එන්ජින් ඉමොබලයිසර් සිකියුරිටි සිස්ටම්

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    එන්ජින් ඉමොබලයිසර් සිකියුරිටි සිස්ටම්



    එන්ජින් ඉමොබලයිසර් සිකියුරිටි සිස්ටම්

    මොකක්ද මේ එන්ජින් ඉමොබලයිසර් සිකියුරිටි සිස්ටම්කියලා කියන්නේ?සරලව කියනවා නම් මෝටර් රථ හොරකම් කිරීම් වලින් ආ‌රක්ෂා කිරීමට හඳුන්වලා දීලා තියෙන ආ‌රක්ෂිත ක්‍රමයට කියනවා එන්ජින් ඉමොබලයිසර් සිකියුරිට් සිස්ටම් කියලා.තව ටිකක් පැහැදිලි කලොත්,මෝටර් රථයට අදාල කී එක නැතුව වෙන කී එකකින් හරි එහෙම නැත්නම් වෙනත් ක්‍රමයකින් මෝටර් රථය පණගැන්වීමට බැරි විදිහට ඉලෙක්ට්‍රොනික් කෝඩ් එකකින් ඉග්නිෂන් සහ ඉන්ධන පද්ධතිය ECU එක මගින් ලොක් කරීම කියලා හඳුන්වන්න පුලුවන්.

    මෝටර් රථ සඳහා මේ ඉලෙක්ට්‍රොනික් ඉමොබලයිසර් තාක්ෂණය
    මුලින්ම හොයාගෙන තියෙන්නේ St. George Evans,Edward Birkenbuel සහ patented යන අය විසින් 1919 දී.ඒ‌ කොහොම වුණත් මේ
    ඉලෙක්ට්‍රොනික් ඉමොබලයිසර් සිකියුරිට් තාක්ෂණය ඇ‌තුලත් මෝටර් රථ අලෙවි කිරීම 1998 දී විතර තමයි ආ‌රම්භ වෙලා තියෙනවා.

    ආ‌රක්ෂිත කියලා අංගයක් ලෙස මෝටර් රථයක් වෙනත් ආ‌කාරයකට ස්ටාර් කරන්න බැරි වෙන්න හදලා තියෙන ආ‌රක්ෂිත පද්ධතියට ඉමොබ්ලයිසර් සිකියුරිටි සිස්ටම් කියලා කලින් කිව්වට ඇ‌ත්තටම ඒ‌කේ දී වෙන්නේ මොකක්ද?

    මෝටර් රථ පාවිච්චි කරන නොකරන කවුරැත් දන්නවා මෝටර් රථයක් පණගැන්වීමට කී එකක් ඕනි කියලා.හැබැයි අද තියෙන මෝටර් රථ පණගැන්වීමට භාවිතා කරන කී එක තරමක් සංකීර්ණ ඉලෙක්ට්‍රොනික් උපාංගයක්.

    මෝටර් රථය පණගැන්වීමට අවශ්‍යය ඉලෙක්ට්‍රොනික් කී කෝඩ් එකක් කී ඇ‌තුලේ තියෙන කුඩා මයික්‍රෝ චිප් එකට ඇ‌තුලත් කරලා තියෙනවා.ඒ‌කට කියනවා ට්‍රාන්ස්පොන්ඩර් එක කියලා.කී එක ඉග්නිෂන් කී බැරල් එකට දාපුවාහාම කී බැරල් එකේ තියෙන රිසීවරය කියන උපාංගයෙන් කී ට්‍රාන්ස්පොන්ඩර් එකේ තියෙන කී කෝඩ් එක ECU එකට ලබාදීලා ECU එකේ තියෙන කී කෝඩ් එකත් එක්ක ගැලපෙන බව තහවුරැ කරලාට පස්සේ ECU එකෙන් සිග්නල් එකක් යවනවා වාහනය පණගැන්වීමට අවශ්‍ය ඉග්නිෂන් සහ ඉන්ධන පද්ධතිය ක්‍රියාත්මක කරන්න කියලා.

