අරියඥාණ හිමි මාර්ග ඵලයන්ට අදාල ඥාණයක් ගැ&#3505

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
අරියඥාණ හිමි මාර්ග ඵලයන්ට අදාල ඥාණයක් ගැ&#3505

රාජගිරියේ අරියඥාණ හිමි විසින් යම් අයෙකු මාර්ග ඵල ලාභියෙක් යැයි පැවසිය හැක්කේ බුදුරජානන් වහන්සේ නමකට පමණක්ය යන ධර්මයට නොගැළපෙන කරුණක් පැවසීම

ඉහත වීඩියෝවේ විනාඩි 18, තත්පර 41න් පමණ පසු රාජගිරියේ අරියඥාණ හිමි මෙසේ පවසනවා:

තව කෙනෙක් රහත් භාවයට පත් උනාද, තව කෙනෙක් අනාගාමී උනාද, සෝවාන් ඵලයට පත් උනාද කියන කාරණය කියන්න පුළුවන් බුදුරජානන් වහන්සේ නමකට විතරයි.

එම කරුණ නිවැරදි නැහැ.

පහත දැක්වෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්‌ඣිම නිකායේ මූල පණ්ණාසකයේ මහායමක වග්ගයේ චූළගොසිඞ්ග සූත්‍රයෙන් [ http://thripitaka.org/view/sp/sp4/514 ] කොටසක්:

33. ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ද හා ආයුෂ්මත් නන්දිය තෙරණුවෝ ද ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ ද භාග්‍යවතුන් වහන්සේට පසු ගමන් කොට එයින් වටලා අවුත් ආයුෂ්මත් නන්දිය තෙරණුවෝ ද ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ ද ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ට තෙල කීහ:

“යම් හෙයකින් ආයුෂ්මත් අනුරුද්ධ තෙමේ භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි අපගේ ආස්‍රවක්ෂය කිරීම තෙක් ගුණ පැවසී ද, (එසේ පැවසීමට) කිම, ‘අපි මේ මේ (ලෞකික ලොකොත්තර) විහාරසමාපත්ති ලැබුවමෝ වෙමු’යි අපි අනුරුද්ධ ආයුෂ්මතුන්ට මෙසේ සැළ කළමෝ දැයි?” [අධිගම අප්පිච්ඡතායෙන් මෙසේ කීහු.]

34. ආයුෂ්මත්හු ‘අපි මේ මේ විහාරසමාපත්තීන් ලැබුවෙමු’යි මට මෙසේ නො කීහ. එහෙත් මේ ආයුෂ්මත්හු ‘මේ මේ විහාරසමාපත්තීන් ලැබුවාහු ය’යි මාගේ සිතින් ආයුෂ්මතුන්ගේ සිත් පිරිසිඳ දක්නා ලදී. ආයුෂ්මත්හු ‘මේ මේ විහාරසමාපත්තීන් ලැබුවාහු ය’යි දෙවියෝ ද මට මේ කරුණ සැළ කළහ. භාග්‍යවතුන් වහන්සේ විසින් විචාරණ ලද මා විසින් මේ කාරණය ප්‍රකාශ කරණ ලදී.

චූළගොසිඞ්ග සූත්‍රයට අනුව නන්දිය තෙරණුවන් සහ කිම්බිල තෙරණුවන් නොයෙක් නොයෙක් විහාරසමාපත්ති ලැබූ බව සහ රහතන් වහන්සේලා බව අනුරුද්ධ තෙරණුවන් තමන් වහන්සේ විසින්ම දැන ගත් බව සඳහන්. ඒ අනුව තවත් අයෙකුගේ මාර්ග ඵල ලැබූ නොලැබූ බව කියන්න හැක්කේ බුදුරජානන් වහන්සේ නමකට පමණක් නොවන බව කිව හැකියී.

අන් අයෙකු මාර්ග ඵල ලාභී දැයි දැන ගත හැකි ඥාණය සමහර බ්‍රහ්මකායික දෙවියන්ටත් ඇති බව ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ සත්තක නිපාතයේ අව්‍යාකත වග්ගයේ තිස්‌සබ්‍රහ්‌ම සූත්‍රයේ [ http://thripitaka.org/view/sp/sp15/410 ] විස්තර ඇතිව සඳහන්ව තිබෙනවා. එම සූත්‍රයට අනුවත් තවත් අයෙකුගේ මාර්ග ඵල ලැබූ නොලැබූ බව කියන්න හැක්කේ බුදුරජානන් වහන්සේ නමකට පමණක් නොවන බව කිව හැකියී.

Skylark
 
NanuNana

Member
Jan 29, 2010
654
68
0
අරියධම්ම ස්වාමීන්වහන්සේගේ ධර්මදේශනා තුළ ඔවැනි දේ මාත් අසා තිබෙනවා..

තව කෙනෙක් අධිගම තත්වයන් ලබන චිත්තක්ෂණයෙහිම බුදුරජාණන් වහන්සේට පමණක් දැකගත හැකි යැයි මෙය නිවැරදි විය යුතුයැයි මට හිතෙනවා..

මොකද තවත් කෙනෙකුන්ගේ චිත්තක්ශණයක් (තත්පරයකින්- ලක්ශ කෝටියකින් එකක්) ඇල්ලිය හැක්කෙ බුදුරජාණන් වහන්සේ කෙනෙකුටම පමණක් නිසා..

ධම්මචක්කපවත්තන සූත්‍රයේ අවසානයේ බුදුරදුන්ගේ උදාන වාක්‍යම කදිම නිදසුනක්:
"අඥ්ඥාසි වත භෝ කොණ්ඩඥ්ඥෝ අඥ්ඥාසි වතභෝ කොණ්ඩඥ්ඥෝති"

කෙසේ වෙතත් අරියඥාණ ස්වාමීන්වහන්සේගෙන් ඉතාම හොඳ ශාසනික සේවාවක් සිදුවෙනවා...කිහිපදෙනෙක් හෝ මාර්ගය සොයාගන්නවා නම් ලොකු දෙයක්..
 
Last edited:
  • Like
Reactions: netsurfer

Prabhaswara

Member
Feb 26, 2017
100
22
0
ඔබ කරන කටයුත්ත මා හෙළා දකිමි. ඔබ සියළුම හිමි වරුන්ට ඉතා ප්‍රාථමික කරුණු දක්වමින් මඩ ගසනවා පමණයි. ඇයි ඔබ නිවන් දකින විදිය නොකියන්නෙ? ඔබ මඩ ගසන ස්වාමීන් වහන්සේලා නොදුටු, ඔබ දුටු නිවන ගැන අපටත් පහදන්න.
 
Skylark

Member
Feb 4, 2010
2,371
87
0
නිර සතුන් ගිය මඟ ඔස්සේ දහම් දෙසන අපේ කාලේ පටලවාගත් යතිවරයකු වන රාජගිරියේ අරියඥාණ හිමි යම් අයෙකු මාර්ග ඵල ලාභියෙකු යැයි පැවසිය හැක්කේ බුදුරජානන් වහන්සේ නමකට පමණක්ය යන ධර්මයට නොගැළපෙන කරුණ පැවසීම ඉහත දක්වන ලද ත්‍රිපිටක සූත්‍ර ආදිය ගැන නොදැන සිටි නිසා කරන්නට ඇති.

එසේ උවත් ත්‍රිපිටක සූත්‍ර ආදිය දැක දැකත් දක්නා ලද දහම් පද වරදවා ගන්නා භික්ෂූන් වහන්සේලා සිටිනවා. ඊට උදාහරණයක් ලෙස වලස්මුල්ලේ අභය හිමි දැක්විය හැකියී. වලස්මුල්ලේ අභය හිමි ත්‍රිපිටකයේ දකින ලද "අනිච්ච" යන වචනය අකුරුවලින්ම වරදවා ගෙන, ඊට අන් අර්ථයක් දී, තවද සූත්‍ර බොහෝ ගණනක අර්ථ පටලවා ගෙන සම්මා සම්බුද්ධ සාසනය අතුරුදන් වීමට තරම් හේතු වන මහා පරිමාණ අධර්මයක් පැවසීම පිළිබඳ විස්තර "වලස්මුල්ලේ අභය හිමිගේ අනිච්ඡ අඳෝනාව" යන ත්‍රෙඩ් එකේ දැකිය හැකියී.

Skylark
 
SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඉතින් මොකද වෙන්නේ. ඕක ඇහුව කියල මිනිස්සු අපාගත වෙනවද. හරියටම කියන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි තමයි. ඒක කොමන් සෙන්ස්. හැබැයි යම් යම් ලක්ෂණ බලල අනුමානයෙන් කියන්න පුළුවන් තව අය ඉන්න පුළුවන්. හැබැයි අනිවාර්යෙන් Skylark උඹ නම් එහෙම කෙනෙක් නෙමෙයි. :P:P:P