කසුන් කල්හාර......මචං මෙහෙම අපිට කරන්න එපා බං

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කසුන් කල්හාර......මචං මෙහෙම අපිට කරන්න එපා බං

    කසුන් කල්හාර ජයවර්ධන - නැත්තං අපි අමතන විදියට කස්සා....කසුන් කල්හාර කියන්නේ මම හිතන විදියට අපේ සුභාවිත හෙල ගීතයේ ඉදිරියෙන් ම තියන බලාපොරොත්තුව. අපේ බලාපොරොත්තුවට හදිසියේ ම හෙන ගහනව තොට කියල කියන්නේ ඇයි කියල ඔබ බලයි. මම හේතුව කියන්නං.....

    අපේ එළකිරියේ සුභාවිත ගීත ඉහලින් ම රසාස්වාදනය කරන, කසුන් ගේ ගීත බොක්කෙන් ම රස විදින සොයුරෙක් මෙහේ ඉදන් මීගමුවට දුර කතර ගෙවං පෙට්‍රල් පුච්චං යනවා...මොකටද යන්නේ? කසුන ගේ සජීවී ප්‍රසංගයක් නරඹන්න.
    මේ ප්‍රසංගයේ දී කසුන් අළුත්ම ගීතයක් ගායනා කරනවා. කසුන් කියන විදියට ඔහු ඒ ගීතය ගායනා කරන්නේ පළමු වරට ඒ ප්‍රසංගයේ දී.....ගීතය මගේ මිත්‍රයා අහන්න ගන්නෙම තක්බීර් වෙලා.....මොකද ඒ තරං ඒ ගීතය රහයි. පළමු ස්ථායී කොටස ගැයුණට පස්සේ ශ්‍රවණ දෙව්ලොවෙන් මේ ලෝකෙට චුත වෙන මගේ මිත්‍රයා තමන් ගේ දුරකථනයෙන් මේ ගීතය පටිගත කරනවා......පටිගත කරල මට එවනවා.....
    “අඩො අහල බලපං....*කෙනවා ඔයි අහද්දී.....මාව ගල් වුනා...“ ඔන්න ඔහොම තමා මගේ අර එළකිරියේ ජ්‍යෙෂ්ට සාමාජික සහෝදරයා මට ලියල එවල තිබ්බේ......
    ගීතයේ මුල නෑ.....පැහැදිළි නෑ......අන්තිමේ දී පුරුදු පරිදි ගීතයේ වචන ටික වත් හොයා ගන්න ගීතය පිරිපහදු කරල මම ගීතය ලියා ගත්තා........

    ඔහු මෙසේ ගැයුවේ ලු!!!!!!

    ආලයේ ගාථා - සජ්ජායනා කලා
    ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කලා
    චණ්ඩාල රශ්මි බන්ධනයෙන් හද මැද දවා
    සාධු ජන ස්වප්නය ට නිමා දී ඔබ ගියා......

    ස්නේහයේ චුම්බනය -නලල මත වගුරුවා
    ආලිංගනයේ සුරස - මතක හද වතුරුවා
    ප්‍රේම ආරාමයේ - කැනි මඩළ බිම හෙලා
    සාර තර වසන්තය - නිමා කර ඔබ ගියා

    සුපුෂ්පිත හදවතේ - සුගන්ධය විහිදුවා
    සුරක්ෂිත දොරටුවේ - සෙබළ මුළු විසිරුවා
    ප්‍රේමයේ.................අභය භුමියේ දි මා නසා
    මධුර මධු කුසලානය - කඩා බිද ඔබ ගියා.....

    ආලයේ ගාථා - සජ්ජායනා කලා
    ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කලා
    චණ්ඩාල රශ්මි බන්ධනයෙන් හද මැද දවා
    සාධු ජන ස්වප්නය ට නිමා දී ඔබ ගියා......

    ගීතය ගැන හොයද්දී මේ ගීතය මේකා පළමු වරට ගායනා කලා කිව්වට ගීතය ගැන කිරියෙම සදහනක් තියනවා මෙන්න මෙහෙම.....මේ 2014 දී ඈ......:oo:

    http://www.elakiri.lk/forum/showpost.php?p=16728742&postcount=3684

    ඒකට පිළිතුරු ලැබිල තියනව මෙන්න මෙහෙම......:oo:

    http://www.elakiri.lk/forum/showpost.php?p=16893809&postcount=3689

    http://www.elakiri.lk/forum/showpost.php?p=16894229&postcount=3690

    ඒ කියන්නේ මේ හාදයා මේ සිංදුව 2014 ඉදන් කියනව මිස රිලීස් කරල නෑ කියන එක නේ ද?:dull::dull::dull:

    මේ වගේ අති විශිෂ්ට ගීතයක් මේකා මේ රිලීස් නොකර තියා ගෙන ඉන්නේ අපේ රීරි මාංසේ කන්න ද කොල්ලනි.....:growl::nerd::(:(:(

    මේකේ යන්තං රෙකෝඩිං එක අහල මම කරපට් වෙලා මේ ඉන්නේ...මෙච්චර ආත්මයට වදින ගීතයක් රිලීස් නොකර මේ කසුන් කල්හාර ජයවර්ධන කියන හාදයා (පොරට ගෝතය කියන්න තාම දිව නැමෙන්නේ නෑ) මොන ලබ්බක් ද කොල්ලනි කරන්නේ.....:growl::growl::growl::growl:

    අම්මපා හෙණ ගහනව නේද???:growl::growl::growl::growl::growl::growl::growl:

    අවංකව ම මළ පැනල මේක ලිව්වේ...........:dull::dull::dull::(:(:(:(

    ප.ලි.
    තරින්ද76 සොයුරා විසින් මෙම ගීතයේ ඔහු විසින් කරන ලද පටිගත කිරීම උඩු ගත කොට බාගත සබැදිය මෙහි දක්වා ඇත.
    http://www.elakiri.com/forum/showpost.php?p=21028155&postcount=49


    ප.ලි.
    හුගක් අය හිතනවා දැන් මේ සිංදුව යූටියුබ් තිබ්බා කියලා. ඇත්තටම වුනේ වෙන දෙයක්. මේ ත්‍රෙඩ් එකේ මෙන්න මේ පෝස්ට් එකේ දී මේ ගිතයේ හොදම පිටපත බාගත කරගන්න අපි ඉඩ හසර ලබා දුන්නා.
    http://www.elakiri.com/forum/showpost.php?p=21030230&postcount=193


    මේ ගීතය යූටියුබ් වෙත එන්නේ ඊට පස්සේ. එදිනම රාත්‍රි යේ...ගීතය ඔබට ලබා දීමේ සහ අන්තර්ජාලය වෙත මුදා හැරීමේ සියළු ම ගෞරව එළකිරිය වෙතයි හිමි වෙන්න ඕන.....
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රිලීස් කරනව කියල දැන් කාලේ කරන්න ඕනේ රේඩියෝ චැනල් වලට බඩගාලා අනේ මේ සින්දුව දාල දෙන්න කියන එක නෙ. රූපවාහිනියට නං වීඩියෝ එකක් ඕනේ. කසුන් එහෙම මහන්සිවෙලා තමන්වම මාකට් කරගන්න කැමති නැතුව ඇති. :oo:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හ්ම්... ඉතිං කස්සා කියන්නේ අමුතුම ඩයල් එකක්නේ අයියේ. :cool: හරියට කිඹුලා වගේ. ඌ කරන දේවල් හිතාගන්න බෑ.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රිලීස් කරනව කියල දැන් කාලේ කරන්න ඕනේ රේඩියෝ චැනල් වලට බඩගාලා අනේ මේ සින්දුව දාල දෙන්න කියන එක නෙ. රූපවාහිනියට නං වීඩියෝ එකක් ඕනේ. කසුන් එහෙම මහන්සිවෙලා තමන්වම මාකට් කරගන්න කැමති නැතුව ඇති. :oo:
    මචං කස්සා ගේ නැවති මෙතෙකින් සිංදුව ඉස්සෙල්ලාම නෙට් එකට දැම්මෙත් එළකිරියෙන්.....
    නැවතී මෙතෙකින් හිට් වුනේ කිසිම රේඩියෝ චැනල් එකක යන්නෙ නැතුව, නෙට් එකෙන් ම විතරක්......
    උඹ ඔය සිංදුව මං අහපු එකවත් ඇහුව නං....අඩනවා.......
    ඒ තරං වදින සිංදුවක් ඕක.....
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බාගන්න තැනක් කියපං රත්තරනේ......
    බුදුං දැක නිවන් දකිනවා....අම්මපා.....

    එක තමයි මේ මාත් හොයලා බැලුවේ යසෝධරා ගැන නේද සින්දුවෙන් කියවෙන්නේ එකයි මට අහලා පුරුදුයි වගේ හොයමින් පවතිනවා.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ ගීතය තියන එකෙක් මට එවපල්ලා...නැත්තං බාගන්න හරි හමං ලින්ක් එකක් දීපල්ලා.....
    මම එළකිරියෙ ඉන්නකං රෙප් දෙනවා ඌට.....
    පුංචි අම්මා පල්ලා....!!!!!!!!!!!!!!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එක තමයි මේ මාත් හොයලා බැලුවේ යසෝධරා ගැන නේද සින්දුවෙන් කියවෙන්නේ එකයි මට අහලා පුරුදුයි වගේ හොයමින් පවතිනවා.
    යසෝදරෙක් ගැන නෙවෙයි බං.....
    මොන හත්ඉලව්ව උනත් කමෙක් නෑ....
    සිංදුව එවපං වස්තුවේ...............:(