ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page [මෙගා ත්‍රෙඩ්]ඔසුපැල හඳුනා ගනිමු
Reply
 
Thread Tools
(#1)
Old
redhat's Avatar
redhat redhat is offline
Senior Member
redhat is a glorious beacon of lightredhat is a glorious beacon of lightredhat is a glorious beacon of lightredhat is a glorious beacon of lightredhat is a glorious beacon of lightredhat is a glorious beacon of lightredhat is a glorious beacon of lightredhat is a glorious beacon of lightredhat is a glorious beacon of lightredhat is a glorious beacon of lightredhat is a glorious beacon of light
 
Posts: 2,317
Join Date: Aug 2008
Location: Redhat lab - Aukland
[මෙගා ත්‍රෙඩ්]ඔසුපැල හඳුනා ගනිමු - 01-31-2017, 09:59 AM

ගස් , පැල වර්ග , ඔසු වර්ග මෙතන දාමුද? දන්නේ නැති දේවල්
ඔසුපැල හඳුනා ගනිමු

නිවැරදිව ශාක හදුනාගැනීම
මේ සමූහයේ සිටින බොහෝ සාමාජිකයන් ශාක හදුනාගැනීම පිලිබද වැඩි උනන්දුවක් දක්වන බැවින් ඒ සම්බන්ධව මා දන්නා කරුණු වරින් වර ඉදිරිපත් කරන්නම්. එය ඔබ සැමට ප්‍රයෝජනවත් වේවි. මේ සම්බන්ධව ගැටලු ඇත්නම් ඉදිරිපත් කරන්න. දන්නා තරමින් පැහැදිලි කර දෙන්නම්. මෙතැන් සිට අංක සහිතව එම කරුණු වරින් වර ඉදිරිපත් කරන්නම්. එවිට යම් අංකයක් මගහැරුණ හොත් පහසුවෙන් සොයාගත හැකි වේවි.

Last edited by redhat; 01-31-2017 at 10:01 AM.
Reply With Quote
(#2)
Old
redhat's Avatar
redhat redhat is offline
Senior Member
redhat is a glorious beacon of lightredhat is a glorious beacon of lightredhat is a glorious beacon of lightredhat is a glorious beacon of lightredhat is a glorious beacon of lightredhat is a glorious beacon of lightredhat is a glorious beacon of lightredhat is a glorious beacon of lightredhat is a glorious beacon of lightredhat is a glorious beacon of lightredhat is a glorious beacon of light
 
Posts: 2,317
Join Date: Aug 2008
Location: Redhat lab - Aukland
01-31-2017, 10:01 AM

නිවැරදිව ශාක හදුනාගැනීම
මේ සමූහයේ සිටින බොහෝ සාමාජිකයන් ශාක හදුනාගැනීම පිලිබද වැඩි උනන්දුවක් දක්වන බැවින් ඒ සම්බන්ධව මා දන්නා කරුණු වරින් වර ඉදිරිපත් කරන්නම්. එය ඔබ සැමට ප්‍රයෝජනවත් වේවි. මේ සම්බන්ධව ගැටලු ඇත්නම් ඉදිරිපත් කරන්න. දන්නා තරමින් පැහැදිලි කර දෙන්නම්. මෙතැන් සිට අංක සහිතව එම කරුණු වරින් වර ඉදිරිපත් කරන්නම්. එවිට යම් අංකයක් මගහැරුණ හොත් පහසුවෙන් සොයාගත හැකි වේවි.
Reply With Quote
(#3)
Old
ruchira55's Avatar
ruchira55 ruchira55 is offline
Senior Member
ruchira55 is a name known to allruchira55 is a name known to allruchira55 is a name known to allruchira55 is a name known to allruchira55 is a name known to allruchira55 is a name known to allruchira55 is a name known to allruchira55 is a name known to allruchira55 is a name known to allruchira55 is a name known to allruchira55 is a name known to all
 
Posts: 11,503
Join Date: Mar 2012
01-31-2017, 10:02 AM

rep+
Reply With Quote
(#4)
Old
redhat's Avatar
redhat redhat is offline
Senior Member
redhat is a glorious beacon of lightredhat is a glorious beacon of lightredhat is a glorious beacon of lightredhat is a glorious beacon of lightredhat is a glorious beacon of lightredhat is a glorious beacon of lightredhat is a glorious beacon of lightredhat is a glorious beacon of lightredhat is a glorious beacon of lightredhat is a glorious beacon of lightredhat is a glorious beacon of light
 
Posts: 2,317
Join Date: Aug 2008
Location: Redhat lab - Aukland
01-31-2017, 10:03 AM

වල් ඇඹරැල්ලා (Spondias pinnata)
මීටර් 30 - 40 පමණ උසට වැඩෙන විශාල වෘක්ෂයකි. බොහෝ ලක්ෂණ කෑමට ගන්නා ඇඹරැල්ල ශාකයට සමාන වන අතර ගෙඩි කුඩාය. ගෙඩි සතුන් කෑමට ගනී. පොත්ත පලුදු කල පසු වැස්සෙන මැලියම් කඩදාසි වැනි දෑ ඇලවීමට භාවිතා කළ හැකිය.

Reply With Quote
(#5)
Old
Alaya's Avatar
Alaya Alaya is offline
Senior Member
Alaya is a glorious beacon of lightAlaya is a glorious beacon of lightAlaya is a glorious beacon of lightAlaya is a glorious beacon of lightAlaya is a glorious beacon of lightAlaya is a glorious beacon of lightAlaya is a glorious beacon of lightAlaya is a glorious beacon of lightAlaya is a glorious beacon of lightAlaya is a glorious beacon of lightAlaya is a glorious beacon of light
 
Posts: 10,045
Join Date: Sep 2006
Send a message via Yahoo to Alaya
01-31-2017, 10:04 AM

හීන් බෝවිටියා
ව්‍යාප්තිය – අප්‍රිකාව, දකුණු ආසියාව, උතුරු ඔස්ට්‍රේලියාව වැනි රටවලත්, ශ්‍රී ලංකාවේ පහතරට තෙත් කලාපයේ සිට මුහුදු මට්‌ටමේන් අඩි 5000ක්‌ දක්‌වා වූ උස ඇති ප්‍රදේශවලත් වැවේ. දකුණු ඉන්දියාවේ ද දක්‌නට ලැබේ.

රූපාකාරය – කුඩා සෘජු පැළෑටියකි. අතු බෙඳී ඇත. පිටපොත්ත රතු දුඹුරු පැහැයක්‌ ගනී. ආයත හැඩැති පත්‍රවල යටි පැත්තේ සියුම් රෝම සහිත ය. දිගින් මි.මී. 3ක්‌ පමණ වෙයි. ද්විලිංගික මල් රෝස පැහැති ය. කුඩා ය. සුදු පැහැයට හුරු මල් ද ඇත. බෝංචි බීජ හැඩය ගත් කුඩා බීජ, කරල්වල ඇත.

ඖෂධීය ගුණය – ආයුර්වේදයේත්, දේශීය වෙදකමේත් හීන් බෝවිටියා යොදන අවස්‌ථා ඇත. සෙංගමාලය රෝගයේ දී හීන් බෝවිටියා වෑංජනයක්‌ ලෙස ආහාරයටත් උදෑසන හිස්‌ බඩ කැඳක්‌ ලෙසටත් භාවිත කරන ලෙස දේශීය වෙදකමේත් ආයුර්වේදයේත් නිර්දේශ කෙරෙයි. බඩේ රිදීමක්‌ නැති ව කීප වරක්‌ බඩ යන විට හීන් බෝවිටියා කිරට උයා ආහාරයට ගැනීමෙන් එම රෝගී තත්ත්වය සුව වෙයි.

