ජපානේ වැඩකරන්න
හරි කොල්ලනේ ඔන්න එහෙනම් පොඩ්ඩක් විතර දන්න දෙයක් කියන්න යන්නේ.
ජපානයේ රැකියාවක් කරන්නේ කොහොමද කියල හිතන අයට පොඩ්ඩක් වැදගත් වේවි..
ජපානයේ working visa කිහිපයක්ම තියනවා, ඒ අතරින් බහුලවම භාවිතා වෙන්නේ Engineer/Specialist in humanities/International services කියන කැටගරියට වැටෙන වීසා.
මේ වීසා එකක් ගන්නනම් අවම වශයෙන් පිළිගත් විශ්ව විද්‍යාලයකින් උපාධියක් හෝ වසර 5ක පිළිගත හැකි රැකියා පළපුරුද්දක් අවශ්‍යයි.. ඒ මුලික සුදුසුකම විතරයි. එහෙම තිබිලා බෑ නේ ඉතින්, ජපානයේ කොම්පැනියක් ඔයාට ස්පොන්සර් කරන්නත් ඕන. මේක ජපන් කොම්පැනියක් වෙන්නම ඕන නෑ, ඔයාල දැනට වැඩකරන කොම්පැනියේ branch එකක් වෙන්නත් පුළුවන්. ඊළඟට ඔයාව ජපානෙට අවශ්‍ය වෙන්නේ ඇයි කියල ජපන් රජයෙන් අහනවා බොහෝ වෙලාවට, ඒ වෙලාවට කොම්පැනියෙන් ඒකට විස්තර ඉදිරිපත් කරන්නත් ඕන. මේ ඔක්කොම හරිගියාම තමයි විසා හම්බුවෙන්නේ.
ඊළගට තමයි වැදගත් දෙයක් කියන්න යන්නේ, ජපන් භාෂාව. මේක කොම්පැනියෙන් කොම්පැනියට වෙනස් වෙනවා, බහුතරයක් ඒවාට භාෂාව ඉල්ලනවා, හැබැයි අනිවාර්යයි කියල එකක් නෑ. ලඟදි 3දෙනෙක් රස්සාවට ගත්තා, ඒත් භාෂාව නැතුව. හැබැයි ඉතින් මෙහේ ජිවත් වෙන්නනම් භාෂාව අනිවාර්යයි.
රස්සා දෙනවා කියන කොම්පැනි..
ලංකාවේ ඉඳන් මෙහෙම කියන උන් කරන්නේ පට්ටපල් බොරු, අහුවෙන්න එපා. එහෙම කාටවත් රස්සා දෙන්න බෑ. ජපන් කොම්පැනි වලින් ලේසියෙන් වීසා වලට ස්පොන්සර් කරන්නේ නෑ. ඔය trainee වීසා වලට නම් එන්න පුළුවන්, එහෙම ඇවිල්ල මෙහෙන් අලුත් working වීසා එකක් ගන්නවා කියන්නෙත් ඉබ්බාගෙන් පිහාටු ගන්නවා වගේ වැඩක්.
ඉගෙනගන්න ඇවිල්ල රස්සාවක් කිරීම..
මේකනම් කරන්න පුළුවන් දෙයක්. හොඳට ජපන් භාෂාව ඉගෙනගන්නත් ඕන, ඒ අතරම වෘත්තිමය වශයෙන් වෙන සුදුසුකම් තියෙන්නත් ඕන. උදාහරණයක් විදියට (බිස්නස් ඩිවලොප්මන්ට් වගේ ඩිග්රි එකක් තිබීම) එතකොට ජපන් භාෂාවත් තියන නිසා හොඳ රස්සාවකට ඇප්ලයි කරන්න පුළුවන් ඉක්මනට. එහෙම නැත්තම් මෙහේ විශ්ව විද්‍යාලයකට හෝ වෘත්තීය අධ්‍යාපන ආයතනයකට යන්න ඕන. ඔය කොහොම කරත් රස්සාවක් හම්බුවෙයිද කියල ෂුවර් කරන්න බෑ. රස්සා නැති කමට නෙවෙයි, කොම්පැනි වලින් විසා දෙන එක තමයි අවුල.
රැකියා වෙළඳපොල.
ජපානයේ ඕන තරම් රස්සා තියනවා. කවදාවත් පුරවල ඉවරකරන්නනම් බැරි වේවි. අනිත් එක ජපානේ මධ්‍යම වයසේ, තරුණ පරපුර අඩුයි. ඒක නිසා දැන් රජයෙන් වෙන රටවල අයට අවස්තාව දෙනවා. මේ අවුරුද්දේ ඉඳල ජපන් වල PR ඇප්ලයි කරන නීති වෙනස් වෙනවා, ඒ කියන්නේ ලිහිල් වෙනවා. ඉස්සර වගේ අවුරුදු ගණන් ඉන්න ඕන නෑ.
අධ්‍යාපන සුදුසුකම්.
කොල්ලනේ, එකක් කියන්නම්. ඉගෙනගනිල්ලා.. මම දැන් මාස කිහිපයකට කලින් පොස්ට් එකක් දැම්ම අපේ ඔෆිස් එකට මම ලංකාවෙන් දෙන්නෙක් ගන්නවා කියල. ඇප්ලයි කරපු ගොඩ දෙනෙක්ට කතා කරා මම. 3/4 ක් විතර A/L ෆේල්. මේක අනිවාර්ය නැහැ, ඒත් ඇයි මෙහෙම. සමහර අයගේ CV දැක්කම දුක හිතෙනවා, නෙට් එකේ තියන ඒවා කෝපි කරලා එහෙමම දාල. ප්‍රශ්නයක් දෙකක් ඇහුවම ගොත ගහනවා. සමහර CV වල පේජ් සෙටින්ග්ස් වත් නෑ. හැබැයි HND IT.. ඉතින් කොහොමද යකුනේ රස්සාවකට ගන්නේ.
දැනගන්න ඕන දෙයක් තියනවනම් අහපල්ලා. දන්න දෙයක් නම් කියල දෙන්නම්. ස්ටුඩන්ට් හරි ඇවිල්ල ගේම ගහනවා කියල එන්න එපා. අරමුණක් ඇතුව වරෙල්ලා..
ප.ලි.. මට ජොබ් හොයන්න බැරියෝ..... ඉන්ටර්නෙට් එකෙන් බලපල්ලා..
https://gaijinpot.com/

Last edited: