංහල ෆිල්ම් Karumakkarayo (1980) Sinhala Film

    1124616.jpg


    කරුමක්කාරයෝ (1980)

    Awards
    Presidential Film Awards 1981
    * Merit Awards - Upali Athtanayaka


    Cast & Crew
    * Vijaya Kumaratunga
    * Geetha Kumarasinghe
    * Somasiri Dehipitiya
    * Upali Attanayake
    * G. R. Perera
    * U. Ariyawimal
    * Cyril Wickramage
    * Daya Alwis

    Director, Screenwriter - Tissa Abeysekara
    Cinematographer - Donald Karunaratna
    Film Editor - Lal Piyasena
    Music - Sarath Fernando
    Art Director - K. A. Milton Perera
    Playback Singers - W. D. Amaradeva, T. M. Jayaratne, Gunadasa Kapuge


    67fe295910.jpg


    මෙන්න ලින්ක එක
    https://openload.co/f/3yG7IyRa9Wo/Karumakkarayo.1980.DVDRip.720p.H264.AAC-Ak47.mp4

    මචෝ හතරවටේ ලින්ක් එක share කරන්න එපා. එලකිරියෙන් පිට දෙනවනම් usb එකකින් share කරගනින්.

    මචං Download කරලා තියාගත්තට කමක් නෑ බං හෝල් වලට ගිහින් සිංහල ෆිල්ම් බලපං නැත්තං හොද ෆිල්ම් හැදෙන් නැතුවම නැතිවෙලා යයි. මම නම් මචං වේදිකා නාට්‍ය සිංහල ෆිල්ම් හෝල්වලට ගිහින් බලනවා බං ඒවලට තියෙන ආසාව නිසායි සල්ලි දීලා අරන් ලග තියාගන්නේ.

    [කරුමක්කාරයෝ ෆිල්ම් එක ගැන පළවුන විස්තරයක් දැම්මා ඒකත් කියවලා බලන්න. හැමදාම අපිකරන්නේ ෆිල්ම් බලන ඒක ඒත් ඒවා කියවන්න පුලුවන්...... අලුතින් යමක් එකතුවේවි ජීවිතයට]
     
    Last edited:

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    z_p34-A+glimpse+into+the02.jpg


    කරුමක්කාර ජීවිතේ විඳින්න ශෘංගාර රිදී නිම්නයේ වැතිරෙන්න

    කාලෙකට පස්සෙ ආපහු තිස්ස අබේසේකරගෙ කරුමක්කාරයෝ ෆිල්ම් එක බැලූවා. 1980 මුල කරපු ඒක තිස්සගෙ පළවෙනි අධ්‍යක්‍ෂණය. එතකොට මට අවුරුදු හතරක් විතර. ඒ වෙද්දි එයා වැලිකතර පිටපතත් ලියලා. මට අනුව ලංකාවෙ කෙරිච්ච හොඳම චිත‍්‍රපටිය වැලිකතර. ඒක අධ්‍යක්‍ෂණය කරන්නෙ ඞීබී නිහාල්සිංහ. තිස්ස අබේසේකර කියන්නෙ ලංකාවෙ බිහිවුණු හොඳම තිර රචකයා. ඒකෙ කතා දෙකක් නෑ. ඒත් මං තිස්ස අබේසේකර කියන චරිතෙ අඳුරගන්න කාලෙ තිස්ස නෙමෙයි. මට හයක් හතරක් නොතේරෙන කාලෙ තිස්ස. කරුමක්කාරයො චිත‍්‍රපටිය ඇතුලෙ එයාගෙ පේන අවංකත්වය සහ නිදහස මාව පුදුම කළා. ඒක 53 ගුණදාස අමරසේකර ලියපු කතාවක්. මං අඳුරගන්න කාලෙදි අමරස්කර එයාගෙ ‘යලි උපන්නෙමි’ අත්වැරැුද්දක් කියලා සිංහල ජාතිකත්වයක් කියන බෙලි කටුවක් ඇතුලෙ හිරවෙච්ච පුංචි ගුල්ලෙක්.

    ඞීබී නිහාල්සිංහ හිතාගන්න බැරි තරම් පටු විදිහට ලංකාවෙ සිනමාවෙ අවුල ලිහන්න හදන පොඩිහිටියෙක්. තිස්ස අබේසේකර ලොකු දුව වගේ කටේ තියන්න බැරි පිටපත් ලියන, දේශපාලනීකරණය වුණු, බංකොලොත් චිත‍්‍රපටි සංස්තාවෙ අබාපති චරිතයක්. මට මුණගැහුනෙ මැරිච්ච මිනිස්සු. කරුමක්කාරයො බලද්දි මට හිතුනෙ එහෙම. එදා තිස්ස ඒ චිත‍්‍රපටියෙ කරන ටිකවත් කරන්න අද අපේ අලූත් එවුන්ට බෑ. ණයට ගත්ත සම්භාව්‍ය හතර මායිමක අපි කුලියට ගත්ත අදහස් එහා මෙහා කරනවා. ඒත් කරුමක්කාරයෝ කියන්නෙ වැඩක්.
    ෆිල්ම් එක පටන් ගන්නෙ පත වයිඞ් ෂොට් එකක. ගල් තලාවක් දිගේ විජේ කුමාරණතුංග හාමුදුරු කෙනෙක් ළ`ගට යනවා. ‘ආපෝ.....’ මට මුලින්ම හිතුණෙ එහෙම.

    ඒත් ඊට පස්සෙ මුළු ෆිල්ම් එකේම හැ`ගීම වෙනස් වෙනවා. මිඞ් (මධ්‍ය රූප) සහ ක්ලෝස් අප් (සමීප රූප) ඇරුණම ආයිමත් දුර රූපයක් අපි දකින්නෙ අන්තිමට. ඒ මුල දැකපු රූපෙ අවස්ථා සම්බන්දෙ. ජීවිතේ හු`ගක් ළ`ගින්, එහා මෙහා දුර නොපෙනෙන තරම් ළ`ගින් අබේසේකර අල්ලන්නෙ. ඒ හින්ද ටිකක් වත් එහායින් තියෙන දෙයක් පේන්නෙ නෑ. ඒක තනිකරම වල්මත් ගමනක්. චිත‍්‍රපටියක රූපමය ආකෘතියකින් කතාවට ඒ තරම් ප‍්‍රබල අර්ථයක් දෙනවා ලංකාවෙ මං දැක්ක පළවෙනි වතාව. දැන් අපි හැමෝගෙම ස්ටයිල් එක පුළුවන් තරම් දුරට වෙලා බලන් ඉන්න එක. අපි ඉපදිච්ච හැදිච්චි වැඩිච්ච ජීවිතේ දිහා අපි අපේ සිනමාව ඇතුලෙ බලන්නෙ ගව් ගාණක් දුර ඉඳන්. ඒක තමයි ආධ්‍යාත්මික සහ සම්මානනීය රූප රාමුව. ඩෙනිස්ගෙ ’ත‍්‍රීවීල් ඩයරීස්’ දෙබසක් මතක් වෙනවා මට.

    ‘මචං තනි ගහයි ගේයි. අවෝර්ඞ් දිනන ෂොට් එකක් මචං’

    අබේසේකරගෙ චිත‍්‍රපටිය බලද්දි මට මතක් වුනා තවත් චිත‍්‍රපටි දෙකක්. එකක් සර්ජි ලියෝන්ගෙ ’වන්ස් අපොන් අ ටයිම් ඉන් වෙස්ට්’. ගමට නගරෙන් කෙල්ලෙක් බැඳලා එන මිනිහෙක් ගැන කතාවක් ඒක. ඒ මිනිහට අයිති වත්ත අයිනෙන් රේල් පාර වැටෙනවා. ඒක හින්ද ගමේ චණ්ඩි මේ ඉඩම ගන්න පොර කනවා. ඒ අතරෙ මේ නගරෙන් ආපු ගෑණිගෙ සරාගිකත්වය ඉස්සරහ දණින් වැටෙනවා. කරුමක්කාරයො සංදර්භයත් මේකට හු`ගක් ළ`ගයි. දෙවෙනි ලෝක යුද්දෙට පස්සෙ සල්ලි ටිකක් හොයාගෙන ගමට එන ලොකු අයියා. ර`ගපාගන්න බැරි විජේ තමයි පොඩි මල්ලි. ඒකටත් එක්ක උපාලි අත්තනායක ර`ගපානවා තිතට. බැඳලා එන අක්කා තමයි ගමට එන ලිංගිකමය අවුල. ඒකෙන් පවුලෙ තාත්තා පුතා සම්බන්දෙ පවා අවුල් වෙනවා.

    මෙතනදි තිස්ස ගීතාව ශෘංගාරකරණය කරන හැටි විශිෂ්ටයි. අමරසේකර ගමේ ඉඳන් ගම පැත්තෙන් ලියපු කතාව තිස්ස අල්ලන්නෙ නගරෙ පැත්තෙ ඉඳන්. නාගරික ඇහැකින්. ඒක මට වැඩ කරනවා වැඩියි. තිස්ස ගීතාව හැමතිස්සෙම තියන්නෙ විජේගෙ ඇ`ග උඩින්. විජේ නෙමෙයි උඩ ඉන්නෙ. එක පැත්තකින් ඒක ඒ නාගරික ගැහැණියගෙ ලිංගික ආධිපත්‍යය. ඒ චරිතය ගමට එනකොටමත් ගමේ එයා ගැන කතා පැතිරිලා ඉවරයි. සිදාදියෙන් ආපු සංකර බඞ්ඩ..

    ඒ වෙනකං ගමේ කෙල්ලෙකුට කෙකර ගගා හිටපු විජේට ඒ කෙල්ලව පේන්නෙ වත් නැතුව යනවා. කන්‍යාභාවය පරිස්සං කරගෙන එයා යෝජනාවකින් කසාද බඳිනවා. විජේගෙයි මේ නෑනාගෙයි ආසාවන් ලිහෙන්නෙ කතරගමදි. ඒක අමරසේකරට ඒ කාලෙ ඉඳන්ම තිබ්බ ෆැන්ටසියක්. කතරගම කාවඩි සද්දෙට අමසේකරගෙ මස නලියනවා. කතරගම කවි පංතියට වඩා සිරා තැනක එයා කරුමක්කාරයෝ ඇතුලෙ කතරගම පිහිටුවනවා. ඒ ආවේශය-ප‍්‍රලය වීම ඇතුලෙ කරුමක්කාර ශෘංගාරය නිදහස් වෙනවා. මුලූ ෆිල්ම් එකම ගීතාගෙ ශෘංගාරයෙන් පෙ`ගිලා. තිස්ස පට්ට පිරිමියෙක් විදිහට ගීතා දිහා බලාගෙන ඉන්නවා. එතනදි මට සරජි ලියෝන් ගැහැණිය කියන විෂයෙදි තිස්සට වඩා ගොඩක් ඉස්සරහින් කියල හිතුණ.

    සර්ජි ලියෝන් පට්ට පිරිමි වයිල්ඞ් වෙස්ට් කතාවක් කිව්වත් කතාව අන්තිම වෙද්දි මුහුදක් වගේ ස්ත‍්‍රීත්වයක් ඇතුලට ගිලෙනවා. තිස්ස උපරිම උත්සාහ කරනවා ඉපදෙන්න හිටපු දරුවා මැරෙන තැනදි ගීතාගෙ චරිතය විශාල කර ගන්න. ඒත් ඒකත් පොඩි පිරිමිකමක් ඇතුළෙම ගබ්සා වෙනවා. තිස්සට ගෑණු තේරෙන්නෙ නෑ....මට හිතුණ.

    කරුමක්කාරයෝ එක්ක මට මතක් වුණු අනිත් ෆිල්ම් එක ‘බොර දිය පොකුණ’. ඒකත් ලංකාවෙ චූල වංස කතාවක්. ඒත් සත්‍යජිත් මාඉටිපේ ගැහැණිය ගැන තිස්සට වඩා ගොඩක් දන්නවා. ජීවිතේ ගැන සත්‍යජිත්ගෙ තේරුම් ගැනීම විශාලයි. ඒත් කරුමක්කාරයො සිනමා භාවිතය පැත්තෙන් තිස්ස ඉස්සරහින්. ඒක මාර රූප සංයෝජනයක්. එක තැනක අක්කා එකේ ඇඳේ ඉන්න මල්ලිගෙ සීන් එකත් එක්ක කැපෙන්නෙ වේගෙන් පාං බයිසිකලේ පදින මල්ලිව. ඒ අසම්මත ආස්වාදයේ තරම හොඳටම දැනෙන දර්ශන හුවමාරුවක් ඒක. සිනමාත්මක පැත්තෙන් තිස්ස අමරසේකරගෙ ගමේ කරුමක්කාර කතාව ලෝක සිනමාවෙ තැනක තියනවා.

    මේ අසූ ගණන් වල අපිට තිබ්බ සිනමාව සහ ජීවිතේට මොකද වුනේ කියලා හිතාගන්න බැරුව මං ජොයින්ට් එකක් පත්තු කළා. දැන් අපි හදන්නෙ කොටළු චිත‍්‍රපටි. ඒවා වඳයි. වඳ ඒවා රැුක ගන්න යුරෝපීය රටවල් උදව් කරනවා තමයි. ඒත් මේ තරං හුස්ම ගන්න සිනමාවක් තිබුණු අපි, අපිවම පරාරෝපණය කර ගත්තු සිනමාවකට ගියේ කොහොමද? අසූව කියන්නෙ ලංකාවෙ විශිෂ්ටතම චිත‍්‍රපටි හැදිච්ච කාලයක්. පාර දිගේ, එක් ටැම් ගේ, දඩයම මේ වගේ තව ගොඩක්. ඊට පස්සෙ අනූ ගනන් වලදි අපි මේ පරාරෝපිත අවකාශෙට ඇතුල් වෙනවා. අද අපි විකල්ප සිනමාවෙ දැවැන්තයො කියල අදහන ගොඩක් අය මේ පරාරෝපිත සිනමාවෙ නිර්මාර්තෘවරු. සමහර විට ඒක තේරුම් ගන්න බැරි වුණු සමාජ දේශපාලන අවකාශෙ වෙන්න පුළුවන්. ඒත් සිනමාව අපෙන් එන්න එන්නම දුරට යන්න ගත්තා. අන්තිමට අපේ සිනමාව අන්තර්ජාතික සිනමාවක් වුණා. යුරෝපෙට ඕන බඩු නිපදවා අපනයනය කරන කර්මාන්තයක්.

    දෙවෙනි පිටුවෙ අන්තිම. දැන් මං කතා කරන්නම කැමති කොටස. උපාලි අත්තනායක කරන අයියාගෙ චරිතෙ. මේ අයියා ගමෙන් සල්ලි හොයන්න සිදාදියට ආපු තරුණයෙක්. සිදාදියේ ජීවිතේ විසින් ඒ පිරිමියාගේ ශෘංගාරය එහෙම්පිටින්ම අහිමි කරනවා. නගරය විසින් තරුණියව ශෘංගාර කලාපයක් කරද්දි ඒ නගරයේ තරුණයාව නපුංසකයෙක් කරනවා. ගමේ හැමෝම අක්කාගේ සරාගිකත්වයෙන් කැළඹෙද්දි අයියා යන්තමින් වත් නොසැලෙන්නෙ ඒකයි. මේ නපුංසකයා හැමදෙයක් ගැනම දැනුවත්. ජීවිතේ ලොකු තාප්පවල වාහනවල හැප්පිච්ච මිනිහෙක්. මේක මට අමරසේකරට වඩා තිස්ස විසින් නිර්මාණය කරන චරිතයක්. මේ චරිතෙ එයාගෙ ගොඩක් කතා වල එනවා. මහගෙදර තිස්ස අබේසේකරම ර`ගපාන්නෙ මේ චරිතය. විරාගයෙ අරවින්ද වෙනකල් වැඩෙන්නෙ මේ එකම චරිතය. මේක තිස්සගෙන් ජීවිතය ගැන තමන්ගෙ බාර ගැනීම කියවෙන තැනක්.

    මේ නපුංසකයා එක්ක ජීවිතේ අත්ඇරලා යන අනිත් අන්තය මුණගැහෙනවා. පැවිද්ද. ඒ පලා යාම බාර ගන්න යද්දි අයියා ආයිමත් තමන්ගෙ ගෑණි එක්ක නිදා ගත්ත මේ මල්ලිව හෙයාගෙන එනවා. එයා කියනවා, ‘බලපං අක්කයි මායි..අපි ජීවිතෙන් පැනලා ගියේ නෑ..අපි ජීවිතේට මූණ දුන්නා..’ අසූ ගණන් වලදි අපේ සිනමාව යෝජනා කළේ නැවත ජීවිතය. ඒත් අද අපි සිනමාව ඇතුලෙ නැවත නැවත යෝජනා කරන්නෙ මරණය..

