මොනිටර් back-light ගැන

K.V.D

Well-known member
  • Aug 7, 2016
    1,114
    494
    113
    Gampaha
    අපි භාවිතා කරන බොහොමයක් LCD display වල back light දකින්න පුළුවන්. මොකද display එකක panel එකට හැකියාවක් නැහැ එළියක් නිකුත් කරන්න. එක හින්දා panel එක පිටිපස්සෙන් light set එකක් හයි කරලා තියනවා. එකට තමයි back light කියන්නේ.

    ඉස්සර monitor වල තිබ්බ back light එකට කියන්නේ Cold Cathode Fluorescent Lamp (CCFL) කියල. මේවා හරියට ඉස්සර අපේ ගෙවල් වල තිබ්බ tube light වගේ තමයි. ඒ උනාට ඒවාට වඩා ගොඩක් පොඩියි. මේවා display panel එක පිටිපස්සෙන් තමයි හයි කරලා තිබිල තියෙන්නේ.මේ තියන පින්තුරෙන් බලාගන්න.

    200959102427488.jpg


    මේවගේ අවාසි තමයි බරින් වැඩි වීම, ලොකු power consumption එකක් අවශ්‍ය වීම, panel එක පුරාම ඒකාකාරිව එලිය විහිදුවාලීමට නොහැකි වීම(High & Lower Black Levels) වගේ ඒවා

    CCFL වලින් පස්සේ තමයි අපි හැමෝම දන්න LED Backlight එක එන්නේ. මේකේ තිබුණු lower power consumption, බරින් අඩු වීම සහ හොඳින් panel එක පුරාම එලිය විහිදීම වගේ දේවල් හින්දා ගොඩක් මේ තාක්ෂනය ජනප්‍රිය උනා.මේ තියන පින්තුරෙන් බලාගන්න.

    2gu07k2.jpg


    එහෙම උනත් පොඩි අව්ලක් තියනවලු:rofl:.

    panel එක සුදු පාට එලිය නිපදවීමට පාවිච්චි කරන්නේ නිල් පාට LED සහ කහ පාට posperus වීමයි. එක හින්දා මේ එන සුදු පාට එළියේ නිල් පාට ගතිය රතු සහ කොළ පාට වලට වැඩ වැඩියෙන් තියනවලු.:angry:

    මේ ලෙඩේ මග අරින්න නිෂ්පාදකයෝ පාවිචිචි කරනවලු RGB LED සහිත Backlight එකක්. හැබැයි මේවගේ මිල සාමාන්‍ය monitor වලට වඩා සැහෙන්න වැඩියි.

    ඉවර නෑ... තව තියනවා...:P

    සමහර back light වල LED monitor එකේ panel එක පුරාම තියෙනවා(full array led type). මේ වගේ.

    2gu07k2.jpg


    අනිත් විදිහ තමා back light එකේ LED තියෙන්නේ panel එකේ edge වල විතරයි(edge lit backlight type). මේ වගේ.

    61670-fig-1.jpg


    මෙන්න මේ edge lit type එකේ diffuser කියල එකක් පාවිචිචි වෙනවලු ආලෝකය panel එක පුරාම අරගෙන යන්න.මේ තාක්ෂනය සුලබව දකින්නට තියෙන්නේ smart phone වල හා මිල අඩු monitor වල කියල තමයි කියන්නේ.

    LED%20backlight-edge%20lit.jpg


    මේ ජාති දෙකෙන් වැඩිපුරම picture quality එකක් දකින්න පුළුවන් වෙන්නේ නම් full array led backlight එකේදී තමයි.

    මේ full array backlight වලට පුළුවන් ලු screen එකේ අවශ්‍ය තැන් වල විතරක් brighness අඩු කරන්න.එකට කියන්නේ back light dimming කියල. අන්න එක හින්දා තමයි මේ මොනිටෝර් වලට accurate විදිහට black level එහෙම පෙන්නන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ මොනිටෝර් උසේ කරන්නේ DC කියන තාක්ෂනය back light dimming වලදී.

    එතකොට edge type led එක black levels පෙන්නන්ඩ කරන්නේ back light එක flicker කරන එක හෝ මුළු panel එකේම එලිය අඩු කරන එකයි. flicker කරනවා කියන්නේ වේගයෙන් on/off කරනවා වගේ එකක් තමයි. ඒ කියන්නේ මේ මොනිටෝර් use කරන්නේ PWM කියන තාක්ෂනය back light dimming වලදී.

    මේ වර්ග දෙක මර්කෙට් එකේදී නම් PWM හෝ DC කියල නම් හොයාගන්න අමාරු වෙයි. හමයි මොනිටරැ එක ගලවන්න ඕනේ නැ ඒකට :baffled:
    Flicker Free කියල marketing වලදී කියල තියෙන්නේ DC type back light තියන monitor වලට තමයි.:yes:

    34zg86w.jpg


    දෙයක් ඉගෙන ගත්තා නම් comment එකක් දාල සලකලා යන්න
    :D
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,621
    113
    37
    LCD මොනිටර් වල උඩ තියෙන වීදුරුවට නමේ ද එතකොට Back light ඒක කියන්නේ ඒකට යටින් තියෙන එකකටද එතකොට පැච් එන්නේ ඔය බැක් ලයිට් එකේ නෙමයි ද

    Rep +4
     

    K.V.D

    Well-known member
  • Aug 7, 2016
    1,114
    494
    113
    Gampaha
    LCD මොනිටර් වල උඩ තියෙන වීදුරුවට නමේ ද එතකොට Back light ඒක කියන්නේ ඒකට යටින් තියෙන එකකටද එතකොට පැච් එන්නේ ඔය බැක් ලයිට් එකේ නෙමයි ද

    Rep +4

    na display panel ekata pitipassen thamai backlight eka thiyenne. patch enne display panel eke pixul dead or stuck wena hinda..
    E gana thread ekakuth dannam :)
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,621
    113
    37
    na display panel ekata pitipassen thamai backlight eka thiyenne. patch enne display panel eke pixul dead or stuck wena hinda..
    E gana thread ekakuth dannam :)

    ela dapan macho. puluvnm oka hadagana vidiyakuth daapan ela
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,590
    3,044
    113
    40
    කැන්ඩි...
    Machan lcd monitors walath udin yatin ccfl 2k ho hatharak witharai enne.piti passen backlight tiyena ekak nam man jivitheta thama dakala nam na :no::shocked: samahara wita godak loku tv wala wage nam enawa athi neda
    watinwa theread eka macho :yes:
    Rep passe dennam :cool:
     
    Last edited: