එලවන ඔබත් ගමන් කරන අයත් රැකදෙන

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
එලවන ඔබත් ගමන් කරන අයත් රැකදෙන

එලවන ඔබත් ගමන් කරන අයත් රැකදෙන මේ ඔත්තු 7 ගැන අනිවා දැනුවත් වෙන්න.

1. දරුවන්ට දඟලන්න ඉඩදෙන්න එපා

වාහනය එලවන විට වාහනය ඇතුලේ දරුවන් එකිනෙකා සමඟ දඟලනවා නම් වඩාත් ප්‍රවේසම් වන්න. ඔවුන් වෙත මහපාර ගැන අවධානයක් නැහැ, ඔවුන් ජිවත් වෙන්නේ ඔවුන්ගේ ලෝකයේ, ඉතින් ඔවුන් කරන සෙල්ලමට වාහනය එලවන ගමන් ඔබත් එක්කාසු වුනොත් වෙන්නේ වාහනය එලවන එක ගැන ඔබේ අවධානය ගිලිහි යන එකයි. ඔබෙන් වෙන ඉතා සුළු අතපසු වීමක් තුලින් ඔබේ ජීවිතය පවා ඔබට අහිමි වෙන්න පුළුවන්, ඒ නිසා ඔබේ වාහනය එලවන විට පොඩි දරුවන් එක්ක සෙල්ලම් කරන එක ඔවුන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන එක ගැන දෙපාරක් හිතන එක ඔබට මෙන්ම අනික් අයගෙත් ජිවිත රැකෙන්න හේතුවක් වේවි.

2. හලෝ කියන මාරයා

දුරකථනය මේ වෙනකොට මාර්ග අනතුරු වලට හේතුවන ප්‍රධානම සාධකයක් වෙලා හමාරයි. ඒ නිසා තමයි සුක්කානම අත දරන විට දුරකතනයේ රැඳී සිටීම දඬුවම් ලැබිය හැකි ක්‍රියාවක් වෙන්නේ. මේකෙනුත් වෙන්නේ එහා අන්තයේ සිටින කෙනාට ඔබ සිටින්නේ කොතනකද කියා අදහසක් නැති නිසා ඔවුන් කියන දෙයින් අවධානය සැනින් බිඳී යා හැකිවීම. ඒ නිසා ඔබට දුරකථන ඇමතුමක් ගන්න හෝ එන ඇමතුමකට උත්තර දෙන්න උවමනා නම් ඔබ වාහනය පසෙකට කර නවත්වා ඒ කාර්ය කරගන්න, එහෙම නැතිනම්ඔබට ඇත්තේ අලුත් වාහනයක් නම් ඒවායේ ඇති විශේෂ වුනු හැන්ඩ්ස් ෆ්‍රී ඔප්ෂන් එක තෝරා ඒ ඔස්සේ දුරකථනය අමතන්න.

3. මහන්සිය මොක්ෂයට හේතු වේ

ඔබ එන්නේ රස්සාවෙන් පස්සේ ගොඩක් වෙහෙස වෙලානම්, එහෙමත් නැතිනම් ඔබ වෛද්‍ය උපදෙස් අනුව බෙහෙත් අරගෙන නම්, ඔබට වාහනය එලවන විට නින්ද යාමේ හැකියාව ඉතා ඉහල බව මතක තබාගන්න. ඔබේ ඇස පියවෙන එක මිලි තත්පරයකට ඔබට සහ ඔබ වටේ ඉන්න යට ජිවිත අහිමි වෙන්නට ඇති ඉඩකඩ ඉතා ඉහලයි. ඒ නිසා කරුණාකරලා මහන්සි වෙලා නම් ඉන්නේ එලවන්න තියා හිතන්නවත් එපා. හොඳට නිදාගන්න එහෙම නැතිනම් විවේක ගන්න. ඊට පස්සේ සුක්කානම අත දරන්න.

4. ලේන් මාරු කරලා ජීවිතෙන් මාරු වෙන්න හදන්න එපා

යන වාහනේ එක මංතීරු වක යන්නේ නැතුව ඉස්සර කරන්න හරි වාහන කිහිපයක් පහු කරන්න හරි මංතිරුව පන්නන එක හරියට කලේ නැත්තම්, ඔබේ මරණ වරෙන්තුව අතේ අරගෙන යන ගමනක් වෙනවා නිසැකයි. ඒ නිසා එක්කෝ ඔබ දිගින් දිගට ගමන් කරන මන්තිරුව මාරු කරන්නට අදහස් කරනවා නම් ඒක කරන්න ඕනේ ඉදිරියෙන් ආරක්ෂාව සහතික නම් විතරයි.

5. ස්ටෙලා වෙලා ඩ්‍රයිවින් එපා එපා

යාළුවො එක්ක සෙට් වෙලා එහෙම ගෙදර යනවා නම්, ඔබත් මදුවිතින් සප්පායම් වෙලා නම් ඉන්නේ, හොඳම දේ තමයි මිතුරෙකුගේ නිවසේ හෝ ඔබේ වාහනය තුලම පොඩ්ඩක් මත් බව අඩු වෙනකම් නිදියන හෝ විවේක ගන්න එක. ඔබේ ක්ෂණික මත් බව ඔබේ ජිවිතයට තිත තියන්නට හේතුවක් වෙන්න පුලුවන්ද කියලා කවුද දන්නේ?

6.වාහනේ ඩෑෂ් බෝඩ් එක කියන්නේ කුස්සියේ රාක්කයක් නෙවෙයි

මොනම වෙලාවකවත් වාහනේ සුක්කානම අතට ගන්නකොට ඔබේ ඉදිරිපස ඩෑෂ් බෝඩ් එක උඩ උණුසුම් වතුර බෝතලයක් හෝ ඒ හා සමාන දෙයක් තිබුනොත් කරුණාකරලා, එය වාහනයේ පිටුපසට හෝ යාබද ආසනේ සිටින කෙනෙකුගේ අතට දෙන්න.
ඔබ තිරිංග පාගන විට ඒ බෝතලේ පෙරලිලා තිරිංග පැඩල් එක යටට ආවොත් ඔබට දෙවියන්ගේ පිහිට ම විතරයි ඉතුරු වෙන්නේ ජිවිතේ බේරගන්න.

7. ට්‍රැෆික් ලයිට්ස් වලින් කියවෙන්නේ මොනවද කියලා හරියටම තේරුම් ගන්න.

Source:- aniwa.lk
 
Last edited:

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
ස්ටෙලා වෙලා ඩ්‍රයිවින් එපා එපා

යාළුවො එක්ක සෙට් වෙලා එහෙම ගෙදර යනවා නම්, ඔබත් මදුවිතින් සප්පායම් වෙලා නම් ඉන්නේ, හොඳම දේ තමයි මිතුරෙකුගේ නිවසේ හෝ ඔබේ වාහනය තුලම පොඩ්ඩක් මත් බව අඩු වෙනකම් නිදියන හෝ විවේක ගන්න එක. ඔබේ ක්ෂණික මත් බව ඔබේ ජිවිතයට තිත තියන්නට හේතුවක් වෙන්න පුලුවන්ද කියලා කවුද දන්නේ?

math bawa adu wenakan newei heta awith wahane geniyanna mokada gada thibbath kelinma polcieye license cancel
 
  • Like
Reactions: ashmi

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    ඇයි පාර අයිනෙ තියෙන රෙදි කඩවල්. ඒවත් මාර්ග අනතුරුවලට හේතුවෙනව:rofl:
     
    :yes::yes::lol: Colombo walanan maha pandara 2-3tath policiyen allanawa.dawasak api pandara dura gamanak gihin gedara eddi nawaththuwa.api ganu kattiya witharak hitapu nisa check karannewath nathuwa yanna dunna.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයි පාර අයිනෙ තියෙන රෙදි කඩවල්. ඒවත් මාර්ග අනතුරුවලට හේතුවෙනව:rofl:

    රෙදි නෙවෙයි බන්.... වටෙටම සුදු කඩදාසි දාලා කාන්තාරෙක් යැව්වත් සුවර් නැති ඩ්‍රයිවින් :baffled:
     
    • Like
    Reactions: ashmi

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    දරුවන්ට දඟලන්න ඉඩදෙන්න එපා:yes::yes:

    දරුවෝ විතරක් නෙවි ඔයා උනත් මහත්තය එක්ක වාහනේ යනකොට ගෙදර ප්‍රශ්න ගැන කතා කරන්න එපා. කේන්තියෙන් එළවන එක අති බයානකයි. මෙහෙ හමිනෙයි මහත්තයි අතර වාදයක් ගිහිල්ල අනතුරක් වෙලා, wife රෝද පුටුවේ ඉන්නේ.

    ඒ වගේම එලවනකොට වෙන අතපසුවීම් ගැන බනින්න එපා (පොඩ්ඩක් වේගය වැඩි කරොත්). ආදරෙන් හෙමිහිට ඒ ගැන කියන්න. ("තමුසේ අපිව මරන්නද හදන්නේ ඔයි දරුවෝ දෙන්නත් පිටිපස්සේ" වෙනුවට "වස්තුවේ .......පොඩ්ඩක් වේගය අඩුකරමු නේද" )
     
    • Like
    Reactions: ashmi

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    :yes::yes::lol: Colombo walanan maha pandara 2-3tath policiyen allanawa.dawasak api pandara dura gamanak gihin gedara eddi nawaththuwa.api ganu kattiya witharak hitapu nisa check karannewath nathuwa yanna dunna.

    :yes::yes: ow aniwa main road wala newie inne :rofl: mokad aun dannwa beela main road wala yanne nh short cut danawa kiyala :baffled:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    avatar267406_308.gif
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපි නම් ඔය එකක්වත් කරන්නේ නෑ... ඒත් අපිව හප්පන් යනවනේ... :sorry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    • Like
    Reactions: upulpdn

    blue_in_rio

    Well-known member
  • දරුවන්ට දඟලන්න ඉඩදෙන්න එපා:yes::yes:

    දරුවෝ විතරක් නෙවි ඔයා උනත් මහත්තය එක්ක වාහනේ යනකොට ගෙදර ප්‍රශ්න ගැන කතා කරන්න එපා. කේන්තියෙන් එළවන එක අති බයානකයි. මෙහෙ හමිනෙයි මහත්තයි අතර වාදයක් ගිහිල්ල අනතුරක් වෙලා, wife රෝද පුටුවේ ඉන්නේ.

    ඒ වගේම එලවනකොට වෙන අතපසුවීම් ගැන බනින්න එපා (පොඩ්ඩක් වේගය වැඩි කරොත්). ආදරෙන් හෙමිහිට ඒ ගැන කියන්න. ("තමුසේ අපිව මරන්නද හදන්නේ ඔයි දරුවෝ දෙන්නත් පිටිපස්සේ" වෙනුවට "වස්තුවේ .......පොඩ්ඩක් වේගය අඩුකරමු නේද" )

    :sorry::sorry::rofl::rofl:

    b605d6e40a97cbee21e5dc394752d9ad.jpg
     
    Last edited:
    • Like
    Reactions: BINGU_PUTHA

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දරුවන්ට දඟලන්න ඉඩදෙන්න එපා:yes::yes:

    දරුවෝ විතරක් නෙවි ඔයා උනත් මහත්තය එක්ක වාහනේ යනකොට ගෙදර ප්‍රශ්න ගැන කතා කරන්න එපා. කේන්තියෙන් එළවන එක අති බයානකයි. මෙහෙ හමිනෙයි මහත්තයි අතර වාදයක් ගිහිල්ල අනතුරක් වෙලා, wife රෝද පුටුවේ ඉන්නේ.

    ඒ වගේම එලවනකොට වෙන අතපසුවීම් ගැන බනින්න එපා (පොඩ්ඩක් වේගය වැඩි කරොත්). ආදරෙන් හෙමිහිට ඒ ගැන කියන්න. ("තමුසේ අපිව මරන්නද හදන්නේ ඔයි දරුවෝ දෙන්නත් පිටිපස්සේ" වෙනුවට "වස්තුවේ .......පොඩ්ඩක් වේගය අඩුකරමු නේද" )

    Madai munta deyak kiyala denna thread damma..mun enawa mata kiyala denna.:frown:

    Joke bro..:rofl::P tnx for advice..:):yes:
     
    • Like
    Reactions: BINGU_PUTHA