ගිලනුන් වැනි පුද්ගලයෝ
උතුම් ධර්මයෙහි හැසිරෙන පුද්ගලයන් මෙන්ම නොහැසිරෙන පුද්ගලයන් ද සිටිති. ඇතැම්හු ධර්මය ශ්‍රවණය කිරීමටඅවස්‌ථාව ලැබුණත් නැතත් දහම් නොපිළිපදිති. ඇතැම්හු දහම් අසන්නට අවස්‌ථාව ලැබුණත් නැතත් දහම් පිළිපදිති. තවත් අය දහම් ශ්‍රවණයකොට දහම්හි හැසිරෙති. මෙලෙස දහම්හි හැසිරෙන ආකාරය අනුව බුදුරජාණන්වහන්සේ පුද්ගලයන් වර්ග කළහ.
සාමාන්‍ය මිනිසුන්ද තම තමන්ට හමුවන පුද්ගලයන් වර්ග කරති. තමන්ට වඩාත් ලාභයක්, කීර්තියක්, ප්‍රසංසාව, සැපගෙනදෙන පුද්ගලයන් යහපත් අය ලෙස වර්ග කරති. එසේ නොවන ප්‍රයෝජනයක් නැති අය ලෙස ද වර්ග කරති. තවත් විටෙක ඤාති, නොඤාති ලෙස ද වර්ග කරති. නමුත් බුදුරජාණන්වහන්සේගේ පුද්ගල වර්ගීකරණයට පදනම්වන්නේ ඔවුන්ගේ ගුණයන්, යහපත් චර්යාවන්, ප්‍රතිපදාවන් ආදියයි.
අංගුත්තර නිකායේ පුද්ගල වග්ගයේaදී මේ ලෝකයේ ගිලන්වූ පුද්ගලයන් තුන්දෙනෙක් සිටින බව දෙසූහ.
1. කිසියම් ගිලනෙක් සුදුසු ආහාර හෝ බෙහෙත් හෝ උපස්‌ථායකයකු ලැබුණත් නැතැත් ඒ ලෙඩෙන් සනීප නොවන්නේමය.
2. ඇතැම් ගිලනෙක් සුදුසු ආහාර හෝ බෙහෙත් හෝ උපස්‌ථායකයකු ලැබුණත් නැතත් ඒ ලෙඩෙන් සනීපවෙයි.
3. තවත් ලෙඩෙක් සුදුසු ආහාර ලබාම සුදුසු බෙහෙත් ලබාම සුදුසු උපස්‌ථායකයකු ලබාම ඒ ලෙඩෙන් සුවපත් වෙයි.
zමහණෙනි එහිදී යම් ලෙඩක් ප්‍රත්‍ය ආහාර නොලබා නොව ලබාම, පත්‍ය බෙහෙත් නොලබා නොව ලබාම, නිසි උපස්‌ථායෙකු නොලබා නොව ලබාම ඒ ලෙඩෙන් සුවපත්වෙයි නම් ඒ ගිලනා සදහා ගිලන් වත අනුදක්‌නා ලදී. ගිලන් බෙහෙත් අනුදක්‌නා ලදී. ගිලානෝපස්‌ථායකයෙක් අනුදක්‌නා ලදී.
මෙලෙස ගිලනුන් වැනි පුද්ගලයෝ තිදෙනෙක් සිටින බව බුදුරජාණන්වහන්සේ දෙසූහ. තථාගතයන් වහන්සෙ aදක්‌නට ලැබුණත් තථාගතයන් වහන්සේ දක්‌නට නොලැබුණත් උන්වහන්සේගේ ධර්ම විනය අසන්නට ලැබුණත් නැතත් කුසල් දහම්හි හැසිරීමට නොපිවිසෙයි.
මෙවැනි පුද්ගලයෝ කිසිදු ගුණයක් පුහුණු නොකරති. තමන්ගේ යුතුකම් පැහැර හරිති. දෙමාපියන්ට සැලකීම, භාර්යාව, ස්‌වාමි පුරුෂයා දරුවන් නොසලකා හරිති. ගුරුවරුන්ට භික්‌ෂුන්ට යුතුකම් ඉටු නොකරති. මිත්‍රයන් සහෝදර සහෝදරියන් පිළිබදව නොසිතති. තම ලාභය ගැන පමණක් සිතති. ප්‍රාණ ඝාතය හෙවත් සත්වඝාතනය, සොරකම්, වැරදි කාමසේවනය, මුසාවාදය, මත්ද්‍ර¨ව්‍ය භාවිතය ආදී පස්‌පව්වල නිරත වෙති. මෙවැනි පුද්ගලයෝ දහම් ශ්‍රවණය නොකරති. එවැනි උතුම් දේ පිළිකුල් කරති.
