මෝටර් රථය ඕවර්හීට්

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මෝටර් රථය ඕවර්හීට්



    ඔබගේ මෝටර් රථය ඕවර්හීට් වීමට හේතුව කුමක්ද සහ ඊළඟට කුමක් කල යුතුද?

    ඔබේ එන්ජිම ඕවර්හීට් ද?බොහෝ එන්ජින් නිසි වායු විමෝචන පාලනයට,හොඳ ඉන්ධන පිරිමැස්ම සහ කාර්‍ය්‍ය්‍ය සාධනය සඳහා සාපේක්ෂ නිරන්තර මෙහෙයුම් උෂ්ණත්වයක් අත්‍යාවශ්‍ය වේ.එබැවින් සෙල්සියස් අංශක 85-105 අතර "සාමාන්‍යය" උෂ්ණත්ව පරාසයක් තුළ ක්‍රියාත්මක කිරීමට නිර්මාණය කර ඇත.එහෙත් ප්‍රශ්ණය මතුවන්නේ එන්ජිම සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉතා උණුසුම්ව ක්‍රියාත්මක කිරීම ඇ‌ති කල විටය.එහි ප්‍රථිඵලයක් ලෙස එන්ජිම ඕවර්හීට් වේ.

    අධික ලෙස එන්ජින් රත් වීම කරදරයක් විය හැකි අතර ඒ‌වගේම අනතුරැදායකය.එහෙත් එන්ජින් ඕවර්හීට් වීමට හේතුව කුමක්ද?එන්ජින් ඕවර්හීට් සඳහා බලපාන වඩාත් පොදු හේතු පහත දැක්වෙන අතර ඒ‌ සඳහා ඔබට කරන්න පුලුවන් මොනවද?

    • වියළි එන්ජින්(Dry Engine)

    එන්ජින් ලිහිසි තෙල් මදිකම්න් යුක්තවීම මගින් එන්ජිමක් ඕවර්හීට් කිරීම් ඇති විය හැකි අතර එය එන්ජිම අසාර්ථකවීමට සහ ස්ථිර ලෙස එන්ජිමට හානි ඇති විය හැක.ඒ‌ නිසා රිය පැදවීමට පුහුණුවන ආ‌ධුනික රියදුරන් ඉගෙනගන්න පළමු දේවල් වලික්න් එක් වනුයේ තෙල් පරීක්ෂා කිරීම කරන ආකාරය වේ.මෝටර් රථ බොහොමයක හදිසි අවස්ථාවක අඩු තෙල් පීඩනය ඔබට දැක්වීමට ඉඟියක් ලෙස අඩු තෙල් පීඩන දර්ශකයක් ඇත.ඒ නිසා එම ඇඟවීම් සඳහා අවධානය යොමුකරන්න.

    • අඩු කූලන්ට් මට්ටම්(Low Coolant Levels)

    සිසිලන පද්ධතිය තුලින් කූලන්ට් කාන්දුවීම අන්තරායකාරී ලෙස එන්ජිම ඕවර්හීට් විය හැක.සරල විසඳුමක් නම් කූලන්ට් නිවැරදි මට්ටමේ ඇ‌ති බව තහවුරු කිරීම සඳහා කූලන්ට් ටැංකිය පරීක්ෂා කිරීමය.ඔබගේ මෝටර් රථයේ කූලන්ට් කාන්දු ඇ‌ති බව වැටහුනහොත්,ඔබට තරල ප්‍රතිස්ථාපනය කිරීමට කඩිනමින් ක්‍රියාකිරීම අවශ්‍යය වන අදාල කරුණ නිවැරදි කිරීමට වෘර්තීය කාර්මිකයෙකු සම්බන්ධ කර ගත හැකිය.

    • ෆෑන් සහ ෆෑන් බෙල්ට්(Fans and Fan Belts)

    සිසිලන පද්ධතියට අමතර උදව් අවශ්‍ය විට රේඩියේටර් ෆෑන් ක්‍රියාත්මකවීම ආ‌රම්භ කරනු ඇ‌ති අතර ෆෑන් දෝෂසහිත නම් එය එන්ජින් ඕවර් හීට් කිරීමට හේතු විය හැක.ඒ‌ සඳහා කැඩුණු සහ දෝෂ සහිත ෆෑන් ඇ‌ත්දැයි පරීක්ෂා කරන්න හෝ බෙල්ට් මගින් ක්‍රියාකරන ෆෑන් ඇ‌ති මෝටර් රථවල ෆෑන් බෙල්ට් පරීක්ෂා කරන්න.

    • පීඩනය නොමැතිවීම(Lack of Pressure)

    සිසිලන පද්ධතිය නිසි ලෙස ක්‍රියාකිරීමට එක්තරා පීඩනයක් තිබිය යුතුය.සමහර විට පීඩනය පියන වැනි දෙයක ගෑස්කට් ගෙවීම හෝ හානිවී තිබීම පද්ධතියේ පීඩනය නැති වීමට හේතු විය හැකිය.සිසිලන පද්ධතිය තුල කූලන්ට් ගලා යාමට නොහැකි නම්,එය එන්ජිම ඕවර්හීට් වීම නතර කිරීමට නොහැකි විය හැක.

    • වැරදි කූලන්ට් සාන්ද්‍රණ (Wrong Coolant Concentration)

    මෝටර් රථ නිෂ්පාදකයා විසින් නිර්දේශ කරනු ලබන කූලන්ට භාවිතා කිරීමට වග බලා ගන්න. වැරදි වර්ග කූලන්ට් හෝ ආසෘත ජලය සමග වැරදි සානද්‍රණය මිශණය ද එන්ජිම ඕවර්හීට් වීමට හේතුවේ.හොඳම දෙය නම් සම්පූර්ණයෙන්ම ෆ්ලෂ් කර නැවත පිරවීම වේ.

    • දෝෂ සහිත රේඩියේටර්(Faulty Radiator)

    නල සහ වරල් මාලාවක් හරහා ගමන් කිරීමෙන්, කූලන්ට් උෂ්ණත්වය රේඩියේටර් තුල දී අඩු වේ. කාන්දු වීම් සහ වැසීයාම රේඩියේටර් අසාර්ථකවීමට වඩාත් පොදු හේතු කිහිපයකි.මෙම රේඩියේටර් ක්‍රියකාරීත්වය තුළ කවර හෝ බාධාවක් එන්ජි උෂ්ණත්වය ඉහළ යාමට සහ ඕවර්හීට් ඇති වීමට හේතු විය හැකිය.

    • දෝෂ සහිත වෝටර් පම්ප්(Faulty Water Pump)

    සිසිලන පද්ධතියේ 'හදවත' ලෙස හැඳින්වෙන වෝටර් පම්ප් හි කාර්‍ය්‍යය වනුයේ සිසිලන පද්ධතිය හරහා එන්ජිම තුලට කූලන්ට් පීඩනය කර තල්ලු කර හැරීමයි.ඛාදනය වූ ඉම්පිලර්,වොබල්ව සහ කාන්දු සහිත පම්ප් ශාෆ්ට් හෝ ඇතුලු ඕනෑම වෝටර් පම්ප් දෝෂයක් ප්‍රමාණවත් කූලන්ට් ගලනය වැළැක්වීම එන්ජින් ඕවර්හීට් ඇති විය හැකිය.

    • දෝෂ සහිත තර්මස්ටැට්(Faulty Thermostat)

    මෙම තර්මස්ටැට් වෑල්වය රථයේ සිසිලන පද්ධතිය පාලනය කරන කොටසකි.මෙම කොටස හිරවීම හෝ නිසි ලෙස ක්‍රියාකිරීමට අපොහොසත් වී යයි නම් එන්ජිම ඕවර්හීට් වීම ප්‍රතිඵලයක් විය හැක.

    මෙම තර්මස්ටැට් වෑල්වය මෝටර් රථයේ සිසිලන පද්ධතිය පාලනය කරන කොටසයි.මෙම කොටස හිරවීම හෝ නිසි ලෙස ක්‍රියාකිරීමට අපොහොසත් වී යයි නම් එන්ජිම ඕවර්හීට් වීම ප්‍රතිඵලයක් විය හැක.ඔබේ මෝටර් රථය අභිරහස් අන්දමින් ඕවර්හීට් වන්නේ නම් සහ ඉහත සදහන් එකදු හේතුවක් හෝ සොයාගැනීමට නොහැකි නම්,එය දෝෂ සහිත තර්මස්ටැට් වෑල්වය විය හැකිය.මෙම පරීක්ෂා කිරීම් හා සවිකිරීම වෘත්තීය කාර්මිකයෙකු විසින් කළ යුතුය.

    • අධික පිටා වායු ආ‌පසු පීඩනය(Excessive exhaust back pressure)

    අවහිර වුණු කැටලික්කන්වටර් පිටාර වායු ගලායාම සීමා කිරීම තාපය එන්ජිමට ආ‌පසු ගැලීමට හේතු වේ.අනෙක් හේතු නම් තැලුනු පිටාර නල හෝ බාධා ඇ‌ති දිත්ව පිටාර නල තිබීම වේ.එන්ජින් අයිඩල් විට දී ඉන්ලට් මැනිෆෝල්ඩ් වැකියුම් පරීක්ෂාකරන්න.වැකියුම් කියවීම් අඩු වීම හෝ දිගටම අඩුවේ නම් පිටාර වායු නල පද්ධතිය පරීක්ෂා කරන්න.

    සාමාන්‍ය තරමට වඩා රත් වී ලැබෙන වාතය(Overheated incoming air)

    එය කාබියරේටර් හෝ ත්‍රොටල් වෑල් ඉන්ජෙක්ෂන් සහිත පැරණි වාහන මත,එයාර් ක්ලීනර් මත ඇ‌ති රත් වූ වායු පද්ධතියේ මෙහෙයුම් පරීක්ෂා කර බලන්න.උෂ්ණත්වය පාලනය වෑල්වය සිරවී තිබීම නිසා පිටාර වායු මැනිෆෝල්ඩය වටා ඇති රත් වූ වාතය එයාර් ක්ලීනරය තුලට ඇ‌දී එනු ඇ‌ත.එය ප්‍රස්ඵෝඨනයක්(detonation)සහ / හෝ එන්ජින් ඕවර්හීට් වීමට දායක විය හැක.පැරණි V6 හා V8 එන්ජින් මත මැනිෆෝල්ඩ් රත් කිරීම සඳහා ඇ‌ති රත් කිරීම් වෑල්(heat riser)පරීක්ෂා කර බලන්න.එය සිරවී වැසී ඇ‌ත් නම්,එය ඉන්ටේක් මැනිෆෝල්ඩ් ඕවර්හීට් කල හැක.

    එන්ජිම අධි ක්‍රියාකාරිත්වයOverworking the engine)

    අධික බර සහිතව ධාවනය(ඇ‌දගෙන යාම වැනි) සහ උණුසුම් කාලගුණයක් යටතේ කඳු ප්‍රදේශ වන වේගයෙන් ධාවනය.මෙවැනි තත්වයන් යටතේ නිතර ධාවනය කරන්නේනම් සාමාන්‍ය රේඩියේටරය වෙනුවට ඝණකම් විශාල ටැංකි සහිත රේඩියේටරයක් මාරැකර ගැනීමෙන් සිසිලන කාර්‍ය්‍යයක්ෂමතාවය වැඩි කර ගත හැකිය.

    ආරක්ෂාවට ඉඟි: ඔබේ මෝටර් රථය ඕවර්හීට් නම් කළ යුතු දේ(Safety Tips: What to Do if Your Car Overheats)

    ඔබේ මෝටර් රථයේ ඩෑෂ් බෝඩ් එන්ජින් උෂ්ණත්වය දර්ශකය සාමාන්‍ය ප්‍රමාණයට(සාමාන්‍යයෙන් ඩෑෂ් බෝර්ඩ් දර්ශකයේ පරාසය ½ කට)වඩා ඉහළට පැතිරෙන්ට පටන්ගත් බව දක්නට ලැබෙන විට මාර්ගයේ ආරක්ෂිත ස්ථානයකට කර ඔබගේ මෝටර් රථය නවත්වන්න.ඕවර්හීට් වීම සිදුවූයේ කොතරම් ඉක්මනින් ද යන්න තක්සේරු කිරීමට උත්සාහ කරන්න.උෂ්ණත්වය දර්ශකයේ කටුට එහි මුදුනටම ගමන් කරන්නේ නම් සසිලන පද්ධතියෙන් ජලය හෝ වාෂ්ප පිටකිරීම ආරම්භ කර ඇ‌ති අතර හොඳම දේ ටෝ ට්‍රක්(tow truck)රථයක් කැඳවීම වේ.ඔබේ මෝටර් රථය ඕවර්හීට් නම් රේඩියේටර් පියන විවෘත නොකිරීමට මතක තබාගන්න.පද්ධතිය පීඩනය යටතේ වන බැවින් පිලිස්සීම් ඇ‌ති විය හැකිය.

    ඔබගේ ඩෑෂ් බෝඩ් උෂ්ණත්ව දර්ශකය ආරක්ෂිත මට්ටම ඉක්මවා ගමන් කරන්නේ නම්,ප්‍රධාන ගැටලු සමහරක් හඳුනාගෙන දිගු කලක් සඳහා ඔබේ මෝටර් රථය පවත්වා ගැනීමට උදව් කිරීමට මෙම කරුණු උපකාරී වනු ඇත.

    (චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

    20/08/2016
     
    • Like
    Reactions: reddit and **cut

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,024
    8,287
    113
    Chilaw
    අඩෝ මටත් මේ ලගදී හොද පරිප්පුවක් සෙට් උනානේ :frown: galle town එකේ නතර කරලා AC ඕන කරලා තිබුන 1 hr විතර. ටිකකින් බන්ධනාගාරේ police අයියා කෙනෙක් දුවගන දුවගන ඇවිත් කිව්වා ඔන්න මල්ලි coolant යනවා කියල. මොනවා බලන්නද ඉතින් :baffled: 2ltr විතරම ගිහිල්ල. heat වෙලත් නැ. :angry: එහෙමම side එකෙන් නතර කරලා වතුර දාගෙන ගෙදර ආවා. අදටත් හේතුවක් දන්නේ නැ

    එදා ඉදන් අද වෙනකන්ම වෙලාවකට belt එකක වගේ hum එකක් එනවා. ගරාජ් එකේ උන්ටවත් තාම එක හොයාගන්න බෑ :oo:
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මගේත් එක පාරක් traffic එක මැදදී blower horse එකේ leak එකක් ඇවිල්ල මාරම කට්ටක් කාවේ බන් .
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    reddit:21169512 said:
    අඩෝ මටත් මේ ලගදී හොද පරිප්පුවක් සෙට් උනානේ :frown: galle town එකේ නතර කරලා AC ඕන කරලා තිබුන 1 hr විතර. ටිකකින් බන්ධනාගාරේ police අයියා කෙනෙක් දුවගන දුවගන ඇවිත් කිව්වා ඔන්න මල්ලි coolant යනවා කියල. මොනවා බලන්නද ඉතින් :baffled: 2ltr විතරම ගිහිල්ල. heat වෙලත් නැ. :angry: එහෙමම side එකෙන් නතර කරලා වතුර දාගෙන ගෙදර ආවා. අදටත් හේතුවක් දන්නේ නැ

    එදා ඉදන් අද වෙනකන්ම වෙලාවකට belt එකක වගේ hum එකක් එනවා. ගරාජ් එකේ උන්ටවත් තාම එක හොයාගන්න බෑ :oo:



    එහෙනම් වැඩිකල් යන්න කලින් බලාගන්න වෙයි