    මේ තිර පිටපත ලියවෙන අවබෝධය ඇතුලෙ හැම චරිතයක්ම පුදුම හිතෙන තරමට බැලන්ස් වෙනවා. ගෙදර අක්කාගෙ (නෑනා නෙමෙයි) චරිතය ගේන හැටි හරිම සියුම්. ඒක චිත‍්‍රපටිය ඇතුලෙ නොපෙන්නා කියන කතාව. සිදාදියෙන් ආපු අක්කා ගෙදර බින්න බහිද්දි ගෙදර අක්කා සිදාදියේ ගණිකාවකගේ තැන වෙනකං යනවා. ගෙදර පියා සහ සහෝදරයින් එකම ගෑණිව අඹු කර ගැනීමේ අපචාරය දරන්න බැරි තැන අක්කා ගමේ මුදලාලිගේ ගෙදර ගිහින් නවතිනවා. මුදලාලි පළවෙනි වතාවට අක්කා ළ`ගට එන සිදුවීම තිස්ස ගොඩනගන විදිහට මගේ ඇ`ග හිරි වැටුණා. ඒ රිද්මය.. ‘මට නැති වෙන්න දෙයක් නෑනෙ මහත්තයා’ ඒ දෙබස් කියවෙන ටෝන් එක හීනෙන් පවා බය ගන්නන සුළුයි. තිස්ස ගෑණු ගැන දන්න දිග පළල යන්තමින් වත් එළි කරන්නෙ අක්කාගෙ චරිතය කියලයි මං හිතන්නෙ. ගීතාගේ චරිතය ශෘංගාරය ඇතුලෙ විනාස වෙද්දි තිස්ස මේ චරිතෙ ගොඩ දා ගන්නවා.

    මුල දුර රූපෙ ඉඳන් සමීප රූප වලින් දිග හැරිච්ච ෆ්ලෑෂ් බැක් එක නිමා කරමින් අන්තිමට ආයිමත් දුර රූපෙකට එනවා. ඒ විජේ පැවිදි වෙන තැන. මේ ආකෘති හරඹය මාර විදිහට වැඩ කරනවා. කුණ්ඩලකේශී කතාව වගේ පටන් ගන්න ෆිල්ම් එක අවසානයෙදි ඒ ධර්ම පද්ධතියටම අභියෝග කරනවා. ඒක ජීවිතේ ගුටි කාලා ඉගෙන ගත්තු නාගරික නපුංසකයෙකුගෙ අභියෝගයක්. ඇතිවීම නැතිවීම දරා ගන්න බැරිව විජේ වගේ අය ථේරවාදී බුදුන් ළ`ග හැකිලෙද්දි, ඇතිවීම නැතිවීම විඳවීම ඇතුලෙන්ම අවබෝද කර ගත්තු අයියා මහායාන බුදුන් දක්වා විශාල වෙනවා. මට තිස්සගේ තරුණකම දැනෙන්නෙ මේ මතවාදී පරාසයන් හින්දම.

    ෆිල්ම් එකේ සංගීතය ෆිල්ම් එකේ පිහිටීම ගැන හොඳ සංඥාවක් දෙනවා. ඒක හරිම රොමාන්තික නාගරික සංගීතයක්. පේ‍්‍රමසිරි කේමදාස මේ සංගීතෙ රෝගී වියුක්ත අඩිවයක් වෙනකං අරං ගියා. මේ වෙද්දිත් අපේ සිනමාවෙ මාරයි කියල හිතන්නෙ ඒ අද්භූත සංගීතය. කරුමක්කාරයො චිත‍්‍රපටියෙ පසුබිම් සංගීතය කරුමක්කාර සංගීතයක් නෙමෙයි. ඒක වාදනය වෙන්නෙ ජීවිතය පැත්තෙ ඉඳලා. ටිකක් වැඩිපුර එළලා තිබුණ. ඒත් ඒක හරි අදහසක් ඇතිව කරපු සංගීතයක්.

    මං ඉපදිලා අවුරුදු කීපෙකින් මැරිච්ච ඒ දැවැන්ත සිනමාකරුවාගේ පළවෙනි වැඬේ අන්තිම ටයිට්ල් එකත් යනකං මං බලන් හිටියා. තනියම කොම්පියුටර් තිරේ ඉස්සරහ නැගිටලා තනියෙං හෙමින් අත්පුඩියක් ගැහුවා. හු`ග කාලෙකට පස්සෙ මං ඇත්ත සිනමාවක් ඉස්සරහ පේ‍්‍රක්‍ෂකයෙක් වුණා.

    -චින්තා-
     

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    සිනමාකරුවකු සේ තිස්ස අබේසේකරගේ අනන්‍යතාව තහවුරු කළ කරුමක්කාරයෝ

    තමන්ගේ ප්‍රථම නවකතාවෙන් ම ආන්දෝලනාත්මක හා වර්ධනීය ලක්ෂණ ඉහළ මට්ටමකින් ප්‍රකාශයට පත් කරන්නට සමත් වූ නවකතාකරුවන් ඒ හැටි දුලබ නොවේ. කෙසේ නමුදු එබඳු නවකතාවක් අරභයා පසුකාලීනව සිදුකෙරෙන විමර්ශන ආදියේදී ද ආන්දෝලනාත්මක හා වර්ධනීය ලක්ෂණ ප්‍රකාශයට පත් වීම ඒ තරම්ම සුලබ නොවන බව පැහැදිලි ය. අනාගතයේදී ද එ කරුණ වලංගු වන්නේ නම් කියැවෙන්නේ අදාළ නවකතාව සේම නවකතාකරු ද කිසිසේත් ම සුළු කොට නොතැකිය යුතු බවයි. මෙතැනදී අවධාරණය කළ යුතු වැදගත් ම කාරණයක් වන්නේ මෙබඳු නවකතා වරෙක පුරෝගාමී මැදිහත්වීමක් ද පෙන්නුම් කරන බව ය. එනම් නව නිර්මාණ ආරකට මඟ හෙළි කිරීමකි.

    ’කරුමක්කාරයෝ’ නවකතාව අද දවසේදී හඳුනා ගත හැක්කේ යට කී මාදිලියේ නවකතා අතරට නිරායාසයෙන් ම එක්කළ හැක්කක් ලෙසිනි. ‘කරුමක්කාරයෝ’ ලියූ ගුණදාස අමරසේකරගේ සාහිත්‍ය ප්‍රවේශය නා නා ප්‍රකාර ය. එය ‘කරුමක්කාරයෝ’ අරභයා ද කියැවෙන ආකාරයේ ආන්දෝලනාත්මක වූවකි. වර්ධනීය ලක්ෂණවලින් සමන්විත වූවකි. විවාදාත්මක මැදිහත්වීම් සාහිත්‍ය ක්‍ෂෙත්‍රය තුළ සිදු කළ ද තවමත් ගුණදාස අමරසේකරගේ විශිෂ්ටත ම සාහිත්‍ය නිර්මාණය සේ වැඩිපුරම සැලකෙන්නේ ‘කරුමක්කාරයෝ’ යි. වසර 57 කට පසුව වුවද ‘කරුමක්කාරයෝ’ නැවත කියවන අවස්ථා වරින් වර දිස් වන්නේ ඒ බව තවත් ලෙසකින් පවසමිනි.

    ගෙවුණු සියවස මධ්‍යයේදී ලාංකේය නිර්මාණ සාහිත්‍ය උණුසුම් කරමින් ගොඩ නැඟුණු නව සාහිත්‍ය නැඹුරුවකි. එය ගෞරවයෙන් පිළිගනු ලබන්නවුන්ද, හෙළා දකින්නවුන්ද, එයට පරිභව කරන්නවුන් ද අදටත් මුණ ගැසේ. මේ හැම පාර්ශවයක් ම යථෝක්ත සාහිත්‍ය ප්‍රවණතාව හඳුන්වා දෙන්නේ ‘පේරාදෙණි සාහිත්‍යය’ නමිනි. වර්ෂ 1955 දී මුල් වරට ප්‍රකාශිත ‘කරුමක්කාරයෝ’ නවකතාව හඳුනා ගැනෙන්නේ මෙහි පුරෝගාමී අවස්ථාවක් කියායි.


    ar-14.jpg


    ’පේරාදෙණි සාහිත්‍යය’ සේ හඳුනා ගන්නා නවකතා සතු කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ පුද්ගල මනෝභාවය විචක්ෂණශීලී ව හා ගැඹුරින් විභාග කරන්නට දැක්වූ සුවිශේෂ කැමැත්ත ය. ඉන් අදළ සමාජ පසුතලය ලඝු නොවූ බව කිව යුත්තකි. ඇත්ත වශයෙන්ම සිදු වූයේ පුද්ගල මනෝභාවයන් සියල්ලට ම වඩා මුල් කර ගැනීම ය. සමාජ පසුතලය විනිවිද දුටුවේ ඒ තුළිනි. හොඳම උදාහරණය 1970 දසකයේ මුල දේශපාලනික නො සන්සුන්තා විවරණයට ද බට එදිරිවීර සරච්චන්ද්‍ර ලියූ ‘වල්මත් වී හසරක් නොදිටිමි’ නවකතාව යි.

    පේරාදෙණි සාහිත්‍යයේ පුරෝගාමී අවස්ථාවක් වුවද ‘කරුමක්කාරයෝ’ තරමක වෙනස් හැසිරීමක් පෙන්නුම් කරන බව ද කිව යුතුය. එනම් කතුවර ගුණදාස අමරසේකර ම පවසන පරිදි එහි ඇති අන්තෝ ජටා පක්ෂය යි; බහි ජටා පක්ෂය යි. අන්තෝජටා පක්ෂය අදාළ පුද්ගල සම්බන්ධතා, ඔවුනගේ සිතුම් පැතුම් නම් බහිජටා පක්ෂය අදාළ සමාජ පසුතලය විය යුතුය. එහි නොයෙක් වෙනස්වීම් විය යුතුය.

    1960 දසකය ගෙවී යාමට ඔන්න මෙන්න කියා තිබිය දී ගුණදාස අමරසේකර සිය නිර්මාණ භාවිතය අලළා කළ ස්වයං විවේචනය නො එසේ නම් පාපොච්චාරණය ලාංකේය සාහිත්‍ය ක්‍ෂෙත්‍රය විස්මයට පත් කළ අවස්ථාවකි. එතැනදී ඔහු තමා විසින් ලියන ලද ‘යළි උපන්නෙමි’, ‘දෙපා නොලද්දෝ’ යන නවකතා ප්‍රතික්ෂේප කළ බව සිහි කටයුතු ය. කෙසේ වුවද මෙතැනදී ඔහු තමා විසින් ලියන ලද ‘කරුමක්කාරයෝ’ ප්‍රතික්ෂේප නොකළ බව පෙනේ. පසුකාලීනව වුණද ඔහු මුළුමනින් ම ‘කරුමක්කාරයෝ’ ප්‍රතික්ෂේප නොකළේ ය.

    මෙයින් කියැවෙන කරුණු දෙකකි.

    ඉන් පළමුවැන්න වන්නේ ගුණදාස අමරසේකර යම් අවංක හා තර්කානුකූල අධ්‍යයනයකින් ‘පේරාදෙණි සාහිත්‍යය’ විනිශ්චය කළ බව ය. ස්වකීය නිර්මාණ පවා ප්‍රතික්ෂේප කරන්නට නොපැකිළුණු බවයි. එසේම තමා අදීන සාහිත්‍ය විචාරකයකු ද වන බව පැවසීම යි.

    දෙවැන්න මෙතැනදී අතිශයින්ම වැදගත් වේ. එනම් ‘කරුමක්කාරයෝ’ සම්බන්ධයෙන් තමා තුළ ඇති කැමැත්ත විද්වත් සාහිත්‍ය රසිකයන්ගේ පොදු කැමැත්ත බවට පත් කරනු පිණිස ගුණදාස අමරසේකර මෙතැනදී ක්‍රියා කිරීම ය. එය පෙරදී ද සඳහන් කළ පරිදි ‘කරුමක්කාරයෝ’ පෙන්නුම් කරන පුරෝගාමී එළැඹුම සිහිපත් කරන්නකි.

