ඉංග්‍රීසි_ඉගෙන_ගනිමු

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඉංග්‍රීසි_ඉගෙන_ගනිමු

එළකිරි මහා ඉංග්‍රීසි කඳවුර

සරලව ඉංග්‍රීසි ඉගෙන ගනිමු


( English )



Simple Sentence (සරල වාක්‍යය)

මෙහි සදහන් පාඩම් මාලාවන්වල සිංහල වාක්‍යයන් සදහන් කර ඇත්තේ ඉංග්‍රීසි වාක්‍යයේ අදහස මනාව තේරුම් ගැනීම සදහා පමනි.
නාමපදයකට ක්‍රියාපදයක් එකතුවීමෙන් සරල වාක්‍යයක් සෑදීම

නාමපදයකට ක්‍රියාපදයක් එකතුවීමෙන් සරල වාක්‍යයක් සෑදෙයි.
1.gif

1). බල්ලා බුරයි.
Dog barks.
2). වෛද්‍යවරයා පැමිණෙයි.
Doctor comes.
3). මල් පිපේ.
Flowers bloom.
4). මව්වරු විශ්වාස කරති.
Mothers trust.
5). මදුරුවෝ කනවා.
Mosquitoes bite.

නාමපදයක අගට "s" අකුරක් යෙදෙන්නේ බොහෝ විට බහුවචන අවස්ථාවේ දී ය.
Ex- Flowers
ක්‍රියාපදයක් අගය "s" අකුරක් යෙදෙන්නේ බොහෝ විට ඒකවචන අවස්ථාවේ දී ය.
Ex- comes, barks
කතෘ ඒකවචන නම්, ක්‍රියාවේ අගට "s" අකුරක් යොදා ක්‍රියාවද ඒකවචන කළ යුතුය.
If the Subject is singular the Verb should be singular too.
Ex- Dog barks.
කතෘ බහුවචන නම්, ක්‍රියාවද බහුවචන විය යුතුය. එනම් ක්‍රියාව අගට "s" අකුරක් නොමැතිව තැබිය යුතුය.
If the Subject is plural the Verb should be plural too.
Ex- Mothers trust.
1_2.gif

1_3.gif

Examples -
1). අපි බලාපොරොත්තු වෙනවා.
We hope.
2). ඔහු වැඩකරනවා.
He works.
ඉහත සරල වාක්‍ය රටාවට දැන් තවත් පද එකතුකරමු

1_1.gif

1). අම්මා බත් උයනවා. - Mother cooks rice.
2). තාත්තා මට බනිනවා. - Father scolds me.
3). ඔයා කාලය නාස්ති කරනවා. - You waste time.
4). අපි ඔවුන්ට උදව් කරනවා. - We help them.
5). මගේ තාත්තා වැඩ කරන්නේ කොළඹ. - My father works in Colombo.
6). ගුරුවරයා පඩම ඉගැන්නුවා. - The teacher taught lesson.
7). අපි කෑමට පසු වතුර බොනවා. - We drink water after meal.
8). ඔහු වාර්තාව කැඩුවා. - He broke the record.
9). මම රස්සාවක් කරනවා. - I do a job.
10). ඔහු ගමන් කරන්නේ කෝච්චියෙන්. - He travels by train.


http://athpotha.com/english/index.php
 
Last edited:

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
Present / Past / Future Simple Tense

වාක්‍යයක් වර්තමාන, අතීත, අනාගත කාලවලදී සකස්වන අයුරු මෙහිදී සරලව දක්වා ඇත.
Present Simple Tense

පහත දැක්වෙන සරල උදාහරණ දෙස අවදානය යොමුකරන්න.
1). මම උගන්වනවා. - I teach.
2). මම වතුර බොනවා. - I drink water.
3). ඔහු ඒක කරනවා. - He does it.
4). අපි ඉංග්‍රීසි කතා කරනවා. - We speak English.
5). මම පොත් ලියනවා. - I write books.
6). ඈ මෙහි වැඩ කරනවා. - She works here.
7). මම ඔබට උදව් කරනවා. - I help you.
8). ඔයා පොරොන්දු කඩනවා. - You break promises.
Past Simple Tense

ඉහත දැක්වූ Present Simple Tense වල යෙදූ වාක්‍යය අතීත කාලයේදී යොදන අයුරු දැන් සලකා බලමු.
1). මම ඉගැන්නුවා. - I taught.
2). මම වතුර බිව්වා. - I drank water.
3). ඔහු ඒක කලා. - He did it.
4). අපි ඉංග්‍රීසි කතා කලා. - We spoke English.
5). මම පොත් ලිව්වා. - I wrote books.
6). ඈ මෙහි වැඩ කලා. - She worked here.
7). මම ඔබට උදව් කලා. - I helped you.
8). ඔයා පොරොන්දු කැඩුවා. - You broke promises.
Future Simple Tense

ඉහත දැක්වූ Present Simple Tense වල යෙදූ වාක්‍යය අනාගත කාලයේදී යොදන අයුරු දැන් සලකා බලමු.
1). මම උගන්වන්නම්. - I will teach.
2). මම වතුර බොන්නම්. - I will drink water.
3). ඔහු ඒක කරාවි. - He will do it.
4). අපි ඉංග්‍රීසි කතා කරන්නම්. - We will speak English.
5). මම පොත් ලියන්නම්. - I will write books.
6). ඈ මෙහි වැඩ කරාවි. - She will work here.
7). මම ඔබට උදව් කරන්නම්. - I will help you.
8). ඔයා පොරොන්දු කඩාවි. -You will break promises.
 

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මෙම වාක්‍ය රටාවේ දී පහත දැක්වෙන ක්‍රමය අනුගමනය කරන්න.
2.gif

ඉහත කොටසේ දැක්වූ උදාහරණ පිළිබදව සලකමු.
1). මම උගන්වමින් සිටිනවා. - I am teaching.
2). මම වතුර බොමින් සිටිනවා. - I am drinking water.
3). ඔහු ඒක කරමින් සිටිනවා. - He is doing it.
4). අපි ඉංග්‍රීසි කතාකරමින් සිටිනවා. - We are speaking English.
5). මම පොත් ලියමින් සිටිනවා. - I am writing books.
6). ඈ මෙහි වැඩකරමින් සිටිනවා. - She is working here.
7). මම ඔබට උදව්කරමින් සිටිනවා. - I am helping you.
8). ඔයා පොරොන්දු කඩමින් සිටිනවා. - You are breaking promises.
Past Continuous Tense

මෙම වාක්‍ය රටාවේ දී පහත දැක්වෙන ක්‍රමය අනුගමනය කරන්න.
2_1.gif

1). මම උගන්වමින් සිටියා. - I was teaching.
2). මම වතුර බොමින් සිටියා. - I was drinking water.
3). ඔහු ඒක කරමින් සිටියා. - He was doing it.
4). අපි ඉංග්‍රීසි කතාකරමින් සිටියා. - We were speaking English.
5). මම පොත් ලියමින් සිටියා. - I was writing books.
6). ඈ මෙහි වැඩකරමින් සිටියා. - She was working here.
7). මම ඔබට උදව්කරමින් සිටියා. - I was helping you.
8). ඔයා පොරොන්දු කඩමින් හිටියා. - You were breaking promises.
Future Continuous Tense

මෙම වාක්‍ය රටාවේ දී පහත දැක්වෙන ක්‍රමය අනුගමනය කරන්න.
2_2.gif

1). මම උගන්වමින් සිටීවි. - I will be teaching.
2). මම වතුර බොමින් සිටීවි. - I will be drinking water.
3). ඔහු ඒක කරමින් සිටීවි. - He will be doing it.
4). අපි ඉංග්‍රීසි කතාකරමින් සිටීවි. - We will be speaking English.
5). මම පොත් ලියමින් සිටීවි. - I will be writing books.
6). ඈ මෙහි වැඩකරමින් සිටීවි. - She will be working here.
7). මම ඔබට උදව්කරමින් සිටීවි. - I will be helping you.
8). ඔයා පොරොන්දු කඩමින් සිටීවි. - You will be breaking promises.

 

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
Present / Past / Future Perfect Tense

Present Perfect Tense

මෙම වාක්‍ය රටාවේ දී පහත දැක්වෙන ක්‍රමය අනුගමනය කරන්න.
3.gif

ඉහත කොටසේ දැක්වූ උදාහරණ පිළිබදව සලකමු.
1). මම උගන්වලා තියෙනවා. - I have taught.
2). මම වතුර බීල තියෙනවා. - I have drunk water.
3). ඔහු ඒක කරල තියෙනවා. - He has done it.
4). අපි ඉංග්‍රීසි කතාකරල තියෙනවා. - We have spoken English.
5). මම පොත් ලියල තියෙනවා. - I have written books.
6). ඈ මෙහි වැඩකරල තියෙනවා. - She has worked here.
7). මම ඔබට උදව්කරලා තියෙනවා. - I have helped you.
8). ඔයා පොරොන්දු කඩල තියෙනවා. - You have broken promises.
Past Perfect Tense

මෙම වාක්‍ය රටාවේ දී පහත දැක්වෙන ක්‍රමය අනුගමනය කරන්න.
3_1.gif

1). මම උගන්වලා තිබුනා. - I had taught.
2). මම වතුර බීල තිබුනා. - I had drunk water.
3). ඔහු ඒක කරල තිබුනා. - He had done it.
4). අපි ඉංග්‍රීසි කතාකරල තිබුනා. - We had spoken English.
5). මම පොත් ලියල තිබුනා. - I had written books.
6). ඈ මෙහි වැඩකරල තිබුනා. - She had worked here.
7). මම ඔබට උදව්කරලා තිබුනා. - I had helped you.
8). ඔයා පොරොන්දු කඩල තිබුනා. - You had broken promises.
Future Perfect Tense

මෙම වාක්‍ය රටාවේ දී පහත දැක්වෙන ක්‍රමය අනුගමනය කරන්න.
3_2.gif

1). මම උගන්වලා තියේවි. - I will have taught.
2). මම වතුර බීල තියේවි. - I will have drunk water.
3). ඔහු ඒක කරල තියේවි. - He will have done it.
4). අපි ඉංග්‍රීසි කතාකරල තියේවි. - We will have spoken English.
5). මම පොත් ලියල තියේවි. - I will have written books.
6). ඈ මෙහි වැඩකරල තියේවි. - She will have worked here.
7). මම ඔබට උදව්කරලා තියේවි. - I will have helped you.
8). ඔයා පොරොන්දු කඩල තියේවි. - You will have broken promises.
 

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
Present / Past / Future Perfect Continuous Tense

Present Perfect Continuous Tense

යම් ක්‍රියාවක් කාලයක් තිස්සේ කෙරෙමින් පවතින බව හැගවීම සදහා මෙම වාක්‍ය රටාව භාවිතා කරයි. මෙම වාක්‍ය රටාවේ දී පහත දැක්වෙන ක්‍රමය අනුගමනය කරන්න.
4.gif

1). මම කාලයක ඉදන් උගන්වනවා. - I have been teaching.
2). මම කාලයක් තිස්සේ වතුර බෙනවා. - I have been drinking water.
3). ඔහු කාලයක ඉදන් ඒක කරනවා. - He has been doing it.
4). අපි කාලයක් තිස්සේ ඉංග්‍රීසි කතාකරනවා. - We have been speaking English.
5). මම කාලයක ඉදන් පොත් ලියනවා. - I have been writing books.
6). ඈ කාලයක ඉදන් මෙහි වැඩකරනවා. - She has been working here.
7). මම කාලයක ඉදන් ඔබට උදව් කරනවා. - I have been helping you.
8). ඔයා කාලයක ඉදන් පොරොන්දු කඩනවා. - You have been breaking promises.
Past Perfect Continuous Tense

යම් ක්‍රියාවක් කාලයක් තිස්සේ කෙරෙමින් පැවතුන බව හැගවීම සදහා මෙම වාක්‍ය රටාව භාවිතා කරයි. මෙම වාක්‍ය රටාවේ දී පහත දැක්වෙන ක්‍රමය අනුගමනය කරන්න.
4_1.gif

1). මම කාලයක් උගන්වමින් සිටියා. - I had been teaching.
2). මම කාලයක් වතුර බොමින් සිටියා. - I had been drinking water.
3). ඔහු කාලයක ඉදන් ඒක කරමින් සිටියා. - He had been doing it.
4). අපි කාලයක් ඉංග්‍රීසි කතාකරමින් සිටියා. - We had been speaking English.
5). මම කාලයක් පොත් ලියමින් සිටියා. - I had been writing books.
6). ඈ කාලයක් මෙහි වැඩකරමින් සිටියා. - She had been working here.
7). මම කාලයක් ඔබට උදව් කරමින් සිටියා. - I had been helping you.
8). ඔයා කාලයක ඉදන් පොරොන්දු කැඩුවා. - You had been breaking promises.
Future Perfect Continuous Tense

යම් ක්‍රියාවක් කාලයක් තිස්සේ කෙරෙමින් පවතී යැයි හැගවීම සදහා මෙම වාක්‍ය රටාව භාවිතා කරයි. මෙම වාක්‍ය රටාවේ දී පහත දැක්වෙන ක්‍රමය අනුගමනය කරන්න.
4_2.gif

1). මම දිගටම උගන්වයි. - I will have been teaching.
2). මම දිගටම වතුර බොමින් සිටීවි. - I will have been drinking water.
3). ඔහු දිගටම ඒක කරමින් සිටීවි. - He will have been doing it.
4). අපි කාලයක් ඉංග්‍රීසි කතාකරමින් සිටීවි. - We will have been speaking English.
5). මම දිගටම පොත් ලියාවි. - I will have been writing books.
6). ඈ දිගටම මෙහි වැඩ කරාවි. - She will have been working here.
7). මම දිගටම ඔබට උදව් කරාවි. - I will have been helping you.
8). ඔයා දිගටම පොරොන්දු කඩාවි. - You will have been breaking promises.
 

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
Present / Past / Future Simple Tense (Passive Voice)

යම් වාක්‍යයක ක්‍රියාව කරන්නා මුලින් සදහන් නොවී එය කර්ම කාරකයෙන් ආරම්භ වේ නම්, ඒවා කර්ම කාරක (Passive Voice) වාක්‍යය ලෙස හදුන්වයි.
මෙම කොටසේ සිට කර්ම කාරක වාක්‍යය සාදන ආකාරය පිළිබදව ඉගෙන ගනිමු.
Present Simple Tense (Passive Voice)

මෙම වාක්‍ය රටාවේ දී පහත දැක්වෙන ක්‍රමය අනුගමනය කරන්න.
5_1.gif

1). ඒක කරනවා. - It is done.
2). ඉංග්‍රීසි උගන්වනවා. - English is taught.
3). තරගය සෙල්ලම් කරනවා. - The match is played.
4). වාර්තා කඩනවා. - Records are broken.
5). බෙහෙත් ගන්නවා. - Medicine is taken.
6). සිංදු ගායනා කරනවා. - Songs are sung.
7). ගෙවල් හදනවා. - Houses are built.
8). වාහන පදවනවා. - Vehicles are driven.
Past Simple Tense (Passive Voice)

මෙම වාක්‍ය රටාවේ දී පහත දැක්වෙන ක්‍රමය අනුගමනය කරන්න.
5_2.gif

1). ඒක කලා. - It was done.
2). ඉංග්‍රීසි ඉගැන්නුවා. - English was taught.
3). තරගය සෙල්ලම් කලා. - The match was played.
4). වාර්තා කැඩුවා. - Records were broken.
5). බෙහෙත් ගත්තා. - Medicine was taken.
6). සිංදු ගායනා කලා. - Songs were sung.
7). ගෙවල් හැදුවා. - Houses were built.
8). වාහන පැදෙව්වා. - Vehicles were driven.
Future Simple Tense (Passive Voice)

මෙම වාක්‍ය රටාවේ දී පහත දැක්වෙන ක්‍රමය අනුගමනය කරන්න.
5_3.gif

1). ඒක කරාවි. - It will be done.
2). ඉංග්‍රීසි උගන්වාවි. - English will be taught.
3). තරගය සෙල්ලම් කරාවි. - The match will be played.
4). වාර්තා කඩාවි. - Records will be broken.
5). බෙහෙත් ගනීවි. - Medicine will be taken.
6). සිංදු ගායනා කරාවි. - Songs will be sung.
7). ගෙවල් හදාවි. - Houses will be built.
8). වාහන පදවාවි. - Vehicles will be driven.
 

