//කඳුළු සිත්තම්\\ - //සමලිංගික ආදරය ගැන කතාවක්\\

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
//කඳුළු සිත්තම්\\ - //සමලිංගික ආදරය ගැන කතාවක්\\

- කුළුඳුල් සිත්තම් -
[FONT=&quot]
[/FONT]
අදත් උදේම කොළඹ එනවා කියලා ඊයේ ෆෙස්බුක් එකේ දාපු පොස්ට් එකට කමෙන්ට්ස් ගොඩයි. කොළඹ කොච්චර කොල්ලෝ හිටියත් ගමේ එකෙක් කොළඹ එනවා කීව ගමන් කොළඹට අවුරුදු වගේ. මොකද කොළඹ ඉන්න බෝනික්කෝ වගේ උන් නෙමෙයිනේ ගමේ ඉන්නේ. 9.30 කොච්චියේ කොළඹ යනවා කියන එක එපා වෙන වැඩක්. කෝ මම උදේ එන්න ඇහුවාම එපා කිව්වනෙ. එයාලගේ වාසිය විතරයි බලන්නේ. මටත් නහුතෙට මොල්නෙ. නැත්තම් මෙහෙම අතින් කාලා හරක් බලයිද?[FONT=&quot]

[/FONT]
මහව ඉදන් ඉස්සර ෂීට් එකේ කොල්ල මං දිහා බලාගෙන. අමුතු හිනාවක් පොර දාන්නේ. ඉස්සරනම් ඉතින් ඔහොම හිනා වුණාම මාත් මනුස්සකමට හිනා වුණා. ඒත් දැන් එහෙම බැනේ. හිනාවෙන්න ගිහින් තමයි මට ගොඩාක් තැන්වල වැරදුණේ. උගේ හිනාව මට තේරෙන්නේ නැ කියලා උගේ හිතේ ඇති. දැන් ඉතින් මම මේකේ සැහෙන්න දුරට මුල් ගියපු එකෙක්. හද්ද පිටිසර වුණත්, මේ ලෝකේ ගොඩාක් දේවල් මම දැන් දන්නවා. ආඩම්බරකමට හිටියට මොකද උගෙත් අමුතු ලස්සනක් තියෙනවා. ඒ හින්දම උගේ අවධානෙ තියාගන්න ඕන.
--------------------------------------------------------------------------------------------------------------------------


දෙවන සිත්තම

කවුරු හරි මුලින්ම කොළඹ කෝච්චියේ යනවනම් යවන්න ඕන මේ 09.30 තමයි. ඒ මනුස්සයා අය ජීවිතේට කෝච්චියේ යන්නෙ නෑ. ඒත් ලව් කරන ජෝඩු වලට නම් 09.30 තරම් වටින කෝච්චියක් නැහැ. හොඳ ෆන් අරන් මේකේ යන්න පුළුවන්... යන්තම් මරදානේ. මම වතුර බෝතලයත් අරන් නැඟිට්ටා. ඊළගට කොටුව සේරම බහින්න ලෑස්ති වෙනවා. ඒත් අරූ විතරක් තවම වාඩි වෙලා ඉන්නේ..


තාම මං දිහා බලාගෙන. එක පාර බලන්නත් නොණ්ඩි වගෙ. මම බෑග්ගෙත් අරන් ඌ ඉන්න පැත්තෙන්ම දොර ගාවට ගියා. මම එතනින් යද්දිම මෙන්න මු නැඟිට්ටා. කටින් එකයි හිනාව. මමත් දෙකයි පනහෙ හිනාවක් දැම්මා.

මල්ලි කොහෙද?‘ දොර ගාවින් ඌ ඇහුවා. මම ඇහුණේ නෑ වගේ හිටියා.

ඒ පාර මෙන්ම මූ මගෙ කරට අත දැම්මා. කෝච්චිය කොටුවට ආවා. නවත්තපු ගමන් මම අර අත ගසා දාගෙන බැහැලා ඉක්මනටම එළියට ආවා. ආයේ පිටිපස්සවත් බලන්නේ නැතිව. පොරත් ඒත් එක්කම ආවා. මේ යකා ඇයි මගෙ පස්සෙන්... මීට් වෙන්න එනවා කියපු කෙනාට කොල් එකක් ගත්තේ ඉක්මනට මේ වදෙන් බේරෙන්න. අපො ඒකගේ ෆොන් එක බිසි. මෙලහට සෙට් එකක්ම ඉන්නවද දන්නෙ නැහැ. මට නම් කමක් නැ මොකෙක් හිටියත්. මම මගෙ කොන්දේසි කියලනෙ තියෙන්නෙ. අකමැති වුණොත් ඊළග කොච්චියේ ගෙදර යනවා. ඒත් ඌ මගේ ගමන් ගාස්තු දෙයිද දන්නෙ නැ එහෙම යන්න. මම ෆොන් එක කනේ තියාන ඉන්න හින්දද කොහෙද අරූ ස්ටේෂන් එකේ ගේට් එක ගාව නැවතුණේ. මම හෙමින් සැරේ ප්‍රයිවෙට් බස්ටෑන්ඩ් එක පැත්තට ආවා. උගෙන් බේරෙන්න. මෙකා තාම අන්සර් කරන්නේ නැහැනේ. උදෙත් හරියට කැවේ නැහැ. මොනවා හරි කන්න ඕන..

හිමි නොවී මතු දිනක
දුර ඈත ගොස් සැගව
පියාපත් නැති මගෙන්
පාර නාසන් තවත්

අහිමි නුඹ වෙන්ව ගොස්
මග වැටී පණ අදින
ආදරේ මිහිරියාව
කියා නොදි සැගවෙන්...

පින් පිරු සසර ඉම
මුල් නොවි ආදරය
තනි කපා රැය ද ලොව
අවසරයි වෙන්වන්න...

-------------------------------------------------------------------------------------



[FONT=&quot]තෙවන සිත්තම[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]ෆොන් එක පැත්තකින් තියල මම ඒ ලග තිබුණ හොටෙලෙකින් ෂෝටීස්[/FONT][FONT=&quot]දෙකකුයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මයිලෝ එකකුයි අරන් කන්න ගත්තා. ඒ ගමන් වාඩිවෙලා ඉන්න වුන් දිහා බලන්න ගත්තේ මගෙ පුරුද්ද හින්දමයි. පාරේ යද්දිත් මම සෙම දදා යන්නේ... මම ගැන කියන්න මම මොකටද බය වෙන්නේ. ඇස් දීලා තියෙන්නේ ලස්සන අවලස්සන දේවල් බලන්නනේ. ඇස් දෙක පියවුණ දාට මොනවා බලන්නද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]තියෙනකල් තියෙන සේරම බලනවා..[/FONT][FONT=&quot]

‘[/FONT]
[FONT=&quot]කෝචිචියේ එද්දිත් බලනවා...[/FONT][FONT=&quot]‘ [/FONT][FONT=&quot]මම ගැස්සිලා පිටිපස්ස බැලුවා. හිනාවක් දාගෙන මෙන්න අරූ මං ගාව...[/FONT][FONT=&quot]

[/FONT]
[FONT=&quot]මමත් කට කොනින් හිනාවෙලා පාරේ යන්න ඇවිදගෙන යන්න ගත්තා. මගේ රෙස්පට් වැඩි හින්දද කොහෙද පොර එහෙමම නතර වුණා. මම ආපහු හැරිලා හිනාවක් දාලා පාරෙන් එහා පැත්තට පැන්නා. [/FONT]


[FONT=&quot]යන්තම් එනවා කීව එකාගෙන් එස්.එම්.එස් එකක් ආවා. සි.ටි.බී. බස්ටෑන්ඩ් එක ගාවට එන්න. කොහෙද දෙයියනේ සි.ටි.බි බස් ටෑන්ඩ් එක. මමත් රිප්ලි යැව්වා. කාගෙන් හරි අහන්න සුදෝ. මුගේ අම්මගෙන් තමයි අහන්න වෙන්නේ. කොල් කරලා හරියට කියන්න බැරිනම් මම යනවා යන්න. එහෙනම් යන්න[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මට කමක් නැහැ.... මොන මඟුලක්ද? පිට කොටුවේ බෝ ගහ ගාවට වෙලා මයිලෝ එක බිබී හිටියා.[/FONT]
[FONT=&quot]

[/FONT]
[FONT=&quot]මෙන්න ඒ එස්.එම්.එස්. එනවා එකක්ම බෝ ගහ ගාවට ලස්සන සුදුපාට කාර් එකක් ආවා. [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]ඔයාද සංජන[/FONT][FONT=&quot]?‘ [/FONT][FONT=&quot]දොර අරින ගමන් සුදු හැන්ඩ්සම් කොල්ලෙක් ඇහුවා. මම ලාවට හිනාවක් දාලා [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]හ්ම්...[/FONT][FONT=&quot]‘ [/FONT][FONT=&quot]කියන ගමන් මගේ ෆොන් එකෙන් ඒ නම්බර් එකට කෝල් එකක් ගත්තා. හරි මිනිහ තමයි.[/FONT][FONT=&quot]

‘[/FONT]
[FONT=&quot]නගින්න[/FONT][FONT=&quot]‘ [/FONT][FONT=&quot]දොර අරින ගමන් එයා කීවා. [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]මොකද්ද නම....[/FONT][FONT=&quot]‘ [/FONT][FONT=&quot]මමත් නැඟලා ඇහුවා.[/FONT][FONT=&quot]

‘[/FONT]
[FONT=&quot]මම ඇත්ත විස්තරද කියන්න ඕන[/FONT][FONT=&quot]?‘ [/FONT][FONT=&quot]මගේ අත අල්ලන ගමන් හිනාවක් දාලා පොර ඇහුවා.[/FONT][FONT=&quot]

‘[/FONT]
[FONT=&quot]කැමැත්තක්[/FONT][FONT=&quot]‘ [/FONT][FONT=&quot]මම අත අයින් කරන ගමන් කිව්වා. [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]මාව [/FONT][FONT=&quot]3.30[/FONT][FONT=&quot]ට මෙතනට ගෙනත් දාන්න පොරොන්දු වෙන්න.[/FONT][FONT=&quot]‘

‘[/FONT]
[FONT=&quot]ඇයි එච්චර හදිසි[/FONT][FONT=&quot]‘ [/FONT][FONT=&quot]වාහනය ස්ටාර් කරන ගමන් පොර කිවා. [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]මම ඔයාව අපේ ගෙදරට එකක් යන්නම්. එතකොට මං ගැන විශ්වාසයක් ඇති වෙයිනේ.[/FONT][FONT=&quot]‘

‘[/FONT]
[FONT=&quot]ගො‍ඩාක් දුර ද ගෙවල්[/FONT][FONT=&quot]?‘ [/FONT][FONT=&quot]මම ඇහුවේ යන්න ඕනම හින්දා නෙමෙයි.[/FONT][FONT=&quot]

‘[/FONT]
[FONT=&quot]නෑ මල්ලියා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ළගයි.[/FONT][FONT=&quot]‘ [/FONT][FONT=&quot]පොර මම දිහා බල බල වාහනය එලවන්නේ. [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]මම ඔයාව දකින්න හරි ආසාවේ හිටියේ[/FONT][FONT=&quot]‘

‘[/FONT]
[FONT=&quot]හරි හරි දැන් දැක්කනේ[/FONT][FONT=&quot]‘ [/FONT][FONT=&quot]මමත් පොරට හින්ට් එකක් පාස් කරා. [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]පාර බලාගෙන වාහනය එළවන්න [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නැත්තම් මට අපි දෙන්නම පරලොව යාවි[/FONT][FONT=&quot]‘

‘[/FONT]
[FONT=&quot]ඉතින් ආස නැද්ද මාත් එකක් පරලොව යන්න[/FONT][FONT=&quot]‘ [/FONT][FONT=&quot]මම දිහා බලාගෙන ආයෙත් පොර ඇහුවා.[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]
[/FONT]
[FONT=&quot]‘[/FONT][FONT=&quot]අනේ මේ...[/FONT][FONT=&quot]‘ [/FONT][FONT=&quot]මම ගොඩයා කියන්නේ නිකං ඇයි. හාහාහාහ මට කොහොමත් මැනස් නැනේ. [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]මට තව කාලයක් ජීවත් වෙන්න ඕන. දැන්ම අපායේ ගිහින් බැහැ.[/FONT][FONT=&quot]‘ [/FONT][FONT=&quot]මම ඒක කියන ගමන් බැලුවේ මුගේ නම මොකද්ද කියලා. වාහනයේ අලවලා තියෙන ආදායම් බලපත්‍රයේ තියෙන විදිහටනම් පොර සතිෂ්.. සතිෂ් පෙරේරාද දන්නේ නැහැ.[/FONT][FONT=&quot]

[/FONT]
[FONT=&quot]‘[/FONT][FONT=&quot]දැන් මගේ නම දන්නවනෙ[/FONT][FONT=&quot]‘ [/FONT][FONT=&quot]මම ආදායම් බලපත්‍රය දිහා බලනවා දැක්ක පොර ඇහුවා. දැන් පොර කීවා ඇති නේද[/FONT][FONT=&quot]? ‘[/FONT][FONT=&quot]ඔයාගේ නම මොකද්ද[/FONT][FONT=&quot]‘

‘[/FONT]
[FONT=&quot]මොකක් කියලද මගේ නම සේව් කරේ[/FONT][FONT=&quot]?‘ [/FONT][FONT=&quot]මම කින්ඩියට ඇහුවා.[/FONT][FONT=&quot]

‘ [/FONT]
[FONT=&quot]මෙන්න බලන්නකෝ...[/FONT][FONT=&quot]‘ [/FONT][FONT=&quot]කියලා මට ෆොන් එක දුන්නා.[/FONT]
[FONT=&quot]--------------------------------------------------------------------------------------------------------------------------[/FONT]
 
Last edited:
  • Like
Reactions: chinthaka156

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
[FONT=&quot]https://www.blogger.com/null[FONT=&quot]සිව්වන සිත්තම[/FONT][/FONT] [FONT=&quot][FONT=&quot]
[/FONT]
[/FONT]
[FONT=&quot]‘[/FONT][FONT=&quot]සංජන. මම ඩිම් වුණා...[/FONT][FONT=&quot]

[/FONT]
[FONT=&quot]‘[/FONT][FONT=&quot]මොකද බය වෙලා වගේ.. මගෙ දිහා හිනා වෙලා බලන ගමන් ඇහුවා.[/FONT][FONT=&quot]

[/FONT]
[FONT=&quot]‘ [/FONT][FONT=&quot]බය වෙනවා නෙමෙයි හිරි වැටෙනවානෙ හලෝ මෙහෙම දැක්කාම..[/FONT][FONT=&quot]

[/FONT]
[FONT=&quot]‘ [/FONT][FONT=&quot]ඒ ඇයි [/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]

[/FONT]
[FONT=&quot]‘ [/FONT][FONT=&quot]මොනද මේ මයි මල්ලි [/FONT][FONT=&quot] .. [/FONT][FONT=&quot]කියලා දාලා තියෙන්නේ[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]මුල් අකුරුත් එක්ක නමද[/FONT][FONT=&quot]?’[/FONT][FONT=&quot]

[/FONT]
[FONT=&quot]‘ [/FONT][FONT=&quot]ඇයි එහෙම දාන්න එපාද [/FONT][FONT=&quot]? ’[/FONT][FONT=&quot]

[/FONT]
[FONT=&quot]‘[/FONT][FONT=&quot]පිස්සු හැදෙයි. සඳ බැස යයි. හාහාහා [/FONT][FONT=&quot]’[/FONT][FONT=&quot]

[/FONT]
[FONT=&quot]‘[/FONT][FONT=&quot]ඇයි එහෙම කියන්නේ. ලස්සන නැද්ද සතිෂ් සංජන කියලා ආදර කතාවක් ලීවොත් [/FONT][FONT=&quot]? ’[/FONT][FONT=&quot]

[/FONT]
[FONT=&quot]‘ [/FONT][FONT=&quot]සතිෂ් සංජන කියලා ආදර කතාවක්[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]මොන පිස්සු වැඩක්ද ඒක[/FONT][FONT=&quot]? ’[/FONT][FONT=&quot]

[/FONT]
[FONT=&quot]‘[/FONT][FONT=&quot]මම ආවේ කාත් එකක්වත් ආදර කතා ලියන්න නෙමෙයි හරිද[/FONT][FONT=&quot]? ’[/FONT][FONT=&quot]

[/FONT]
[FONT=&quot]‘ [/FONT][FONT=&quot]අම්මෝ සැර[/FONT][FONT=&quot], fb [/FONT][FONT=&quot]එකේ නම් ඉන්නේ දහයට ගණින්න බෑ වගේ නේද[/FONT][FONT=&quot]? ’[/FONT][FONT=&quot]

[/FONT]
[FONT=&quot]‘ [/FONT][FONT=&quot]දහයට ගණින්න බැ වගේ කවුද හිටියේ[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]මම දාහට ගැණලා ඉන්නේ හොඳද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ආදර කතා ලියන්න එනවා. දැන් මට ජොබ් එකක් බැලූවද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]මම කියපු කොන්දේසි සේරටම එකඟයි නේද[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]

[/FONT]
[FONT=&quot]‘ [/FONT][FONT=&quot]ඔව් ඔව්.. ගෙදරට කීව්ව ද දැන් මෙහෙම කොළඹ එනවා කියලා[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]

[/FONT]
[FONT=&quot]‘ [/FONT][FONT=&quot]ගෙදර කවුද මට ඉන්නේ කියන්න..... [/FONT][FONT=&quot]’[/FONT][FONT=&quot]

[/FONT]
[FONT=&quot]‘[/FONT][FONT=&quot]මේ ඒ දේවල් කතා නොකර ඉමු. මෙන්න මගේ අයිඩින්ටි කාඩ් එක. මෙන්න එකේම පොටෝකොපි එක. සැකයක් තියෙනවනම් හොඳට බලාගන්න. පොටෝකොපි එක තියාගන්න. හදිසියේ හරි ඕන වුණොත්. හැබැයි ගෙදරට ලියුම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පණිවුඩ යවන්න බැහැ. එහෙම ආරංචි වුණොත් මම යනවා කොළඹින්. හරිද[/FONT][FONT=&quot]? ’[/FONT][FONT=&quot]

[/FONT]
[FONT=&quot]‘[/FONT][FONT=&quot]කොච්චිම තමයි ඔයා නම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හරි සේරටම කැමති වෙලානේ මම ඔයාට කොළඹ එන්න කිව්වේ. දැන් ඒවා ගැන ආයෙත් මතක් කරන්න ඕන නැහැ. දැන් උදේට කෑවද[/FONT][FONT=&quot]? ’[/FONT][FONT=&quot]

[/FONT]
[FONT=&quot]‘ [/FONT][FONT=&quot]කොච්චියෙන් වඩෙ කෑවා රුපියල් සියකම. ඒක නිසා බඩගිනි නැහැ. [/FONT][FONT=&quot]’[/FONT][FONT=&quot]

[/FONT]
[FONT=&quot]‘ [/FONT][FONT=&quot]වඩෙ කාලා පුළුවන්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]එහෙනම් මඟින් මොනවා හරි කාලම ගෙදර යන්න යමු. [/FONT][FONT=&quot]’[/FONT][FONT=&quot]

[/FONT]
[FONT=&quot]‘ [/FONT][FONT=&quot]ගෙදරට කිවුවද දැන් මම එනවා කියලා. මොනවද මම ගෙදරට කියන්න ඕන.. [/FONT][FONT=&quot]’[/FONT][FONT=&quot]

[/FONT]
[FONT=&quot]‘ [/FONT][FONT=&quot]මම කිව්වා මගේ ඔෆිස් එකේ යාලූවෙක්ගේ මල්ලි කෙනෙක් කියලා. ජොබ් එකක ඉන්ටවීව් එකකට යන්න. ඒ ගමන් පාට් ටයිම් ජොබ් එකක් කරනවා කියලා. කොහොමත් ඔයා මාත් එකක් උදේ යනවා. මාත් එකක් හවස එනවා. ඕනෙනම් මාත් එකක්ම හැමදාම ඉන්නවා... හාහාහාහා [/FONT][FONT=&quot]’[/FONT][FONT=&quot]

[/FONT]
[FONT=&quot]‘ [/FONT][FONT=&quot]සමයං. හිතලා තියෙන දුර. [/FONT][FONT=&quot]’[/FONT][FONT=&quot]

[/FONT]
[FONT=&quot]කතාවෙන් කතාවෙන් අපි කැලණියට ආවා. ස්ටේෂන් එකේ ඉදලා කැලණියට එච්චර දුර නැහැ වගේ. දවසක් මම කැලණියට ආව කැම්පස් එකේ වැඩ වලට. දැන් නම් උපාධියේ කිසිම දෙයක් මතක නැහැ. ගිය අවුරුද්දේ වගේ ආවේ.[/FONT][FONT=&quot]

[/FONT]
[FONT=&quot]‘[/FONT][FONT=&quot]මොනවද වටපිට බලන්නේ[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]කවුරු හරි දැලේ දා ගන්නද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]හහාහාහ [/FONT][FONT=&quot]‘ [/FONT][FONT=&quot]

[/FONT]
[FONT=&quot]මම උවමනාවෙන් බලන නිසාද කොහෙද සතිෂ් අයියා ඇහුවා. [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]යමු යමු මොනවා හරි කන්න.[/FONT][FONT=&quot]‘ [/FONT][FONT=&quot]වාහනය නතර කරන ගමන් සතිෂ් අයියා කිව්වා.[/FONT][FONT=&quot][/FONT]





[FONT=&quot] https://www.blogger.com/null[FONT=&quot]පස්වන සිත්තම[/FONT][/FONT]
[FONT=&quot][FONT=&quot]
[/FONT]
[/FONT]

[FONT=&quot]‘[/FONT][FONT=&quot]මාතර රතු බත් කඩේ...[/FONT][FONT=&quot]’[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]

[/FONT]
[FONT=&quot]‘[/FONT][FONT=&quot]අපෝ මට නම් බැ රතු බත් කන්න[/FONT][FONT=&quot]‘ [/FONT][FONT=&quot]මම වාහනෙන් බහින ගමන් එතන තිබුණ බෝඩ් එක බලලා කිව්වා.[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]
‘[/FONT]
[FONT=&quot]ඔය ඇඟ හැදෙන්න ටිකක් හොඳ දේවල් කන්න ඕන.[/FONT][FONT=&quot]‘ [/FONT][FONT=&quot]මට හින්ට් එකට වගේ සතිෂ් අයියා කිව්වේ. [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]මෙන්න මෙහෙ එනවා[/FONT][FONT=&quot]‘

[/FONT]
[FONT=&quot]මගෙ ඇඟ ගැන පුදුම අමාරුවක්ගෙ මෙ කොහෙවත් යන එකෙක්ට තියෙන්නේ. වවුලගේ මඟුල් ගෙදර ගියානම් එල්ලිලා හිටු කියන්නෙ නිකං ඇයි[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]දැන් ඉතින් කාපන්කෝ රතු බත්... ආපෝ වමනෙට වගේ[/FONT][FONT=&quot]

‘[/FONT]
[FONT=&quot]රයිස් එකක් දෙන්න. චිකන් එක්ක..[/FONT][FONT=&quot]‘ [/FONT][FONT=&quot]පුටුවක වාඩිවෙන්න යන ගමන් සතිෂ් අයියා කිව්වා.[/FONT][FONT=&quot]

[/FONT]
[FONT=&quot]චිකන්.... ඒ වචනෙ ඇහෙනවත් එක්කම දිව අගට අමුතු රසක් දැණුනා වගේ. මොනවා හරි කමක් නෑ කාලා අපේ බඩ පුරවපන්. යටි බඩේ ඉන්න පණුවෙක් පයින් ගහලා කියනවදෝ කොහෙද[/FONT][FONT=&quot]?

‘[/FONT]
[FONT=&quot]වාඩිවෙන්න මහත්තයා[/FONT][FONT=&quot]‘ [/FONT][FONT=&quot]මම පුටුව ළග හිටගෙන වටපිට බලන නිසාද කොහෙද සතිෂ් අයියා කිව්වේ.[/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]පාරේ ගියත් වටපිට බලනවා. වාහනේ ආවත් එහෙමයි. තැනකට ගියත් සුක්කානම වගේ කැරකි කැරකි ඉන්නවා...[/FONT][FONT=&quot]‘

‘[/FONT]
[FONT=&quot]අනේ මේ...[/FONT][FONT=&quot]‘ [/FONT][FONT=&quot]මම පුටුව ටිකක් හයියෙන් ඇඳලා ඉදගත්තා.[/FONT][FONT=&quot]

‘ [/FONT]
[FONT=&quot]මේ පුටුවටත් ගෙවන්න වෙයි මට[/FONT][FONT=&quot]‘ [/FONT][FONT=&quot]සතිෂ් අයියා හිනාවෙන ගමන් කිව්වා.[/FONT][FONT=&quot]

[/FONT]
[FONT=&quot]උණූ උණු රතු බත් දුන් දානවා. කුකුල් මස්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පරිප්පු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සම්බෝල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මෑකරල්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පපඩම් එක්ක මිරිස් බැදලා... අනේ දෙයියනේ ඇත්තටම බත් රතු පාටද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]මට නම් කිසිම පාටක් පෙන්නේ නැහැ. කීරි සම්බා වගේ.[/FONT][FONT=&quot]

[/FONT]
[FONT=&quot]ගෙනාපු පිඟාටම මම හැදි නැතිව පිරීසියෙන්ම හොදි එකින් එක හලාගත්තා. සතිෂ් අයියා පුටුවට හේත්තු වෙලා බලාන ඉන්නවා. හරි වැඩක්නේ එහා මේස වල උන්ට වෙන වැඩක් නැද්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]සතිෂ් අයියනේ මෙවාට ගෙවන්නේ. උන් මොනවද බලන්නේ... මම සතිෂ් අයියේ මුහුණ දිහා බැලූවේ මම වරදක් කරද කියල අහනවා වගේ...[/FONT][FONT=&quot]



[/FONT]

[FONT=&quot]ගලා දිය වැල් සලා මුතුවැල්[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]පලා ගොස් සිටි නුඹ ගත වෙලා[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]මා දමා විත් මුත් බලා යලි යලි[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]කලා ආලය පල කලා[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]මම....[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]එදා මෙන් මතුවද මෙදා එනතුරා[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]මග හිදිමිය බලා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ඔබ ....[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]එයි සිතා යලි යලිද ඔබ එනතුරා...[/FONT][FONT=&quot]
-------------------------------------------------------------------------------------------------------------------------- [/FONT]

[FONT=&quot]
[/FONT]
 
Last edited:

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
https://www.blogger.com/nullසය වන සිත්තම
ඒත් සතිෂ් අයියා මුකුත් නොකියා ඔහේ මම දිහා බලාන හිටියා. බලූ කපුටු දානයක් දීලා පින් සිද්ධ කර ගන්නවා කියලා හිතනවද දන්නේ නැහැ. අනේ ඕන මඟුලක් මට මොකද? ඇයි දෙයියනේ මම විතරනේ කන්නෙ. සතිෂ් අයියා කනවද නැද්ද කියලවත් අහන්න බැරි වුණා. මම භාගයක්ම කාලාත් ඉවරයි දැන්. මම යාන්තමට ඔලූව උසස්ලා සතිෂ් අයියා දිහා බැලූවා.