    ගැමි පවුලක් කේන්ද්‍ර කර ගත් වෘත්තාන්තයකින් ‘කරුමක්කාරයෝ’ සමන්විත ය. මේ ඉතා දිගු වෘත්තාන්තයකි. සිදුවීම් බහුල වෘත්තාන්තයකි. ගෘහ මූලික වෙළඳන් මාමා දරු තිදෙනාගේ සහය ඇතිව තේ කඩයක් අරඹයි. දියණිය අවිවාහක ය. වැඩිමහලු පුතු නාගරික යුවතියක කැඳවාගෙන එයි. බාල පුතු විලිසොන් ය. නාගරික යුවතිය - සෝමක්කා සෙසු චරිත හසුරුවන බලවේගය බවට පත් වෙයි. නවකතාව පවසන්නේ ඈ විලිසොන් සමඟ ද, මාමණ්ඩිය සමඟ ද කායික සබඳතා පැවැත්වූ බව ය. දරු ප්‍රසූතියේදී ඈ මිය යයි. ඈ මුල්වූ රහස් කායික සබඳතා අනාවරණය වෙයි. දරුණු චිත්ත පීඩාවකට ලක් වන විලිසොන් ගිහිගෙය කළ කිරී වනගත ආරණ්‍ය සේනාසනයක් කරා යයි.

    මේ සිදුවීම් පසුබිමේ දැක ගත හැකි විපරිවර්තන සමුදායකි. දේශපාලන හැලහැප්පීම් ය. වෙළඳන් මාමා ගේ තේ කඩය නඩත්තු වූයේ ගමට පැමිණෙන බස් රථය මුල්කර ගෙනයි. එම අවස්ථාව ඔහුට ගිලිහෙයි. නගරයේ සිට එන නව වෙළෙඳ අරමුණු ගැමි ජීවිතය උඩු යටිකුරු කරයි.

    ar-15.jpg
    මේ අනුව පෙනී යන්නේ ‘කරුමක්කාරයෝ’ – එහි නමින් ම හැඟවෙන පරිදි ව්‍යසනයක් කරා ඇදුණු පිරිසකගේ අත්දැකීම් නිරූපණයට ඉඩකඩ වෙන් කර දුන් නවකතාවක් වන බවය. ව්‍යසනයේ ආසන්නත ම හේතුවක් බවට සෝමක්කා පත් වන බවය. ද්විතීයික විමර්ශනයකදී සෝමක්කා හුදු චරිතයක් පමණක් ම නොවන බව පෙනේ. නො වෙනස්වන සුළු, නොඑසේ නම් ඉතා සෙමින් වෙනස් වන ගැමි ආර්ථිකය උඩු යටිකුරු කරමින් නගරයේ සිට එන්නේ නව වෙළෙඳ අරමුණු ය. සෝමක්කා පැමිණෙන්නේ ද නගරයේ සිට ය. ඒ අනුව සෝමක්කා ‘කරුමක්කාරයෝ’ හි අන්තෝජටා පක්ෂයට සේම බහිජටා පක්ෂයට ද එක හා සමානව දායක වන්නී ය.

    ’කරුමක්කාරයෝ’ නවකතාව විනිශ්චය කරන බොහෝ තැන්හිදී වැඩිපුරම සාකච්ඡාවට ලක් කෙරෙන චරිතය වන්නේ සෝමක්කා යි. මෙය සහේතුක පිළිවෙතක් වන්නේ ඇතුළාන්තයෙන්ම ය. එහෙත් සෝමක්කා බඳුම ප්‍රබල චරිතයක් ‘කරුමක්කාරයෝ’ හි එයි. ඒ විලිසොන් ය. සෝමක්කාගේ චරිතය පෘථුල ය. එය විහිදුනු වපසරියේ ප්‍රමාණය සුළු පටු නොවේ. ඇගේ සෙවණැල්ල ඊටත් වඩා පැතිරී ඇත. විලිසොන් සැඟවී ඇත්තේ මේ තත්ත්වය මුල් කොට ගෙනයි. මේ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවකට තවමත් දොරටු විවෘත ය.


    විලිසොන්ට අත්වූ මේ ඉරණම ‘කරුමක්කාරයෝ’ නවකතාව මුල් කර ගනිමින් තිස්ස අබේසේකර අධ්‍යක්ෂණය කළ ‘කරුමක්කාරයෝ’ සිනමාපටයේදී ද දැක ගත හැකිවේ. එහෙත් නවකතාවේදී සේම සිනමාපටයේදීත් විලිසොන්ව එහෙම පිටින් ම සඟවා තබන්නට හැකිවී නැත. විචක්ෂණශීලී ව බැලූ කළ විලිසොන් ද සෝමක්කා සේම ප්‍රබල චරිතයක් බව විනිශ්චය කර ගන්නට පුළුවන. එහෙත් ඒ සෝමක්කාට අනුචිත අභියෝගයක් එල්ල නොකරමිනි.

    ’කරුමක්කාරයෝ’ සිනමාපටය හඳුනා ගත හැකි එක් ප්‍රමුඛ මඟක් වනුයේ වර්ෂ 1990 දී පෙන්නුම් කළ සිනමා ප්‍රබෝධයේ එක් අවස්ථාවක් වශයෙනි. වර්ෂ 1980 දී මුල් වරට ප්‍රදර්ශිත ‘කරුමක්කාරයෝ’ අදටත් විචාරක අවධානයට ලක් වන සිනමාපටයකි. එසේම ‘කරුමක්කාරයෝ’ තිස්ස අබේසේකරගේ අනන්‍යතාව සිනමාකරුවකු සේ සලකුණු කළ ප්‍රථම අවස්ථාව ද විය යුතු ය.

    ’කරුමක්කාරයෝ’ සිනමාපටය නිර්මාණය කිරීමේදී තිස්ස පිහිටි පිළිවෙත සිනමාකරුවකු සතු විය යුතු ස්වීයත්වය පිළිබඳ අදහස් ද ගෙන එයි. විශාල තලයක පැතිර ගිය මේ සමාජ, ආර්ථික, සංස්කෘතිමය ගැටුම චිත්‍රපටයෙන් නොඅඩුව ඉදිරිපත් කිරීම සඳහා නවකතා වේ ආකෘතිය බිඳ දැමීමට තමා ක්‍රියා කළ බවයි තිස්ස කියා සිටින්නේ.

