නිරතුරුව කර ගත යුතු රෝග පරීක්‍ෂණ කිහිපයක්
අතීතයේ මෙන් නොව වර්තමානයෙහි අප රටේ බෝ නොවන රෝග ශීඝ්‍රයෙන් පැතිර යනු දක්‌නට ලැබේ. රටේ ජනගහනයෙන් හතරෙන් එකකට ආසන්න සංඛ්‍යාවකට දියවැඩියාව වැළැඳී ඇති අතර අධික රුධිර පීඩනය හා රුධිරයෙහි අධික මේද ප්‍රමාණයක් සහිත රෝගීන් විශාල ප්‍රමාණයක් සමාජයේ සිටින බව අනාවරණය වී තිබේ. රටේ සමහර ප්‍රදේශවල කාලික වකුගඩු අකර්මණ්‍යතා රෝගය පැතිර යමින් පවතී. රටේ ජනගහනයෙන් අඩකට ආසන්න පිරිසකට මේ අනුව බෝ නොවන රෝග වැළැඳී තිබේ.
මෙම රෝග තත්ත්වයන් කලින් හඳුනාගැනීම එම රෝග පාලනය කිරීමට පිටිවහලක් වේ. ඒ අනුව අප අනිවාර්යයෙන්ම බෝ නොවන රෝග කලින් හඳුනාගැනීම සඳහා සිදු කර ගත යුතු රෝග පරීක්‍ෂණ කිහිපයක් මෙසේ දක්‌වමු.
දියවැඩියා රෝගය සම්බන්ධ පරීක්‌ෂණ
01. පැය දහයක නිරාහාර සීනි පරීක්‌ෂාව (ෆාස්‌ටින් බ්ලඩ් ෂුගර්) මෙම පරීක්‌ෂණය මගින් තමන් දියවැඩියා රෝගයට ගොදුරු වී ඇත්දැයි හඳුනාගත හැකිය. රුධිරගත සිනී මට්‌ටම ඩෙසි ලීටරයට සීනි මිලිග්‍රෑම් 115 ට වඩා අඩු අගයක් පැවැතීම දියවැඩියා රෝගය නොවැළැදී ඇති බව තහවුරු කිරීමකි. රෝගයට ගොදුරු වූ අයෙකු කෑමට පෙර තම රුධිරගත සීනි මට්‌ටම ඩෙසි ලීටරයට සීනි මිලිග්‍රෑම් 115 ට වඩා අඩු අගයක් පැවතීම දියවැඩියා රෝගය නොවැළැදි ඇති බව තහවුරු කිරීමකි. රෝගයට ගොදුරු වූ අයෙකු කෑමට පෙර තම රුධිරගත සිනී මට්‌ටම ඩෙසි ලීටරයක 80ත් 130 ත් අතර තබා ගැනීම යෝග්‍යයි. තමන් සතුව ග්ලුකෝ මීටරයක් පවතී නම් කෑමෙන් පසුව පැය 1ත් 2ත් ඇතුළත එය 180ට අඩු මට්‌ටමක තබා ගත හැකියි. (ග්ලුකෝමීටරයක් පවතී නම් දිනපතා රුධිරගත සීනි මට්‌ටම ද පරීක්‌ෂා කර ගත හැකිය)
* එච්.බී.ඒ1.සී පරීක්‌ෂාව - මෙය ගතවූ මාස තුනක කාලය තුළ මධ්‍යස්‌ථ රුධිරගත සීනි මට්‌ටම සොයා බලන රුධිර පරීක්‌ෂාවකි. මෙම පරීක්‌ෂණය මාස හයකට වරක් කර ගැනීම යෝග්‍යය. එහි අගය සියයට හතකට වඩා අඩුවෙන් තබා ගැනීම සුදුසුය.
* අක්‌ෂි පරීක්‌ෂාව - දියවැඩියා රෝගයෙන් පෙළෙන්නන් රෝගී තත්ත්වය නිසා හට ගන්නා ග්ලුකෝමා ඇතුළු සංකූලතා හඳුනා ගැනීම සඳහා වසරකට වරක්‌වත් අක්‌ෂි පරීක්‌ෂාවක් මෙන්ම වකුගඩු ක්‍රියාකාරීත්වය පරීක්‌ෂා කරන පරීක්‌ෂණයන් සිදු කර ගත යුතුය.
* පාදවල ස්‌නායු ක්‍රියාකාරිත්වය පරීක්‌ෂා කරන පරීක්‌ෂණය වසරකට වරක්‌ද, රුධිරගත කොලෙස්‌ටරෝල් මට්‌ටම (ලිපිඩ් ප්‍රොෆයිල්) වසරකට වරක්‌ද සිදු කර ගත යුතුය. හෘදය වස්‌තුවේ එකෝ ස්‌කෑන් පරීක්‌ෂණය (02 ඩී එකෝ) වසරකට වරක් සිදු කර ගත යුතුය
* අධි රුධිර පීඩනය හෘද රෝග, වකුගඩු රෝග ඇතුළු රෝග ගණනාවකට මුල් විය හැකි නිසා සති දෙකකට වරක් හෝ මසකට වරක් තම රුධිර පීඩනය පරීක්‌ෂා කර ගත යුතුය.
වෛද්‍ය පාලිත බණ්‌ඩාර සුබසිංහ