    මුල් කාලයේ භාවිතා වුණ ඉමොබලයිසර් සිස්ටම් වල ඉග්නිෂන් කී එකේ හෝ කී ෆොබ් එකට ස්ථිරව ඇ‌තුලත් කරලා තියෙන ඉලෙක්ට්‍රොන්ක් කී කෝඩ් එක ඉග්නිෂන් බැරල් එකේ තියෙන රේඩියෝ ෆ්‍රීකුවෙන්සි අයිඩෙන්ටිෆිකේෂන්(RFID)ලූප් එක මගින් කී කෝඩ් එක ඉබොලයිසර් කොන්ට්‍රෝල් යුනිට් එක හරහා ECU එකට ලබාදෙනවා,එහිදී ECU එකේ තියෙන කී කෝඩ් එකත් එක්ක ගැලපෙනව නම් විතරක් එන්ජිම පණගැන්වීමට අවශ්‍ය ඉග්නිෂන් සහ ඉන්ධන පද්ධතිය ECU එක මගින් ක්‍රියාත්මක කරනවා.

    අද භාවිතා කරන මෝටර් රථ වල කී එක ඇ‌තුලේ තියෙන මයික්‍රෝ සර්කිට් එකක් මගින් ඉලෙක්ට්‍රෝමැග්නටික් ෆීල්ඩ් එකක් ඇ‌ති කරලා කී බොඩි එක හරහා විදුලි ධාරාවක් ගමන් කිරීමට සලස්වලා ඒ‌ මගින් ECU එකට පමණක් කියවන්න පුලුවන් බයිනරි කෝඩ් එකක් ඉමොබලයිසර් කොන්ට්‍රෝල් යුනිට් එක හරහා ECU එකට විකාශණය කරනවා.ECU එක මගින් කී එකෙන් ලැබෙන කී කෝඩ් එක සමග ECU එකේ ගබඩා කරලා තියෙන කී කෝඩ් එකත් එක්ක ගැලපෙනව නම් මෝටර් රථය පණගැන්වීමට අවශ්‍ය ඉග්නිෂන් සහ ඉන්ධන පද්ධතිය ක්‍රියාත්මක කරවනවා.

    කී බැරල් එකක් නැති ස්මාර් කී භාවිතා කරන මෝටර් රථ වල කී එකේ තියෙන කුඩා බැටරිය සහ මයික්‍රෝ සර්කිට් එක මගින් නිතුත්කරන රේඩියෝ තරංග මෝටර් රථය ඇ‌තුලේ ඩෑෂ් බෝඩ් එකේ හරි ස්ටීරියන් කොලම් එකේ එහෙම නැත්නම් සෙන්ටර් කොන්සෝල් එකේ හයිකරලා තියෙන කුඩා ඇ‌න්ටෙනාවක් මගින් ඉමොබලයිසර් කොන්ට්‍රෝල් යුනිට් එක හරහා ECU එකට ලබාදෙනවා.ඒ‌ දත්ත ECU එකේ තියෙන දත්ත සමග ගැලපෙනවා නම් විතරක් ECU එක මගින් ඉග්නිෂන් සහ ඉන්ධන පද්ධතිය ක්‍රියාත්මක කරලා මෝටර් රථය පණගැන්වීමට සලස්වනවා.මේ වගේ ස්මාර් කී භාවිතා කරන මෝටර් රථ වල කී බැටරිය දුර්වල නම් හෝ කී රසීවර් ඇ‌න්ටෙනා දෝෂ සහිත නම් මෝටර් රථය පණගැන්වීමට බැරි වෙන අතර key ont recognise කියලා වර්නින් මැසේජ් එකක් සහ වාහනයක් සමග කුඩා කී එකක් සහිත කහපාට වර්නින් ලයිට් එකක් මීටර් බෝර්ඩ් එකේ පෙන්නනවා.

    මෝටර් රථයක කී එකේ තියෙන ට්‍රාන්පොන්ඩර් එකට,බැරල් එකට සහ රිසීවරයට හානි වුණොත් එහෙම නැත්නම් මොකක් හරි දෝෂයක් ඇ‌ති වුණොත් එහෙම නැත්නම් වෙන කී එකක් දාලා මෝටර් රථය පණගන්වන්න ගියොත් කී කෝඩ් එකිනෙකට ගැලපෙන්නේ නැත්නම් ECU එක මගින් ඉනධන සහ ඉග්නිෂන් සිස්ටම් එක ක්‍රියාත්මක වීමට වලක්වනවා.ඒ‌ වගේ වෙලාවට මෝටර් රථවය් හසාර්ඩ් ලයිට් පත්තු වෙලා,සිකියුරිට් එලාම් එකක් වැදිලා අනතුරැ අඟවනවා.

    (චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

    31/01/2017
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,129
    8,174
    113
    රූකඩ රාජ්ජේ


    පට්ට ආටිකල් එකක් මචං...


    security-light.jpg

    වාහනේ යතුර අතට ගත්තම ඔය ලයිට් එක පත්තු වෙන්නේ ඔය සීන් එක නිසාද ?