අඩු වියදමින් ගෙවල් හදන සාස්තරේ..

akmax

Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    අඩු වියදමින් ගෙවල් හදන සාස්තරේ..

    76c56133f3375f3ea4907c8a42f674b6.jpg

    මගේ අත්දැකීම් අනුව අඩුවියදමකින් ගෙයක් හදන්න උවමනා වෙන කරුණු ටිකක්..
    උඹලගේ අදහසුත් දාපල්ලා අමාරුවෙන් ගෙයක් හදාගන්න දඟලන කොල්ලෙක්ට ප්‍රයෝජනවත් වෙයි

    1) ඉඩම

    #ඉඩමක් ගනිද්දී විශේෂයෙන් බලන්න ඕන පාර ගැන මොකද ඉඩම කොච්චර හොඳ උනත් අඩුමගානේ කියුබ් 3.5 වැලි ටිපර් ගේන්න බැරි පාරක්නම් බඩු ගෙනෙද්දී හයර් එකට වැඩි වියදමක් යනවා ලොකු load එකක් එකපාර ගෙනල්ල බාගන්න පුලුවන්නම් තමයි ලාබ

    #ෆැල්ට් බිමක් නම් ගොඩක් හොදයි බැවුම වැඩියි නම් පොලව හදන්න අමතර වියදමක් යනවා

    #ලයිට් වතුර පහසුවෙන් ලබාගැනීමට ඇති හැකියාව

    සැ.යු. :- දක්වා ඇත්තේ ගෙයක් සැදීමට යෑමේදී යන වියදම සම්බන්ද කරනා පමණි.

    2) Plan එක..

    #හරියට plan අදින්න දන්නා කෙනෙක්ට කියල ඇඳගන්න එක අනිවාර්යයි..
    ප්ලෑන් එකට ටිකක් වියදම් ගියාට කමක් නෑ මොකද එක ආයෝජනයක් ඉස්සරහට මුදල් ඉතිරි කරගන්න..

    #එත් plan එක අදින්න දෙන්න කලින් දෙතුන්දෙනෙක් ගාවට ගිහින් ඔබේ අවශ්‍යතාවය කියල
    ඔවුන්ගේ විසඳුම මොනවගේද කියල අවබෝදයක් ගන්න එක වැදගත්..

    #පුලුවන්නම් 3D විදිහටත් ඇඳලා බලන්න එකෙන් ඕනෑම සාමාන්‍ය දැනීමක් තියන කෙනෙක්ට තමන්ගේ plan එකේ තියන ගේ හැදුවම මොනවගේද තමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙනවද කියල පහසුවෙන් දැනගන්න පුළුවන්

    3) ගේ හදන්න construction company එකකට දෙනවද නැත්නම් තමන්ම බාස්ල දැම්මල හදවනවද ?

    3වෙනි පිටුවේ ඊළඟ කොටස

    http://www.elakiri.com/forum/showthread.php?t=1776712&page=3
     
    Last edited:

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    හොඳට market එක study කරපල්ල

    බඩු ගන්න ගනන් අඩු තැන් ඕනෙ තරම් තියනවා

    බඩු ගන්න යනකොට උඹම පලයන්, බඩු ගත්තට පස්සෙ උඹත් ඒ ලොරියෙම වරෙන්

    ගෙවල් හදනකොට ලැජාව කියන එක පැත්තකින් තියල පටන් ගනින්

    හැම තැනම ඉන්නෙ හොරු

    ලී ගන්න ගියාම ලී කඩ කාරය මනින්නෙ හොරට

    කරපු වැඩ වලට බාස් මනින්නෙත් හොරට, argue කරල හරි ගානට විතරක් ගෙවපන්

    tiles ගන්න ගියාම සමහර විට පෙට්ටිය ඇතුලෙ කැඩිච්ච tiles තියෙන්න පුලුවන්, subject එක දන්න ලොරි කාරයො ඉන්නවා

    වැඩේ පටන් ගන්න කලින්ම ලොරි කාරයට සම්තින් එකක් දුන්නනම් ඌ හොඳට හොයල බලල tiles ටික චෙක් කරල දෙයි

    -----------------------------------------------------------------------------

    plan එක පාස් කරන්න කලින් මුකුත් වැඩ පටන් ගන්න එපා

    ඊට පස්සෙ නගර සභාවෙ TOට ජරාව දෙන්න වෙනවා

    හොඳම වැඩේ plan එක අඳින එකාටම කියපන් plan එක පාස් කරල දෙන්න ඒකටත් එක්ක ගෙවන්නම් කියල

    නැත්නම් ඌ plan එක ඇඳල දීල යයි ඊට පස්සෙ ඒක පාස් කර ගන්න ගියාම අපිට රෙවෙනව

    Last edited:

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    කියන්න අමතක වෙච්ච...
    plan එක අඳිද්දී බාත්රූම් , kitchen, garage place කරන තැන් ගැන වැඩි අවධානයක් යොමු කරන එක වැදගත් ඉඩමේ පිහිටීමත් එක්ක

    එත් එක්කම ගොඩ දෙනෙක්ට අමතක වෙනදෙයක් ගෙදරට utility රූම් එකක් දාගන්න
    එකිව්වේ වොෂින් මැෂින් එක තියාගන්න, කිළුටු රෙදි දාන්න වගේ තැනක්
    බාත්රූම් එකේම වොෂින් මැෂින් එක දාගත්තම ඉඩ ඇහිරෙනවා

    ඉඩමක් ගනිද්දී අඩුමගානේ පර්චස් 10ක් වත් ගන්න තියනවනම් හොදයි..
    ඊට අඩු ඉඩම්වලට එකිව්වේ පර්චස් 6යේ 7තේ ඉඩම්වලට සැහෙන්න හොඳ අර්කිටෙක්ට් කෙනෙක්ට කියල plan එක අන්දගන්නව නම් හොදයි මොකද ඉඩකඩ සීමිත නිසා
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,339
    6,768
    113
    හෙල බිමේ
    plan අදින්න architecture කෙනෙකුට දෙන එක හොදයි. TO ල ඇන්දහම නැත්නම් සාලේ ඉදන් බැලුවහම මුලුගෙදරම කාමර පේනව,
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,339
    6,768
    113
    හෙල බිමේ
    ලංකාවේ tiles භාවිතා කරන්න ඒව හොදයි, ටිකක් ගණන් වැඩි. chineese, malaysian ඒවා සමහර ලොවට 10years වලින් වගේ ඉදිමෙන්න බලනව.
    .
    වැඩ කරන්න බාස්ට දෙන්න කලින් එයා කලින් කරපු වැඩ ගැන බලනව නම් හොදයි.
     
    • Like
    Reactions: akmax

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    3) ගේ හදන්න construction company එකකට දෙනවද නැත්නම් තමන්ම බාස්ල දැම්මල හදවනවද ?

    #බොහොම හොඳට හිතල මතල තීරණයක් ගන්න ඕන අවස්ථාවක්.. කොහොම කලත් දවසේ කුලියට බාස්ල ලවා වැඩ කර ගන්නවා කියන එක එතරම් ප්‍රායෝගික නෑ..

    #contract තමා දෙන්න වෙන්න අඩුමගානේ ඉක්මනට කරගන්න පුළුවන්
    contract දීල කොටසින් කොටස වැඩ කරව ගන්න එක ලාබයි සම්පුර්ණ ගේම construction company එකකට හදන්න දෙනවට වඩා..

    #ඉඩමේම නැවතිලා වැඩකරන අයනම් වඩාත් හොදයි මොකද සිමෙන්ති යකඩ කම්බි වගේ දේවල් එකපාර ගෙනත් දාන්න පුළුවන් ආරක්ෂාවට වැඩකරන කට්ටියම ඉන්න නිසා..
    එදිනෙදා වැඩවලට අවශ්‍ය බඩු එදිනෙදාම ගේන්නගියොත් ට්‍රාන්ස්පෝර්ට් එකටම සැහෙන වියදමක් යනවා..

    #contract දෙනකොටත් අමුද්‍රව්‍ය අපිම ගෙනල්ල දෙනවනම් තමා හොද නැත්නම් පාඩුයි මොකද අමුද්‍රව්‍ය වල ගාන වගේම තත්වයත් අපිටම බලල තීරණය කරන්න පුළුවන්,
    බොහෝ කොන්ත්‍රාත් කරුවන් බාල අමුද්‍රව්‍ය දානවා ලාබය තකා එත් අපිම අමුද්‍රව්‍ය ගෙනත්දෙනවානම් ඒ අවදානම අඩුවෙනවා

    #බාස්ලගේ වැඩ බලන්න වෙලාව තියනවානම් හරි බලන්න වෙන කවුරුහරි තේරෙන කෙනෙක් ඉන්නවනම් හරි බාස්ලට contract දීල වැඩේ කරගන්න එක හොදයි

    #හැබැයි එහෙම බලන්න කෙනෙක් නැතිනම් construction company එකකට තමා වැඩේ බාරදෙන්න වෙන්නේ මම කලින් කියපු ක්‍රමේට වඩා අනිවාර්යයෙන් 30%ක්වත් වැඩිපුර වියදමක් යනවා

    #කාට වැඩේ බරදුන්නත් කලින් කරපු වැඩ බලල තීරණයක් ගන්න පුලුවන්නම් හොදයි වගේම හැමදේටම මුලින්ම fix ගානක් කතාකරගෙන ඉන්න

    4) වැඩේ පටන්ගන්නේ කොහොමද ??

    #මුලින්ම ඉඩමට ලයිට් වතුර අරන් ඉන්න නැත්නම් අහලපහල අයෙගෙන් ඉල්ලගන්න වෙනවා..
    ඒකනම් එච්චර හොඳ දෙයක් නෙමෙයි නමුත් වෙන්කරන්න දෙයක් නැත්නම් ඉතින් එහෙම වත් එකඟ තාවක් ඇතිකරගන්න වැඩේ පටන්ගන්න කලින්.

    #ඉඩමට ලයිට් වතුර ගන්න plan එක pass වෙනකන් ඉන්න ඕන නෑ ග්‍රාම සේවක හම්බවෙලා ඔප්පුව පෙන්නලා ඉඩමට address එකක් ඉල්ලගන්න එත් එක්කම ලයිට් වතුර ගන්න ඔනලියකියවිලිත් ඉල්ලගන්න

    #ඉඩමේ පැත්තක මඩුවක් ගහන්න වෙනවා සිමෙන්ති වගේ දේවල් තියාගන්න, plan එක සහ ඉඩමේ පිහිටීම අනුව තීරණය කරන්න මඩුව හදන තැන.. හොදට වහන්න පුළුවන් විදිහට මඩුව හදාගන්න මොකද ඔය මඩුවට තමයි විදුලි මීටරේ හයි කරන්නවෙන්නේ

    5)අමුද්‍රව්‍ය ගන්නකොට වියදම අඩුකරගන්නේ කොහොමද ??

    මේගැන පස්සෙ දාන්නම් .... මතු සම්බන්ධයි
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    සුපිරි ත්‍රෙඩ් එකක් මචන්.දිගටම ඇදගෙන පලයන්