    (‘සරසි’, 1980.08.07)

    ’කරුමක්කාරයෝ’ ප්‍රදර්ශනයට එක්වූයේ හරියට ම ඊට මුල් වූ නවකතාව සේම ආන්දෝලනාත්මකව ය. එය මූලික වශයෙන් දෙයාකාර වූවකි. පළමු ආකාරය වන්නේ යට කී ආන්දෝලනය තුළ සෝමක්කාට මුල් තැනක් හිමි වීම ය. දෙවැන්න වඩා විවාදාත්මක බවක් පෙන්නුම් කළ බව පෙනේ. එනම් කතුවර ගුණදාස අමරසේකර සිනමාපටය සම්බන්ධයෙන් දැක්වූ නොකැමැත්ත ය.

    විලිසොන්, ‘කරුමක්කාරයේ’ නවකතාවේ හා සිනමාපටයේ ප්‍රධානතම චරිතයක් බවට පත් වන්නේ පැහැදිලිව ම හඳුනා ගත හැකි හේතු තුනක් නිසාවෙනි. සුපුරුදු පිළිවෙත් ඔස්සේ ‘කරුමක්කාරයෝ’ නවකතාව හා සිනමාපටය කියවද්දී නම් මේ හේතු හඳුනා ගැනීමට නුපුළුවන.

    පළමුවැනි හේතුව වන්නේ විලිසොන් යනු ‘කරුමක්කාරයෝ’ වෘත්තාන්තයේ මුල සිට අග දක්වා ම රැඳෙන වැදගත් ම චරිතය වීමයි. සෝමක්කා ද වැදගත් චරිතයක් බවට පත් වන්නේ විලිසොන්ට වඩා අඩු කාලයකින් වෘත්තාන්තය හා එක් වෙමිනි. ඈ එන්නේ වෘත්තාන්තය ආරම්භයේ දී නොවේ. නික්ම යන්නේද වෘත්තාන්තය නිමා වන්නට පෙරාතුව ය. වෙළඳන් මාමා ද සෝමක්කාගේ මරණයත් සමඟ ම අතුරුදන් වෙයි. විලිසොන්ගේ සොහොයුරා අතුරුදන් වන සුලු පුද්ගලයෙකි. යම් චරිතයක් මුල සිට අද දක්වා ම රැඳී සිටීම ප්‍රධාන චරිතයක් වීමේ එක ම සුදුසුකම නොවේ. එහෙත් විලිසොන්ගේ සහභාගීත්වය වෘත්තාන්තයේ හැඩය කෙරෙහි නියත වශයෙන් ම බලපාන බව සත්‍යයකි.

    දෙවැනි හේතුව වන්නේ විලිසොන් කිසිසේත් ම තීරණාත්මක නොවන චරිතයක් නොවීම යි. සෙසු සියලු චරිත සමඟ ඔහු ද රැඳෙයි. මෙතැන ප්‍රධාන චරිත ද, අප්‍රධාන චරිත ද, අප්‍රකට චරිත ද තිබේ. විලිසොන් මේ සියලු දෙනා අතර සැරිසරන්නෙකි. විලිසොන්ගේ චරිත ස්වභාවය තීන්දු වන්නේ මේ අන්තර් සම්බන්ධතා නිසාවෙනි. බොහෝ විට පෙනී යන්නේ විලිසොන් ස්වීයත්වයක් නැති චරිතයක් ලෙසිනි. ඔහුට අවැසි පරිදි කිසිවක් සිදු නොවේ. සිදුවන දෑ ඔහු කෙරෙහි බලපානවා පමණි. දැනෙන සුළු ප්‍රතිචාර දැක්වීමේ හැකියාවක් ද ඔහුට නැත. සමහරවිට සිතෙන්නේ ඔහු එක් එක් අයගේ ගොදුරක් වන බව ය. සෝමක්කාගේ පමණක් නොව ඔහු පියාගේ ද ගොදුරකි. වඩා පුළුල් අර්ථයකින් ගත් කළ බාහිර පරිසරයේ සිදුවන ශීඝ්‍ර පරිවර්තන සමුදායේ ද ගොදුරකි.

    තෙවැනි හේතුව වන්නේ වෘත්තාන්තයේ කූට ප්‍රාප්තිය සනිටුහන් කරන්නට එන වැදගත් ම පුද්ගලයා විලිසොන් වීම යි. සිනමාපටයේදී නම් මෙය දැක්වෙන්නේ ආරම්භක රූප රාමු සරණියේදී ම ය. එය කලකිරුණු විලිසොන් ගිහි ගෙය හැර පැවිදි දිවියක් කරා යාමක් සේ අර්ථ දැක්විය හැකි නොවේ. ඇත්තෙන් ම මතුපිට හරහා නිගමනවලට එළැඹීම අනුචිත ය. සියල්ල සිදුවී අවසාන නැත. එහෙත් සිදුවූ බොහෝ දෑ වටහා ගන්නට විලිසොන් දැන් සමත් ය. එහි ප්‍රමාණය ගැන නම් ගැටලු පවතී. උදා වන එකම විසඳුම ගිහි ගෙය හැර යාම පමණකැයි ඔහුට සිතීමේ අරුමයක් ද නැත. සොහොයුරා පවසන්නේ පළමු ව ජීවත් වී, දෙවනුව ගිහි ගෙය හැර යන ලෙසයි. විලිසොන් තේරුම් ගන්නා ජීවිතය හා ඇත්ත ජීවිතය අතර ඇත්තේ සැලකිය යුතු පරතරයකි. මෙය ජීවිතාවබෝධයට අදාළ තත්ත්වයක් සේ විභාග කරන්නට ද අවස්ථාව තිබේ.