බුදුරජාණන්වහන්සේ ජීවමාන සමයෙහි උන්වහන්සේ දක්‌නට ලැබුණත් දහම් ඇසීමට අවස්‌ථාව ලැබුණත් දහම්හි නොහැසිරුණු පුද්ගලයෝ බහුල වූහ. ඒ අතර චුන්දසූකර, දේවදත්ත මාගන්ධියා වැන්නෝ ප්‍රසිද්ධ වූහ. මෙවැනි තවත් අය දහම්හි නොහැසුරුණා පමණක් නොව බුදුරජාණන්වහන්සේට ද නිග්‍රහ කළහ.
චුන්දසූකර රජගහනුවර වේළුවනාරාමයට අසල්වැසියෙකි. නමුත් එකදු දිනකවත් බුදුරජාණන්වහන්සේටවත් භික්‌ෂුන්ටවත් බතAමිsටක්‌වත් දන් නොදුන්නේය. ඔහු සද්ධර්මයට කන්නොදුන්නේය. ජීවනෝපාය ඌරන් ඝාතනය කිරීමය. දස වද දෙමින් ඌරන් ඝාතනය කළ ඔහු නොබෝ කලකින් මාරාන්තික රෝගයකට ගොදුරුවිය.
රෝගය වේදනාකාරී විය. මරලතෝනි දුන්නේය. ඔහුගේ මරලතෝනි හඬ මරණවේsදනාවෙන් විලාපදෙන ඌරකුගේ හඬට සමානවිය. අසල්වැසියන්ට ද රෑට නින්දක් නොමැත. දිsන කිහිපයක් දැඩි දුක්‌විsඳ මරණයට පත් වූ චුන්දසූකර කළ පව් නිසා අපාගත විය. බුදුරජාණන්වහන්සේට අසල්වැසියෙකුව සිට නිතර දහම් දෙසන බව දැන දැනත් කිසිදිනක ඊට දෙසවන් යොමු නොකළේය. හෙතෙම සුදුසු ආහාර හෝ සුදුසු බෙහෙත් හෝ උපස්‌ථායකයෙකු ලැබුණත් නොලැබුණත් රෝගයෙන් සුවනොවන්නෙකු මෙන් ධර්මය ඇසුණත් නොඇසුණත් බුදුරජාණන්වහන්සේ දක්‌නට ලැබුණත් නොලැබුණත් ගුණ ධර්ම පෝෂණය නොකළේය. ධර්මයට නොපිවිසියේය.
ඇතැම් ගිලනෙක් සුදුසු ආහාර හෝ බෙහෙත් හෝ උපස්‌ථායකයකු ලැබුණත් නැතත් ඒ ලෙඩෙන් සනීපවෙයි. එමෙන්ම බුදුරජාණන් වහන්සේ දක්‌නට ලැබුණත් නැතත් ඇතැම් පුද්ගලයෙක් කුසල ධර්මවල හැසිරෙයි. දෙමාපියන්ට දු දරුවන්ට ස්‌වාමිs භාර්යාවට ගුරුවරුන්ට ආදීන්ට යුතුකම් කරයි. දාන, සීල, භාවනා ආදී උතුම් පින්කම්හි නිරත වෙයි. අනාථපිණ්‌ඩික,ධම්මික, සුජාතාව වැනි තවත් මෙබදු උපාසක, උපාසිකාවන් වූහ.
තවත් ගිලනෙක් සුදුසු ආහාර ලබාම සුදුසු බෙහෙත් ලබාම සුදුසු උපස්‌ථායකු ලබාම ඒ ලෙඩෙන් සුවපත්වෙයි. බුදුරජාණන්වහන්සේ දක්‌නට නොලබා නොව ලබාම ධර්ස විනය අසන්නට නොලබා නොව ලබාම කුසල ධර්මයන්හි හැසිරෙති. එවැනි පුද්ගලයන් ධර්ම දේසනා ශ්‍රවණය කිරීම උතුම්ය. බුදුරජාණන්වහන්සේ සමයෙහි සුනීත, සෝපාක, මට්‌ටකුණ්‌ඩලී වැනි තවත් අය ධර්ම මාර්ගයට පිවිසියේ මේ ලෙසය. වර්තමානයේදී අප ද දහම් ශ්‍රවණයෙන් ධර්ම මාර්ගයට පිවිස මෙලොව පරලොව හිත සුව සලසා ගැනීම උතුම්ය.
- ශාස්‌ත්‍රපති බටුවංගල සමිද්ධි හිමි