ඔයා කන්නේ නැද්ද අයියේ?‘ හිතුවට වඩා වචන සෙට් එක හැගීම් බරට කියවුණා.

මම කාලානේ ඉන්නේ මල්ලිසතිෂ් අයියා මේසට ළංවෙන ගමන් කිව්වා. ඔයා කන්නකෝ ඉතින්

ඒක මිසක්. මම ඇහැක් ගහලා ඉතුරු බත් ටිකටත් වග කිව්වා.

රතු බත් කන්න බෑ වගේ නේද මල්ලියාබිල ගෙවලා කාර් එකට නගින ගමන් සතිෂ් අයියා කිව්වා.

අපරාදෙනෙ ඔයා ඕඩර් කරපු එකමම දොර ඇරලා වාඩිවෙන ගමන් කිව්වේනැත්තම් මගේ බල්ලවත් රතු බත් කන්නේ නැමටත් මැනස් කියලා දෙයක් නැනේ. කටට එන දේ එහෙම්ම කියලා දානවා. අය මොකටද හිත හිත ඉන්නේ...

අහ් එකත් ඇත්ත නේන්නම්. ඉතින් මහත්තයෝ දැන් කොහෙටද යන්නේ? ගෙදර යනවද? කැලණි පන්සල් යනවද?‘

කැලණි පන්සල් ගිය කාලයක් මතක නැ. උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ කියලා කියමනකුත් තියෙන්නේ. ඒත් මම කරපු පව් ගෙවන්න පුළුවන් වෙයිද දන්නේ නැ. දන්න කියන කාලේ ඉදන් කරේ හිතෙන් විදවන්න වෙන වැඩ තමයි.

අපි ගෙදර යමුද අයියේ. මට හරි මහන්සි.මම බැගෑපත් විදිහට සතිෂ් අයියා දිහා බලලා කිව්වා. ‘ මෙ එක නෙමෙයි ගෙවල් මොරටුවේනං මොකද මේ කැලණි ආවේ....?‘

ඇයි ගෙම්බෝ අපේ ගෙදර යන්නෙ නැද්ද? ඔයා ඔහොමම සීට් එකට ඇළ වෙලා නිදාගන්න.සීට් එක පාත් කරන ගමන් සතිෂ් අයියා කිව්වා. බය වෙන්න එපා මම මුකුත් කරන්නේ නැ හරිද?

මට ඉතින් අමුතුවෙන් මොනවා කරන්නද ඔයාසීට් එකට හේතතුවෙන ගමන් මම කිව්වා. මහන්සිය වැඩි හින්දම මගේ ඇස් මටත් හොරෙන් පියවෙන්න පටන් ගත්තා.



මියෙන මල් කම්
ගොතා නුඹ හට
පුදන්නම් නිති...
ආදරෙන්
සුවඳ ඉතිරිව තිබෙන නිසා...


ළගින් හිදගෙන
උකුල හොවාගෙන
රදන්නම් නුඹ
සෙනෙහසින්
කොපුල් දෙතොලින් වසා...


-------------------------------------------------------------------------------------------------------------------------

https://www.blogger.com/nullහත්වන සිත්තම

මුහුණු පොත නැත්තම් ෆෙස්බුක්... දැන් ලෝකේ විතරක් නෙමෙයි ලංකාවෙත් ජනප‍්‍රිය සන්නිවේදන මාර්ගයක්. අවුරුදු හයේ හතේ ඉදන් මරණාසන්න අය පවා මානසික සුවයක් ලබාගන්න චැට් කරන තැනක්. ඒත් මගේ ජීවිතෙත් මුහුණු පොත නිසා වෙනස් වෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. ජීවිතේ ඇත්තමට හරිම පුදුමාකාරයි. මේ වෙද්දි කොයි තරම් දේවල් වලට මම මුහුණ දුන්නද? දැන් අවුරුදු විසිතුනටත් ළගයි. ඒත් අවුරුදු හතලිහක වගේ අත්දැකීම්. මම ඒවා හිතලා කරපුවාම නෙමෙයි. ඒ ඒ වෙලාවට අනුව සිද්ද වෙච්ච දේවල්.

ඉස්සර නම් වැරැද්දක් වුණාම ගෙදර පහන ගාවට හරි, ගමේ පන්සලට හරි ගිහින් අඬ අඬා බුදු සාදුට කියනවා අනේ මට මේ වැරැද්දට සමාව දෙන්න කියලා. අය කරන්නේ නැ කියලා. ඒත් තනිවෙලා කල්පනා කර කර ඉද්දි එක පාරටම හිත එන ආවේග නවත්තන්න මට පුළුවන් වුණේ නැහැ. ඉස්ඉස්සෙල්ලාම අසම්මත සුවඳක් දැණුනේ මට අවුරුදු දහයෙදි වගේ. ඒක අමිහිරි අත්දැකීමක්. කාගෙවත් හැගිම් අවුස්සන්න පියවරෙන් පියවරට ඒක කියන්න මට ඕන නැහැ. කොහොම හරි ජීවිතේ පළවෙනි පාරට මම පිරිමියෙක්ගේ හැඩි දැඩි සිරුරකට යට වුණා. මම විතරක් නෙමෙයි මගේ ආත්මයම යට වුණා. එතනින් එහාට ස්ථිර කෙනෙක් කියලා නැහැ. යාලූවෝ, නැදෑයෝ, හිතවත්තු, බලවත්තු හැමකෙනෙක් වගේම මගේ සුවඳ ගත්තා. බලෙන්ම කියන්න බැහැ. හේනට ගියාම ඈතින් පෙනෙන රුවන්වැලිසෑයේ කොත බල බලා ගොඩාක් දවස් වලට මම තනියම ඇඬුවා. සමාජය කොයි තරම් කුරිරුද? මම යන්නේ කාමාශාවන් පිරුණු වෘකයින් ඉන්න තිරිසන් අපායකට. මම ඒක දැනගෙන හිටියා.

ගෙදර අම්මා තාත්තා, නංගිලා මල්ලිලා මොනවා කරනවද කියලා හොයලා බලන්න මට වේලාවක් තිබුණේ නැහැ. සමහරවිට පොඩි කාලේ මාව නොසලකා ඇරියා කියලා මට දැණුන නිසා මම හිතාමතා මගෙ පවුල නොසලකා අරින්න ඇති. මට ඒ ගැන දුකක් හිතුණේ නැහැ. තාමත් නැ මම හිතන්නේ. හා හා පුරා කියලා අසම්මත ගේ කුරුල්ලෙක් විදිහට ගමේම මල්ලි කෙනෙක්ට ආදරේ කරේ මුහුණු පොතේ සෙම පෙරන විදිහට ඇඳවල් ගානේ බුදිය ගන්න කියලා හිතලා නෙමෙයි. මම ඒ කාලේ පරිගණකයක් දැකලත් නැ. මම ෆෙස්බුක් මඟුලක් ගැන දන්නෙත් නැහැ. අදටත් ඒ නම අහද්දි මගෙ කකුල් පණ නැති වෙනවා. ඒ තරම් ආදරෙයි. තාමත් ආදරෙයි. සතිෂ් අයියා මුහුණු පොතින් හම්බුණ අනිත් අයට වඩා ගොඩාක් වෙනස් කෙනෙක්. කවදාවත් මම ටොප්ද බොටම්ද කියලා අහලා නැ. මගේ පරණ කතා අහලා මගේ හිත රිදවලා නැ. එයාට ඕන උණේ මුහුණු පොතේ කවි ලියන ඇත්ත කෙනාව බලන්න විතරයි. මගේ කවි ඒ තරම් ලස්සනයි කියලා මම දන්නේ නැ. මට හිතෙන දේ මම ලියනවා. ඒත් ඒවාට සමහරු ? තිස්සේ අඬනවා කියලා මම දන්නේ සතිෂ් අයියා කිව්වට පස්සෙයි.


පිපුණු මල් මිට ඔබට භාරයි
සුවඳ පිසගෙන සුළග හමා යයි
එකදු තරුවක් නොමැති අහසේ
සදුට පාලුයි සද සාවි වැළපෙයි
කෙමෙන් කෙමෙන්


වැහි වලා ඇතිර
සද මඩල මුවාකර
මුළු ලොවම අදුරේ
මල් වරුසා වසී..
දුටුවාද....?


අගිස්සක හිද කොපුල්
කදුලින් තෙමාගෙන
සද සාවි දෙස බලන්
සිටි පුංචි පළගැටියා...


------------------------------------------------------------------------------------


අටවන සිත්තම

වේලාව 7.00යි.


රේඩියෝ එකක එක පාරට ඇහෙනවා වගේ දැණුනා. මම ගැස්සිලා ඇහැරුණේ මම ඇඳක් උඩ ඉන්නවා දැක්කාමයි. ටක් ගාලා අතගාලා බැලූවේ මගේ ඇදිවත ඇගේද කියලා. තැක්ස් ගොඩ්... රෙදි ටික ඇගේ. හෝටලයක්ද? බිල ගෙවන්න දීලා සතිෂ් මාරුද? මගේ පර්ස් එකයි, කැමරාවයි, බෑග් එකයි... කෝ... පොරවලා තිබ්බ රෙද්ද පැත්තකට විසිකරලා මම ජනේලය ගාවට ගිහින් බැලූවේ මේ කොහෙද කියලා. තට්ටු දෙකේ පොඩි ගෙයක්. ඇයි දෙයියනේ මම මේකට කිව්වේ 3.30ට මාව ආයෙත් ස්ටේෂන් එකට ගිහින් දාන්න කියලා නේද? ? හත වෙනකල් මට මොනවා කරාද? කෑලි පහ අතගාලා බැලූවේ මොනවා හරි අලාභ හානියක් වෙලාද කියලා.

මොනවද පණ දාගෙන හොයන්නේ?‘ සතිෂ් අයියා කාමරයේ දොර ඇරගෙන ඇතුළට ආවා. තියෙන ඒවා නැති වෙලාද නිදාගෙන ඉද්දි?‘

කොහෙද මේ මම ඉන්නේ?‘ මම පුදුමයෙන් ඇහුවා

මඩමකට ගෙනාවා විකුණලා කීයක් හරි ගන්න.සතිෂ් අයියා හදාගෙන ආව තේ එක මගේ අතට දෙන ගමන් කිව්වා.

මොනවද මනුස්සයෝ කියන්නේ? මම තේ කෝප්පේ පොළේ ගැහුවා. කාමරේ වටේ යන ගමන් මගේ බෑග්ගෙයි, බාටා දෙකයි අරගෙන දොරෙන් එළියට ආවා.

සංජන...සතිෂ් අයියා මගේ අතින් අල්ල ගන්න හැදුවා.

මම හයියෙන් අත ගසා දාලා සතිෂ් අයියව තල්ලූ කරා. සතිෂ් අයියා තල්ලූ කරා. ඒත් එක්කම එයා බිත්තියේ වැදෙනවා මම දැක්කා. ඒත් එක්කම මම දොර ඇරගෙන පහළට බැස්සා. ලයිට් දාලා තිබුණ නිසා පහළ තට්ටුවත් හොඳට පෙණුනා. මඩමක් කියලා නේද සතිෂ් අයියා කිව්වේ? එත් මේක ගෙයක්නෙ. මම ජනෙල් ගාවට ගියා තාප්පක් තිබුණත් එහා පැත්තේ පාරෙන් වාහන යන සද්දේ මට හොඳට ඇහුණා. මම සාලේ බැලූවා. එහා පැත්තේ කුස්සිය. ඊට එහා පැත්තේ බාත්රූම් එක. කුස්සියෙන් එළියට යන දොරක්. ඒක ලොක් කරලා. ආයෙත් සාලෙට ආවා. සතිෂ් අයියා සාලේ තිබුණ සැටිය උඩ ඉදගෙන හිටියා.

දැන් සතුටුද?‘ ඔලූව අල්ලන් හිටිය සතිෂ් අයියා මගෙන් ඇහුවා.

කට වහගෙන දොර අරිනවාමම සතිෂ් අයියගෙ ඇස් දිහා බලාගෙන කිව්වා. මට ගෙදර යන්න ඕන

සතිෂ් අයියා සාක්කුවෙන් යතුර අරගෙන දොර ඇරියා.

හරි. දැන් ඕන මඟුලක යනවා. තමුසේ හිතුවද මේක අනුරාධපුර කියලා. මේක කොළඹ .‘ සතිෂ් අයියා දොර ඇරලා එළියට ගිහින් මට ඇහෙන්න කිව්වා. ඇවිත් බලනවා. තමුසේ ලියන කවි වල වගෙ කොළඹ ජීවිතේ සුන්දර නැ. මේක මිහිපිට අපායක්. තමුසෙට මොනවත් කරන්න ඕනෙ නම් මට ඒවා තමුසෙ නිදාගෙන ඉද්දිම කරන්න තිබ්බා. මම ඒහෙම මානසික ලෙඩෙක් නෙමෙයි. මොනවා වුණත් මාස ගාණක් තිස්සෙ කතා බහ කරපු නිසයි උදව්වක් කරන්න හැදුවේ. පවට පින දෙන්න බැනේ. ඒක නිසා ඕන මඟුලක් කර ගන්නවා....

කොළඹ කිසිදෙයක් මම දන්නේ නෑ. ඇත්තටම මේ මහ ? මම මොනවා කරන්නද? මම සැටියේ වාඩිවුණා. ඔලූවට අත් දෙක තියාගෙන බිම බලාගෙන කල්පනා කරා. දොර ඇරලා තියෙද්දිම සතිෂ් අයියා මගෙ ගාව වාඩිවුණා. මගේ ඔලූව අත ගාන්න පටන් ගත්තා.



ඉකි බිදි නෙත් පියන්
කදුළු පිරි කොපුල් පෙති
සොයයි නිරතුරු සෙමින්
සැගව ගිය ඔබ කෝ කියා...


දුටුව දනන් සිටිය මුත්
නොකියයි කිසිත් උන්
අඬන්නට ඉඩ හැරම
සීටි ඔබටත් මටත්...
 
Last edited:

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
නවවන සිත්තම

සංජනමගේ පපුව සීතල වුණා. මේ අහන්න මගේ මල්ලි. ඔයාට අබමල් රේණුවකවත් කරදරයක් කරන්න හිතාගෙන නෙමෙයි මම එන්න කිව්වේ. ඔයාව නරක කෙනෙක්ට අහුවුණොත් ඔයාගෙ වටින ජීවිතය විනාශ වෙනව මල්ලි. හැමතිස්සෙම කලබල වෙලා, හැගිම් වලට වහල් වෙලා තීරණ ගන්න එපා. ඉක්මන් වෙන්න එපා මල්ලි. මම ඔයාට පොඩි විහිලූවක් කරේ. මට තිබුණා ඔයාව 3.55 කෝච්චියෙන් ආපහු ගෙදර යවන්න. ගෙදර යන්නෙත් නැතිව කෙලින්ම ඔයාව බෝඩිමට එක්කන් ආවේ ඔයා නිදාගෙන හිටියෙ හරිම අහිංසක විදිහට නිසා. මම කොහොමද ඔයාව ඇහැරවලා ආපහු යවන්නෙ? ඔයාට යන්නම ඕනෙනම් හෙට උදේ කොච්චියට මම ගිහින් ඇරලන්නම් මල්ලි. මම පොරොන්දු වෙනවා ඔයාට කරදරයක් කරන්නෙ නැහැ කියලා.

මම සතිෂ් අයියගේ මුහුණ දිහා බැලූවා. බිත්තියෙ වැදුණ පාරට නළල ගෙඩි ගැහැලා. මම අතින් එතන අත ගෑවා.

ඌයිසතිෂ් අයියට කෑ ගැහුණා. මම සතිෂ් අයියා බදා ගත්තා.

අනේ මට සමාවෙන්න අයියේ.ඇස් ඇතුළේ කැකෑරුණු කඳුළු එළියට ආවා.මම ඉක්මන් වුණා.

ඒක දැන් අමතක කරන්න මල්ලි.සතිෂ් අයියා මාව තුරුලූ කරගෙන කිව්වා. කෝ දැන් වොෂ් එකක් දාගෙන තේ එකක් බොමු...

ඔයා දන්නවද අයියේ? මම විහින් මගෙ ගොඩාක් දේවල් නැති කරගත්තා. මම හරි මෝඩයි අයියේ...

අඬන්න එපා මගේ පැටියෝ. ඒවා අපි පස්සෙ කතා කරමු. කො දැන් හොඳ ළමයා වගේ නාඩා ඉන්න.

මම තාමත් සතිෂ් අයියා බදාගෙන. සතිෂ් අයිය මගේ ඔලූව අත ගානවා. මට මතක් වුණා සතිෂ් අයියගේ නළල ගෙඩි ගැහිලා නේද කියලා. මම සාක්කුවෙන් ලේන්සුව අරගෙන ඒක පොට්ටනියක් වගේ බැන්දා. සතිෂ් අයියත් එක්කගෙන කුස්සියට ගියා. රයිස් කුකර් එක දුම් දානවා. මම ඒකෙ පියන ඇරියා.

මොකද ඔය කරන්න යන්නේ? අත පිච්චෙයි.මම පියන අරිද්දිම සතිෂ් අයියා කිව්වා.

කෑ නොගහ වාඩිවෙන්න.එතන තිබුණු පුටුවෙ මම සතිෂ් අයියව වාඩි කරවලා දුමට පොට්ටනිය ඇල්ලූවා. එක ටිකක් රත් වුණාම සතිෂ් අයියගේ ගෙඩි ගැහුණ තැන තිබ්බා. දෙවනි පාරටත් සතිෂ් අයියා කෑ ගැහුවා. ඒත් මම දිගටම ඒක කරද්දි එයා ඇස් පියාගෙන විදගෙන හිටියා. ඇස් පියාගෙන ඉන්න සතිෂ් අයියා දිහා මම බලාගෙන හිටියා.

රෝස පැහැ ඇති
සියුම් දෙතොල්පෙති
සීතලට උණුසුමක්
ඉල්ලමින් වදදෙති
ඈත අරණේ සිට
පැමිණ වෙහෙස ඇති
කුමරුනේ එවන් ගත
සතපවන් සැනින් නිති....



------------------------------------------------------------------------------------


දසවන සිත්තම

ඉවරද දොස්තර මහත්තයෝ?‘ මම සතිෂ් අයියා දිහා බලාගෙන ඉන්නවා දැක්ක සතිෂ් අයියා ඇහුවා. මොනවද බලන් ඉන්නේ? චන්ඩිකම් කරලා...

මම බිම බලාගත්තා. ඇත්තමට මම හදිසි තීරණගන්නවා. ඒක නිසාමනෙ මට ගොඩාක් දේවල් නැති වුණේ.

හරි දැන් ඔයා වොෂ් එකක් දාන්න මල්ලි. මම කෑම හරි ගස්සන්නම්.සතිෂ් අයියා පුටුවෙන් නැඟිට්න ගමන් කිව්වා.

ඉස්සරා සැටියේ තිබුණ මගේ බෑග්ගෙයි බාටා දෙකයි ආයෙත් උඩ තට්ටුවට අරගෙන යන ගියපු සතිෂ් අයියා තුවායකුයි, ෂෝටා එකකුයි අරගෙන ආවා.

ආ මෙන්න.... දැන් යන්න මහත්තයෝ.

මාව බාත්රූම් එකට තල්ලූ කරපු සතිෂ් අයියා උයන්න ලෑස්තිවෙන බව මට ඇහුණා. ඇඳගෙන හිටපු ඇදුම් සේරම මම ගලවලා ෂවර් එක ඇරියා. 9.30ට අනුරාධපුරින් ගත්ත දූවිලි වල ඉදලා හැම ස්ටේෂන් එකකම කුණු සේරම ටික ටික හොඳගෙන වතුර ගලාගෙන ගියා. මම ඇස් දෙක පියාගෙන වතුර වලට නිදහසෙ ගලාගෙන යන්න දුන්නා. මීට කලින් හැමපාරම වගේ මෙහෙම වතුර ගලාගෙන ගියේ කඳුළුත් එක්ක. මොකෙක් එකක් හරි පැයක් දෙකක් බුදියගෙන ඉදලා ටක් ගාලා තියෙන බාත්රූම් එකකට ගිහින් තනියම අඬ අඬා පිරිසිදු වෙන්න හදනවා. ඒක සතියකට දෙකකට විතරයි. ෂැම්පු ගාලා ඔලූව හෝදලා තිබුණ සේරම දේවල් ගෑවා. රැවුලත් ටිකක් කපාගෙන දත් ටිකත් මැදගෙන දුන්න ෂෝටා එක ඇඳගෙන මම එළියට ආවා. ඒක ටිකක් වැඩියි මට. ඒත් පටි දෙක ඇදලා ගැට ගැහුවාම හරි. සතිෂ් අයියා කෑම ලෑස්ති කරලා මේසෙට වෙලා වාඩි වෙලා හිටියා.

අම්මෝ සුවඳ......මම එනවා දැක්ක සතිෂ් අයියා කිව්වා.

සුවඳ සබන් ගෑවාම එහෙම තමයි ඉතින්මම තුවායෙන් සතිෂ් අයියට දමලා ගැහුවා. දැන්නම් ටිකක් නළලේ ඉදිමුම බැහැල වගෙ. කෑම වල සුවඳ.. එපා වෙනවා.

කමු ද එහෙනම් ...


කන්න තමයි තියෙන්නේ සතිෂ් අයියා මට කෑම බෙදන ගමන් කිව්වා. රසද කියලනම් මම දන්නේ නැ. මොකද මට කන්න පුළුවන් විදිහට තමයි ඔය උයන්නේ. මේ ගෙදරට මීට කලින් ? කෑමට කවුරුත් ඇවිත් නැනේ...

අනේ මේ මම කොණ්ඩෙ බැදපු චීනෙක් කියල හිතුවද?‘ මම බත් ඇති කියලා අතින් සන් කරන ගමන් කිව්වා. ඕන දේයි එපා දේයි කියන වෙලාවල් තියෙනවා. ඒත් මට එහෙම පුරුද්දක් තිබිලා නැහැ. ඒ ගැන සමාවෙන්න ඕන. මොකද ගමේ බයියෙක්ට මොන මැනස්ද? ‘ මේ කාත් කවුරුවත් නැති ගෙදරට කවුරුත් නැහැ. බොරුව නැතිව ඉන්න අයියා. ඇත්තටම කවුද හලෝ ඊයේ ? ආවේ...?‘ මම එහෙම කිව්වේ හින්ට් එකට.

සතිෂ් අයියා බිම බලාගත්තා. මට මාලූ වර්ග බෙදලා ඉවරයි.

ඔයා හිතනවද මල්ලි මම එහෙම කෙනෙක් කියලා...මෙන්න දෙයියනෙ සතිෂ් අයියගෙ ඇස් වල කඳුළු. මම කිව්වා වගේ මම හොඳ ජොබ් එකක් කරනවා. එකෙන් තමයි මට මේ ඇනෙක්ස් එක දීලා තියෙන්නේ. මේ ගෙදර තියෙන බඩු සේරම මම ගත්තුවා. හිදලා හිටලා මල්ලියි අම්මයි ඇවිත් යනවා. තාත්ත නම් කවදාවත්ම මම දැකලා නැහැ මල්ලි. මේ ගෙදරට එහෙම කවුරුත් ඇවිත් නැහැ. මම එහෙම ගෙන්න ගන්න කෙනෙක් නෙමෙයි මල්ලි...

අනේ අපරාදෙ හලෝ...මම බත් අනන ගමන් කිව්වා. සතිෂ් අයියගෙ ඇස් වල කඳුළු දැක්කෙ නැතිව නෙවෙයි. කවුද දන්නෙ මේක මායමක්ද කියලා. හරි හරි දැන් කන්නකෝමම සතිෂ් අයියට බත් බෙදුවා. දෙන්නම කලා ඉවර වෙනකල් මුකුත් කතාවක් බතාවක් නැහැ. මීයට පිම්බා වගේ .


පිපී මල් හිත වටේ විත්
ගත සුවඳ දෙන හැටි අපූරුයි
ඔබ වගේ මද පවන ගත්
සිසිලසයි මගේ ජීවයයි


අත් බැද සෙමින් වැව්
ඉවුර මත අපි ගියා
ඇවිදගෙන හරි නිදහසයි
එක රැයක් වෙන් කල


අපේ හීනය තාම මතකයේ
මා ළගයි...
 
Last edited:

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
එකළොස්වන සිත්තම

සතිෂ් අයියා පිගන් දෙකම අරන් ගිහින් හේදුවා. මමත් කෑම මෙසේ තිබුණ පිගන් කුස්සියට ගිහින් දුන්නා. තියන්න මල්ලි. මම හෝදන්නම්...මම පිඟන් ගෙනත් තියද්දි සතිෂ් අයියා කිව්වා.

හෝදන්න තමයි මේ ගෙනත් තියන්නෙ...මම පිඟන් ටික තියන ගමන් කිව්වා.

පුදුම කටත් තමයි මේකනම්. ඇත්තටම ඔයාද මාත් එකක් චැට් කරේ....?‘ සතිෂ් අයියා මගෙ ඇස් දිහා බලාගෙන ඇහුවා.

මම කොහොමද ඒක දන්නෙ? මේ වතුර නාස්ති වෙනවා. ඉක්මනට ඔය පිඟන් ටික හෝදනවා.

හරි ඔයා තමයි.

මොකක්

කුණු ලෝභයා ඔයා තමයි මාත් එක්ක චැට් කරේ....සතිෂ් අයියා හිනාවෙන ගමන් පිඟන් ටික හෝදලා රාක්කෙන් තිබ්බා.

සේරම වැඩ හරිම පිළිවෙලයි. ගිය පාර ගාල්ලෙ අයියගේ බෝඩිම වගේ නෙමෙයි. අපෝ එක නම් ගන්දස්සාරේ බැහැ. ඒ මදිවට බල්ලොයි පූසොයි.. අප්පිරියාම සත්තු. .. මම එහෙමම සාලෙට ආවා. ටිකක් සීතලයි වගේ. වැඩිපුර ටී ෂර්ට් එකක් ගෙනාවේ නැනේ මම. මම සාලූව ඇඟට පොරව ගත්තා. එහෙමම සැටියේ ඇළ වුණා. සතිෂ් අයියා දොර ඇරලා වහන සද්දේ ඇහුණා. රෙදි ටික මැෂින් එකට දාලා හෝදන්න. බාත්රූම්එකත් හොඳනවද කොහෙද? මටත් එහෙම අවුලක්නම් නැහැ. කොච්චර නිදහස් ජීවිතයක් ද? මිනිස්සු හැමදේම කරන්නේ සතුටින් ජීවත් වෙන්න. ඒත් තාවකාලික සතුටක් මිසක් කවුරුත් සදාකාලික සතුටක් ලබන්නේ නෑනේ. බලාගෙන යද්දි අපි විතරක් නෙමෙයි දුක් විදින්නේ. සම්මත විදිහට කසාද බැදපු කී දෙනෙක් ලෝකෙට හොඳ මූණ පෙන්නගෙන අසම්මත වැඩ කොච්චර නම් කරනවද? ඒකත් හරියට අමරසිරි පීරිස් කියන ලදුනේ සිංදුව වගේ...අදුරේ පව් කරන දනා එළියේ රවන ළදුනේ...මම ආසම තේමාවක්. මාත් එක්ක බදුලූ ගියපු පොරට මම අවසානෙට යවපු එස්.එම්.එස් එකනෙ ඒක. දැන්නම් උගෙ ෆොන් එක වැඩත් නැහැ. සමහරවිට ඌ මාව බ්ලැක් ලිස්ට් දාලා ඇති. බොටම් වුණා කියලා උගෙත් ඇති රහක් නැහැනෙ... එක පාරටම නළලට සීතලක් දැණුනා. මම ගැස්සිලා ඇහැරුණා. මේ ගැස්සිලා ඇහැරෙන එක කලින් මට තිබුණනම් කොච්චර හොඳයිද? දැන් තමා ඒකත් හුරුවෙලා තියෙන්න...