හීන් බෝවිටියා ළපටි කොළ වෑංජනයක්‌ ලෙස උයා ආහාරයට ගත හැකි ය. මේරූ පත්‍ර සලාද සැදීමට ද ගනී. දිනපතා දින 5ත් 7ත් අතර කාලයක්‌ ආහාරයට ගැනීමෙන් දියවැඩියාව අඩු වන බව සඳහන් වෙයි. තරමක මේරූ පත්‍ර කොටා පොල්, කැකුළු හාල් සමඟ කැඳ පිස උදෑසන කිතුල් හකුරු සමඟ බීමෙන් ශරීරයේ අධික උෂ්ණය නැති වී යයි. සෙංගමාලය රෝගයේ දී මේරූ හීන් බෝවිටියා කොළ පොල් සමඟ කොටා මිරිකා හීනටි හාලෙන් කැඳ උයා දින කීපයක්‌ ලුණු නො දමා හිස්‌ බඩ බීමෙන් සුවය ලැබෙයි.

වගා කිරීම – පරිසරයේ වල් පැළෑටි අතර වැවේ. වගා කිරීමක්‌ නො කෙරෙ.¨ පරිසර පද්ධති කුඩා වීම මෙම පැළැටිය වඳ වීමට හේතුවකි.



Last edited by Alaya; 01-31-2017 at 10:07 AM.
Reply With Quote
(#6)
Old
redhat's Avatar
redhat redhat is offline
Senior Member
redhat is a glorious beacon of lightredhat is a glorious beacon of lightredhat is a glorious beacon of lightredhat is a glorious beacon of lightredhat is a glorious beacon of lightredhat is a glorious beacon of lightredhat is a glorious beacon of lightredhat is a glorious beacon of lightredhat is a glorious beacon of lightredhat is a glorious beacon of lightredhat is a glorious beacon of light
 
Posts: 2,317
Join Date: Aug 2008
Location: Redhat lab - Aukland
01-31-2017, 10:04 AM

වැල් කොහිල
Syngonium angustatumයන උද්භීද විද්යාාත්මක නාමයෙන් හඳුන්වන වැල් කොහිල ශාකය Araceae කුළයට අයත්ය.
ඉංග්රීසියෙන් Goosefoot, Arrowhead Vine ලෙසත් හඳුන්වයි.
ශාක, ගල්,ආදිය මත වැඩෙන ආරොහකයක් වන වැල් කොහිල වල පත්ර ඒකාන්තරය, ත්රිකෝණාකාරය. කෙළවර තීව්රය. පරිණත පත්ර ඛණ්ඩිකා බවට වෙන්වී පවතී. පත්රය ලා කොළ පැහැති අතර අළු හා සුදු පැහැති ළප දක්නට ඇත. පුෂ්ප ළපටි කාලයේ සුදු පැහැ වන අතර පරිණතවන විට රත් පැහැවේ. ලොවපුරා ප්රභේද 32ක් පමණ වාර්ථාවේ.
ප්රරෝහනය ප්රරෝහ කැබලි මගින් සිදුවේ.
ළපටි දළු කළවම් පළාවක් ලෙසත් මාළුවක් ලෙසත් ඉතාමත් රසවත් වන අතර මලබද්ධය නසයි. අර්ශස් වේදනා අඩුකරයි. ගුදයේ ඉදීමාව අඩුකරයි.
කඳ කැපූවිට එන කිරිපැහැ තරලය කුහුඹුවන් දශ්ඨනවලදී ප්රතිකාර ලෙස යොදයි. එසේම දත් කැක්කුමට ප්රතිකාර ලෙස කැක්කුම ඇති දත් කුහරය තුලට වැල් කොහිල කඳේ තරල බින්දවක් දැමීමෙන් වේදනාව අඩුවේ.
මුල් හා පොත්ත ප්රතිප්රදාහික හා ප්රතිජීවක ලෙස භාවිත කර හැකිය. විශේෂයෙන් ම ගැඹුරු තුවාල හා සමේ රෝග සඳහා භාවිත කළහැකිය.


Reply With Quote
(#7)
Old
Mr.Tom's Avatar
Mr.Tom Mr.Tom is offline
Senior Member
Mr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud of
 
Posts: 18,243
Join Date: Mar 2013
Location: EK Automobile
01-31-2017, 10:06 AM

ඉතාම හොද වැඩක්. ඒ ඒ ශාක වැවෙන්නේ කොහෙද කියල දන්නව නම් ඒ ගැනත් විස්තර කරන්න පුලුවන් නම් හොදයි.
Reply With Quote
(#8)
Old
redhat's Avatar
redhat redhat is offline
Senior Member
redhat is a glorious beacon of lightredhat is a glorious beacon of lightredhat is a glorious beacon of lightredhat is a glorious beacon of lightredhat is a glorious beacon of lightredhat is a glorious beacon of lightredhat is a glorious beacon of lightredhat is a glorious beacon of lightredhat is a glorious beacon of lightredhat is a glorious beacon of lightredhat is a glorious beacon of light
 
Posts: 2,317
Join Date: Aug 2008
Location: Redhat lab - Aukland
01-31-2017, 10:07 AM

ඉඹුල්
Bombax ceiba යන උද්භිද විද්‍යාත්මක නිමයෙන් හඳුන්වනු ලබන ඉඹුල් ශාකය Bombaceae කුලයට අයත් ශාකයකි. සිංහලෙන් ඉඹුල් පුළුං ලෙසත් හඳුන්වන අතර දමිල බසින් ඉලාවම්, කරුක්කානම්, පන්ජි, ලෙසත්. හිංදි බසින් හාටියන්, කටන්, සෙෆෙඩ්සෙමාල්, ලෙසත් සංස්කෘත බසින් චියාරු, කුටශල්මලි, රෝචනාශල්මලී, ස්තියාරු ලෙසත් හඳුන්වයි.
ඉතා විශාල ලෙස වැඩෙන වෘක්ෂයක් වන මෙම ශාකයේ සිනිඳු කොළ පැහැයට හුරු පිට පොත්තක් ඇත. ප්‍රාථමිකව තිරස් අතට පිහිටි ශාකා 3 බැගින් වූ වලයන්ගෙන් පිහිටයි. පත්‍ර ඒකාන්තරය. ආංගුලික හෝ පාණිවත් වේ. පත්‍ර වෘන්ත දිගුය. පත්‍රිකා 5-7ක් පමණ කෙටි නටුවලින් ප්‍රධාන නටුවට සම්බන්ධ වී ඇත.පත්‍ර දික්වූ ලංසාකාර ඒවායේ.කෙලවර තීව්‍රය. පතනශිලිය.
පුෂ්ප ක්‍රමවත්වන අතර ද්විලිංගිකය. මල් රතු පැහැතිය.සාමාන්‍යයෙන් මාර්තු මාසයේ දී ගහේ කොළ හැලී ළපටි දළු ඇතිවන විට මල්ද හට ගනී. මනි පත්‍ර 5කි. ඒවා එකිනෙකට සම්බන්ධව ඇත.දළ 5කි. රේණු 5කි. ඩිම්බ කෝෂය උත්තරය. කෝෂ්ඨිකා 5කි. ඩිම්බ රාශියකි. ඵලය ස්ඵෝඨිකාවකි. ඝණ ආවරණයක් ඇති අතර එය පැලීමෙන් බීජ පිටවේ. බීජ වටා පුළුං වලින් වටවී ඇත. කොට්ට පුළුන් වල මෙන් මෙම ඵල විශාල නොවන අතර එතරම් ඝනව පුළුන් ද නැත.
කඳෙහි පහල ප්‍රදේශ වල විශාල කටු පවතී. ඉඹුල් ශාකය ලංකාවේ පහත රට ප්‍රදේශ වල බහුලව හමුවේ.
ආයුර්වේදයට අනුව ඉඹුල් යනු රසයෙන් මධුර, ගුණයෙන් ලඝු, ස්නිග්ධ, හා පිච්ඡිල වු. වීර්යයෙන් ශීත වූ , විපාකයෙන් මධුර කටුක වූ ද වේ. ස්නිග්ධ හා මධුර බැවින් , ඉඹුල් වාත නාශකවේ. ශීත නිසා පිත සමනය කරයි. ඉඹුල් මැලියම් කෂාය රස හේතුවෙන් කඵ පිත්තශාමකද වේ. ඉඹුල් පොතු ශෝථහරය. දාහහරය, ඉඹුල් මල් ලේ පිරිසිදු කරන ගුණයෙන් යුක්ත අතර ඉඹුල් ලාටු ස්ථම්භන ද ව්‍රණ රෝපනද වේ. ඉඹුල් ගසේ මුලෙන් පිළියෙළකරගත් කෂාය අතීසාරය සඳහා ගුණදායකය.
