වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවේ ඇත්ත මෙන්න
යහපාලන රජයේ තවත් පොරොන්දුවක් මල් ඵල ගන්වමින් කියා අද (03) දින කුලියාපිටිය ලබුයාය මහනුගවත්ත ප්‍රදේශයේදී මුල්ගල තැබෙන මෝටර් රථ එකලස්කිරීමේ කර්මාන්ත ශාලාව වොක්ස්වැගන් සමාගමේ කර්මාන්ත ශාලාවක්
බව කියූවද එහි ආරම්භ කිරීමට නියමිය ඇත්තේ යුරෝපානු මෝටර් රථ එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් බවයි වාර්තා වන්නේ. එහි පුවරුවල දැක්වෙන්නේ ‘වෙස්ටන් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි’ යනුවෙනි. වෙස්ටන් ඔටෝමොබයිල් ඇසේම්බ්ල යනු මෙරට සමාගමක් වන අතර ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස මෙම කර්මාන්ත ශාලාව ආරම්භ කෙරෙන්නේ ඩොලර් මිලියන 26.5 ආයෝජනයකිනි.
මෙහි අරමුණ වන්නේ වොක්ස්වාගන්, අවුඩි, රෙනෝල්ට් ඇතුළු යුරෝපීය වාන කොටස් ගෙන්වා එකලස් කිරීමයි. මේ වන විටත් මයික්‍රො, AMW ආදී මෙරට සමාගම් විසින් වාහන කොටස් ගෙන්වා එකලස් කිරීමේ කාර්ය සිදු කරයි.
මෙම කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් වූ ගිවිසුමට ආයෝජන මණ්ඩලය සමග අත්සන් තබනු ලැබුවේ මෙරට වාහන ආනයන සමාගමක් වන සෙනොක් ඔටෝමොබයිල් සමාගමයි.
ලංකාවේ කර්මාන්ත ශාලාවක් සම්බන්ධයෙන් වොක්ස්වාගන් නිල වෙබ් අඩවියේ (vw.com) හෝ නිල සමාජ ජාල ගිණුම්වල කිසිදු තොරතුරක් සදහන් නොවීමද විශේෂයකි.
මෙම කර්මාන්ත ශාලාව මගින් තරුණ තරුණියන් සඳහා රැකියා 3000ක් ද වක්‍ර රැකියා 10000ක් ද ලබාදීමට සැලසුම් කර තිබෙනවා. මෝටර් රථ කර්මාන්ත ශාලාව තුළ නිෂ්පාධනය කෙරෙන්නේ ඇන්ජින් ධාරිතාව 1000 සහ 2000 වන මගී මෝටර් රථයි.

Volkswagen හරි BMW හරි Audi හරි කමක් නැහැ යකෝ රටේ මිනිස්සුනට් රස්සා හම්බ වෙනවා නම්. දෙපැත්තේම උන් එකයි කවුරු හරි දෙයක් කරන්න හැදුවොත් දෙයක්, ඒකට එක එක දේවල් කියනවා. මහින්ද කලත් එකයි සිරිසේන කලත් එකයි. හොඳ දේවල් අගය කරපල්ලා වැරදි දේවල් විවේචනය කරපල්ලා නැත්නම් ඉතින් තව අවුරුදු 20ක් ගිහිල්ලත් ලංකාව තියෙන තැනම තියෙයි