ශ්‍රී ලංකා ක්‍රීකට් නායක ආන්ජලෝ

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ශ්‍රී ලංකා ක්‍රීකට් නායක ආන්ජලෝ

    ශ්‍රී ලංකා ක්‍රීකට් නායක ආන්ජලෝ මැතිවුස් ගැන ලියවු කතා කිහිපයක්. අනිවාර්යෙන්ම කියවා ශෙයා කරන්න.

    වීරයා මිය යයිද ?

    මේ සටහන තැබීමට පෙර මා පූර්වීකාවක් ලෙස යමක් සදහන් කිරිමට කැමැත්තෙමි !. ඒ ධණ කුවේර ජනප්‍රීය ක්‍රීඩකයන් බිහි කරන ශ්‍රී ලංකා ක්‍රීකට් , පැදුරේ සිට අද තිබෙන රෝස මල් යහනාව දක්වා ගෙන ඒමට ඇප කැප වූ ශ්‍රී ලංකාව මෙතෙක් බිහි කල හොදම නායකයා අර්ජුණ රණතුංග ගේ මතකයකි.

    ඉන්දියාවට දකුණු දෙසින් සමකයට ආසන්නව පිහිටා තිබු මේ කුඩා දූපත එවකට ලෝකය දැන සිටියේ ඉංග්‍රීසි ජාතිකයන් විසින් ඇති කල යටත් විජිතක් ලෙස හා ඔහුන්ට තේ ලබා දෙන කුඩා දූපතක් ලෙසය.
    සුද්දන් මෙරට අත් හැර ගිය පසුත් ඔහුන් ඉතිරි කර ගොස් ගිය දේ අතර ක්‍රීකට් පිස්සුව ප්‍රධාන ස්ථානයක් ගත්තා. ශ්‍රී ලංකාව සහභාගී වූ ප්‍රථම ටෙස්ට් තරගයටත් ක්‍රීඩා කල අර්ජුණ රණතුංග නම් හූරුබුහුටි තරුණයා ශ්‍රී ලංකාවට ක්‍රීකට් ලෝක කුසලානය දිනා ගැනීමෙ සැලසුම් ආරම්භ කරන්නෙ 1994 වර්ෂයෙ සිට.

    දක්ෂතම කණ්ඩායම තෝරා ගෙන , සිය නිවසේ ඔහුන්ට නවාතැන් පහසුකම් හා ආහාර පාන පවා සපයා සිය කණ්ඩායම ලොව හොදම කණ්ඩායම කිරීමෙ "උණෙන්" පෙලුනු රණතුංග ගේ උත්සාහය මලඵල දමමින් තිබුනා.
    ක්‍රීකට් නායකයෙකුට තිබිය යුතු උපක්‍රමශීලීත්වය හා කපටිකම ඕනෑවටත් වඩා තිබු අර්ජුණ රණතුංග සිය කණ්ඩායම 1996 ලෝක කුසලානයේ අවසන් මහා තරගය දක්වා මෙහෙයවූවා. කිසිවෙකු බලාපොරොත්තු නොවු උපක්‍රම හා උගුල් වලින් ඔහු ක්‍රීකට් ලෝකයම මවිත කරමින් සිටියා.

    අවසන් මහා තරගය ක්‍රීකට් ලෝකයේ ගලිවරයන් වූ ඕස්ට්‍රේලීයාව හා තවමත් ලිලිපුට්ටන් වූ ශ්‍රී ලංකාව අතරයි. ලොවම ඕස්ට්‍රේලීයාවට ලැබෙන පහසු ජයක් විස්වාස කලා.

    අවසන් මහා තරගයට පෙර
    කණ්ඩායම් නායකයන්ගේ මාධ්‍ය හමුව ඇරඹුනා. උපක්‍රම හා මොළයෙන් ගහන ක්‍රීඩාවේ පරතෙරට පැමිණ සිටි අර්ජුණ අවසන් මොහොතේ බෝම්බය අත් හැරියා.

    "ස්ටීව් වෝ මාධ්‍ය මගින් පිම්බු පිතිකරුවෙක්. ශේන් වොන් දක්ෂ පන්දු යවන්නෙකු නොවේ" ඔහු මාධ්‍යයට කීවා.

    ඔහු මාධ්‍ය හමුවේදි කී දේ ලොව පුරා ලැවු ගින්නක් මෙන් පැතිර ගියා. තරගයට පෙර ඕස්ට්‍රේලියානූ කණ්ඩායමේ මානසිකත්වය සම්පූණයෙන්ම බිද දැමීමට මේ ප්‍රකාශය සමත් උනා. අවසන් මහා තරගයෙත් ඕස්ට්‍රේලීයානු තුරුම්පුව වෝර්න්ට මැනවින් බැට දුන් අර්ජූණ - අරවින්ද යුවල ඔහුගෙ පන්දුවාර දහයට ලකුණු 56ක් උදුරා ගත්තා. වෝර්න් - අර්ජුණ වෛරය මින් ඇරඹුනා.

    පසුව ඕස්ට්‍රේලීයානු පුවත්පතකට තීරු ලිපියක් ලියන වෝර්න් "අර්ජුණ නොමැති ශ්‍රී ලංකා කණ්ඩායමක් වඩාත් හොදයැයි" සදහන් කරනවා.

    අර්ජුණ මෙයට දෙන පිළිතුරෙන් ඔහුගෙ චරිතය හා පෞරුෂය මැනවින් විද්‍යාමාන වනවා.

    "මම ශ්‍රී ලාංකීකයෙක්. වසර 2500ක පෞඩ ඉතිහාසයක් අපට තිබෙනවා. අප පැවත එන්නෙ අභිමානවත් ශිෂ්ටාචාරයකින්. ඕස්ට්‍රේලියානුවන් කවුද කියා හා ඔහුන් පැවත එන්නෙ කාගෙන්ද කියා මුලු ලොවම දන්නවා"

    සුද්දන් බිහි කර , ඕස්ට්‍රේලීයානුවන් රග දැක්වු ක්‍රීකට් පිටියෙ ක්‍රීඩා කල පුංචි දූපතේ නායකයාගෙ චින්තනය , අභිමානය හා අපේකම බලන්න. මෙලෙස සිතනා නායකයෙක් ක්‍රීඩා පිටියකදි සුද්දෙක්ට යටත් වේවිද ?

    ක්‍රීඩා පිටිය තුල අනිවාර්යෙන් ජය ගැනීමට ක්‍රීඩා කිරීම , දේශප්‍රේමීත්වය හා අභිමානය ඇති නායකයෙකුට මුදල් හා පෞද්ගලික මිතුරන් රටට වඩා කිසිසේත්ම වටින්නේද නැත.

    ශ්‍රී ලංකා ක්‍රීකට් අද තිබෙන ස්ථානයට ඔසවා තැබු නායකයා ලෙස අවිවාදයෙන් පිළි ගැනෙන අර්ජුණ රණතුංග එවැනි නායකයෙකි . (අර්ජුණ රණතුංග නම් දේශපාලකයා අපට අදාල නැත. දේශපාලනයට පැමිනි පසු ප්‍රතිපත්ති අත් හැරීමට සිදුවන බවට හොද නිදසුනකි වත්මන් අර්ජුණ)

    අර්ජුණ රණතුංග ක්‍රීකට් ක්‍රීඩාවට බිහි කලේ කොළඹ ආනන්දයයි. ආනන්දයෙන් බිහි වන මිනිසුන් ලග ආත්ම අභිමානය , දේශප්‍රේමීත්වයට , මමත්වයට වඩා රටට ඇති ආදරය ගැන තවත් උදාහරණයක් දිය හැක. තිස් වසරක කුරිරු යුද්ධය නිම කිරීමට දායකත්වය ලබා දුන් ආරක්ෂක ලේකම් කර්නල් ගෝටාභය රාජපක්ෂ , යුධ හමුදාපති සරත් ෆෝන්සේකා , නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ , ම්ලේච්ච ත්‍රස්තවාදියා ප්‍රභාකරන් ඝාතනය කල බල ඝණයට අණ දුන් මේජර් ජෙනරල් කමල් ගුණරත්න ඇතුලු බොහො පිරිසකගේ මුල් ආනන්දයෙනි. මා මෙතනින් මතු කිරීමට උත්සාහ කලෙ මිනිසෙකුගෙ චරිතය හා ප්‍රතිපත්ති තීරණය කිරීමට ඔහුගේ අක්මුල් වලට ඇති හැකියාවයි. මුල හොද නම් ගස දිරන්නෙ නැත. මා ආනන්දයෙන් අකුරු කර නොතිබුනත් පිංවත් ආනන්දයෙන් වරම් ලැබු බොහො අනද පුතුන්ගෙ එක පොදු ලක්ෂණයක් දුටිමි. ඒ ඔහුන්ගේ හදවතෙ ඇති අපරමිත දෙශප්‍රේමීත්වයයි. එකල අර්ජුණ රණතුංගට අනද මාතාවගෙන් මේ ගතිගුණ උරුම වෙන්නට ඇත.

    මාගෙ පුර්විකාව අවසන්. දැන් මා සටහන අරඹන්නම්. මාගෙ කතා නායකයා ඇන්ජලො මැතිවුස්. බොහො දෙනා දන්නා පරිදි ශ්‍රී ලංකා ක්‍රීකට් නායකයා. එකල පිතිකරුවෙක් ලෙස හා තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස දක්ෂතා දැක්වු ශ්‍රී ලංකා ක්‍රීකට් රසිකයන්ගේ වීරයා නායකත්වය ලැබීමත් සමග ඔහුගෙ සමහර ක්‍රීයා නිසා ඒ ජනතාව අතරින්ම විවේචනයට ලක් වෙලා.

    ශ්‍රී ලංකා ක්‍රීකට් වංශකතාවෙ රන් අකුරෙන් නම ලියවු වත්මන් ක්‍රීඩාවට නොමියෙන සේවයක් කල තිලකරත්න දිල්ශාන්ගෙන් නායකත්වය උදුරා ගැනීමට, දිල්ශාන් යටතෙ ආන්ජලෝ මැතිවුස් පන්දු යැවීමට ප්‍රතික්ෂේප කල හැටි

    නායකත්වය ලබා ගත් පසුව සිය පාසලේ හා ක්‍රීඩා සමාජයේ මිතුරන් කණ්ඩායමට ලබා ගත් හැටි

    ඉන් පසුව ඒ ලබා ගත් මිතුරන් දිගින් දිගටම අසාර්ථක වෙද්දිත් ඔහුන්ට දිගටම අවස්තාව දුන් හැටි

    කණ්ඩායමට ක්‍රීඩකයන් ඉල්ලීම එක්වරම ආගමීකරණය වී බොහො දෙනා කියන පරිදි ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායම "පෙරේරා ඇන්ඩ් සන්ස්" වූ හැටි

    ප්‍රසිද්ධියේම දේශපාලනය කරමින් ඒ දේශපාලකයන්ගෙ නෑදැ පුතුන්ට කණ්ඩායමේ දොර විවර කර දුන් හැටි

    සිය නායකත්වය හා ස්ථානය රැක ගැනීමට වෙනත් ක්‍රීඩකයන් කපා දැමු හැටි

    මීට අමතරව ඇන්ජලෝ මැතිවුස්ට නායකයෙකු ලෙස සර්ව ආගමික වතාවත් ප්‍රතික්ෂේප කිරීම වැනි චෝදනා මෙන්ම දුර්වල නායකත්වය නිසා ජය ගත හැකිව තිබු තරග පරාජයට පත් වීම වැනි චෝදනාද එල්ල උනා.

    බොහො දෙනාට අනුව ඇන්ජලෝ මැතිවුස් දක්ෂ ක්‍රීඩකයෙක් මෙන්ම කණ්ඩායමෙ සිටිය යුතුම ක්‍රීඩකයෙක් නමුත් නායකත්වය අතහැරිය යුතු අතිශය දුර්වල නායකයෙක්.

    මිලියන විසි එකක හද ගැස්ම තීරණය කරන ක්‍රිඩාවක නායකයා රටට හා රසිකයන්ට වඩා සිය ආගම හා දේශපාලනය නඩත්තු කරනවා නම් ඔහු ඒ කණ්ඩායමේ නායකත්වයට නොගැලපීමට තවත් හේතු අවශ්‍ය නැහැ.

    ආන්ජලෝට එරෙහිව තිබෙන චෝදනා මල්ලට අලුත් චෝදනාවක් එකතු වෙලා. ඒ සනත් ජයසූරීය ප්‍රධාන තෙරීම් කමිටුව හා පුහුණුකරු ෆෝර්ඩ් තෝරා දෙන කණ්ඩායම ප්‍රතික්ෂේප කර තමාට අවශ්‍ය ක්‍රීඩකයන් ඉල්ලීම. පුවත්පත්වල මෙන්ම ක්‍රීඩා වෙබ් අඩවිවලත් ඇන්ජලෝගේ මේ හිතුවක්කාරී ඉල්ලීම් ගැන බලවත් විවේචන එල්ලවෙමින් තිබෙනවා.

    මේ සටහන ආරම්භ කිරීමට පෙර මා අර්ජුණ රණතුංගයන්ගෙ උදාහරණයක් සදහන් කලේය. රටක් නියෝජණය කරන නායකයාට ක්‍රීඩා පිටිය තුලදි තිබිය යුත්තෙ එකම අභිලාශයකි. ඒ සිය රට කෙසේ හෝ ජයග්‍රහණය කරවීමේ උවමනාව පමණි. රට වෙනුවෙන් සිය පෞද්ගලික ජීවිතයේ හතුරෙකු ක්‍රීඩා පිටිය තුලදි වැළද ගැනීමට සිදු වෙනවා නම් ඔහු එය කල යුතුමය.

    යම් කිසි නායකයෙක් සිය වරප්‍රසාද අවභාවිතා කරමින් මිතුරන් , පාසලේ ක්‍රීඩකයන් , පල්ලියෙ මිතුරන් , දේශපාලන මිතුරන්ට කණ්ඩායමට පැමිණිමට අවස්තාව දෙනවා නම් ඔහු සිදු කරන්නෙ රටට ද්‍රෝහිකමකි. කණ්ඩායම තුල බේදීමක් ඇති කරනවා නම් සහෝදර ක්‍රීඩකයන් කපා දමනවා නම් ඔහු රටට ද්‍රෝහියෙකි.

    ඇන්ජලො මැතිවුස් නම් ක්‍රීඩකයා රටට වීරයෙකි. නමුත් නායකයෙකු ලෙස ඔහු රටේ හා රසිකයන්ගෙ බලාපොරොත්තු දෙවන තැනට දමමින් සිදු කරන ද්‍රෝහි ක්‍රීයාවන්ගෙ අවසානය වීරයා ජනතාවගෙ හිත් වලින් මිය යාම විය හැක. හැකි ඉක්මනින් ඇන්ජලෝම ඉක්මන් වී හෝ බලධාරීන්ම තීරණය කර ඇන්ජලෝ මැතිවුස් ගෙ හිසෙන් නායකත්වයෙ කටු ඔටුන්න ගලවා නොගතහොත් ජනතාවගෙ සිතෙහි ජීවත් වන වීරයා ලගදීම මිය යනු ඇත.

    උපුටා ගැනීම ඉශාන් ජයවර්ධණ

    ......................................................................................

    ශ්‍රි ලංකා ක්‍රිකට් වල බාල වින්දනයන් ගැන ක්‍රීඩකයෙක් කිව්ව කතාවක් ලියන්න යන්නෙ

    ඊයෙ පරණ අවුරුද්දට පොඩ්ඩක් සෙට් උනා. එතෙන්දි කෙනෙක් කිව්ව මෙහෙම කතාවක්.
    කියපු කෙනා ලංකාවෙ පලමු පෙල ක්‍රීඩා සමාජයක ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. ඔස්ට්‍රේලියාවෙ අන්තර් සමාජ තරග ක්‍රීඩා කරන ආව අයෙක්

    කතාව මේකයි. එක්තරා ක්‍රිකට් තරගයකදි වර්තමාන ශ්‍රීලංකා නිත්‍ය නායකය නායකත්වට දරූ කන්ඩායම ඉතා අඩු ලකුණු සංක්‍යවකට විකට් 3 දැවි ගියාම හතර වෙනි විකට් එකර බැට් කරන්න අපේ නිත්‍ය නායකය පිරිටට යන්න සූදානම් වේනකොට අංක 6 පිතිකරුත් ඒ එක්කම නැගිට්ටලු මෙහෙම කියාගෙන. (ඔහු 2016 අන්තර් සමාජ තරග වල සාමා සාමාන්‍ය ලකුණු 50 කට වැඩිය රදවා ගත් පිතිකරුවෙක්
    ලංකා එම වසරේ වැඩිම ලකුණු ලාභීන් ගෙන් කෙනෙක්) (රොශේන් සිල්වා , වත්මන් රාගම , කෝල්ට්ස් හිටපු)

    '' යනව පේනවා මැණිකා එනව පේනව
    එනව පේනවා මැනිකා යනව පේනව

    කවුරුත් දන්නවනෙ මේක ගිතයක කෑල්ලක්. එහෙම කියන් ගිහින් ඔහු තමන්ගෙ ගියර්ස් ටිකත් ලෑස්ති කරන් ඉස්සරහට ඇවිල්ල වාඩි උනාලු. ජාතික කන්ඩායමෙ නිත්‍ය නායකය පන්දු දෙකකින් දැවී ගියාලු.

    තරගය අවසානයේ කන්ඩායම් සාකච්චා වෙදි නායකයගෙ කතා කරන වෙලාවෙ. ජාතික කන්ඩායමෙ නිත්‍ය නායකය මෙහෙම කිව්වලු

    "මේ මැනික එකෙන් ගියත් සීයෙන් ගියත් මේ මැනිකට එක ප්‍රශ්ණයක් නෑ,මේ මැනික තමයි ඊලග අවුරුදු දහයට ශ්‍රීලංකන් කැපටන්, මේ මැනික යනව එනව බලං උන්න අය මතක තියා ගන්න කොච්චර ගැහුවත් මේ මැනික ඉන්නකම් ශ්‍රී ලංකා නම් නෑ කියල"

    මම ඇහුවැ ඇයි බං ඉතිං උඹල ඔව ප්‍රසිද්ධියේ කියන්නැත්ත්ව් කියල. ඌ කියනව

    " මේව අපි ප්‍රසිද්ධියේ කියල යකො ලංකාවෙ ක්ලබ් එකකට ගහල ඉන්න එකත් නැති කරගන්නද කියන්නෙ. මීඩියා වලට ඔව කියල"

    තව එකෙක් කිව්ව එතකොට "කන්ට්‍රෑක් නෙ බං අපිට මීඩියා වලට දෙන්න බෑ ඔව ලෝක ලෙඩක් වෙනව "

    ලංකාවෙ නායකය මැතිව්ස්. මැතිව්ස් පිරිති නූල අල්ලන්නෑ කියල පොස්ට් යද්දි මම හිතුවෙ ආගමික අන්තවාදින්ගෙ මොඩ චූන් එකක් කියල. හැබැයි ඔහු සමග එකට ක්‍රීඩා කරපු සහ කරන ක්‍රීඩකයෙක් කියන කොට මැතිව්ස් ල වටා ගොඩ නගා නැගි ඇති සුපිරි බලය සහ අහංකාරකම නිසා ක්‍රීඩාවට කරන හානිය මැතිව්ස් ගැන බුකිය පුරා කියන කතා ඇත්‍ත කියල හිතෙනව. මම මැතිව්ස් දැක්කෙ ලංකාවෙන් බිහිවුන අති දක්ශ ක්‍රීඩකයෙල් විදියට. එකෙ දෙකක් නෑ කවුරුත් එක දන්නව

    හැබැයි ලංකාවෙ ක්‍රිකට් වලට වැරදුන තැන විදියට මට හිතෙන්නෙ ජනප්‍රිය සහ ප්‍රදාන පසල් වල පාසල් කන්ඩායමෙ ඉදලම මෙයා කැප්ටන් කරන්න ඔන මෙයා ලංකා ගස්සන්න ඔන කියල ක්‍රී ඩකයන් තොරන් ඔව්න් එම ස්තාන වලට එන්න ඔන කියන මාන්සිකත්වය මත කරයුතු කිරීම. මට මතකයි මැතිව්ස් 19 පහල ලොක කුසලානෙ ගහන කාලෙ මාද්‍ය වෙදීන් කිව්වෙ මොහු මීලග නායකත්වයට පුරුදු කරන්න ඔන කියල

    අන්න ඒ වගෙ ක්‍රිකට් තුල ඉන්න අනෙක් නිලදාරින් පුහුනුකරුවන් වැන්නන් නිසාත් ඔවුන්ගෙ දක්ශතාවත් නිසා මැතිව්ස් ල හට ලැබි ඇති ඔවර් කන්ෆිඩන්ස් එක සහ බලය නිසා මූණ බැලුවත් " මොකද උට්ටො බලන්නෙ' කියල ගහන පාසල් කාලෙ වගෙ මෙන්ටලිටියකට නායකයන් පත්ව ඇත.
    මැතිව්ස් ලාට දෙවියන්ට මෙන් සලකන්නෙ නැතිව අත් වැරදිමකින් මැතිව්ස් හින්ට් එකක් ලෙස සලකා අහක යන තොප්පියක් ඔලුවෙ දමා ගනීම ක්‍රීඩකයෙක්ට ක්‍රිකට් අනගාතය අහිමි කිරීමට හෙතුවක් වේ නම්. මෙවන් නායකයන්ගෙන් රටේ ක්‍රීඩාවට එහි අනාගතයට හොදක් සිදුවනු ඇත්ද?

    මෙක වෙන කෙනෙක් කිව්ව දෙයක්
    හැබැයි ජයග්‍රාහි සංචාරයකට නායකත්වය් දුන්
    ඒ වගෙම පිතිකරුවෙක් ලෙස සාර්තක වූ
    ජෙශ්ඨ ක්‍රීඩක තරංග දකුණු අප්‍රිකාවෙ ගිහින් බංකුවෙ ඉන්න කොට කුසල් ජනිත් අංක තුන ක්‍රීඩා කරන කොට මේව බොරු කියල.බැහැර කරන්න බැරි නිසා ලියල තියනව.

    උපුටා ගැනීම ඕස්ට්‍රේලියාවෙ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු වන දුලිප් දිසානායක

    ........................

    මැතිව්ස් හෙට උදෙත් ලහිරු කොල්ලට බෝලෙ නොදී පැත්තකින් දුවන් ඒවි හොඳම තුන්ඉරියව් ක්‍රීඩකයා වෙන්න.
    80න් අලුත් බෝලෙ ගන්නවානම්, ප්‍රදීප් නෑ කියලා දන්නවනම් 75දි ලහිරුට දාන්න දෙන්න ඕනත් නෑ. දුන්නත් දවස ඉවරවෙනකොට අන්තිමට ඕවර 3ක් දාන්න දෙන්න තිබ්බා 86 ඉඳලා.

    බොරුවට 90 දෙනවා, විකට් 1ක් ගියත් දවස ඉවරනෙ. පන්දුවේ පැහැය පිටින් එයාට දාන්න බෑ කියන බබා හුකුන් තමා කියන්නෙ.

    උපුටා ගැනීම ඉශාර ඉසුරු
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    avatar546449_22.gif
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    2nd test eka kawe mu thama
    tharangayata gema denna uwa anthumata euwa
    chandimalaya balapanko tharangayawa runout karanna haduwa owa okkoma muge weda
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අරූ මොකටද මැණිකා සින්දුවක් කියන්න ගියේ. හින්ට් පාස් කරන්න ගිහින් වැඩේ අනාගෙන නෙ