මෙය අැත්තක් නම් ගුරුවරුන්ට හදපිරි ප්‍රණා

Gojabisena

Active member
  • Jan 15, 2016
    390
    217
    43
    මෙය අැත්තක් නම් ගුරුවරුන්ට හදපිරි ප්‍රණා

    රැග් දෙන්න ගිය අයව ගුරුවරු රැග් කර වේදනාව කියාදීලා
    ජ්‍යෙෂ්ඨයින් රෝහල් ගතවෙලා
    පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ අලකලංචිය

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨ‍යට ඇතුළත්වූ නවක සිසුන් පිරිසකට ජ්‍යෙෂ්ඨ සිසු පිරිසක් අමානුෂික ලෙස නවක වදය ලබාදුන් පසුව එයට ගුරුවරුන් එක්ව ජ්‍යෙෂ්ඨයින්ට ‘රිටර්න් එක‘ දුන් බව කියන සිද්ධියක් නිසා මේ වනවිට කලබලකාරී තත්වයක් හටගෙන තිබේ.
    නවක සිසුන්ට නවක වදය දුන් ජ්‍යෙෂ්ඨයින්ව කැඳවා පීඨයේ විනය පාලක හා ආචාර්ය මණ්ඩල නියෝජිතයින් ඔවුන්වද රැග් එකට සමාන දඩුවමකට ලක්කර තිබෙන අතර
    මේ ගැන නිවේදනයක් නිකුත් කරන ශිෂ්‍ය සංගමය සිද්ධිය විස්තර කර ඇත්තේ
    ‘පශු වෛද්‍ය ශික්ෂණ රෝහල තුළ පැය 2 කට වැඩි කාලයක් ශිෂ්‍යාවන්ගේ අත් ඔසවා තබා
    සහෝදර ශිෂ්‍යන් දණ ගස්වා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පරුෂ වචනයෙන් තර්ජනය කරමින් විවිධ ඉරියව් නිරූපණය කිරීමට බල කරමින් වීඩියෝ ගත කිරීමද සිදු කර ඇත.‘ යනුවෙනි.
    pera001gossiplankanews.jpg

    පසුව ජ්‍යෙෂ්ඨ සිසුන් තිදෙනකු තමන්ට ශාරීරික හා මානසික පීඩාවන් එල්ලවූ බව කියමින් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබා අැති අතර දිනකට පසු පිටව ගොස් තිබේ.
    ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවක් සහ සිසුන් දෙදෙනෙකු රෝහල් ගතවූ බවත් දැඩි මානසික කම්පනයකට ඔවුන් ලක්වූ බවත් සංගමය දන්වා තිබුණි.
    නවක වදය දුන්නාට දඩුවමක් ලෙස මෙම ප්‍රතිප්‍රහාරය දියත් කළේ සරසවි පීඨයේ විනය පාලක මහාචාර්යවරයා සහ තවත් මහාචාර්යවරියක සහ පශු වෛද්‍ය වරයෙකු සමග එක්වූ අවසන් වසරේ සිසුන් හතර දෙනෙකු බව සංගමය චෝදනා කරන අතර එය අමානුෂික ප්‍රහාරයක් ලෙස ඔවුන් හෙළාදැක තිබේ.



    මේ පිළිබඳව සොයාබැලීමේදී පශු වෛද්‍ය පීඨය තුළ ඉතා තදින් නවක වදය පවතින බවත් මේ හේතුවෙන් පසුගිය වසර හතරක කාලය තුළ සිසු සිසුවියන් 06 දෙනකු පාඨමාලාව අතහැර ගොස් තිබෙන බවත් අනාවරණය වන අතර මෙම නවක වදය වසර පුරාම විටින් විට පැවතීම හේතුවෙන් විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට ඇතුළුවන සිසුන්ගෙන් 90 % ක් පමණම පළමු වසරේ විභාගය අසමත් වන බවත් ජ්‍යෙෂ්ඨ සිසුන් නවකයින්ට පළමු වසර තුළ නිසි අධ්‍යාපනයක් සිදු කරගෙන යෑමට කිසිදු ඉඩක් ලබා නොදෙන බවත් වාර්තා විය.