ළපටි ඉඹුල් ගස්වල මුදුන් මුල් ගොනෝරියාව, අතීසාරය සඳහා ප්‍රතිකාරයට ගනී.
ඉඹුල් මැලියම් ළමයින් ගේ මුත්‍ර ආබාධ සඳහා යොදා ගනී. ඉඹුල් ගසේ පොතු මුත්‍රකාරකවේ. මුත්‍රාශයේ ගල් දියකීරීමට භාවිත කලහැකිය. ඇඳුම හා සෙම්ප්‍රතිශ්‍යාවට ප්‍රතිකාර කිරීමේදී ගනුලබයි.
ඉඹුල් පත්‍ර අහාර මාර්ගයේ ආබාධ, මුත්‍රා මාර්ගයේ අබාධ, සඳහාත් , ඉඹුල් මල් කෂාය මලබද්ධය සඳහා හොඳ ප්‍රතිකාරයකි.
එසේම කාමෝද්දීපක ඖෂධ පිළියෙල කිරීමේදී ඉඹුල් මුල් බාවිතා කරයි. ඉඹුල් මුල් සුනු හා සීනි සම පමණ ගෙන වතුර දමා බීම ගුණදායක බව සඳහන්ය. රසායනික වාජීකරණ ලෙස ඉඹුල් මුලක් දෙකට කපා එතැනින් වැගිරෙන ද්‍රවය එකතුකොට වියලා තල සමග කෑමට දීම ගුණදායක වේ.
පාද දාහයට ගිතෙල් , යව, දළුක් කිරි, ඉඹුල් පොතු ආලේපය යෝග්‍යය. මුහුණ ඔපදැමීමට ඉඹුල් කටු අඹරා ආලේප කිරීම සුදුසුය. විදුරුමසේ ආබාධ වලදී මෙන්ම මුඛ පාක, ව්‍රණ ආදියෙහිදීත් එළකිරෙන් ඇඹරූ ඉඹුල් කටු ආලේප කිරීම යෝග්‍යෙව්.
ඉඹුල් මල් එළවලුවක් ලෙස රක්තප්‍රදරයේදි යෙදේ. ඉඹුල් මැලියම් ශුක්‍රස්ථම්බනය සඳහා ද ශ්වේත ප්‍රදරයේදීද යෙදේ.
ඉඹුල් ගසේ පොතු ගලවා කටු ඉවත්කර ගෙන සෝදා ,කොටා, මිරීකා ගත් යුෂයෙන් හීනටි හාල් යෙදූ කැඳ පිස පාණය කරවීමෙන් බහු මුත්‍රතාව ඇති දියවැඩියා රෝගීන්ට ඉතාමත් ගුණදායක බව සඳහන්වේ.
ජ්‍යොතීෂයේදී රවිගේ අපල සඳහා ඉඹුල් වෘක්ෂයට සාත්තු කිරීම සුභ දායක වේ


Reply With Quote
(#9)
Old
DJAshik's Avatar
DJAshik DJAshik is offline
Senior Member
DJAshik is just really niceDJAshik is just really niceDJAshik is just really niceDJAshik is just really niceDJAshik is just really niceDJAshik is just really niceDJAshik is just really nice
 
Posts: 949
Join Date: Oct 2010
Location: Everywhere...
01-31-2017, 10:07 AM

bump
Reply With Quote
(#10)
Old
lk-maare's Avatar
lk-maare lk-maare is offline
Senior Member
lk-maare is just really nicelk-maare is just really nicelk-maare is just really nicelk-maare is just really nicelk-maare is just really nicelk-maare is just really nicelk-maare is just really nicelk-maare is just really nicelk-maare is just really nice
 
Posts: 2,225
Join Date: Nov 2014
Location: මහනුවර
01-31-2017, 10:12 AM

bump
Reply With Quote
Reply

Bookmarks

Tags
ඔසු, ඔසු පැල, ගස්, බෙහෙත් පැල, සිංහල බෙහෙත්, blackp, nb dia, osu pala, rukshrulz

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05602 seconds with 8 queries