    ar-16.jpg
    විලිසොන්ගේ මේ තෙයාකාර වැදගත්කම නිරූපිත එක් ලක්ෂණයකි. එනම් ඔහු නිතරම වික්ෂිප්තව සිටින බව සඳහන් කිරීම යි. සිනමාපටයේදී මේ ලක්ෂණය සියුම් ව රූප රාමු තුළ පතුරුවා හරින්න තිස්ස උනන්දු වී ඇති සැටියක් පෙනේ. ඔහු ස්වකීය තිර නාටකය නවකතාවේ මූලිකාංග සහිතව රචනා කරනු ලැබ ඇත්තේ සිනමා මාධ්‍යයේ ප්‍රකාශන ලීලාව අරභයා ගැඹුරු සැලකිල්ලක් දක්වමිනි. එතැන තිස්සට ද වඩා සිනමාව ප්‍රබල වී ඇති සැටියක් පෙනේ. සෝමක්කා මෙන් ම විලිසොන් ද ඉස්මතු වීමට එය ද හේතුවකි.

    තම පවුල තුළ සිදුවන පරිවර්තන ද, බාහිර පරිසරයේ සිදුවන පරිවර්තන ද පමණක් නොව ඒවා අතර ඇති සබඳතා ද ඥානනය කර ගත නොහැකිව දවසරින විලිසොන් එක්තරා ආකාරයකින් ආධ්‍යාත්මිකව වල්මත් වූවකු වශයෙන් ද හඳුනා ගන්නට පුළුවන. පළමු වටයේදී විලිසොන් පිටස්තරයකුගේ ගති ලක්ෂණ ද පෙන්වයි. එහෙත් පිටස්තරයකු සතු විය යුතු සවිඥානක බව විලිසොන්ට නැත. ආධ්‍යාත්මිකව වල්මත් වූ නිසා විලිසොන් කිසිවකු සමඟ භාවමය බැඳීමකට ද නොයයි. සෝමක්කා සම්බන්ධයෙන් ඔහු තුළ සංවේදීබවක් තිබුණ ද, ඇගේ වියෝවෙන් දුක් වුවද ගැඹුරු භාවමය බැඳීමකට ඒවා ප්‍රමාණවත් නොවේ. වික්ෂිප්ත බව ඔහුගේ භාවමය පක්ෂය යටපත් කොට දමනු ලැබ ඇත.

    ගුණදාස අමරසේකර මෙන්ම තිස්ස ද විලිසොන් නිවට නියාලු චරිතයක් සේ ගොඩනැඟුවේ යැයි කිව හැකි නොවේ. වික්ෂිප්තව සිටීම, ආධ්‍යාත්මිකව වල්මත් වීම, භාවමය සබඳතා රහිත වීම නිවට නියාලු බවක ලක්ෂණ නොවේ. වෘත්තාන්තය අවසානයේදී විලිසොන් ම ඇස් පනා පිට සිදුවූ දෑ පිළිබඳ සැබෑව තේරුම් ගන්නට සූදානම් වෙයි. එහෙත් නූගත්කම, පළල් අත්දැකීම් විරහිත බව නිසා සොහොයුරා මෙන් නිර්භය ප්‍රකාශ ඍජු ව සිදු කරන්නට ඔහු අසමත් ය.

    මේ සංකීර්ණ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරලන්නට විජය කුමාරතුංග දරන මහන්සිය අගය කළ යුතු මට්ටමක පවතී. තිරනාටකය ඊට සානුබල සපයන්නේ ඇඟට පතට නොදැනී ය. විලිසොන්ගේ චරිතයට යුක්තිය ඉටු කරලනු පිණිස තිස්ස පසුබට නොවූ බව මෙතැනින් ද ගම්‍ය වේ.

    ’කරුමක්කාරයෝ’ හි දී විජයට වාසියක් මෙන් ම අවාසියක් ද සිදුව ඇත.

    වාසිය වන්නේ සමකාලීනව ඔහු ප්‍රතිභාසම්පන්න සිනමා රංගන ශිල්පියකු සේ හඳුනා ගෙන තිබීම ය. ‘බඹරු ඇවිත්’, ‘පාරදිගේ’ වැනි සිනමාපට විජය ගේ සමකාලීන ප්‍රතිභා සම්පන්න බව ඉස්මතු කළ හොඳම අවස්ථා වේ.

    අවාසිය එන්නේ ‘කරුමක්කාරයෝ’ සිනමාපටය තුළින් ම ය. විජය මෙහිදී රංගන කාර්යයට පැමිණෙන්නේ ගීතා කුමාරසිංහ, උපාලි අත්තනායක හා සෝමසිරි දෙහිපිටිය වැන්නන් සමඟ ය. විචාරක අවධානය ‘කරුමක්කාරයෝ’ ට ලැබුණු බව සැබෑවකි. එහෙත් ගීතා, උපාලි, සෝමසිරි දෙහිපිටිය තරමට ම විජය විචාරක අවධානයට පාත්‍ර නොවීය. එය ඔහු තමන්ගේ විසි වසරක සිනමා රංගන කාර්යය තුළදී ලද අවාසනාවන්ත අත්දැකීමකි.

    තුසිත ජයසුන්දර
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    බොහෝම ස්තූතියි මචන්..:cool:
    මමනම් සිංහල ෆිල්ම් බලන්න හුරු උණේ උඹ නිසාමද මන්ද..?:rolleyes:

    ෆිල්ම් එකත් එක්කම ෆිල්ම් එක ගැන විස්තරයක් දාන එක මාර වටිනවා.. :yes: මොකද සිංහල ෆිල්ම් කිව්වාම ඔලුවේ ඇඳෙන්නේ එච්චර හොඳ සිතුවිල්ලක් නෙමෙයිනේ..:baffled: ඒ නිසාම හොඳ ෆිල්ම් පවා නොබලා මග ඇරෙනවා..:dull: