දුප්පත් තාත්තා සහ පොහොසත් තාත්තා කියාදෙන

virajp

Banned
  • Aug 1, 2016
    362
    64
    28
    දුප්පත් තාත්තා සහ පොහොසත් තාත්තා කියාදෙන

    දුප්පත් තාත්තා පොහොසත් තාත්තා කියාදෙන පාඩම්
    Robert Kiyosaki (රොබට් කියෝසාකි) කියන්නේ ලෝක මූල්‍ය වෙළෙඳපොළේ නිතර කියැවෙන නමක් බවට මේ වන විට පත්වෙලා හමාරයි. ආයෝජන උපදේශකයෙක් හැටියටත් කොටස් වෙළෙඳපොළ සහ මූල්‍ය ගනුදෙනු පිළිබඳ ඔහු සතු පරිචය පිළිබඳ ක්‍ෂේත්‍රයේ උදවිය තුළ ඇත්තේ අපමණ ගෞරවයක්.

    ඔහු විසින් ලියා ප්‍රසිද්ධ කොට ඇති rich dad poor dad (පොහොසත් පියා සහ දුප්පත් පියා) ග්‍රන්ථය අලෙවි වාර්තා තබමින් විකිණෙන ග්‍රන්ථයක් වී හමාරයි. මේ නිසා මොහු මූල්‍ය ක්‍ෂේත්‍රය පිළිබඳ දක්වන අදහස් අතිශය වැදගත් නිසා 'සාර්ථක වන්නට උපදෙස් දහයක්' යනුවෙන් ඔහු පළ කළ අදහස් පහත විස්තර වේ.

    1. Experince makes you smart (අත්දැකීම් පුද්ගලයකු පරිණත කරවයි)
    ජීවිතේ ගොඩනඟාගෙන සාර්ථකව ජීවත්වෙන මිනිසුන්ට වැරැදි තියෙනවා. ඒ අය ජීවිතය එක් කාලයකදී හෝ සාර්ථකත්වයට පත්කර ගන්නේ තමන්ගේ ජීවිතයේ ලබපු අසාර්ථක අත්දැකීම් ආයෙත් නොවෙන විදියට තමන්ගේ ජීවිතය තමන් විසින්ම හදා ගැනීම තුළින්. ආයෙමත් එම වැරැදි අත්දැකීම් ඉදිරි ජීවිතය තුළදී හමුවුණොත් ඒ අයට පුළුවන් එම අසාර්ථක සහ වැරැදි තත්ත්වයන්ගෙන් මිදිලා තමන්ගේ ජීවිතය සාර්ථකත්වය කරා ගෙනයන්න. මේ තත්ත්වයට තමන්ගේ ව්‍යාපාර ජීවිතයේද බොහෝ ලෙස අත්දකින්න පුළුවන් තත්ත්වයක්. තමන්ගේ වැරැදි ක්‍රියාකලාපයන් සහ වැරැදි තීරණ ගැනීම තමන්ගේ ව්‍යාපාර ජීවිතයට ඉතා තදින් බලපාන්න හැකියාවක් තියෙනවා. ඒ හැම අවස්ථාවක්ම තමන්ගේ අත්දැකීමක් බවට පත්කරගන්න පුළුවන් නම් තමන්ගේ ජීවිතය වගේම ව්‍යාපාර ජීවිතයත් සාර්ථක කරගනිමින් ජීවිතයට නොබියව මුහුණ දීමට ශක්තිය ලැබෙනවා.

    2. The more you give,The more you received (දෙන තරමට ලැබෙනවා ඇති)
    ව්‍යාපාරවල බොහෝ වශයෙන් අහන්නට දකින්නට ලැබෙන්නේ ගනුදෙනු කියලා. ඒත් අපි කවදාවත් අහලා නැහැ 'ගනු ගනු' කියලවත් 'දෙනු දෙනු' කියලවත්. අතීතයේදීත් මිනිස්සු හුවමාරු ක්‍රමයක් භාවිත කරලා තියෙනවා. ඒ දේවල් වර්ධනය වෙලා තමයි වර්තමාන ලෝකයේදී 'ගනුදෙනු' සංකල්පය ඇතිවෙලා තියෙන්නේ. අධඡඥපබ ම්ඪරධඵචඬඪ මහතා පෙන්වලා දෙන්නෙත් ඔබ පාරිභෝගිකයාට සහ සේවකයන්ට සලකන්නේ කෙසේද ඒ තරමට පෙරළා ඔබ ලබාදෙන දේවල් නැවැතත් ලැබෙන බවයි. මේ තුළින් ව්‍යාපාරිකයෙක් හෝ පුද්ගලයෙක් වශයෙන් සෑම විටම අන් අයට දෙන්න හොඳින් සලකන්න. ඒ තුළින් ඔබේ මනස ශක්තිමත් වීම සිදුවන ලෙසම ඔබට නොමැති අවස්ථාවලදී හෝ ඔබ අසීරුතාවට මුහුණදී සිටින විට ඔබ අන් අයට ලබාදුන් දේ ඔබට උපකාරී වේවි.


    3. Focus (සෑම විටම ඉලක්ක ගත වන්න)
    තමන් ජීවිතයේදී සිදුකරන කටයුතුවලදී තමන්ගේ අවධානය සෑම විටම තමන්ගේ අරමුණ කෙරෙහි ඉලක්ක ගත කරගන්නවා නම් කරන සියලු කටයුතු සාර්ථකව අවසන් කර ගැනීමට අවස්ථාව ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි තමන්ට තමන් පිළිබඳ ආත්ම විශ්වාසයද ගොඩනැඟෙනවා. ඕනෑම කටයුත්තක සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට නම් අරමුණක් වෙනුවෙන් තමන්ගේ අවධානය ඉලක්ක ගත කරනවා වගේම ඒ අරමුණට ළඟා වෙද්දී අපි ඉදිරියේ අපේ ගමනට බාධාවෙන දේවලිනුත් අපි ඉවත් වෙන්න ඕනේ. එහෙම වුණොත් ඔබේ සාර්ථකත්වයට ළඟාවීමේ මාර්ගය කෙටි වෙන්න පුළුවන්. ඔබ සෑමවිටම ඔබේ අරමුණට අවශ්‍ය දේ, එයට අවශ්‍ය ශක්තිය ළඟා කරගන්න. ඒ තුළින් ඔබ ඔබේම සාර්ථකත්වයේ මඟපෙන්වන්නා විය හැකියි.

    4. Change the Way you think (සාම්ප්‍රදායික චින්තන ශෛලියෙන් බැහැර වෙන්න)
    ලෝකයේ ජීවත්වන බොහෝමයක් මිනිස්සු සාම්ප්‍රදායිකව තමන්ගේ චින්තන ශෛලිය හසුරුවන්න හුරුවෙලා තියෙනවා. මේ තුළින් තමන්ගේ සිතීමේ අයිතියට තමන් විසින්ම බාධක දමාගෙනයි තියෙන්නේ. ඒ නිසාම මිනිසා අතින් ලෝකයට අලුත් දෙයක් ලබාදෙන්න නොහැකි වෙනවා. විශේෂයෙන්ම මේ කියන සාම්ප්‍රදායික රාමුවෙන් එළියට ගිය බොහෝ මිනිසුන් ලෝකයට අලුත් දේවල් නැත්නම් නව සොයාගැනීම්, අලුත් විදියේ අදහස් ලබා දෙන්න හැකියාව ලැබිලා තියෙනවා. ව්‍යාපාරික ලෝකය තුළදී ඔබ මේ සම්ප්‍රදායික චින්තනය තුළ දිගින් දිගටම සිටිනවා නම් ඔබ සහ ඔබේ ව්‍යාපාරය හුදෙකලා වීමට පුළුවන්. නව තාක්‍ෂණය, නව මෙවලම් භාවිත කරමින් තමන්ගේ ව්‍යාපාරයේ දියුණුව වෙනුවෙන් කටයුතු කරනවා නම් ඔබටත් පුළුවන් ව්‍යාපාර ලෝකය වගේම තමන්ගේ ගෘහ ජීවිතයත් සාර්ථක කරගන්න.

    5. Hard times bring opportunities (දුෂ්කර කාලපරිච්ඡේදයක් අලුත් අවස්ථාවන් සඳහා මඟ හෙළිපෙහෙළි කරයි)
    තමන්ට ලැබුණු ජීවිතයේ දුෂ්කර කාලයකට ඔබ මුහුණදෙනවා නම් ඒ කාලය තුළ ඔබේ අනාගතය සාර්ථක කරගැනීමට අවශ්‍ය ඉලක්ක කරා යන්න තමන්ගේ මනස ශක්තිමත් කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒ විදියට ජීවිතය සාර්ථක කරගත් පුද්ගලයෝ අපි අතර සිටිනවා. තමන් කිසිදු උපකාරයක් නොමැතිව සිටින විට එම පුද්ගලයා නිතරම තම ජීවිතය සාර්ථක කරගැනීමට කටයුතු කරනවා. උත්සාහ කරනවා. ඒ වෙනුවෙන් කැපවෙනවා. මේ නිසා මිනිසා මුහුණ දෙන කාලපරිච්ඡේද ඔවුන්ගේ යහපත බවට හරවා ගැනීමට පුළුවන්. මිනිසාගේ සැබෑ සාර්ථකත්වයද එයයි.

    6. Design the business properly(ඔබේ ව්‍යාපාර රාමුව නිසි පරිදි සකසා ගන්න)
    ඔබ ව්‍යාපාරයක් කරගෙන යද්දී ලාභ වගේම විවිධ අලාභ සිදුවෙන්න පුළුවන්. නමුත් සමහර අලාභයන් ව්‍යාපාරය ආරම්භයේදීම හඳුනා ගන්න හැකියාවක් තියන දේවල් වෙන්නත් පුළුවන්. මේ නිසා අපට සිදුවන අලාභ අවම කරගන්න ව්‍යාපාරය ආරම්භයේදීම සැලසුම් සහගතව ඔබේ ගමන ආරම්භ කරන්න පුළුවන්. මේ සැලසුම්ගත වීම ඔබ ලබන අලාභ ලාභ බවට පත්කරන්න බොහෝ විට උපකාරී වෙන්න පුළුවන්. ව්‍යාපාර කටයුතුවලදී වගේම තමන්ගේ පෞද්ගලික ජීවිතයත් සැලසුම් ඇතිව ඉදිරියට ගෙනයනවා නම් ඔබේ ජීවිතය ඉතාමත් සාර්ථක ලෙස ගත කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වෙනවා.

    7. Know what you are working hard for (ඔබ මහන්සි වී වැඩ කරන්නේ කුමකටදැයි පැහැදිලි චිත්‍රයක් ඔබ සතුව තිබිය යුතුයි)
    මිනිසා තමන්ගෙන් ඇසිය යුතු ඉතා වැදගත් ප්‍රශ්න කිහිපයක් තියනවා. තමන් මේ තරම් වෙහෙස වී වැඩ කරන්නේ කුමකටද? තමන් උපයන මුදල් කුමක් වෙනුවෙන්ද? ඔබේ ව්‍යාපාරය වෙනුවෙන් උදේ, දිවා, රෑ වෙහෙසෙන්නේ ඇයි? මේ සියලු ගැටලුවලට ඔබට පිළිතුරු තිබිය යුතුයි. නැතිනම් ඔබ ඔබ වෙනුවෙන් වෙහෙසීම නැතිනම් ඔබේ ව්‍යාපාරය වෙනුවෙන් කැපවීම ඉදිරියේදී ගඟට කැපූ ඉනි ලෙස කිසිදු ප්‍රතිඵලයක් ලබා ගත නොහැකිවම අවසන් වීමට ඉඩ තිබෙනවා. මේ නිසා කිනම් හෝ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේදී තමන් විසින් මනසේ නිරවුල් චිත්‍රයක් ඇඳගැනීමට තමන්ගේ කාලය යොදනවා නම් ඉතාමත් සාර්ථක ගමනකට ඔබට ඔබ විසින්ම මාර්ගය සකසා ගැනීමට හැකිවෙනවා.

    8. Don't be afraid of losses (පරාජයන්ට හෝ පාඩු ලැබීම්වලට බිය නොවන්න)
    ඕනෑම ව්‍යාපාරයක සාර්ථක සහ අසාර්ථක වීම් සිදුවීම සාමාන්‍ය දෙයක්. එවැනි අවස්ථාවන්ට මුහුණදීමට අවශ්‍ය ශක්තිමත් මනසක් ඔබ සතුවිය යුතුයි. ඒ වගේම මෙවැනි අවස්ථාවන් ඔබේ ව්‍යාපාර ජීවිතයේ බලාපොරොත්තු විය යුතුයි. මෙවැනි අවස්ථාවන්ට ඔබ බිය වෙනවා නම් ඔබ සැබෑ ලෙසම පරාජයවී හමාරයි. මේ අවස්ථාවන්ට ආත්ම ශක්තියෙන් යුතුව ඔබ මුහුණ දෙනවා නම් ඔබ ව්‍යාපාර ජීවිතයේ අත්දකින නොලැබීමේ පමණක් නොව ඔබ ජීවිතයේ ලබන අලාභද සමානව දරා ගැනීමට හැකියාව ලැබෙනවා. ඉතිහාසය දෙස හොඳින් විමර්ශනය කළහොත් කලකදී අතිශය අසාර්ථක ව්‍යාපාරිකයන් වසර ගණනාවක ඇවෑමෙන් සාර්ථකත්වයේ මුදුනට ගිය අවස්ථා දේශපාලන පොර පිටියේ අන්ත අසරණ තත්ත්වයට පරාජය වුණු චරිත පසුකලෙකදී ඒ ඒ රටවල රාජ්‍ය නායකත්වයට පත්වූ අවස්ථාද ඉතිහාසය පුරා ඕන තරම් දැකගන්නට පුළුවන්.

    9. Aim to acquire assets (වත්කම් එකතු කිරීම හැම විටම නුවණැති තීරණයකි)
    ව්‍යාපාර තුළදී ගනුදෙනු සිදුවෙනවා. මෙහිදී ව්‍යාපාරිකයෙක් වශයෙන් තමන්ගේ වත්කම් එකතු කර ගැනීම ඉදිරි ජීවිතයේ ඔබට වාසිදායක වනු ඇත. ව්‍යාපාරයක් තුළ වත්කම් වර්ග ගණනාවක් තියෙනවා. මේ අතරෙන් ජංගම වත්කම් සහ ස්ථාවර වත්කම් ප්‍රධානයි. ව්‍යාපාරයක් තුළ ලාභය වශයෙන් ඉතිරිවන මුදල් ස්ථාවර වත්කම් බවට පරිවර්තනය කරගන්නට පුළුවන් නම් එය දිගු කාලීන ආයෝජනයක් වෙනවා. එමෙන්ම දුෂ්කර අවස්ථාවකදී මෙවන් වත්කම් ඇති ව්‍යාපාරවලට පහසුවෙන් මුහුණ දෙන්නත් පුළුවන්.

    10. Investments is better than savings (ඉතිරි කිරීමේ ගිණුමක මුදල් තැන්පත් කරනවාට වඩා ව්‍යාපාරයක හෝ ව්‍යාපෘතියක් වෙනුවෙන් ආයෝජනය කිරීම තුන්කල් දකිනා ක්‍රියාවලියක්)
    ඔබ සෑම විටම ගනුදෙනු කරමින් විවිධ ව්‍යාපාරවල නිරත වෙමින් සිටින පුද්ගලයකු වුවත් ඇතැම් අවස්ථාවලදී ඔබට මුදල් අවශ්‍යතාවන් ඇතිවූ විට ඔබ අපහසුතාවට ලක්නොවී සිටීමට නම් ඔබේ මුදල් ආයෝජනය කළ යුතුයි.

    ඒ තුළින් ඔබට ඔබේ ව්‍යාපාරයෙන් පාඩු ලබන අවස්ථාවකදී ඔබ විසින් ආයෝජනය කරන ලද මුදල්වලින් නැවැතත් ඔබට ඔබේ ස්ථාවරත්වය ගොඩනඟා ගත හැකිවෙනවා. ඉතිරි කිරීමේ ගිණුමක මුදල් ආයෝජනය කළ පුද්ගලයකුට වසර අවසානයේදී යම්කිසි පොලියක් ලැබෙන්නට පුළුවන්. නමුත් එම වසරේ උද්ධමන වේගය හා සසඳන කල තම ඉතිරි කිරීමේ ගිණුම වෙනුවෙන් ලැබූ පොලී මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව සැබෑ සත්‍යයයි. මේ නිසා මුදල් ගිණුමක එකතු කරනවාට වඩා ආයෝජනයක යෙදවීම වැදගත් වන්නට පුළුවන්.

    ඉහත සඳහන් කළේ රොබට් කියෝසාකි ස්වකීය ජීවිත කාලය තුළ ලැබූ අත්දැකීම් ඇසුරෙන් පළ කළ අදහස් කිහිපයක්. ව්‍යාපාර ලෝකයේ සිටින අයටත් ඉන් පරිබාහිරව සිටින අයටත් මේ ඔවදන් අනිවාර්යයෙන්ම වැදගත්.


     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    TFS...!!

    pathfinder.png

     

    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    machan ubath cse eke seminar ekata set unada ?? mama oya potha gana dana gathe oka kiyawanna gathe oya seminar eken, oke sinhala version ekakuth tyenawa neh,... mama dan eyage 3weni potha kiyawana gaman inne... hbi gdak financial pathen watina pothak..
     

    chanaptc

    Member
    Nov 15, 2014
    384
    21
    0
    33
    මාතර
    machan ubath cse eke seminar ekata set unada ?? mama oya potha gana dana gathe oka kiyawanna gathe oya seminar eken, oke sinhala version ekakuth tyenawa neh,... mama dan eyage 3weni potha kiyawana gaman inne... hbi gdak financial pathen watina pothak..

    yaluwa e poth waka nam kiyanna puluwanda?
    puluwan nam photo ekak dahan mcn :):):)
     

    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    yaluwa e poth waka nam kiyanna puluwanda?
    puluwan nam photo ekak dahan mcn :):):)

    Sinhala potha gana nm dan na machan.. mama english eka kiyewwe, eth sinhala eka mama search kra eka publish kranne kurunegala publish team ekak...
    english eka nm
    1, RICH DAD POOR DAD
    2, Cashflow Quadrant
    3, Rich dad Guide to Investing
    (PDF DOWN KRAGANNA TYENAWA)
    hbi mage jiwitheta nm gdak wadagth wenawa kiyala hithuna,
     

    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    English potha nam mama gawa tiyenawa.. oki menissu motivate karata karanna one deya mokakda kiyala pahadiliwa kiyala naha.. menissunge hetha hadana eka tiyenne.

    KRANNA OANE MOKADA KIYANA EKA EKIN EKKENAGEN WENAS WENAWA NEDA MACHAN... (JUST A PERSONAL IDEA)
    ATLEAST WE COULD USE IT TO SEE WHAT ARE THE ASSETS AND LIABILITES WHEN WE READY TO MAKE DECISIONS ...