ඇඟ රස්නෙයි නේද?‘ සතිෂ් අයියා මගෙ නළලට අත තියලා බලලා. මෙන්න පෙනඩොල් දෙකක් බොන්න.

අපෝ මට බෙහෙත් බොන්න බැහැ.මම කිව්වා. ඇත්තටම මම බෙහෙත් බොන්න ආස නැහැ. එපා වෙලා. පොඩි කාලේ හතිය හැදිලා ස්වල්ප බෙහෙත් තොගයක් බීව්වද මම.

ඒකත් එහෙමද

සතිෂ් අයියා බෙහෙත් ආයෙත් බෝතලෙට දාලා මොනාද බාම් බෝතලයක් අරන් ආවා. ඒකනම් පට්ට සුවඳයි. මගේ ළගින්ම වාඩිවෙලා කරෙන් ඇඳලා අරන් ඔලූව ඔඩොක්කුව උඩින් තියාගත්තා. මමත් මුකුත් කියන්නෙ නැතිව ඕන දෙයක් කියලා හිටියා. නළලෙයි නළල දෙපැත්තෙයි බාම් ගන්න ගත්තා. සුපිරි හෙඩ් මසාජ් එකක් එක්ක. ලාවට වගේ තිබ්බ හින්දා නිදිමත ඇස් දෙක මටත් හොරෙන් පියාගෙන.

අහම්බෙන් fb chat එකේදි සතිෂ් අයියා මිට් වුණේ. කලින් කලින් මම ලියන කවි වලට පොර ලයික් දැම්මා. පස්සේ කමෙන්ට් කරා. කොහොමත් මට කැහිල්ල තියෙන එකෙ මම චැට් කරා. හිතේ ඇදිලා තිබ්බ රූපෙ වගේම එකක් නිසා මම අවධානෙන් හිටයේ. පස්සේ කවි ලිව්වේ හිමීට එයාට අඟවන්නමයි. ඒක මගෙ කපටිකම වෙන්න ඇති. මගේ ජීවන සහකරු ඩොක්ටර් කෙනෙක් හරි, බැංකු නිළධාරියෙක් හරි, ගුරුවරයෙක් හරි වෙනවනම් හොඳයි කියලනේ මම හිතාන ඉන්නෙ. සතිෂ් අයියා ඒ පොරොන්දම පාස්. මොකද එයා බැංකු නිළධාරියෙක් නිසා.

මට වඩා අවුරුදු 5ක් වගේ වැඩිමල්. තාත්තා නැති වුණාට පස්සේ එයාට ඒ බැංකුවේම ජොබ් එක හම්බෙලා තියෙන්නෙ. දැන් අවුරුදු 27යි සතිෂ් අයියට. බැංකුවේ හොඳ පොස්ට් එකක් තියනවා. නැත්තම් මෙහෙම ගෙවල්, කාර් දීලා තියාගනිවි යැයි. මට සල්ලි වලින් උදව් කරන්න හැදුවත් මම ඒකට කැමති වුණේ නැහැ. ඉදලා හිටලා ස්කයිප් සෙක්ස් කරන්න කාඩ් දාගත්තා වෙන වුන්ගෙන්. ඒත් සතිෂ් අයියගෙන් තවවෙනකල් සත පහකවත් ගත්තේ නැහැ. මට ගන්න හිතුණෙත් නැහැ. රීයල් ෆෙස්බුක් එකේ කලින් මම ගේ කෙනෙක් කියලා කීවාම ගොඩාක් අය මාව බොලොක් කරා. මම පොන්නයෙක් කිව්වා. ඒ අයගෙන් සමහරු ආයෙත් ෆේක් අහනවා අරකෙ සයිස් එක කීයද කියලා. එතකොට මම අඟලට මැනලා උන්ට සයිස් එක කියලා දුන්නා. ඒත් සතිෂ් අයියා මම ගේ කිවාට පස්සේ ඒ ගැන හාර හාර ඇහුවේ නැහැ. එයා කිව්වේ එක මගෙ කැමැත්ත කියලා. මම හිදලා හිටලා එයාව අවුස්සන්න හැදුවත් එයා ඒවා ගණන් ගත්තේ නැහැ. ඒ නිසාමයිමම මගේ කතාව සතිෂ් අයියට කිව්වේ. එයා රෑට පැය ගණන් කතා කරලා මගෙ දුක තුනී කරා. මම ඇඬුවා. ගෙදරට නැහුණ ඒ දුක සතිෂ් අයියට ඇහුණා.

සීතල හුළං එක්ක තටු විහිදලා පියාඹනවා වගෙයි හිතට දැන් දැනෙන්නෙ. වෙනදා වටයක් දාන්න ගියාම එක විකාරයයි. අද කිසිම දෙයක් හිතට එන්නේ නැහැ. හිත නිදි. මෙච්චර කාලෙකට තිබුණ කාමුක හැගිම් යටපත් කරගෙන නිදි. හීලෑකරපු අලියෙක් වගේ.


තරු එකින් එක පිපිලා
දැක්කද?
සද නැති අමාවකක් තමයි
අහස නම්
ඒත්
නිවි නිවි දැල්වෙන තරු
ඔයාගේ මේ නිල්පාට අහස වගේ
තරහා නැත්තම් එනවද
තුරුළට ටිකක්
සත්තයි පොරොන්දු වෙනවා
රිදවලා මිරිකන්නේ නැහැ කියලා...


-------------------------------------------------------------------------------------


දොළොස් වන සිත්තම

එක පාරම මම ගැස්සිලා ඇහැරුණේ කොහොමත් මට තියෙන හොඳ පුරුද්දක් නිසා. ගෙදර හිටියත් නිදාගෙන ඉද්දි පාන්දර එකට දෙකට මට ඇහැරෙනවා. කොහෙද මම මේ ඉන්නේ...? අහ් මම කොළඹ ආවනෙ. කො බොලේ සතිෂ් අයියා. ආයෙත් නැඟිටලා ජනේලිය ගාවට ගියා. කලින් වෙලාවේ හිටිය තැනම තමයි ඉන්නෙනම්. ලයිට් එක දාලා බැලූවා. සතිෂ් අයියා කාමරේ නැහැනෙ. අඩෙ මාව දාලා මේකා කොහේ ගියද?

මම පඩිපෙළ හිමීට බැහැගෙන ආවා. ඇස් දෙක අදහගන්න බැරි වුණා. අනේ දෙයියනේ මේ ටි‍්‍රබල් ඇඳක් තියෙද්දි සතිෂ් අයියා තනියම සැටියට වෙලා නිදි. රෙද්දක්වත් පොරවගෙන නැහැ. මම පඩිපෙලේ ඉදගත්තා. ටිකක් වෙලා සතිෂ් අයියා දිහා බලාගෙන හිටියා. මාර්ටින් වගේම තමයි. අහ් මාර්ටින් කියන්නෙ මගෙ රට යාලූවෙක්. ගේ නෙමෙයි. ඒත් මගෙ හිතේ ඇදුණ රූපේ එක තමයි. මොකද මගෙ ආත්මීය ආදරෙ ඒ වගෙ නිසා. ඒ ආත්මීය ආදරෙන් ගොඩාක් පාඩම් ඉගන ගත්ත නිසයි කවදාවත් අය මල්ලි කෙනෙක්ට ආදරේ කරන්නෙ නැහැ කියලා මම තීරණේ කරේ. කවමදාවත් ඒක නම් කරන්නේ නැහැ. කී පාරක් මැරෙන්න ගිහින්ද මේ ගොඩ ආවේ. අන්තිමට අහගන්න තියෙන සේරම කතා ටික අහගෙන තමයි ඒ ගෙදරින් එළියට ආවේ. ඒව මතක් වෙද්දිනම් ආයෙත් අඬන්න පුළුවන්. මම පඩිපෙළින් නැඟිට්ටා. හෙමින් හෙමින් සතිෂ් අයියා ගාවට ගියා. මම පොරවගෙන ආව බෙඩ් ෂීට් එක එයාට පෙරෙව්වා. ඒක පොරවද්දිම සතිෂ් අයියා ලාවට ඇස් ඇරලා බැලූවා. එයා ලාවට හිනාවක් දාලා,

මොකද හීනෙන් ඇවිදිනවද?‘ කියලා ඇහුවා

ඇයි මෙතන නිදි අයියේ....

මෙතන සීතලයිනේ. මදුරුවොත් ඉන්නවා. අච්චර ලොකු ඇඳක් තියෙද්දි ඇයි මේ.....

ඔයා කිව්වනෙ කාත් එක්කවත් නිදා ගද්දි ඔයාට ? නින්ද යන්නේ නැහැ කියලා..

අනේ සතිෂ් අයියා මම කීව සේරම මතක තියාගෙන ඉදලානෙ. කිව්වනම් තමයි. වටේ ගිහින් ඉද්දි කොහොමද නිදාගන්නෙ. මොනව හරි කරලා ගියොත් එහෙම...

මොනවද කල්පනා කරන්නෙ. දැන් පාන්දර 2යි. නිදා ගන්න ගිහින්...

මට බැහැ.

ඇයි?‘

සීතලයි මට...


ඉතින් මේ බෙඩ්ෂීට් එක අරගෙන ගිහින් පොරවගෙන නිදාගන්නකෝ

එතකොට ඔයාට සීතලයිනෙ

මට සීතල නෑ මල්ලියෝ... මම සමහර දවස් වල ඇවිත් මෙහෙම නිදාගන්නවනෙ.

අපරාදේ ඇඳක් ගත්තෙ...

මම උඩ තට්ටුවට එන්න හැරුණා. සීතල නැත්තම් නිදාගත්තදෙන්. මට මොකො. අච්චර හොඳ ඇඳක් නෙට් එකක් දාලා තියෙද්දි පව් ගෙවනවා...

සතිෂ් අයියා එක පාරම මාව ඇඳලා ගත්තා.

හිතුවද ළගට ආවම යන්න දෙයි කියලා.

මම කැරකිලා ගිහින් සතිෂ් අයියා ගාව වැටුණා. දැන්නම් එයාගෙ පපුව උඩ. ඩිග් ඩිග් ගාලා පපුව ගැගෙනවා. සතිෂ් අයියා මාව පැත්තට තුරුල් කර ගත්තා. හරියට වහු පැටියෙක් වගේ. පැත්තට නිදා ගන්න. බෙඩ්ෂීට් එක දෙන්නටම පෙරෙව්වා. මගෙ අත දෙකත් අල්ලන් මගෙ පපුවට තුරුල් කර ගත්තා. මගේ නළලට හාදු ගොඩායි. මගේ හිත පුරුණා. මේකනම් ඇත්තටම හීනයක්. රාගයක් ගැවිලාවත් නැහැ.



පැතුම් පුරන්නද ආයෙත් මම
අත් අල්ලන් දුර යන්නට
සද මඩල ලගට වෙලා
මඟ බලාන ඉන්නවද
තරු කැටිති අතර මැද
සිදි ගියොත් තටු යුග
දුවලා ඇවිත් මාව
එක්කන් යනවා නේද?
විෂ නොමැති තුඩින් ඔබෙ
නැති නමුත් මකරන්ද
ඇසි පිල්ලමක් යටින්
තබාගන්න පුළුවන්ද
 
Last edited:

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
දහතුන් වන සිත්තම

උදේ නැඟිට්ද්දි මම ආයෙත් ඇඳේ. මේකව නම් හම ගහන්න ඕන. වේලාව 8යි. වැඩට යන්නේ නැද්ද දන්නේ නැහැ. අහ් අද ඉරිදනෙ. මම ආවේ ඊයේ. සතිෂ් අයියට සැටිස් නැත්තම් ආපහු හතරේ ටේ‍්‍රන් එකේ ගෙදර යන්න හිටියෙ. මම කොළඹ කියල ගෙදරට කියන්න වෙයිද ? හ්ම්.... තව වෙනකල් මට කතා කරලා මම කොහෙද කියලවත් ගෙදරින් ඇහුවේ නැනේ. ගෙදරට මම හිටියත් එකයි. නැතත් එකයි. සල්ලි මොනවා හරි ඕන වුණොත් කොහෙ හිටියත් කතා කරලා විස්තර අහවි. අනෙ ඕන නැ....

මම ඇඳෙන් නැඟිටලා කුස්සියට ගියා. සතිෂ් අයියා කෑම හදලා ඉවරයි. සේරම මේසෙ තියල... ඉඳිආප්ප මාළු හොදි එක්ක. කටට කෙලත් එනවා. ඉඳිආප්ප හදන්නත් දන්නවද බොලේ මෙයා... ඉස්සර දොර ඇරලා තිබුණ නිසා මම එළියට ගිහින් බැලූවා කොයි කියලා. ආව්... මල් වලට වතුර දානව...

දැන්ද නැඟිට්ටෙ...මම දිහා හිනාවෙලා බලලා සතිෂ් අයියා ඇහුවා.

නැහැ. ? ඉදන් නැඟිටලා හිටියෙ...

එහෙමද?‘

මොකද මාව ආයෙත් ඇඳෙන් තිබ්බෙ...

ඇයි ඇහැරලා හිටියනම් මගෙන් අහන්නේ. හාහාහාහා
මුගෙ ආච්චිට හාල් ගරන්න....

මම බැලූවේ මොනවද කරන්නෙ කියලා...මම ඉස්සරා පඩියෙ වාඩිවෙන ගමන් කිව්වා.

මොනවද දැන් මම කරේ..

මොකවත් කරපු නැති එකනෙ හිතට දුක..

ඇයි මොනව හරි කරගන්නද ආවේ දැන්?‘

නැහැ. මොනවා හරි කරලා යන්න..මම හිනා වෙලා කිව්වා.

මේ මගෙන් මුකුත් නාහා ගිහින් දත් මැදලා මූණ හොඳ ගන්නවා.

කියනවකෝ මටත් ටිකක් දැන ගන්න...මමත් රණ්ඩුවටම කියාගෙන ගියා.

අයියෝ............. මෙන්න මට වතුර ගැහුවා.... ඉවරයි ඇඟ දැන් ඉතින් නාපන්කො. මම නැඟිටලා ගිහින් පොර බැදුවා. දෙන්නම උදේම නෑවා...

හරිද දැන් ආසාව...හාහාහාහ සතිෂ් අයියා මාව උස්සන් බාත්රූම් එකට ආවා.හොඳට නානවා දැන් නැත්තම් හෙම්බිරිස්සාව හැදෙයි..මාව බාත්රූම් එකෙ තියලා සතිෂ් අයියා එළියට යන්න හැදුවා. මම එයාව ඇඳලා ගත්තා.

මොකද මේ...

මාත් එක්ක නාන්නකො...

නාවන්නද කියන්නේ....සතිෂ් අයියා ෂවර් එක අරින ගමන් ඇහුවා... සීතල වතුර පාර දෙන්නම නාවගෙන ගියා.

හ්ම්... කියන ගමන් මම කමිසෙ ගැලෙව්වා.

සතිෂ් අයියා මාව තුරුල් කර ගත්තා. වතුර වල සීතලට වඩා සතිෂ් අයියගෙ පපුවෙ රස්නෙ මට දැනුණා. මම සතිෂ් අයියගෙ කමිසෙත් ගැලෙව්වා. පිරිමියෙක්ට තියෙන ලස්සනම පපුව. පිටින් විතරක් නෙමෙයි ඇතුළිනුත් මම දැක්කෙ සතිෂ් අයියගෙ වෙන්න ඕන. මම සතිෂ් අයියගෙ මුහුණ දිහා බැලූවා... සතිෂ් අයියා මගෙ නළල ඉම්බා.. සීතල වතුරත් එක්ක ඒ උණුසුම් හාදුව මගේ හදවත සලිත කරා. මගෙ කම්මුල් ඉබ්බා. සතිෂ් අයියට කැමති දෙයක් කරන්න දීලා මම හිටගෙන හිටියා. සතිෂ් අයියා මගේ ඇඟිලි වලට එයාගේ ඇඟිලි තද කරලා අල්ල ගත්තා. දෙන්නම ඉන්නෙ උපන් ඇදුමින්. ඒත් තවම රාගයක් මතු වෙලා නැහැ. සේරම අවයව තියෙන විදිහමයි. මටත් පුදුමයි. එක පාරම මට කිවිසුමක් ගියා... සතිෂ් අයියා මාව තුරුල් කරන් හිටියේ...

හරි... ඔන්න එලාම් එක වැදුණා. තාම සබන් ගැවෙත් නැහැනෙ....


ඔයා සබන් ගාන්න දුන්නේ නැනේ

මොකක්

අත් දෙකෙන් අල්ලන් බදාගෙන ඉද්දි කොහොමද සබන් ගාන්නේ...තවත් කිවිසුමක් යනව ගමන් මම කිව්වා.

කපටියා...සතිෂ් අයියා ෂැන්පු අරන් මගේ ඔලූවේ ගෑවා.. සබන් ගාලා රෙදි කෑල්ලෙන් අතුල්ලනවා... කෝ පිට....

මම එහා පැත්ත හැරුණා.

ෆුල් සර්විස් එකක් දෙන්න වෙනවා.සතිෂ් අයියා ඇඟ පුරාම මගේ සබන් ගාන ගමන් කිව්වා. රහස් තැන් වල සබන් ගාද්දිනම් මට කිච් කැව්වා.... මම හිනාවෙවි දඟලනවා බලාගෙන හිටිය සතිෂ් අයියා...

ලංකාව වටේම ගිහින් තියෙනවලූ... ඒත් හරියට කිචි ටික යවාගන්න කෙනෙක් හම්බුණේ නැද්ද....?‘

මම මුකුත් නොකියා හිටියා. ඒකට සතිෂ් අයියට දුක හිතුණා වගෙ.

ඔන්න ඉතින් මූණ දෙල් කර ගත්තා. මම විහිලූවටනෙ කිව්වෙ පැටියෝ..පැටියෝ... ඉස්සර ගාල්ලෙ ඩොක්ටර් කෙනෙකුත් මට පැටි කිව්වා. දැන් එයා කතා බතා නැහැ. මම ගෙදර ගිහින් තියෙනවා. දවසක යන්න ඕන බලන්න පොරව.

අහ් ඒකට කමක් නැහැ අයියා. මට ඒක ගාණක් නැහැ. හාහාහා...

ඒක මිසක් කො දැන් සබන් හෝද ගන්න ඇති නෑවා...

මාව නාවලා ඉවර කරපු සතිෂ් අයියා තුවායෙන් මාව පිහදැම්මා. මට තුවාය අන්දවල එයා නාන්න ගත්තා. නොකීවට එයාටත් කිවිසුම් දෙකක් තුනක් ගියා වගෙ.

ඔය කන්නෝ...සබන් ගාන ගමන් සතිෂ් අයියා බාත්රූම් එකෙ කෑ ගහනවා.

ඔයත් එනකල් ඉන්නම්....

බයික් එකක් ඇවිත් දොර ගාව නතර වුණා. දොර ඇරලා තිබුණෙ. මම සාලූව ඇඳන් ඉන්නෙ. කවුද මේ... උඩ තට්ටුවට යන්නත් බැහැ. මම ටක් ගාලා බාත්රූම් එකට ගියා.

අයිය කවුද ආව වගෙ. ...

කවුද?‘

පිස්සො කවුද කියල දන්නවනම් මම කතා කරනවනෙ....

ඉතින් කතා කරලා බලනවකො කවුද කියලා

සීතල ඔලූවට ගහලද යකෝ... මම දොර ළගට කට ලංකරලා ඇහුවා...


------------------------------------------------------------------------------------


දා හතරවන සිත්තම

අයියා....සාලෙන් සද්දේ ඇහුණා...

හුටා මල්ලි ඇවිත්...

සතිෂ් අයියා බාත්රූම් එකෙ දොර ඇරලා මාව ඇතුළට ගත්තා.

මම නානවා..මගේ කටට ඇඟිල්ල තියාගෙන කිව්වා. මම අත අයින් කරා.

උඹ මී හරක් මස් කාලා ආවද? මේ උදේ පාන්දර නාන්නෙ... මොකද අර ඉස්සරා ටැප් එක ඇරලා දාලා...

අම්මට සිරි දෙන්නා පිස්සු කෙළියා. ටැප් එක වහන්නත් බැරිවුණානෙ...

ඉතින් වැහුවද?‘ සතිෂ් අයියා මවාගත්ත හිනාවක් එකක් ඇහුවා. මොකද උදේ ම ම. හදිසියක්ද?‘

හදිසියක්ම නැහැ.සතිෂ් අයියගෙ මල්ලි කිව්වා. අම්ම දවල් ඇවිත් යන්න කිව්වා. උඹ ඊයේ හවස එනවා කියලා ආවේ නැනෙ. මම මේ ක්ලාස් යන ගමන් ආවේ පණිවිඩෙ කියලා යන්න...

ඉතින් කොල් එකක් දෙන්න තිබ්බනෙ..

මම යනවා... උඹ දවල් ගෙදර ගියාම ඒක අම්මට කියපන්... කාටද මෙච්චර ලස්සන කෑම මේසයක් හදලා තියෙන්නෙ... බඩුවක්වත් ගැහුවද උඹ උදේම මට නොකියා ...මල්ලි හිනාවක් දාගෙන කියලා යන්න ගියා.

මම හිමින් දොර ඇරියා. බයික් එක ස්ටාට් කරන සද්දෙ ඇහුණා. සතිෂ් අයිය මම ඇඳගෙන හිටපු තුවාය අරගෙන ඔලූව පිහිදාගත්තා.

මොන මඟුලක් කරනවද...මට සාලූව ගලවද්දිම කියවුණා.

හොඳ මඟුලක් වෙන්න තිබ්බා මල්ලි දැක්කනම්.... හාහාහාහාසතිෂ් අයියා ඒක කියාගෙන සාලූව මට දීලා සැටියෙ තිබුණ සරමක් ඇඳ ගත්තා.

ඒ ගමන් ගිහින් දොර ලොක් කරලා ආවා. එන්න මල්ලි... අපි කමු.

සතිෂ් අයියා සැටියෙ හිටපු මාවත් ඇඳගෙන කෑම මෙසෙ ගාවට ආවා.

කවුද අයියා ඒ ආවේ...මම දන්නවා ඒ මල්ලි කියලා. එත් උපන්තේකට තාත්තා දැකලා නැත්තම් කොහොමද ඒ මල්ලි වෙන්නෙ..

ඒ මගෙ බාප්පගෙ පුතා.සතිෂ් අයියා පිඟාන තියල මට කෑම බෙදෙන ගමන් කිව්වා. අපේ අම්මා කසාද දෙකක් බැදලා ඉන්නෙ. මගෙ තාත්තා දාලා ගිහින්ලූ. ඒත් එයා මට පෙන්න නැතුවට මට උදව් කරනව. තාත්තා කවුද කියල මම හොයාගන්න ගොඩක් ට‍්‍රයි කරා මල්ලි....

අනේ....මම සතිෂ් අයියගෙ අත උඩින් අත තියන ගමන් කිව්වා.

ඒව මට දැන් ගාණක් නැහැ මල්ලි... කෝ ඉතින් කන්න පටන් ගන්නකෝ. මෙන්න මගෙන් ඔයාට කටක්.

ඇයි අයියා මං වගේ කෙනෙක්ට මෙහෙම සලකන්නේ ඔයා...මම සතිෂ් අයියගෙන් ඉඳිආප්ප කට කන ගමන් ඇහුවා.

ඒ කිව්වෙ... මට තේරුණෙ නැහැ...

ඔයා හොඳටම දන්නවා මම වටේ ගියපු එකෙක් කියලා. දැනටමත් මට මොන ලෙඩ තියෙනවද දන්නෙ නැ. මම ඇත්තමට ආවේ ඔයත් එක්ක බුදිය ගන්න... ඒත් ඔයා මාව අසරණ කරනව අයියෙ...

මම ඉඳිආප්පත් එකක් ආව කඳුළු රස බලන ගමන් සතිෂ් අයියට කිව්වා.

මට ඕන වුනේ මාත් එකක් කතා කරපු. චැට් කරපු... මගෙ දුක කවි වලින් ලියපු ඒ සුන්දර හදවත බලන්න විතරයි මල්ලි. අනිත් කිසිම දෙයක් මට අදාළ වුනේ නැහැ. මතක තියා ගන්න මඩේ තමයි සුදු නෙළුම් මල් පිපෙන්නෙ... රෝස මලෙත් නටුවෙ කටු තියෙනවා පැටියෝ..

මම නෙළුම් මලක්වත්, රෝස මලක්වත් නෙමෙයි අයියේ...මම ඉටි පන්දමක්.

ඇයි එහෙම කියන්නේ ඔයා

මමත් විනාශ වෙනවා. මං ගාවට එන අයත් විනාශ කරනවා.

මාවත් විනාශ කරනවද ඔයා...

මම දන්නෙ නැහැ...

මම කෑම මෙසෙන් නැඟිටලා උඩ තට්ටුවට දුවගෙන ආවා..

සංජන......සතිෂ් අයිය මම පිටි පස්සෙන් දුවගෙන ආවා.

ඇයි මේ මල්ලි...

ඇඳේ නිදාගෙන හිටපු මාව අනිත් පැත්ත හරවලා සතිෂ් අයියා ඇහුවා.

මට ගෙදර යන්න ඕන අයියෙ... මම මෙහෙ හිටියොත් ඔයාට මොනව වෙයිද කියලා මම දන්නෙ නැහැ. මම ඒ තරම් නරකයි අයියෙ...මම ඉකි ගහ ගහ අඬන ගමන් කිව්වා.

මම ඔයාට යන්න දුන්නේ නැත්තම් ...සතිෂ් අයියා මාව බදාගත්තා.. ඔයත් එක්ක චැට් කරපු පළවෙනි දවසෙමයි මම හිතුවෙ කවදහරි ඔයා මගෙ කරගන්නව කියල. මං ගැන විශ්වාස කරලා කියපු හැමදේකින්ම ඔයා ගැන ආදරේ වැඩි වුණා මිසක් අඩු වුණේ නැහැ රත්තරං... ඔයා කොයි වගේ කෙනෙක්ද කියලවත් මට බලාගන්න ඕන වුණේ නැ. මට ඕන වුණේ ඔයා මගෙ කරගන්න විතරයි. අනේ මාව දාලා යන්න එපා රත්තරං මල්ලි. මම ඔයාට ආදරෙයි...

මම හිරිවැටිණා. මොකද්ද මම කරන්නෙ. කවුරුත් මට මෙහෙම ආදරෙයි කියල නැහැ. සතිෂ් අයියා චැට් එකෙදි කවදාවත්ම මට මෙහෙම කිව්වෙත් නැ. මට එන්න කිව්වෙ හොඳ ජොබ් එකක් හොයල දෙන්න. ඒකට අකමැතිනම් හවසම ආපහු කොච්චියෙ ගෙදර යවනවා කිව්වා. ඒත් දැන් .. මට ආදරේ කරාලූ...

ඇයි ඔයා මුකුත් කියන්නෙ නැත්තෙ...සතිෂ් අයිය මගෙ ඇස් දෙක දිහා බලාගෙන ඇහුවා...ඔයා මට කැමති නැද්ද? මම ආවේගශ‍්‍රීලි උනානම් මට සමාවෙන්න මල්ලි... සතිෂ් අයියා මගෙ ඇඟ උඩින් නැටිට්ටා. ඇඳේ එහා පැත්තට පෙරලූණා. මම කිව්වෙ මගෙ අදහස... ඔයාට කැමති තීරණයක් ගන්න අයිතිය තියෙනව. හැබැයි ඔයාට කරදරයක් වෙන්න මම අය ඉඩ තියන්නෙ නැ. ඔයා කැමති වුණත් නැතත් මම ඔයාගෙ හෙවණැල්ල වගේ ළගම ඉන්නවා..

මට බඩගිනියිමම සතිෂ් අයියගෙ පපුව උඩ ඔලූව තියන ගමන් කිව්වා.

කපටියාසතිෂ් අයියා මගෙ ඔලූව අත ගාන්න පටන් ගත්තා. චැට් එකෙදිත් එහෙමයි. කොල් කරද්දිත් එහෙමයි... මඟ අරින්න හරි දක්ෂයි....

ඉතින් බඩගිනි නිසානෙ කිව්වෙ...මම ආයෙත් කිව්වා.

ආ ඇත්තද?‘ සතිෂ් අයියා මගෙ නළලට හාදුවක් දුන්නා යමු කන්න එහෙනම්...සතිෂ් අයියා නැඟිට්ටා... කෝ ඉතින් නැඟිට්න්න...

මම නැඟිට්ටා.. සතිෂ් අයියා මාව අත් දෙකට වඩා ගත්තා. හරියට ඇවිදින්න බැරි කෙනෙක් වගෙ..

මෙ මොකෝ...

මම සතිෂ් අයියගෙ කර වටෙ අත්දෙක දාගෙන පපුවට තුරුල් වුණා. මෙච්චර කාලෙකට නොලැබුණ අමුතුම ආදරයක උණුසුම ඒ පපුවෙ තිබුණා.

සතිෂ් අයියා පඩිපෙළ බැහැගෙන ආයෙත් කෑම මෙසේ ගාවට ආවා. මාව පුටුව ගාවින් බිමින් තියලා පුටුව ඇඳලා දුන්නා වාඩි වෙන්න. හරියට චිත්‍ර පටියක් වගෙ...

මමත් හිනාවක් දාලා වාඩි වුණා. එයාගෙ පිඟානෙ තිබුණ ඉඳිආප්ප වලට මාළු කැල්ලක් දාලා හොදිත් දාලා මට කැව්වා. මමත් සතිෂ් අයියට කැව්වා. ඉඳිආප්ප ටික ඉවර වෙනකල්ම ඉස්මුරුත්තාවට එනකල් දෙන්නා උදේට කෑවා. අම්මෝ බඩ උස්ස ගන්නත් බැහැ වගෙ... කෑම කලා ඉවර වෙද්දිම මම ටොයිලට් එකට දිව්වා... සතිෂ් අයියා හිනා වෙනවා. හිටපන්කෝ මම එනකල්...


ඔබ නැති මේ රැයට


පුරසද එළිය කුමටද?
ඔබ නැති මේ බිමට
නළමුදු සුවඳ කුමටද?
නළමුදු සුවඳ කුමටද?


මහ කනදරා වැවට සඳ වැටිලා
දියේ ගිලේය විකල්වී...
තුරු හිස හාදු දිදී උන්
කිරලුන් කොහේ ගිහින්ද ඉගිල්ලී...

හමුවී ඇසට ඇසක් නැගූ පහන්

නිවී ගියාද නො කල්හී...
සුන්දර රාත්‍රිම මවීත සිතින්
බලා හිදීවි නොසෙල් වී...


ගායනය - නන්දා මාලිනිය..
 
Last edited:

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
පහළොස්වන සිත්තම

ඇත්තටම මේ ජීවිතයට අලූත් ඉරක්ද පායන්න හදන්නේ. මම මොකද ඇත්තටම කරන්නෙ. ආදරය... මේක ඇත්තක්ද? මම දන්න ආදරය පැයකට දෙකකට ඇඳක බුදිය ගන්න එක විතරයි. එහාටයි මෙහාටයි පෙරලි පෙරලි... අනේ මන්දා. සතිෂ් අයියා ඇත්තටම මං ගාව ඉදිද? මෙච්චර දවසකට එයත් Gay කියල මම දන්නෙ නැහැ. තාම එයාගේ ඒ ගැන මොකවත්ම මම දන්නෙ නැහැ. සතිෂ් අයිය පළවෙනි පාරටද මට ආදරෙ කරන්නෙ ? ඒක වෙන්න බැහැ. මෙච්චර කාලයක් එයා ඒක පාලනය කරගෙන ඉන්න විදිහක් නැහැ. එයත් කාට හරි ආදරෙ කරලා තියෙන්න ඕන. නැත්තම් මට මේ තරම් ආදරයක් කරන්න විදිහක් නැහැ එයාට. විහඟට තරම් ආදරයක් සතිෂ් අයියට දෙන්න මට පුළුවන් වේද? විහඟ මට ආදරෙ කරෙ නැහැ. ඒක මගෙන උදව් ගන්න තිබුණ කපටිකමක් විතරයි. නැත්තම් ගන්න පුළුවන් තරම් සල්ලි අරන් ගෙදරිනුත් බැනල මාව එළියට දාවිද? එත් මං ආදරේ කරේ සමලිංගික ආදරෙ ගැන කිසිම දෙයක් දන්නෙ නැතිවයි. විහඟ නිසා ජීවිතෙ මොන තරම් දේවල් නැති කර ගත්තද? සමහර විට ගෙදරටත් මාව ගොඩාක් එපා වුණේ ඒ සම්බන්ධෙ නිසා. ගෙදර නංගි මල්ලි ඉද්දි කොහෙවත් යන එකෙක්ට මොකටද ඉගන ගන්න මෙච්චර උදව් කරන්නෙ කියල හැමදාම වගෙ අපෙ ගෙදර රණ්ඩු තිබුණා. ඒ අතින් අම්මා තමයි මං වෙනුවෙන් හැමදාම බැණුම් ඇහුවේ.

අද එළියට එනවද?....‘ සතිෂ් අයියා දොරට තට්ටු කරන ගමන් ඇහුවා.

මම පියවි ලොකෙට ආවෙ ඒ වෙලාවෙයි...

මොනවද මෙච්චර වෙලා කරෙ...සතිෂ් අයියා කෑම මෙසෙ අස් කරලා ඉවරයි. ටි.වි එක දාගෙන.

මම අතුරු පස කෑවා..මම හිනාවක් දාගෙන කිව්වා.

වෙලාවට හරිම සැහැල්ලූයි. වෙලාවට තේරුම් ගන්න හරි අමාරුයි..සතිෂ් අයියා මාව එයා ළගට ඇඳලා ගන්න ගමන් ඇහුවා. ඇයි ඒ...?‘

මිනිස්සු තේරුම් ගන්න කොහොමත් අමාරුයි නේද අයියේ...මමත් සතිෂ් අයියගෙ උරහිසට නළල තියන ගමන් කිව්වා.

පණ්ඩිත උත්තරනම් තාමත් තියෙනව....සතිෂ් අයියගෙන මට තවත් හාදුවක්.

අයියා ඔයා කාටවත් ආදරේ කරේ නැද්ද?‘ මෙච්චර වෙලා මගේ හිතෙ තිබුණ ප්‍්‍රනය මම සතිෂ් අයියගෙන් ඇහුවා.

මම ඒත් බැලූව ඇයි ඒක අහන්න මෙච්චර පරක්කු කියලා... මොකො නැත්තෙ මල්ලි.සතිෂ් අයියා නැඟිට්ටා. කෝ ඉන්නකො ටිකක්.

සතිෂ් අයියා උඩ තට්ටුවට ගියා. ඇල්බම් එකක් අරන් ආවා.

මේ ඉන්නෙ නිසල. මේ ඉන්නෙ මම. පොඩි ළමයි දෙන්නෙක් කරට අත දාගෙන.

කවුද නිසල කියන්නේ...?‘

ඒ තමයි ඔයා අහපු ප‍්‍රශ්නෙට උත්තරෙ..

මම ඇල්බම් එක පෙරළ පෙරළ බැලූවා. අනුරාධපුර, පොළොන්නරු, නුවර, නුවර එළිය... දිය ඇළි ... පින්නවල... සත්තුවත්ත.. දෙන්න ඇවිදපු තැන් වල ෆොටො ගොඩයි. නිසල හරි හැඩයි. එත් සතිෂ් අයියා තරම් නැහැ.

කො දැන් නිසල....

නිසල දැන් නිසල වෙලා අවුරුද්දක් වෙනවා මල්ලි...

සතිෂ් අයියා පින්තූරයක මූණ අතගාන ගමන් කිව්වා. මට නොපෙණුනාට ඇස් වල කඳුළු පිරිලා තියෙනව මම දැක්කා.

ඒ කිව්වේ....

එයා ඇක්සිඩෙන්ට් එකකින් නැතිවුණා මල්ලි...සතිෂ් අයිය හංගගෙන හිටිය කඳුළු බිංදුවක් ෆොටෝ එක උඩට වැටුණා. නිසලයි මමයි එක වයසෙ. මොන්ටිසොරියේ ඉදලම. අපේ ගෙදරට ඉස්සරා ගෙදර නිසල හිටියෙ. මට ප්‍රශ්නයක් වෙච්ච හැම වෙලෙම වගෙ මගෙ හෙවණැල්ල වගෙ හිටියෙ නිසල. මගෙ තාත්තා කවුද කියල දැන ගන්න මට ගොඩක් උදව් කරා. බාප්පයි මායි අතර රණ්ඩු ඇති වුණ හැමවෙලෙම මම හිටියෙ නිසලගෙ ගෙදර. නිසලගෙ ගෙදර අයත් මට සැලකුවෙ එයාලගේ පවුලෙම දරුවෙක් වගෙ. ඒක නිසා අපි දෙන්නට ප‍්‍රශ්නයක් වුණෙ නැහැ මල්ලි. නිසල ඇක්සිඩෙන්ට් වුණෙත් තාත්ත ගැන තොරතුරක් හොයන්න යද්දි. වෙලාව යන නිසා මට කියන්නෙත් නැතිව මෙයා තනියම ගිහින් තිබුණා. බයික් එක ඔනාවටත් වඩා වේගෙන් ගිහින්... දවස් දෙකක් සිහි නැතිව දැඩි සත්කාරෙ හිටිය. මට කිසිම දෙයක් කරකිය ගන්න බැරිවුණා. නිසල මාව දාලා ගියා මල්ලි....

අනේ අයියේ... මම සතිෂ් අයියට තුරුල් වුණා.

මම ඔයාට මේ මොකවත් චැට් එකෙ නොකිවේ මම තවත් එක්කෙනෙක් විතරක් වෙයි කියලා බයටයි මල්ලි. නැතිව ඔයාව රවට්ටන්න හිතාගෙන නෙමෙයි මල්ලි...සතිෂ් අයියා කිව්වා...

ඔයා මට ආදරේද සංජන...සතිෂ් අයියා මගෙ ඇස් දිහා බලාගෙන ආයෙත් ඇහුවා.

මම බිම බලාගත්තා. ජීවිතෙ කවමදාකවත් අයෙත් ආදරයක් කරන්න මම ලෑස්ති නැහැ. මට මේ සැහැල්ලූ ජීවිතය හොඳයි.

මම මටවත් ආදරෙ නැහැ අයියෙ...

ඇයි ඒ

ආදරය කියන වචනය ඕනාවටත් වඩා අහලා, ඔනාවටත් වඩා විදලා, අදටත් විදවන කෙනෙක් මම...

මම ඒ සේරම දන්නවනෙ මල්ලි.. ඔයාට මාවත් පෙන්නෙ ඒ වගේමද?‘

මම කවුරුත් දිහා බලලා දැන් තීරණ කරන්නෙ නැහැ අයියෙ. මිනිස්සු ගතිකයි. ඒ ගතිකත්වයට වෛර කරන්න, පළිගන්න තරම් මම මෝඩ නැහැ. ඕන කෙනෙක් ඕන දෙයක් කරපුවාවෙ. මම කිසි දෙයක් දැන් ගණන් ගන්නේ නැහැ. මම මගෙ පාඩුවෙ ඉන්නවා.මම බිම බලාගෙන කිව්වා.

සතිෂ් අයියා නැඟිට්ටා. යමු අපි ගෙදර ගිහින් ඒ ගමන් ඔයාගෙ ජොබ් එකත් බලාගෙන එමු.

ජොබ් එක හොඳ නැත්තම් ඔයා කැමති තීරණයක් ගන්න. මම කැමති ඔයා මගෙත් එක්ක මෙහෙ ඉන්නවනම් මල්ලි...

මම මුකුත් නොකිය හිටියා. කෝ යමුකො ලෑස්ති වෙන්න.

සතිෂ් අයියා මාවත් ඇඳගෙන උඩ තට්ටුවට ගියා. මම ඇඳගෙන ඇවිත් තියෙන ටී ෂර්ට් එක හොඳටම පොඩි වෙලා. ඒ මදිවට එකෙ තැනින් තැන පැල්ලම්. මම ආසම පාට සුදු පාට නිසා පිළිවෙලකට ගමනක් බිමනක් යන්න වෙන්නෙ මගේම කියලා වාහනයක් ගත්ත දවසට තමයි. නැත්තම් ඇදුම් ඉවරයි.

ඔක ඇඳගෙන යන්න බැනේ වස්තුවේ..මම කමිසෙ දිහා බලාගෙන ඉන්නවා දැක්ක සතිෂ් අයියා මගෙ උරහිසට නිකට තියෙන ගමන් කිව්වා.

කෝ දෙන්න ඔයාගේ රෙදි ටික සේරම...සතිෂ් අයියා පුටුව උඩ තිබුණ රෙදි සේරම ගත්තා. මම තාම ට‍්‍රවල් එක ඇඳගෙන. පහළට ගිහින් ඒවා වොෂින් මැෂින් එකට දාන සද්දෙ මට ඇහුණා. දැන් මම මොකද්ද ඇඳගෙන යන්නෙ? මම ඇඳ උඩ වාඩිවුණා.

මොකද්ද මම දැන් ඇඳගෙන යන්නෙ?‘ මම සතිෂ් අයිය දොරෙන් ඇතුළ් වෙද්දිම ඇහුවා.

ඔහොම යමුසතිෂ් අයිය හිනා වෙලා කිව්වා.

මටනම් කමක් නැහැ කොහොම ගියත්... මෙහෙම ගියාම කෙනෙක් හොයාගන්නත් ලේසිනෙ මට...

ඇත්තද හිතගෙන ඇති නේද?‘

සතිෂ් අයියා අල්මාරිය ඇරියා. මෙන්න කැමති එකක් තොරගෙන අදින්න. පිළිවෙලට ෂර්ට්, ටී ෂර්ට්, ෂෝර්ට් අනිත් ඇදුම් හරිගස්සල තිබුණා.

ඔයාගෙ ඉන 32නෙ. මම 29. කොහොමද කලිසම් අදින්නෙ...මම ඩෙනිම් කලිසමක් ඉනට තියෙන ගමන් ඇහුවා. තියෙන කලිසමත් දැන් හෝදන්න දාලා. උපන් ඇදුමෙන් තමයි යන්න වෙන්නෙ..

මේ සරම ඇඳ ගන්නකො දැනට... ගැලපෙන ටී ෂර්ට් එකක් තියෙද කියලා බලන්න..

සතිෂ් අයියා මගෙ අතේ තිබුණ ඩෙනිම ඇඳ ගත්තා. මම අල්මාරියෙන් සුදුපාටට හුරු ටී ෂර්ට් එකක් තෝර ගත්තා.

මෙක හොඳයි.. දැන් ටී ෂර්ට් එකයි, තුවායයි ඇඳගෙන යන්නද මට කියන්නේ....

කවුද දෙයියනෙ දැන් එහෙම කිව්වේ...සතිෂ් අයියා තද නිල් පාට ඩෙනිමට මාර ගති. මෙන්න එයත් සුදු පාටම ටී ෂර්ට් එකක් ඇඳ ගත්තා.


දැන් නම් රන්ධීර් කපූර් වගේ... මොනවද බලන් ඉන්නෙ..

අපො වැඩ්මයි වෙන නැත්තම් මම ...ඔලූව පීරන්න කණ්ණාඩි මේසෙ ගාවට යන ගමන් කිව්වා. මම මූණෙ ගාන ක‍්‍රීම් එක මෙතන නැහැනේ... තෙල් මොකවත් ඇත්තෙත් නැහැ. මම ජෙල් ගාන්නෙ නෑ....

හරි හරි දැනට ඔහොම යමුකො ඉතින්... අපේ ගෙදර යන්නෙ... බස් එකෙ නෙමෙයිනෙ යන්නෙ. කාර් එකෙනෙ. එක්කෙනයිනෙ ඉතින් ඔයාව බලන්න එකෙ ඉන්නෙ...

කවුද ඒ...

ඇයි ළමයො මමයි ඔයයි විතරනෙ කාර් එකෙ ඉන්නෙ... හා හා හා

සමයංද මන්දා... මම කාමරයෙන් එළියට එන ගමන් කිව්වා.

තරහා ගියා දෝ....සතිෂ් අයියා ඇතුලේ ඉදන් කෑ ගහනවා.

සතිෂ් අයියා වැඩ කරන තැන ළගම කොමියුනිකේෂන් එකක ටයිප් සෙටින් වලට තමයි මට ජොබ් එකක් බැලූවා කිව්වෙ. උසස් පෙළ පාස් වෙලා. බාහිර උපාධි කරන එක අතරමඟ නැවැත්තුවේ අපරාදේ... දහම් පාසල් අවසානෙ, ධර්මාචාර්ය තිබුණට වැඩක් නැනේ... කොයි රස්සා. අවුරුදු 16-25 කොල්ලෝ ජීවිතෙ ගැට ගහගන්න මොන තරම් දේවල් කරනවද දෙයියනෙ. අර කියන්න වගෙ තරුණ තරුණියන්ට පැහැදිලි ප‍්‍රතිපත්තියක් නැති ආසියාවේ එකම රට ශ‍්‍රී ලංකාවම තමයි.

මම සැටියෙ වාඩි වුණා. සතිෂ් අයියත් ගේ කෙනෙක්. ඇයි මට ඒක කලින් කීවෙ නැත්තෙ. එක අතකට මම තවත් එක්කෙනෙක් වෙයි කියල එය හිතන්න ඇති. ඒ නිසල එක්ක විතරද සතිෂ් අයියා හිටියේ.. ඒක නම් වෙන්න බැහැ. මොකද සතිෂ් රහත් වෙලා නැනෙ. මෙ ගෙදර කවුරුත් නැති එකෙ දවසට දෙන්නා තුන්දෙනා ගානෙ ගෙන්න ගන්න බැරියැ. ෂික් මට නැහැනෙ මෙහෙම චාන්ස් එකක්. හිතෙ තිබුණ වල් පාහර ගතිය නැති කරන්න කෝවක දාලා මැකුවත් හරියන එකක් නැහැ. ඒක උපතින් ආව කියන්න බැහැ.

අවුරුදු 10 වගෙ වෙද්දි මම මේ දේවල් කිසිම දෙයක් දන්නෙ නැහැනෙ. හා හා පුරා කියලා මගේ පිරිසිදුකම නැතිවෙද්දි මම කටෙ කිරිසුවඳවත් ගියෙ නැති පොඩි එකෙක්. ඒ දවස් වල ආසාවට ඌ මට කරපුවා මම යාලූවො එක්ක කරා. මොන තරම් විකාර කරාද ඇත්තටම... සමහර අයියල රුපියල් 10ක් දීලා කියනවා මගෙ එක ටිකක් උරපන් කියලා. එක එක හැඩෙ එවා... අප්පෝ දැන් නම් ඒවා මතක් වෙද්දි වමනෙ යන්නත් එනවා. ඉංග‍්‍රීසියෙන් ෂක් කිරිල්ල ඇර මම ගමේ උන් එක්ක වැඩි දෙයක් කෙරුවෙ නැහැ. හැබැයි ඉස්කෝලෙ යාලූවෝ දෙතුන් දෙනෙක් එක්කනම් එතනින් එහාට ගිය දේවල් ටිකක් කරා. ඒත් අසාවට තිබ්බ එකට මිසක් ආදරයකට නෙමෙයි. මට කවදාවත් මතක නැහැ තාත්තා අම්මා මාව තුරුල් කරන් ඉන්නවා. වැඩිම වුණොත් ආච්චි මාව තුරුල් කරන් ඉදලා ඇති. බිම හරි මේසෙක හරි, ඇඳක හරි මාව තුරුල් කරන් ඉද්දි මට පුදුම සතුටක් ඇති වෙන්නෙ. ඒක නිසාම වෙන්න ඇති මම මේ වැරදි පාරෙ මේ තරම් දුර එන්න ඇත්තෙ...

මොනවද දෙයියනේ මේ තරම් කල්පනා කරන්නෙ...සතිෂ් අයියා සැටිය ගාවට ඇවිත් මගෙ ළගින් වාඩි වුණා. පොඩ්ඩක් එහා මෙහා වෙන්න බැහැ කල්පනාව.. ඇයි මල්ලියා මේ...

මම මුකුත් නොකිය හිටියා. හරි යමු අපි දැන්...සතිෂ් අයියා මාව වඩාගන්න හැදුවා. මට කිසි දෙයක් තේරුම් ගන්න බැහැ. වේලාවකට කෑ ගහලා අඬන්න හිතෙනවා. වේලාවකට සේරම දමලා ගහලා යන්න හිතෙනවා. ඇත්තටම මම මොනව කරන්නද? මට මාවම තේරුම් ගන්න බැහැ. අවංකයි කියන ආදරේට මම මේ තරම් වෛර කරන්නෙ ඇයි? විහඟ නිසාද? ආනත් නිසාද? ලක්ෂාන් නිසාද? සුපුන්, නිර්මාල්, සිසිර, චාමර... කී දෙනෙක් නම් ඔන්ලයින් ආදරේ කරදා? කී දෙනෙක් ගෙදර ඇවිත් මාත් එක්ක බුදිය ගත්තද? සමහරුන්ගෙ නම් ගම් පවා දැන් මතක නැහැ මට. සතිෂ් අයියට අවංකව ආදරෙ කරන්න තරම් මම දැන් පිරිසිදු කෙනෙක් නෙමෙයි. මට මගෙ හිතට වග කියන්න බැහැ. විශ්වාසයක් තියල දිවුරන්න බැහැ. හොඳයි කියලා හිතෙන ඕන එකෙක් එක්ක බුදිය ගන්න තරම් මම දැන් පිරිහිලා. ඉස්සර එහෙම දෙයක් කරාම පැය ගණන් අඬනවා. දැන් නම් ඒ කිසිම දෙයක් නැහැ. දවසට දෙකක් තුනක් එක්ක වුණත් ඉන්න මම ලෑස්තියි.

මාත් එක්ක තරහා වෙලාද සුද්දෝ... සතිෂ් අයියා මාව කාර් එකෙ දොර ගාවින් තියන ගමන් ඇහුවා.

ඇයි මම ඔයා එක්ක තරහා වෙන්නෙ අයියේ..

මොකද එක පාරටම වැස්සක් වහලා පෑයුවා වගේ ඔයා නිශ්ශබ්ද වුණේ...

ඉතින් සමහර වෙලාවට මම එහෙම තමයි.

හරි හරි... කතා කරලා දිනන්න පුළුවන් කෙනෙක්නම් නෙමෙයි... ආ මෙන්න යතුර මම දොරවල් ජනෙල් වහලා එන්නම්....

මටත් ලයිෂන් තියෙනවා වාහන එළවන්න. සැහැල්ලූ, ත‍්‍රීවීල් , මෝටර් බයික්.. ඉස්සර ඉස්කොලෙ යද්දි හැමදාම වගේ ගුටි කනවා පරක්කු වෙලා ගියා කියල. උදේ කීයට හරි ඉස්කොලෙට යන්න තාත්ත එනකල් ඉන්න එපැයි. සමහර දවස්වල පාන්දර නැඟිටලා උදේම යනවා. ආපහු එන්න වෙන්නෙත් පයින්ම තමයි. අම්මෝ කකුල් පට්ට විදිහට රිදෙනවා රෑට . හැතැම්ම 5-6ක් වගේ ඇති මගෙ හිතෙ. අවුරුදු දෙකක්ම මම පයින් ඒ දුක වින්දනෙ. නැන්දම්මා, ඒ කියන්නෙ තාත්තගෙ අක්කා. එයා මට බයිසිකලයක් අරන් දුන්නා. පහ වසරෙ ඉදලා 10 වසරට යනකල් මම ඉස්කොලෙ ගියෙ ඒ බයිසිකලෙ. ඒත් 9 වසරෙ ඉදලා නංගියි, මල්ලි දෙන්නම ඒ බයිසිකලයේ දාගෙන එන්න වුණා. වෙලාවකට පයින් යන එක හොඳයි කියලා හිතුණා. තාත්තගෙ සමිති සමාගම් වැඩ, රස්සාව නිසා එයාලව එක්ක එන්න එයාට වෙලාවක් තිබුණෙ නැහැනෙ. 11දි සීයා මට බයිසිකලයක් අරන් දුන්නා. මම පැදපු එක නංගිලාට දීලා. මම ඒක පැද්දා. අම්මෝ දැණුන නිදහසක්.....

යතුර තියාගෙන නිකන් ඉන්නෙ... ඕන රිවස් කරලා එළියට ගන්න එපැයි.සතිෂ් අයියා ඉස්සරා ෂිට් එකෙ වාඩිවෙලා ඉන්න මට කිව්වා. දොර වහල ඇවිත් මගෙ නළලට හාදුවක් දීලා...යමු දැන්...කිව්වා

ඇයි සතිෂ් අයියා මෙහෙම හැසිරෙන්නෙ... මට තෙරෙන්නෙ නැහැ. එයාට හිත රිදෙන්න මුකුත් කියන්න මම මගෙ හිත ඉඩ දෙන්නෙත් නැහැ. මම එයාට ආදරේද? නැහැ නැහැ එහෙම දෙයක් නැහැ... කාලයට ඉඩ දීලා බලාන ඉන්නවා විතරයි. වෙන දෙයක් වුණාවේ.

 
Last edited:

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
පිරිමි සමලිංගික කෙනෙක් ලියපු ලස්සන කතාවක්
කැමති කෙනෙක් ඉන්නවා නම් මුළ ඉඳන් අඟටම බලන්න
මම දැන් ඉවර වෙන කල්ම මේක කියෙව්වා, ඇත්තටම තේරුමක් තියෙන කතාවක් :):(



 
Last edited: