ට්‍රම්ප්ට ලැබුණු ඇමතුම
ඩොනල්ඩ් ට්‍රම්ප්,පසුගියදා තේරී පත්වූ ඇමෙරිකා එක්සත් ජනපදයේ අනාගත ජනාධිපතිවරයාට තායිවානයෙන් ලැබුණු දුරකතන ඇමතුමක් නිසා චීනය පරලවී තිබෙන බව චීන රජයේ හැසිරීමෙන් පෙනෙන්නට තිබේ.මෙම දුරකතන ඇමතුම ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලැබුණේ තායිවානයේ ජනපතිනිය වන සායි ඉන්ග්-වේන්ගෙන්ය.එම ඇමතුමට පිළිතුරු දීම නිසා දකුණු චීන මුහුද ආක්‍රමණය කරමින් සිටින චීනයේ ක්‍රියාකලාපය සම්බන්ධව අසතුටින් පසුවන ඇමෙරිකාව චීනයේ කෝපය අවුස්සා තිබේ.සිද්ධිය සම්බන්ධව චීන රජය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ "ලෝකයටම තිබෙන්නේ එකම චීනයක් පමණක් බවත්,තායිවානය යනු වෙන්කල නොහැකි චීනයේ භූමිප්‍රදේශයක් බවත්ය".
මිනිත්තු 10කට සීමා වූවා යැයි සඳහන් වන මෙම ඇමතුම 1979 වර්ෂයේදී ජිමී කාටර් ජනපති රාජ්‍යතාන්ත්‍රික පිළිගැනීම තායිවානයෙන් චීනයට ලබාදීමෙන් පසුව තේරී පත්වූ ඇමෙරිකානු ජනපතිවරයෙක් හෝ පාලනය හොබවන ජනපතිවරයෙක් තායිවානයේ නායකත්වය සමග පැවැත්වූ පළමු දුරකතන සංවාදය මෙය ලෙස සැලකේ.1979 වර්ෂයේ පටන් තායිවානය චීනයේ කොටසක් යැයි ඇමෙරිකා එක්සත් ජනපදය රාජ්‍යතාන්ත්‍රිකව පිළිගන්නා ලදි.ට්‍රම්ප් තායිවාන ජනාධිපතිනියගේ ඇමතුමට පිලිතුරු දීමෙන් ඇමෙරිකාව "ඒකීය චීනය" යන විදේශ ප්‍රතිපත්තියට පයින් ගසා ඇතිබව චීන රජයේ පාර්ශ්වයෙන් නැගෙන චෝදනාවයි.
දෙදෙනා අතර දුරකතන සාකච්ඡාව සිදුව තිබෙන්නේ දෙසැම්බර් මස 2 (සිකුරාදා) ය.සිද්ධියෙන් පැය ගණනකට පසුව එවැනි සංවාදයක් සිදුවූ බව ට්‍රම්ප්ගේ පාර්ශ්වයේ නිලධාරියෙක් විසින් තහවුරු කරන ලදි.ඒ අනුව වසර 37කට පසුව ඇමෙරිකානු ජනාධිපතිවරයෙක් තායිවාන රාජ්‍ය නායකයෙක් සමග කතාබහ කර තිබේ.මේ සම්බන්ධව සුපුරුදු පරිදි සිය අදහස ට්විටර් සමාජ ජාලය ඔස්සේ ප්‍රසිද්ධ කරන්නට ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රියාකර තිබේ.ඔහුට අනුව තායිවාන ජනපතිනිය අදාල ඇමතුම ලබාදී තිබෙන්නේ තමන් ජනාධිපතිවරණය ජයගැනීම සම්බන්ධව සුභ පැතුම් එක් කිරීමයි.එම ප්‍රකාශයෙන් පැයකට පමණ පසුව දුරකතන සංවාදය සම්බන්ධව නැගෙන විවේචන හමුවේ යළිත් වරක් ට්විටර් පණිවුඩයක් පළකරන්නට ඔහු ක්‍රියා කලේ සිය ක්‍රියාකලාපයේ වරදක් නොමැතිබවට නිදහසට කරුණක්ද සහිතවයි.එම පණිවුඩයෙන් ඔහු කියා තිබුණේ "ඇමෙරිකාව ඩොලර් බිලියන ගණනන් වටිනා යුදෝපකරණ තායිවානයට ලබාදුන්නද තමන්ට සුභ පැතීමේ අරමුණින් ලැබෙන දුරකතන ඇමතුමක් පිළිගැනීමටවත් ඉඩක් නැතිබවයි".මෙම වසරේ මුලදී තේරීපත්වූ තායිවාන ජනපතිනියට සුභපැතීමටද ඩොනල්ඩ් ට්‍රම්ප් අමතක නොකල බව ඔහුගේ නිලධාරියෙක් පවසා තිබේ.ඇය "ඒකීය චීනය" යන සංකල්පය නොපිළිගන්නා තැනැත්තියකි.
කෙසේ වෙතත් චීන නායකත්වය නම් මෙම සිද්ධිය දකින්නේ ඉහළ මට්ටමේ කුපිත කරවීමක් ලෙසයි.නමුත් මුලදී ඔවුන්ගේ විදේශ අමාත්‍ය වැන්ග් යි කියා සිටියේ මෙම සිද්ධිය තායිවානයේ පොඩි කූටෝපායක් බවත් ඒ හරහා චීනය සම්බන්ධව ඇමෙරිකානු ප්‍රතිපත්තියේ වෙනසක් සිදුනොවනු ඇතිබවයි."ඒකීය චීනයක් යනු චීන-ඇමෙරිකා සබදතාවල ප්‍රධාන ප්‍රතිෂ්ඨාවයි.අපි බලාපොරොත්තු වෙනවා මේ දේශපාලනික පදනම හානියට ලක් නොවේවි කියා" යනුවෙන් අමාත්‍ය වැන්ග් ප්‍රකාශ කරන ලදි.
දුරකතන සංවාදය සිදුවූයේ ඇමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් හෙන්රි කිසිංජර් ඇමෙරිකා-චීන සබදතා වර්ධනය කිරීමේ අරමුණින් බීජිංහිදී චීන ජනපති ෂි ජිංපින්ග් හමුවූ දිනයේය.1970 දශකයේ මුලදී ඇමෙරිකාව චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ඇතිකරවීමට අතරමැදියා ලෙස ක්‍රියා කලේ කිසිංජර් මහතාය.කෙසේවෙතත් තම ක්‍රියාකලාපය සම්බන්ධව චීන රජයේ සංවේදීත්වය සම්බන්ධව තේරුම් ගැනීමට ට්‍රම්ප්ට හරිහැටි අවබෝධයක් නොමැති බව සමහරුන්ගේ අදහසයි.
තායිවාන ජනපතිනිය සමග දුරකතන සංවාදයක් සිදුකිරීම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මතභේදකාරී විදේශ ප්‍රතිපත්තියේ නවතම වෙනසයි.දෙසැම්බර් මාසයේ මුල් සතියේදී ඔහු ඉන්දියාව කෝපයට පත් කරවමින් පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් හට කියා තිබු තමන් ඉතා නුදුරේදීම එරටට පැමිණීමේ ආශාවෙන් පසුවන බවයි."පාකිස්ථානුවන් යනු ඉතා බුද්ධිමත් ජනතාවක් බව" පාකිස්ථාන අගමැති සමග පැවැත්වූ දුරකතන සංවාදයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසූ බව පාකිස්ථානයෙන් වාර්තා වේ.
මෙම වසරේ ජූනි මාසයේ පටන් මේ දක්වා මත්ද්‍රව්‍ය චෝදනා මත පුද්ගලයින් 4,800ක් පමණ පිරිසකට මරු කැදවීමට හේතුවූ පිලිපීන ජනපති රොඩ්‍රිගෝ ඩියුට්‍රෙට් සමග මේ මාසයේ මුලදී පැවැත්වූ දුරකතන සංවාදයකදී ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඔහුට ඇමෙරිකානු සංචාරයක් සඳහා ආරාධනා කර තිබේ.ජනපති රොඩ්‍රිගෝ කාලයක පටන් බැරැක් ඔබාමා ඇතුලුව ඇමෙරිකා එක්සත් ජනපදය තදබල ලෙස විවේචනය කරන්නෙක් ලෙස ප්‍රකටය.ඔහු විසින් මත්ද්‍රව්‍යවලට එරෙහිව දියත් කල සටනද ඔබාමාගේ විවේචනය කල් වෙද්දී ට්‍රම්ප් ඊට විරුද්ධව යමින් සිටියි.
Source:telegraph.co.uk
-HarshaLulzSec-

තායිවාන ජනපතිනිය - සායි ඉන්ග්-වේන්

හිටපු ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හෙන්රි කිසිංජර් චීන ජනපති හමුවූ මොහොත,2016.12.02
දුරකතන සංවාදය සිදුවූයේ ඇමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් හෙන්රි කිසිංජර් ඇමෙරිකා-චීන සබදතා වර්ධනය කිරීමේ අරමුණින් බීජිංහිදී චීන ජනපති ෂි ජිංපින්ග් හමුවූ දිනයේය.1970 දශකයේ මුලදී ඇමෙරිකාව චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ඇතිකරවීමට අතරමැදියා ලෙස ක්‍රියා කලේ කිසිංජර් මහතාය.කෙසේවෙතත් තම ක්‍රියාකලාපය සම්බන්ධව චීන රජයේ සංවේදීත්වය සම්බන්ධව තේරුම් ගැනීමට ට්‍රම්ප්ට හරිහැටි අවබෝධයක් නොමැති බව සමහරුන්ගේ අදහසයි.
මතභේදයට තුඩුදුන් විදේශ ප්‍රතිපත්තිය
තායිවාන ජනපතිනිය සමග දුරකතන සංවාදයක් සිදුකිරීම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මතභේදකාරී විදේශ ප්‍රතිපත්තියේ නවතම වෙනසයි.දෙසැම්බර් මාසයේ මුල් සතියේදී ඔහු ඉන්දියාව කෝපයට පත් කරවමින් පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් හට කියා තිබු තමන් ඉතා නුදුරේදීම එරටට පැමිණීමේ ආශාවෙන් පසුවන බවයි."පාකිස්ථානුවන් යනු ඉතා බුද්ධිමත් ජනතාවක් බව" පාකිස්ථාන අගමැති සමග පැවැත්වූ දුරකතන සංවාදයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසූ බව පාකිස්ථානයෙන් වාර්තා වේ.
පිලිපීන ජනපති රොඩ්‍රිගෝ ඩියුට්‍රෙට්