    මෙම ‘ප්‍රතිප්‍රහාරය‘ ගැන අදහස් දක්වන ආචාර්ය වරුන් පවසන්නේ අවවාද කිරීමක් හැර කිසිදු අකාරයක ශාරීරික පීඩාවක් ඔවුන් සිසුන්ට සිදු නොකළ බවයි. කෙසේ වෙතත් මේ
    සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල උපකුලපතිවරයා මගින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර එයට රුකුලක් ලෙස පරීක්ෂණ අවසන් කරනතුරු විනය පාලක තනතුර දැරූ මහාචාර්යවරයා වෙනුවට වෙනත් අයෙකු පත් කර ඇත.
    පහත පළවන්නේ ශිෂ්‍ය සංගමය මෙම සිද්ධියෙන් පීඩාවට පත්වූ අයගේ යයි දක්වා එවූ ඡායාරූපයි

    pera002gossiplankanews.jpg


    pera003gossiplankanews.jpg
    pera004gossiplankanews.jpg
    pera005gossiplankanews.jpg

     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    සීන් එක ඇත්ත වගේ විනයපලකව මාරු කරල
     

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    ජෙප්පොන්ට ශිෂ්‍ය සංගම් කාරයොන්ට දෙන්න ඕන හොදට රිටර්න් එක
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    රැග් දෙන්න ගියපු එකාද බන් ඔය මානසිකව වැටිල හොටු පෙරාගෙන ඉන්නෙ? :baffled::baffled:
     

    De legend

    Member
    Dec 24, 2010
    45
    2
    0
    මෙතන වෙලා තියෙන්නේ නවක වදය නැවැත්වීම අර්මුණින් පේරාදෙනිය වි.වි විනය පාලක මහාචාර්යවරයා සහ තවත් මහාචාර්යවරියක් මේ වසරේ සිට ඒ සඳහා අවශ්‍ය කටයුතු කරමින් සිටින වෙලාවක සුපුරුදු පරිදි තම ජේෂ්ඨත්වය සහ පුහු ගෞරවය මේ වසරෙත් සුපුරුදු පරිදි ලබා ගැනීමට අන්තරේ ගෝල බාල මානසික විකෘතීන් නවක සිසුන්ට නවක වදය ලබා දී හසු වීමයි.එහිදී විනය භාර මහාචාර්‍යවරයා ඔවුන්ට දඬුවමක් ලෙස අව්වේ හිටගස්වන ලදී.මෙය තමන්ගේ වාසියට කවදත් යම් යම් දේවල් හරවා ගැනීමට දක්ශ අන්තරේ චක් ගෝලයින් වීඩියෝ ගත කර නවක වදය ලබා දීමක් ලෙස ප්‍රචාරය කරන ලදී.තවද පේරදෙනිය වි.වි පශු වෛද්‍ය පීඨයේ ආචර්‍ය මන්ඩලයද නවක වදයට උදව් කරන බවට ප්‍රචාරය කරන ලදී,මෙය අන්තරේ සුපුරුදු බොරුව සමාජගත කිරීමට ඔවුන්ගේ ඇති හැකියාව තවත් හොඳට පෙන්නුම් කරපු අවස්තාවකි,මින් පසුව තවදුරටත් තම ආධිපත්‍ය වි.වි තුළ නැති වේයැයි බියෙන් මාධ්‍යවේදින් දැනුවත් කිරීමට ද නවක වදයට ඔවුන් විරුද්ද අහින්සක උපාසක බලලුන් බව පෙන්වීමට මාද්‍ය සාකච්චාද පවත්වා මුසාව සමාජ ගත කිරීමට උත්සහ කරන ලදී.තවඩුරටත් එය එසේම සමාජගත කිරීමටද පුඹුරුපත් සකසමින් සිටී.කෙසේ වුවද මෙය පේරදෙනිය වි.වි තුළ දකින්න පුලුව්න් හොඳ දෙයකි මන්ද මෙතුවක් කාලයකට පේරාදෙනිය වි.වි තුළ ආචර්‍ය මන්ඩලය මෙවැනි ක්‍රියා මර්ගයක් ගත් ප්‍රතම අවස්තාවයි