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
Present / Past Continuous Tense (Passive Voice)

Present Continuous Tense (Passive Voice)

මෙම වාක්‍ය රටාවේ දී පහත දැක්වෙන ක්‍රමය අනුගමනය කරන්න.
6_1.gif

ඉහත කොටසේ දැක්වූ උදාහරණ පිළිබදව සලකමු.
1). ඒක කෙරීගෙන යනවා. - It is being done.
2). ඉංග්‍රීසි උගන්වමින් සිටිනවා. - English is being taught.
3). තරගය සෙල්ලම් කරමින් තිබේ. - The match is being played.
4). වාර්තා කැඩෙමින් තිබේ. - Records are being broken.
5). බෙහෙත් ගනිමින් සිටී. - Medicine is being taken.
6). සිංදු ගායනා කරමින් සිටිනවා. - Songs are being sung.
7). ගෙවල් හදමින් සිටී. - Houses are being built.
8). වාහන පදවමින් සිටී. - Vehicles are being driven.
Past Continous Tense (Passive Voice)

මෙම වාක්‍ය රටාවේ දී පහත දැක්වෙන ක්‍රමය අනුගමනය කරන්න.
6_2.gif

1). ඒක කෙරීගෙන ගියා. - It was being done.
2). ඉංග්‍රීසි උගන්වමින් සිටියා. - English was being taught.
3). තරගය සෙල්ලම් කරමින් තිබුනා. - The match was being played.
4). වාර්තා කැඩෙමින් තිබුනා. - Records were being broken.
5). බෙහෙත් ගනිමින් සිටියා. - Medicine was being taken.
6). සිංදු ගායනා කරමින් සිටියා. - Songs were being sung.
7). ගෙවල් හදමින් සිටියා. - Houses were being built.
8). වාහන පදවමින් සිටියා. - Vehicles were being driven.
 

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
Present / Past / Future Perfect Tense (Passive Voice)

Present Perfect Tense (Passive Voice)

මෙම වාක්‍ය රටාවේ දී පහත දැක්වෙන ක්‍රමය අනුගමනය කරන්න.
7_1.gif

ඉහත කොටසේ දැක්වූ උදාහරණ පිළිබදව සලකමු.
1). ඒක කරල තියෙනවා. - It has been done.
2). ඉංග්‍රීසි උගන්වල තියෙනවා. - English has been taught.
3). තරගය සෙල්ලම් කරල තියෙනවා. - The match has been played.
4). වාර්තා කඩල තියෙනවා. - Records have been broken.
5). බෙහෙත් අරගෙන තියෙනවා. - Medicine has been taken.
6). සිංදු ගායනා කරල තියෙනවා. - Songs have been sung.
7). ගෙවල් හදල තියෙනවා. - Houses have been built.
8). වාහන පදවල තියෙනවා. - Vehicles have been driven.
Past Perfect Tense (Passive Voice)

මෙම වාක්‍ය රටාවේ දී පහත දැක්වෙන ක්‍රමය අනුගමනය කරන්න.
7_2.gif

1). ඒක කරල තිබුනා. - It had been done.
2). ඉංග්‍රීසි උගන්වල තිබුනා. - English had been taught.
3). තරගය සෙල්ලම් කරල තිබුනා. - The match had been played.
4). වාර්තා කඩල තිබුනා. - Records had been broken.
5). බෙහෙත් අරගෙන තිබුනා. - Medicine had been taken.
6). සිංදු ගායනා කරල තිබුනා. - Songs had been sung.
7). ගෙවල් හදල තිබුනා. - Houses had been built.
8). වාහන පදවල තිබුනා. - Vehicles had been driven.
Future Perfect Tense (Passive Voice)

මෙම වාක්‍ය රටාවේ දී පහත දැක්වෙන ක්‍රමය අනුගමනය කරන්න.
7_3.gif

1). ඒක කරල තියේවි. - It will have been done.
2). ඉංග්‍රීසි උගන්වල තියේවි. - English will have been taught.
3). තරගය සෙල්ලම් කරල තියේවි. - The match will have been played.
4). වාර්තා කඩල තියේවි. - Records will have been broken.
5). බෙහෙත් අරගෙන තියේවි. - Medicine will have been taken.
6). සිංදු ගායනා කරල තියේවි. - Songs will have been sung.
7). ගෙවල් හදල තියේවි. - Houses will have been built.
8). වාහන පදවල තියේවි. - Vehicles will have been driven.